Connect with us

Entertainment

2022 එන්න තියෙන්න අලුත්ම Hollywood movies ටික මෙන්න..

Published

on

‍Hollywood movies කියන්නේ ඉතිං හැමදාම අලුත්වෙන අපි කවුරැත් ආසාවෙන් බලන දෙයක් ඉතිං 2022 release වෙන්න තියෙන movies ටිකක් මෙන්න.

  1. The Batman (2022)
  2. Jurassic World: Dominion (2022)
  3. Thor: Love and Thunder (2022)
  4. Scream (2022)
  5. Indiana Jones 5 (2022)
  6. The Flash (I) (2022)
  7. John Wick: Chapter 4 (2022)
  8. Knives Out 2 (2022)
  9. Lost City of D (2022)
  10. Doctor Strange in the Multiverse of Madness (2022)
  11. Morbius (2022)
  12. Black Panther: Wakanda Forever (2022)
  13. Mission: Impossible 7 (2022)
  14. Avatar 2 (2022)
  15. Black Adam (2022)
  16. Hocus Pocus 2 (2022)
  17. Uncharted (2022)
  18. The Marvels (2022)
  19. Sonic the Hedgehog 2 (2022)
  20. Death on the Nile (2022)

2022 අවුරැද්දේ සියල්ල බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

අපේ සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය කලාව සුරකින අපේ කාලේ තරැණයා…

Published

on

(1) අපිට ඔබ ගැන විස්තර ටිකක් හා දැනට ඔබ මොනවාද කරන්නේ කියලා කිව්වොත්


මම දුලාජ් සලින්ද වීරසිංහ. මගේ ගම බෙන්තර(බෙන්තොට). මගේ පාසල බෙන්තොට ගා/ගාමිණි ජාතික පාසල.කෝළම් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ගුවන් විදුලි සහ රූපවාහිනී හඩකැවීම් ශිල්පියෙක්, කැමරාකරණ ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් ලෙසත් වැඩ කටයුතු කරගෙන යනවා.
ප්‍රධාන ලෙස දැනට රාජ්‍ය සේවකයෙක් වශයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රැකියාව කරනවා.

මම පහතරට බෙන්තර නර්තන සම්ප්‍රදායේ කලා පවුලකට උරුමකම් හිමි. මගේ සීයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ, හොරණ ශ්‍රීපාලී මණ්ඩපයේ සහ ජනකලා කේන්ද්‍රයේ, පහතරට නර්තනය සහ වාදනය පිලිබඳව හිටපු කතිකාචාර්ය ඒඩින් වීරසිංහ. මගේ තාත්තා පහතරට – උඩරට නර්තනය සහ වාදනය උගන්වන ගුරු උපදේශකවරයෙකු ලෙසත්, කෝළම් නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකු ලෙසත් කටයුතු කරන පද්මසිරි වීරසිංහ.

ඒඩින් වීරසිංහ මහතා
පද්මසිරි වීරසිංහ මහතා.

(2) කෝළම් කලාවට සම්බන්ධ වුනේ කොහොමද.

මං උසස් පෙල කරේ 2012 වර්ෂයේ.
පොඩි කාලෙ ඉදලම කලාවට දැඩි කැමැත්තක් තිබුනත් මං කලාව පැත්තට නැඹුරු වුනේ උසස් පෙලින් පස්සේ.
ඒ නැඹුරු වීමටත් ප්‍රධාන හේතුව මගේ තාත්තා අධ්‍යක්ෂණය කරන කෝළම් නාට්‍යය. ඉතින් ඒ හරහා තමයි මං කෝළම් නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නේ සහ ඒ පිලිබද කැමැත්තක් ඇති වුනේ.
කුඩා කාලයේ ඉදලම මට පොඩි නාට්‍ය උණක් තිබුනා. වේදිකා නාට්‍ය බලන්න, ඒවයේ රගපාන්න, කවදා හරි ටී.වී එකේ පේන්න ඉන්න, නාට්‍ය හඬකවන්න වගේ විවිධ ආසාවන් තිබුනා.
එම නිසාම මං 2014 වර්ෂයේදී ජාතික තරුණ සේවා සබාවේ නාට්‍ය පාසලට ඇතුලත් වුනා.
එහිදී මං නාට්‍ය හා රංගකලාව පිලිබදව හසල දැනුමක් ලබාගත්තා. පාරම්පරික දැනුමයි, ඉගෙනගත්ත දේයි එකට සම්බන්ධ වීමෙන් මට ගොඩාක් දේවල් ඉගෙනගන්න ලේසි වුනා.
නාට්‍ය පාසලෙන් පසුව එහිදී හමුවූ යාලුවන් සහ ගුරුවරු සමග අපි විවිධ වැඩ කටයුතු කරා. යොවුන් නාට්‍ය තරග, ජාතික නාට්‍ය තරග, වීදි නාට්‍ය, වෙළෙඳ නාට්‍ය වැනි විවිධ දේවල් කරා.
ඒ අතරතුර මට ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලියේ හඬකැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුනා.
ඊට පස්සේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා රැසකට මං මගේ හඬ දායකත්වය ලබා දුන්නා.දැනටත් එය එසේමයි.

