Connect with us

Politics

19 අහෝසි කල දවසට හොද පාලනයක් කරන්න පුළුවන්.. NGO නඩයට මෛත‍්‍රී දෙහි කපයි..

Published

on

18 වැනි ආණුඩක්‍රම ව්‍යවස්ථාව හොද නෑ කියා UNP නඩය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන එන ලද 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට ඉතා අහිතකර හා රට අස්ථාවර කිරීමට ගෙන යන ව්‍යවස්ථාවක් බවත් වසර හතරහමාරක් ඉක්මන ගොස් ඇති යහ පාලන රජය මගින් ජනතාවට කිසිවක් කරගත නොහැකි වු බවත් හිටපු ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

එහි භයානක පැත්ත රට අස්ථාවර කිරීම හා රටට වග කියන නායකයෙකු නොමැති බව 19 වැනි ව්‍යවස්ථාව තුළින් පැහැදිළිව පෙනෙන බව යහපාන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් : 18 වන ආණුඩක්‍රම ව්‍යවස්ථාව හරහා ඒකාධිපතියකු බිහිවන බව ප්‍රකාශ කරත්, අවසානයේ සිදු වුයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඉතා අස්ථාවර හා දුබල ආණ්ඩුවක් බිහිවිමය. එමගින් ජනාධිපතිවරයා හා අගමැති දෙපැත්තට අදින ක්‍රමයක් නිර්මාණය වී ඇති අතර එයින් සිදු වුයේ රටට විශාල හානියකි.

19 හැදු ආණ්ඩුක්‍රම විශාරදයෝ මේ සම්බන්ධව තැකීමක් නොකළ අතර පුද්ගලයින් හා පෞද්ගලික පරමාර්ථ මුල් කර ගනිමින් කටයුතු සිදු කර ඇත. එමගින් රටට ලොකු හානියක් සිදු වු අතර 19 ව්‍යවස්ථාව අහෝසි කළ දවසට රටේ හොද පාලනයක් ගෙන යාමට හැකි බව හා ඉන් ජනාතවට සතුටට පත් විය හැකි බවද එතුමා පවසා ඇත.

එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂ හා යහපාලන ප්‍රධානීන් ඉදිරියෙන් තබාගෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ඉතා අහිතකර බව නිර්භීතව ප්‍රකාශ කර ඇති බව මින් පෙනේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ප්‍රධානීන් ලෙස කටයුතු කළ දෙමළ සන්ධානයේ සුමන්තිරන්,  ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර වැන්නන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා නඩත්තු වු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න , ජනාධිපති නීතීඥ ජේ.සී.වැලි අමුණ වැන්නවුන් මේ වන විටත් ශ්‍රී ලංකාව හැර ගොස් විදේශ  රට වල පදිංචි වීමට අවසර ඉල්ලා ඇති බවත් මෙයට වගකිව යුත්තන් කරඇර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Local

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

Published

on

By

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Continue Reading

Local

සුපිරි වාහන 227 ආනයනය නතර කරන්න බැරිනම් ගෙනාවට පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න – JVP

Published

on

By

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සදහා සුඛෝපබෝගී වාහන 227 ක් ආනයනය කිරීම සදහා කර ඇති ඇණවුම අහෝසි කිරීමට නොහැකිනම් එම වාහන මෙරටට ආනයනය කළ පසුව ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දමා එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

රුපියල් කෝටි 5 බැගින් වූ සුඛෝපබෙගී ජීප් රථ 227ක් රජය විසින් මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

මන්ත්‍රීවරුන් සදහා සුඛෝපබෝගී වාහන ගෙන්වීම පිටුපස විශාල මූල්‍ය වංචාවක් සිදුවන බවටද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී චෝදනා කර සිටියා.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk