Connect with us

Education

2001න් පසු පැවති A/L – O/L විභාග ප්‍රතිඵල ගැන දැනුම් දීමක්..

Published

on

2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි වනවා.

මේ අතර “ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවට දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අදාළ විභාගය පවත්වනු ලබන දිනයන් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Education

බුද්ධි තොරතුරු ඒකිරිම රාජ්‍ය රහස්පනත, අපරාධ හා පරිගනක අපරාධ නිතිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක්.. පොලිසියෙන් නිවේදනයක් ..

Published

on

රාජ්‍ය ආරක්ෂාව වෙනු වෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් නිකුත්කරණු ලබන යම් යම් වාරකා මේ දිනවල සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වන බවත් ඒය නවතා දැමිය යුතුබවත් ඒවැනි ලිපි ප්‍රචාරය කිරිම වලකින ලෙසක් පොලිස් මාධය ප්‍රකාශක නිබේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

ශ්‍රී ලංකා පොලිසිය , බුද්ධි අංශය විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියැයි සියළුම කාරනා සමිබන්ධව බුද්ධි තොරතුරු එක්රැස් කර විශ්ලේෂණය කරනු ලබයි අවශ්‍ය අවස්ථාවලදී එවනි තොරතුරු සමිබන්ධව දැනගත යුතුයැයි සැලකෙනු ලබන නිළධාරින් වෙත එම තොරතුරු වාර්තා කිරිම සිදුකරු ලබයි.
බුද්ධි අංශය විසින් රැහස් කරගන්නා ‌ තොරතුරු වාර්තා තරනු ලබන ලේඛණ හෝ වාර්තා කරණු ලබන දේ එළිදරවු කිරිම රාජ්‍ය රහස් පනත යටතේදඩුවමි ලැබිය හැකි වරදක් වන අතර මහජන ආරක්ෂාවට හානි විය හැකි තොරතුරු පරිඝනක ඹස්සේ ප්‍රචාරය කිරිම සමිබන්ධව අපරාධ පනත යටතේ දඩුවමි ලැබිය හැකි වරදක් බව එම නිවෙදනයේ සදහන් වේ .

සේනක ගමඇතිගේ

අදාල නිවේදනය

Continue Reading

Education

“ලක්මිණි පහණ”ට 159…

Published

on

රජයේ ලියාපදිංචි පළමු පුවත්පත වූ “ලක්මිණි පහණ” ආරම්භ කරන ලද්දේ 1862 සැප්තැම්බර් මස 11 දා යි.

ලක්මිණි පහණ” පුවත්පත ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ සල්පිටි කෝරලේ මුදලිකම දැරූ ගාල්ලේ ගුණතිලක අතපත්තු මුදලිතුමා ඇතුලු පිරිසක මුලිකත්වයෙනි . රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ පරිවේණාධිපති වලානේ ශ්‍රී සිරිධර්ම හිමි හා දොන් අන්දිස් ද සිල්වා ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා හා ඒ වකවානුව වන විට ගිහිව සිටි ( කොග්ගල ධම්මතිලක හිමි) ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා ද මූලික වී ලක්මිණි පහණ මෙරට ලියා පදිංචි පලමු පවත්පත බිහිවිය.

ඉංග්‍රීසි ජාතිකයන් වූ පේද්‍රික් නැල්, ලුවිස් නැල්, චාර්ල්ස් ඇම්බ්‍රොස් ලෝරන්ස් මහත්වරුන්ගේ තාක්ෂණික දැනුම හා උපකාරයෙන් ලක්මිණි පහණ පත්‍රය ආරම්භ කිරීමට හැකි වී ඇත.

‘ ලක්මිණි පහණ ආරම්භක ප්‍රකාශකයා වන්නේ කොළඹ ඇතුන් බඳිනවත්තේ පදිංචි ජයසූරිය ආරච්චිගේ හෙන්ද්‍රික් පෙරේරා මහතායි. ඔහු වොල් වොන්දාල් වීදියේ අංක 77 දරන ස්ථානයේ මේ ලක්මිණි පහණ මුල්වරට මුද්‍රණය කොට ඇත. (කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමිගේ ‘සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය)

පිටුවක ප්‍රමාණය අගල් 18 x 12 කි; මුල් පත්‍රය පිටු හතරකි; මිල පනම් එකකි; දෙසතියකට වරක් මුල් වකවානුවේ නිකුත් කර ඇත.

ලක්මිණි පහණ පත්‍රයේ ආරම්භක කර්තෘවරයා ජොහැනස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා වේ .ඔහුගෙන් පසු සී. පී. ජයසූරිය, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා, ජේ. එච්. පෙරේරා, ඇම්. ධර්මරත්න පඬිතුමා ලක්මිණි පහණ පත්‍රයේ කර්තෘ ධුරය දැරූහ.