එහෙම ටික කාලයක් යනකොට මට කැමරාකරණය හා ජනමාධ්‍ය ඉගෙනගන්න ආසාවක් ආවා.ඒ නිසා මං රූපවාහිනී අභ්‍යාස ආයතනයට බැඳිලා කැමරාකරණය පිලිබදව හැදෑරුවා.
පසුව ජාතික තරුණ සේවා සභාවේ ජනමාධ්‍ය පිලිබද පාඨමාලාවත් හැදෑරුවා.
ඉන්පසු මට ඒ හරහා සිරස ටී.වී ආයතනයේ නොබැදුනු කැමරාකරණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන්න අවස්ථාව හම්බුනා. ඒ අතරතුර මම Satellite TV ආයතන රැසකත් නොබැඳුනු කැමරාකරන ශිල්පියෙක් ලෙස වැඩ කරා.
ඊට පස්සේ එවකට පැවති රජය හරහා මට රාජ්‍ය සේවකයෙකු ලෙස 2017 වර්ෂයේදී රාජ්‍ය සේවයට බැදෙන්නට හැකි වුනා.දැන් සියලු දේ සමබර කරගෙන කෝළම් නාට්‍යයට මුල්තැන දෙමින් කටයුතු කරගෙන යනවා.

(3) ඔයාගේ අදහස අනුව කෝලම් කලාව කොහොමද ඒ ගැන අදහස මොකක්ද.

“අනේ මෙහෙමත් මළ කෝළම්”,
“කෝළම් කරන්න එන්න එපා හොදේ”, “මොන කෝළමක්ද මේ”..
කෝළම් අයත් වෙන්නේ ගැමි නාටක වලට.
කෝළම් පැවත එනු ලබන්නේ මහා සම්මත රජතුමාගේ කාලයේ සිට බවයි පොත්පත් වල සහ පාරම්පරිකව සදහන් වෙන්නේ.
රජතුමාගේ බිසවට දරුවෙකු පිලිසිඳ ගත් අවස්ථාවේ සාමාන්‍ය කාන්තාවට ඇතිවන දොළදුකක් ඇයටත් හටගෙන තිබෙනවා.හැබැයි මෙය ටිකක් වෙනස් විදිහේ දොළදුකක්. මේ දොළදුක සංසිදුවන්න රජු විවිධ දේවල් කරා.ඒත් ඒ කිසි දෙයක් හරි ගියේ නෑ.එම නිසා රජු ඉතාම සිත් තැවුලට පත් වුනා රජෙක් වෙලත් දේවියගේ දොළදුකට මුකුත් කර ගන්න බැරි එක ගැන. මේ බව සක් දෙවිදු දිවැසින් දැක්කා. දැකලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මෙය බාරදුන්නා.ඔහු ඉන්පසු පුස්කොළ පොතක යම් විස්තරයක් ලියා එය රජුගේ උයනේ ගස් බෙනයක සැගෙවුවා.
දිනක් උයන්පල්ලා උයන පරීක්ෂා කරන අවස්තාවේ එම පුස්කොල පොත දැක රජුට එය ගිහින් දුන්නා. එහි කෝළම් කියන නැටුම් රඟදක්වන ආකාරයත්, වෙස් මුහුනු සාදන ආකාරයත් සදහන් වී තිබූ බව සදහන් වෙනවා.ඉන්පසු රජු ඒ ආකාරයෙන් ඒ සියලු දේ සකස් කර කෝළම් නර්තනය දේවිය ඉදිරියේ පෙන්වීමට කටයුතු සූදානම් කර බවත්, එය දැක දේවියගේ දොළදුක සන්සිදුනු බවත් සදහන් වෙනවා.

කෝළම් වලින් නිරූපනය කරන්නේ එදිනෙදා සමාජයේ ජීවත් වූ චරිත.
ජස ලෙංචිනා කෝළම, පොලිස් කෝළම, අණබෙර සහ නොන්චි කෝළම, හේවා කෝළම ඒ වගේ චරිත කිහිපයක්.
මීට අමතරව ගුරුළු රාක්ෂ, නාග රාක්ෂ, නාග කන්‍යා, ගරා රාක්ෂ, සිංහයින්, වලසුන් වැනි රාක්ෂ සහ සතුන් කිහිපදෙනෙකුත් සාම්ප්‍රදායික කෝළම් වල රගදක්වනවා.
කෝළම් නාට්‍ය පූර්ව රංග සහ අපර රංග ලෙස කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
පූර්ව රංග යනු රජතුමා සහ බිසව වේදිකාවට පැමිණීමට පෙර ඉදිරිපත් කරන රංගනයන්.අපර රංග යනු ඔවුන් වේදිකාවට පැමිණි පසු ඉදිරිපත් කරන රංගයන්. කෝළම් තුල පූර්ව රංග සහ පණිවිඩ පනත් කෝළම් වලින් පසුව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතක කතා එකක් හෝ දෙකක්.ඊට පසුව ගරා වෙස් පාලා කෝළම් මඩුව නොහොත් කෝළම් ශාන්තිකර්මය අවසන් කරනවා.

ඒ කාලයේ ඉදලා මේ වනවිට කෝළම් නාට්‍ය සම්ප්‍රදායේ විශාල වෙනස්කම් රැසක් වෙලා තියෙනවා.
නමුත් මාගේ සහ මාගේ කණ්ඩායම සාම්ප්‍රදායික බව උපරිම රැකෙන පරිදි තමයි අපේ කෝළම් නාට්‍යය රඟදක්වන්නේ.
සාමාන්‍යයෙන් කෝළම් නාට්‍යයක් අද සවස පටන්ගත්තොත් පහුවදා උදෑසන වෙනකන් එක දිගට රඟදක්වනවා.ඒත් වර්තමානයේ මිනිස්සුට එච්චර වේලාවක් එකම කටයුත්තක් වෙනුවෙන් වැය කරන්න කාලයක් නෑ.ඒ නිසා අපි සාම්ප්‍රදායික කෝළම් නාට්‍ය සාම්ප්‍රදානුකූලවම පැය දෙකකට වේදිකාවට අධ්‍යක්ෂණය කලා.

(4) අපි දන්නවා ලංකාවේ කෝලම් කලාව මැකිගෙන යන කලාවක් ඒ ගැන කිව්වොත්.

කෝළම් වචනය ලේසි වුනාට කෝළම් නටන්න ඒ තරම් පහසු නෑ. මොකද නර්තනය පිලිබද දැනුමක් නැති කෙනෙක්ට කෝළම් ඉදිරිපත් කරන්න අමාරුයි.කෝළම් වල සාම්ප්‍රදායික බෙර පද කොටස් ඇතුලත් වෙනවා.උදාහරණයක් ලෙස අණබෙර කෝළමට පැමිණි පසු පහතරට ශුද්ධ මාත්‍රා පදය නටන්න ඕන.ඉතින් නැටුම් දන්නේ නැති කෙනෙක්ට ඒක කරන්න අමාරුයි. මොකද සමහරු කෝළම් කරනවා කියලා කරන්නේ කෝළම් නෙමෙයි.මොකක් හරි මූණක් දාගෙන වේදිකාවේ රඟදැක්වූවා කියා ඒක කෝළමක් වෙන්නේ නෑ. කෝළම් සම්ප්‍රදායට අදාල දෙබස්, නර්තන විලාස, බෙර පද, කවි ගායනා හරි ආකාරයෙන්ම භාවිතා කරමින් රඟදක්වන්නේ ඉතාම සුලු පිරිසක්.
ඉතින් ඒ නිසා සාම්ප්‍රදායික කෝළම් කලාව ටිකෙන් ටික අභාවයට යමින් තියෙන්නේ. දැනට ලංකාවේ කෝළම් නාට්‍ය කණ්ඩායම් රාශියක් තිබෙනවා.ඒවායේ විවිධ පළාත් වලට අනුව විවිධ වෙනස්කම් දකින්නට පුලුවන්. ඒ අතරතුර මෙම සාම්ප්‍රදායික කලාව විනාස කරන පිරිසකුත් නැතුවාම නොමෙයි. ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය මුදල් ඉපැයීම පමණයි. ගැලපෙන්නේ නැති නාද රටා, කවි ගායනා, බෙර පද, ඇදුම් පැලදුම්, වේදිකා පසුතල ආදිය යොදාගනිමින් මේ ගැන ඉගෙන ගන්නා අයව පවා නොමග යවනවා.

(5) ඇයි ඔබට සිතුනේ මේ වගේ කලාවක් සංරක්ෂණය කරන්න.

නාට්‍ය හා රංගකලා විෂයේ ගැමි නාටක සදහා කෝළම් නර්තන සම්ප්‍රදාය ඇතුලත් වී තිබෙන නිසා පාසල් ළමුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු සියලු දෙනා මෙම නාට්‍යය බලන්න ඉතා ඕනකමක් දක්වනවා.
ඒ බව මට කලින් මගේ සීය, තාත්තා තේරුම් ගත්තා.ඒ අනුව මගේ තාත්තා සීයාගෙත් උපදෙස් ඇතිව මෙම කෝළම් නාට්‍ය සාම්ප්‍රදානුකූලව වේදිකාවේ රඟදැක්වීමට පටන් ගත්තා. ඔවුන්ට කෝළම් නාට්‍ය ඉදිරිපත් කරන්නට ජපානයට යාමට පවා අවස්ථාව ලැබුනා.
ඉතින් ඔවුන් ඒ රැකගත්ත දේ ඉදිරියට රැකගැනීම තමයි මගේ ප්‍රධාන පරමාර්ථය.
අපි අපේ කෝළම් නාට්‍යයේදී වේදිකා පසුතල සාම්ප්‍රදායික ආකාරයෙන්ම නිර්මාණය කරනවා.ඒ වගේම අපි භාවිතා කරන්නේ සාම්ප්‍රදායික ඇදුම් පැලදුම්.පහතරට බෙරය සහ හොරණෑව තමයි අපි ප්‍රධාන වාද්‍ය භාණ්ඩ ලෙස යොදාගනු ලබන්නේ.කවි ගායනා ආදියත් සාම්ප්‍රදායික ආකාරයෙන්ම සිදු කරනවා.අනිත් කෝළම් කණ්ඩායම් සමග බලන විට ඒවා අපේ සුවිශේෂ වෙනස්කම්.

කොලම් කණ්ඩායම.

(6) යම් ස්ථානයක හෝ පාසලක ඔබේ මේ කෝලම් නාටක පෙන්විමට අවස්ථාවක් තියෙනවාද අපිට කොහොමද ඒ වගේ අවස්ථාවක ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ..

අපි මේ වනවිට රටපුරා පාසල්, විශ්වවිද්‍යාල, රංගශාලා විශාල ප්‍රමාණයක අපේ කෝළම් නාට්‍ය වාර 200කට වඩා ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරියටත් නාට්‍ය කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබුනා, මේ කොරෝනා වසංගතය නිසා ඒවා දින නියමයක් නොමැතිව කල් ගියා.අපි කෝළම් නාට්‍ය වගේම කෝළම් නාට්‍ය පිලිබදව දේශනත් පවත්වනු ලබනවා.
මාව හෝ තාත්තව සම්බන්ධ කරගනිමින් ඕනෑම කෙනෙක්ට මේ කෝළම් නාට්‍ය පිලිබදව දැනුවත් වෙන්න පුලුවන්.