කලක් නැවැතුණු ලක්මිණි පහණ 1934 ජූනි 26 දින මුනිදාස කුමාරතුංග මහතා යළි ආරම්භ කෙරිනි.

ලක්මිණි පහණ පුවත්පත මෙරට පුවත්පත් ඉතිහාසයේ වෙනසක් ඇතිකරන්න මුල්වු පුවත් පත බව අවිවාදිතව පිළිගැනේ . පුවත්පත අධියර කිපයක් යටතේ පවු අතර

පළමු අවදිය – 1862 සැප්තැම්බර් 11 අරම්භව වසර 1 යි මාස 08 ක් ප්‍රකාශයට පත්වී ඇත. ආරම්භක කර්තෘ ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා, පසුව බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා- මිල පනමක් විය .

දෙවන අවදිය – 1864 මැයි 25 නැවැත ආරම්භ විය ප්‍රමාණය අඟල් 12 ½ x 8 පිටු 08 යි. මිල පැන්ස 02 යි. ප්‍රකාශක ජයසූරිය ආරච්චිගේ හෙන්ද්‍රික් ප්‍රෙරේරා. 1865 ජනවාරි 07 දින මේ පුවත්පත නැවතිණි.

තුන්වන අවදිය – 1865 අගෝස්තු 27 යළි ඇරඹිණි. ප්‍රකාශක කොර්නෝලිස් ප්‍රෙරේරා අමරසිංහ අප්පුහාමි. මිල පැන්ස 02 යි. ප්‍රමාණය අඟල් 17 x 11 පිටු 04 යි. වසර තුනකට පසු 1867 මුද්‍රණය නවතා දමා ඇත.

හතරවන අවදිය – 1881 වසරේ ජූනි 22 දින පිටු අටකින් යුතුව ජේ. එච්. පෙරේරා මහතා පත්‍ර 14 ක් ප්‍රකාශයට පත්කර ඇත. ඔහු 1883 අභාවප්‍රාප්ත වූ අතර පත්‍රය නැවතිණි.

වරින්වර නැවතී ආරම්භ වු ලක්මිණි පහණ 1934 ජූනි 26 දින මුනිදාස කුමාරතුංග මහතා නැවැත ආරම්භ කල අතර 1936 ජනවාරි 21 දින කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් අවසන් පත්‍රය නිකුත් විය.

Continue Reading

Education

ළමුන්ට වීඩියෝ ක්‍රීඩා සතියකට පැය තුනකට වඩා කිරීම තහනම්!

Published

on

By

වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්ට සතියකට පැය තුනකට වඩා වැඩි කාලයක් අන්තරජාල වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් කරමින් චීනය නව නීතියක් පනවා තිබේ.

එමෙන්ම සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ළමයින්ට මෙසේ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා කිරීමද චීනය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වා රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

මෙම තහනම සියලුම වීඩියෝ ක්‍රීඩා සඳහා අදාළ වන නමුදු, චීනයේ ජාතික මුද්‍රණ හා ප්‍රකාශන පරිපාලනය විසින් නිකුත් කරන ලද බලාත්මක කිරීමේ පියවර මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා සහ සූදු ක්‍රීඩාවට අදාළ මාර්ගගත සේවාවන්ට බවද සඳහන් වෙයි.

මීට පෙර චීනය විසින් වයස අවුරුදු 18න් පහළ ඕනෑම අයෙකුට වීඩියෝ ක්‍රීඩා කිරීමේ කාලය ඕනෑම දිනයක පැය 1.5කටත් 2019  නිවාඩුවේ පැය තුනකටත් සීමා කර තිබුණි. ඒ අනුව දැන් නව නීතිය යටතේ මෙය සතියකට පැය 3ක් පමණක් වීඩියෝ ක්‍රීඩාවට අවස්ථාව ලබාදී අතර, ජංගම දුරකථන, ඇතුළු සියලු උපාංගවලින් සිදුකරන වීඩියෝ ක්‍රීඩාවන් සෙසු දිනවල දැඩිව තහනමට ලක්වෙයි.

මෙය බාලවයස්කරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමටත්, චීනයේ ජාතික පුනර්ජීවන යුගය තරුණ පරම්පරාවේ මනස තුළ වගා කරමින්, ඔවුන් ඒ හා සම්බන්ධ කිරීමට මෙම අතිශය වැදගත් පියවර ගත් බවත් චීනයේ නීයාමකයන් අවධාරණය කරයි.

Continue Reading

Trending