මාගේ දුරකතන අංක – 0719387255, 0774865127.

(7) ඔබට අවසාන වශයෙන් මොකක්ද අපිත් සමඟ බෙදා ගන්න තියෙන්නේ..

කෝළම් කියන නාට්‍ය කලාව අපේ සාම්ප්‍රදායික නාට්‍ය කලාවක්.මේ වගේ කලාවක් අපි රටක් වශයෙන් අනිවාර්යයෙන්ම රැකගත යුතුයි.ඒත් නාට්‍යකරුවන් වශයෙන් අපිට මෙය තනිවම කරන්න නොහැකියි.මේ සදහා රජය මැදිහත් වී රාජ්‍ය අනුග්‍රහය ලබා දී මේවා නගා සිටුවීමට කටයුතු කරනවනම් ඉතා වටිනවා. ඒ වගේම කෝළම් වැනි නාට්‍ය සම්ප්‍රදායක් කරනවනම් අනිවාර්යයෙන්ම නර්තනය වාදනය සහ රංගකලාව යන තුනම හොදින් අධ්‍යනය කිරීමෙන් පසුව කරන්න. නූතන වේදිකාවට කෝළම් නාට්‍ය අධ්‍යක්ෂණය කල යුතුයි, හැබැයි ඒ සාම්ප්‍රදායට හානියක් නොවන ආකාරයෙන්.
වේදිකාවත් සාම්ප්‍රදායත් රකින සියලූම දෙනාට ජය!

ලංකාවේ සාම්ප්‍රදායික කලාවක් වන කෝලම් කලාව අද වන විට මැකී ගෙන යන කලාවකි මෙවැනි වටිනා කලාවක් සංරක්ෂණය කරගනිමින් ඉදිරි පරම්පරාවන් සදහාද රැගෙන එන දුලාජ් සලින්ද වීරසිංහ මහතානි ඔබට අපගේ ගෞරවය හිමි විය යුතුය. ඒ මන්ද යත් ලංකාවේ ඉපැරණි කලාවක් සංරක්ෂණය කරමින් උතුම් කාර්ය භාර්යක් සිදු කරන බැවින්ය. ඔබට මෙම කලාව තව දුරටත් සංරක්ෂණය කරමින් ඉදිරියට ගෙන යාම සදහා ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගනිමි……..

ෆෙස්බුක්

– පසිඳු දම්රිසි –

Continue Reading

Entertainment

තමාගේම ශබ්ධාගාරයක් තුල සින්දු නිර්මාණය කරන තරුණයා..

Published

on

සංගිතය කියන්නේ හරි අපුරු විෂයක්. මේ අපුරු විෂය තුල අපුරු තරුණ, තරුණියන් ඉන්නවා ගිය දවසක් ඒ වගේ ගායිකාවක් ගැන කිව්වා අදත් ඒ වගේම ගායකයෙක් ගැන තමා කියන්නේ එත් මොහු ගායකයෙක් වගේම ඔහුටම හිමි ශබ්ධාගාරයක් තිබෙනවා ඉතිං අපි ඔහුලෙන්ම විස්තර දැන ගමු..

(1) අපිට ඔබ ගැන විස්තරයක් කිව්වොත්.

මම චමත් දිසානායක. මගේ පාසල කලුතර මහා විද්‍යාලය. මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අම්මා, අප්පච්චී, අයියා සහ මම.

(2) දැනට ඔබ මොනවාද කරන්නේ.

මම ආත්මා ලියනගේ සංගීත ශිල්පියාගේ,  Athma With Feather සංගීත කන්ඩායමේ Bass Guitar වාදන ශිල්පියා ලෙස කටයුතු කරනවා. ඒත් සමගම කලාකරුවෙක් වශයෙන් මගේම ගීත නිර්මානයන් නිකුත් කරනවා.

(3) අපි දන්න විදිහට ඔබ සංගීත කේෂ්ත්‍රයේ හපන්කම් දක්වන්නෙක් සංගීත ගමනේ ආරම්භය ගැන කිව්වොත්.

මගේ සංගීත ජීවිතේ ගැන කිව්වොත්, මම කුඩා කාලයේ ඉදන්ම සංගීතයට ලැදී. ඒ කියන්නේ මං සංගීතය කියන දේ ඉගෙන ගන්නේ 2 වසරේ වගේ පොඩි කාලෙදි. මං මුලින්ම වාදනය කරන්න පුහුනු උනේ Piano එක. 6 වසරෙදී වගේ මං පාසල්  සංගීත තරඟ වලට සහභාගී වීමත් සමගම මේ හැකියාවත් ටිකෙන් ටික දියුනු උනා. ඇත්තටම කිව්වොත් මං මේ Music Industry එකට පැමිනියේ 2018 මාර්තු මාසයේදී. ඒ කාලේ මං Whiteleaf කියන Company එකත් වැඩ කලා. ඒ මගේ හොඳම යාලුවා විදුර විශ්වජිත් ගේ ආයතනය සමග.  “කිරි කෝඩු හිතට” කියන ගීතයේ Cover Version එකක් තමයි මං Release කරේ. එදා තමයි මාත් මගේ පවුලේ අයත් සහ මගේ හිත මිත්‍රාදීන් දැන ගත්තේ මට ගායනා කරන්නත් හැකියාවක් තියෙනවා කියලා. නමුත් ඊට සති දෙකක් ගියේ නෑ මගේ ජීවිතේ මට ලොකු දේකට මුහුන දෙන්න සිද්ද උනා. ඒ මගේ ජීවිතේ හොඳම කාලෙදී. ඒ සිදු වීමත් සමගම අවුරුදු 2ක වගේ කාලයක් ඒ දේ නිසා මං දුක් වින්දා. හැම තිස්සෙම ඒ දේ ගැන හිතලා දුක් උනා. ඒ කාලේ මගේ Peak Time එක නිසා මගේ අතින් නිර්මාණය උනු  අලුත්ම නිර්මාණ නැතිඋනා. නමුත් ජීවිතේ අමාරු කාලයන් පහු කරලා මං ආයෙමත් මගේ වැඩ පටන් ගත්තා. අද වෙද්දී මගේම ගීත 10 කට වඩා නිර්මාණය කරලා අවසන්. මගේ ගීත නිර්මාණය සඳහාම නව ශබ්ධාගාරයක් නිර්මාණය කලා. එදා මට මුහුන දෙන්න උන දේවල් ගොඩාක් පාඩම් මට කියලා දුන්නා.

(4) ගෙදර අයගෙන් සහ අනිත් අයගෙන් සංගිතය සදහා හම්බ වෙන සහයෝගය ගැන කිව්වොත්.

මගේ අප්පච්චී සංගීතයට ලැදි මනුස්සයෙක්. මගේ සීයා සංගීතය හදාරලා තියෙනවා. සීයගෙන් අප්පච්චිට ලැබුනු දේ මටත් ලැබුනා. ගෙදර අයගෙන් අප්පච්චිගෙන් තමා ගොඩාක්ම සහයෝගයක් මට ලැබෙන්නේ. මං නිර්මානය කරන සමහර ගීත වලට පවා Concept එකක් දෙන්නේ අප්පච්චී තමයි. මේ තැනට එන්න මුල ඉඳලම අත අල්ලගෙන වැටෙන්න දෙන්නේ නැතුව මේ දේ කරන්න මෙහෙම කරොත් හරියයි, අපි මෙහෙම කරමු කියලා මාව දිරි ගන්වලා වැඩ කරේ අප්පච්චී තමයි. ඒ වගේම මගේ අම්මා, මගේ අයියා මේ හැමෝම මට උදවු කරනවා.

(5) සංගීතය ගැන ඔයාට දැනේන්නේ කොහොමද?

ඇත්තටම සංගීතය කියන්නේ මං හිතන විදියට මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක්. මං අදහස් කරේ.. සංගීතය රසවිදින්නාට සංගීතය ලබා දෙන්නා දෙවියෙක්. හැමෝම සංගීතයට ආසයි. ආදරෙයි. මිනිස්සු 1000ක් ගත්තොත් ඒකෙන් 999ක් ම සාමන්‍ය මින්ස්සු. හැබැයි එක්කෙනෙක් කලාකරුවෙක්. එයා මේ ලෝකෙට බිහි වෙන්නේ ඔය 999 දෙනාව පිනවන්න. මේ කලාව උපතින්ම අපිට ලැබෙන දෙයක්.

(6) අපි දකිනවා ඔබේ මුල් music එක සහ අද වර්තමානයේ ඔබ විසින් කරන music   ඒ ගැන අපි චුට්ටක් කතා කලොත්.

ඔව්, මං 2019 අවසානයේදී වගේ ගීත නිර්මාණයට මුල් තැන දෙනවා. ඒ වෙද්දී මට සංගීතය නිර්මානය කිරීමට මුදල් තිබුනේ නෑ. ඒ කාලෙදී මගේ හොදම යාලුවොත් එක්ක එකතු වෙලා අපිට පුලුවන් විදියට දන්න දෙයින් තමයි ගීත නිර්මානය කලේ. නමුත් මං 2018 මැද බාගයේදී Music Oven Institute එකේ ලහිරු පෙරේරා යටතේ Audio Engineering කරා. මට ඒ ලැබුනු දේ එක්ක තමයි මේ හැම දේම වෙනස් උනේ. අපි එන්න එන්න වෙනස් උනා. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. International Music කියන දේ අපි අපේ ඔලුවට දා ගත්තා. ඒ දේ නිසා තමා මගේ මේ වන විට කරපු නිර්මාණ සාර්ථක උනේ. අපි International Sound එකකට එන්න තාමත් උත්සාහ කරනවා. ලඟදීම අලුත් නිර්මානෙකින් ඒ දේ ලබා දෙන්නත් කටයුතු කරනවා.

(7) ඔබට හම්බ වෙන ප්‍රතිචාරය කොහොමද ඒ ගැන කිව්වොත්.

දැන් වෙද්දී මුල ඉඳලම බලද්දී මං ආපු පාර ගැන මං ගොඩාක් ආඩම්බර වෙනවා. අද වෙද්දී සෑහෙන පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉස්සරනම් ගීතයක් එලියට දැන්මම යාලුවෝ සහ නෑදෑයෝ ටික විතරයි බලන්නේ නමුත් අද වෙද්දී සෑහෙන පිරිසක් මාව අදුරගෙන ඉවරයි. සුභ පැතුම් එක් කරලා මගේ ගීත වලට ආස කරන මින්ස්සු ඒ දේට බැඳිලා ඉන්නවා. අද වෙද්දී ලංකාවේ පිලිගත්ත කලාකරුවන් පවා දුරකථන ඇමතුම් මගින් සුභ පතනවා.

(8) ඔබේ සංගිත ඔබේම ශබ්ධාගාරයක් තුලයි නිර්මාණය වෙන්නේ ඒ ගැන අපි කතා කලොත් ටිකක්.

ඔව් ඇත්තටම කිව්වොත් මගේ ගීත සියල්ලම නිර්මාණය වෙන්නේ මගේ ශබ්ධාගාරය තුලයි. Cycle Studios කියනේ මගේ ශබ්ධාගාරය. අද වෙද්දී මේ ශබ්ධාගාරය තුල ගීත 40 කට ආසන්න ප්‍රමාණයක් නිර්මානය කල අවසන්. Mix n’ Master කරපු ගීත 80 කට ආසන්න ගීත ප්‍රමානයක් නිකුත් කරලා අවසන්. මගේම ගීත 10 කට වඩා නිර්මාණය උනේ මෙතන. තවත් ගීත 12 ක් ඒ කියන්නේ ගීත Album එකක් නිර්මානය වෙමින් පවතිනවා. අද වෙද්දී මගේ ගීත වල Record Label එකත් මගේ ශබ්ධාගාරයේ නමින්ම නිකුත් වෙනවා.

(9) ඔබේ සංගිත.අතරින් වඩාත් ජනප්‍රය සංගිතය හා  ආසම සංගීතය ගැන කතා කලොත්.

මේ වෙද්දී මගේ හොඳම නිර්මාණයක් තමයි Rafflesia ගීතය. මේ ගීතයේ පද නිර්මානය සහ Rap ගායනය Lakshitha Mihiran විසින් ගායනා කරනු ලබනවා. මේ ගීතය තමයි මගේ ආසම ගීතය. මේ ගීතය ප්‍රථම වරට එලිදැක්වූයේ සිරස නාලිකාවෙන්. සහ තවත් නාලිකා කිහිපයකම Top Chart වල තිබ්බා. අද වෙද්දී ගොඩාක් මිනිස්සු ප්‍රමානයක් මේ ගීතය වැලඳගත්තා. මේක මං ලබපු ඉතාමත් සතුටුදායීම ජයග්‍රහණයක්.

(10) ලංකාවේ සංගීත කලාව ගැන මොකද හිතන්නේ.

ලංකාවේ සංගීත කලාව මීට අවුරුදු කීපයකට කලින් පොඩි පසුබෑමක් දැක්කා. අතීතයේ සංගීත ශිල්පීන්ගේ දක්ශකම ගැන ඇත්තටම මට විස්තර කරන්න පුලුවන් පොතක් ඉවර වෙනකන්ම. ඒ තරම් වටින ඉතිහාසයක් තියෙන සංගීත කලාවක් අපිට තිබ්බේ.

වර්තමානයේදී අලුතින් කලාකරුවන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් බිහිවෙලා තියෙනවා. අපේ ලංකාවේ සංගීත කලාව පිලිබද බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ දැන්නම්. ගොඩාක් දක්ශයෝ දැන් බිහිවෙලා.

(11) ඔයාගේ අනාගත හා ඉදිරි බලාපොරොත්තු මොකද්ද?

මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි, ලංකාවේ සංගීත කලාව International Level එකෙන්ම ප්‍රචලිත කරන්න. මගේ එකම බලාපොරොත්තුව ජාත්‍යන්තරය කරා අපේ ගීත ගෙනියන්න. අපිට පුලුවන් වේවි. දැනටමත් ඒ දේ වෙමින් පවතිනවා.

(12) ඔබ අවසාන වශයෙන් අපිට මොනවාද කියන්න තියෙන්නේ.

බොහෝම ස්තූතියි. තව කලාකරුවෝ ඉන්නවා මේ රටේ තමන්ගේ දක්ශ තාවයන් පෙන්න ගන්න බැරුව, Pattare.lk එකෙන් කරන මේ දේ ගැන මං ගොඩාක් ආඩම්බර වෙනවා. තවත් අපේ සංගීත කලාව දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.

ලංකාවේ මෙවැනි දක්ෂ තරුණ, තරුණියන් ඉතා සම්පතකි ඒ ඔවුන්ගේ දක්ෂතා මඟින් ලංකාව තුල කලාව ඉදිරියට මෙන්ම වර්ධනයට ලක්වන බැවින්ය. චමත් දිසානායක ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මම අදට සමු ගනිමි………………

-පසිඳු දම්රිසි-

Continue Reading

Entertainment

ප්‍රේක්ෂකයා  නැමැති  අවකාශය බුද්ධිමය වංකගිරිවල අතරමං කරන තරුණයා..

Published

on

ලංකාවේ අපුරු තරුණ, තරුණියන් ගැන අපි අරන් අද ඉතිං වෙනස්ම කෙනෙක් ඔහු ගැන සරලම කිව්ව‍ොත්  ඡායාරූප ශිල්පියා ගත් රුපයකින් තවත් රුපයක් මැවිමට වගේම ඔහුගේම අලුත් නිර්මාණයක් බිහි කිරිමට ඔහු දක්ෂයෙක් ඒ වගේම තමයි මේ සියලුම ඒවා ජිවිතේට අර්ථයක් වෙනසක් දෙන ඡායාරූප වැඩි විස්තර අවශ්‍ය නැ අපි ඔහුගේ විස්තරයක් එක්කම ඔහුගේ අපුරු රුප පෙළද බලමු………

(1) ඔයා ගැන අපිට විස්තර  ටිකක් කිව්වොත් එහෙම

මගේ නම ඕෂධ දිලුම්, මගේ ගම් පළාත ගැන කිව්වොත් ගාල්ලේ මීටියාගොඩ කියන ගමේ තමයි මම හැදුනේ වැඩුනේ. මගේ පාසල ගැන සදහනක් කරනවනම්  මම පාසල් තුනකින් අධ්‍යාපනය ලබනවා. මීටියාගොඩ කනිටු විදුහල, සාමන්‍ය පෙළ සදහා අම්බලන්ගොඩ කුලරත්තන් විද්‍යාලය, ඊට පස්සේ උසස් පෙළ සදහා මම යනවා අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට ඉන් අනතුරුව උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්විද්‍යාලයේ සිනමා පිළිබදව විශේෂවේදි උපාදිය අවුරුදු 04 හදාරනවා .. මගේ පවුලේ විස්තර කියනවනම් අවුලේ හතර දෙනෙක් ඉන්නවා මගේ පියා ව්‍යාපාරිකයෙක්, මව ගෘහණියක් පවුලේ බාලයා වෙන්නේ මම. මට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා ඇය වෘත්තීමය වශයෙන් පුරා විද්‍යාඥවරියක්.  

(2) දැනට ඔබ මොනවාද කරන්නේ

මම විශ්වවිද්‍යාල ඉගෙනීම් කටයුතු නිමා කරනවාත් සමග රැකියාව සදහා තොරාගන්නේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය. දැනට මම ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළඳ දැන්වීම් ආයතනයක් වන mullenlowe  ආයතනයේ නිර්මාණාත්මක රචකයෙක් විදිහට සේවය කරන ගමන් ඉන්නේ. 

(3) අපි දකිනවා ඔබ විසින් ඡායාරූප එකතු කරලා හරි අපුරු අදහස් ගෙන දෙන නිර්මාණ කරනවා ඒවායේ ආරම්භය  කොහොමද 

මම හිතන විදිහට මම ගොඩක් ආස වෙනවා පවතින හැඩයට වඩා වෙනස් හැඩයකින් දෙයක් ප්‍රතිනිර්මාණය කරන්න වගේම ප්‍රේක්ෂකයා  නැමැති  අවකාශය බුද්ධිමය වංකගිරිවල අතරමං කරන්න. මං   විශ්වවිද්‍යාලය පරිසරය ඒ හා සම්බන්ධ ඇසුරු කරපු මිනිසුන්ගෙන් යහපත් බලපෑමක්  වෙනවා ඒ කාරණාවට. විශ්වවිද්‍යාල අවකාශය තුළ කරන නිර්මාණ තුළින් වෙනස් දෙයක්  නිර්මාණය කරන්න නිරන්තරයෙන්  උත්සාහ කරා වගේම  ඉන් පරිබාහිරව නිශෂ්චල රූප තුළ වෙනස් අර්ථයක් ගෙන දෙන නිර්මාණයක් කළ යුතුයි කියන හැඟීමක එක් ප්‍රතිඵලයක් විදිහට තමයි මාත් ඔයත් දකින මේ නිර්මාණාත්මක රූප නිර්මාණය වෙන්නේ. 

(4) ඔයාගේ අදහස මොකක්ද ලංකාව තුල ඔබ සිටින කේෂ්ත්‍රයේ අදහස

වෘත්තීමය වශයෙන් සහ අධ්‍යාපනික වශයෙන් මට ක්ෂේත්‍ර දෙකක් අවබෝධයක් තියෙනවා ඒ සිනමාව සහ වෙළඳ දැන්වීම් පිළිබඳව. හැබැයි මම මුලින්ම කියන්න ඕනෙ මම මෙම ක්ෂේත්‍ර දෙකේම ප්‍රවීණයෙක් නෙවෙයි. මම මේ මොහොතේ එම ක්ෂේත්‍රයන් පිළිබඳව ඉගෙන ගන්න මනුස්සයෙක්.  ඉතිං මේ ක්ෂේත්‍ර දෙකම එකිනෙකට සම්බන්ධ වුණත් කර්මාන්තයක් විදිහට මේ දෙක යම්තාක් දුරට වෙන් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිනමාවට වඩා වෙළෙඳ දැන්වීම් ක්‍රියාවලිය තුළ නිර්මාණකරුවාට සීමාවන් වැඩියි, මොකද ශ්‍රී ලංකා වගේ රටක වෙළඳ දැන්වීම්  ක්‍රියාත්මක වෙන්නේ  සමාජ, ආර්ථික, දේශපාලන රාමුවක්  ඇතුලේ ඉඳගෙන ඒ වගේම තවත් අතකින් ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි පරිමිතියට ගැලපෙන අයුරින් මේ වෙළඳෙ දැන්වීම් නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. මං හිතනවා විදිහට ලංකාවේ වෙළඳ දැන්වීම්  ක්‍රියාවලිය තුළ තිබෙන අවාසි සහගසහගත තත්වයක් ලෙස මට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව වර්තමානය වෙනකොට ලංකාවේ බහුතරයක් වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් සහ ආයතන Effie, Clios, Adstars, Canneslions වැනි අන්තර්ජාතික තලයේ සම්මාන උළෙලවල් මූලික කොටගෙන  ක්‍රියාත්මක වන ආකාරයක් දැකගන්න පුළුවන්.  මං හිතන විදිහට වෙළඳ දැන්වීම්  ක්‍රියාවලියෙ නූතනත්වය තුළ දැකිය හැකි සාධනීය තත්ත්වයක් ලෙස එහා හඳුන්වන පුළුවන්.

(5) ලංකාවේ තුල තරැණ කණ්ඩායම් හට ලැබෙන ඉඩ ප්‍රමාණය ගැන කිව්වොත්

මම මේ විදිහට ඒ කාරණාව පැහැදිලි කරන්නම්, මීට දශකයකට පෙර අතුව තරුණයකුට හෝ තරුණ කණ්ඩායමකට ජනප්‍රියත්වය අතික්‍රමණය කිරීම හෝ සෘජුව නිර්මාණ ක්‍රියාවලිය හරහා ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කිරීම හරි අපහසු කාර්යයක් ඒක අපි හැමෝම දන්න කාරණාවක් හැබැයි මේ කාල සීමාව ඊට වඩා හාත්පසින්ම වෙනස්, මේ ඩිජිටල් යුගයේ දක්ෂයෙක් ට ඉදිරියට යා හැකියි  අවස්ථාව වැඩියි බොහෝවිට යමකු ගේ අවස්ථාවන් ලබා ගන්නවාට වඩා තමාගේ අවස්ථාවන් තමා විසින්ම ප්‍රතිනිර්මාණය කර ගැනීමෙන් ඉදිරියට යන තරුණ පරම්පරාවක්  දැකගන්න පුළුවන්. මේක ලියන ඔයත්, කියන මමත් ඒ ඩිජිටල යුගයේ අවස්ථාව ප්‍රයෝජනයටයට ගත් මිනිස්සු විදිහට හඳුන්වන්න පුළුවන්.

(6) ඔබ මෙම ඡායාරූප නිර්මාණය අමතරව සංගිත කලාව හා සම්බන්ධයක් දක්වනවා ඒ ගැන කිව්වොත්

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියන කාරණාවට මං පොඩ්ඩක් අකමැති මනුස්සයෙක් හේතුව තමයි අපි මේ ලෝකෙ තියනෙන විෂයන් එහෙම නැත්නම් දැනුම කියන දේවල් ෆිල්ටර් කරලා අපේ ඔලු වලට දාගන්න ඕනෙ නෑ කියන එක. මම වෘත්තිමය වශයෙන් නිර්මාණාත්මක රචකයෙක්  වුණත් විවිධ වෙනත් කලා කටයුතුවල නියැලෙන්න උත්සහ දරනවා  ඒ හා සම්බන්ධ විෂයන් ඉගෙන ගන්නවා. මං හැම වෙලාවකම හිතන්නේ මම නිරන්තරයෙන් මගේ රැකියාව පමණක් නෙවෙයි ප්‍රගුණ කළ යුත්තේ. ඊට පරිබාහිර මම දෙයක් ඉගෙනගත යුතුයි, යන කාරණාව හේතු කරගෙන තමයි මම සංගීත ක්ෂේත්‍රයේ අදාළව යම් යම් නිර්මාණාත්මක කටයුතු කරන්න පෙළඹෙන්නේ. මූලික වශයෙන්ම music video director කෙනෙක් විදිහට මම වැඩ කරනවා. ඒ වගේම මගේ අලුත්ම නිර්මාණය වන ‘මුහුත්තිකා’  නුදුරේදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.   

   

(7) ඔබේ අපුරැ ග්‍රැපික් ඩිසයින් දකිනවා මම ඒ ගැනත් අපිට චුටි අදහස් දෙන්න.

ඇත්තටම කිව්වොත් ඒක මගේ විනෝදාංශය. හැම නිර්මාණකරුවකුට අනන්‍ය වෙච්ච හැඟීම් ප්‍රකාශන මාධ්‍යයක් පවතිනවා කවියෙක් ගත්තොත් වචන මාධ්‍ය භාවිතයෙන් ඔහු යම්කිසි සමාජ, දේශපාලන, ආර්ථික කාරණා සාකච්ඡා කරනවා ඉතින් නිර්මාණකරුවෙක් විදිහට මම තෝර ගත්තේ ඩිජිටල් මාධ්‍ය  ඒ ඔස්සේ මගේ වේදිත නැත්නම් හැඟීම් ප්‍රකාශ කරනවා.

(8) ඔබට අවසාන ව⁣ශයෙන් මොකක්ද අපිට කියන්න තියෙන්නේ

මට හැඟෙන විදිහට අපේ රටේ තියෙන නිර්මාණාත්මක සංස්කෘතිය හරියට පඩිපෙළක් වගේ අපිට අලුතෙන් පඩියක් නගින්න අවශ්‍ය නම් අපි පවතින සංස්කෘතියට වඩා වෙනස් ආකාරයකින් නිර්මාණාත්මක සංස්කෘතියක් ඇති කළ යුතුයි. ඒ ඇතිවෙන  නිර්මාණාත්මක සංස්කෘතිය තුළ  මිනිසුන්ට බොහෝ දුර යෑමට හැකියාවක් පවතින වගේම මිනිසුන්ගේ නිර්මාණශීලී චින්තනය වැපිරීම වීමේ වැඩි වපසරියක් තිබෙන බව මම විශ්වාස කරනවා . ඉතින් ඒ පඩිපෙළට පුංචි වැලි කැටයක් හරි වෙන්න මම උත්සහ කරනවා.

යම් රාමුවක් තුල කොටු නොවි ඉතා අපුරු ලෙස නිර්මාණ බිහි කරන තරුණයන් අප රටට ඉතා සම්පතකි ඒ ලංකාවේ කලාව යම් දියුණු වේ නම් ඒ මෙවැන් තරුණයන් තරුණියන් අතින්ය ඔහුන්ගේ වෙනස්ම චින්තය මඟින්ය.  ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගනිමි…

             ඡායාරුප පෙළ පහතින්……………………….

-පසිඳු දම්රිසි-

Continue Reading

Trending