Connect with us

Local

රාජ්‍ය  සේවක  ඉල්ලිම් වලට  රාජය නිහඩයි  හෙට ( 8 ) රටපුරා රාජ්‍ය සේවකයෝ  ලෙඩවෙති.

Published

on

  දහවල් 12ට පාර්ලිමෙන්තු වටරවුමේ   විරොධතාවයක් හා උද්ගොෂණයක්

 * රාජ්‍ය සේවක වැටුප් දහදාහක්  ඉහළ දමනු .

            * රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කිරීමේ යෝජනාව හකුලා ගනු .

             * රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස කළ ආණ්ඩුවේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනු.

            *  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බදින වැටබඳින චක්‍රලේඛන අහෝසි කරනු.

  යන  ප්‍රධාන  ඉල්ලිම්  හතරක් මූලික කර ගනිමින්, 2021.12.08 දින වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘතිය  ක්‍රියා මාර්ගයක්  ගන්නා බව  ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය.

 පවසා සිටි.

2022 අයවැය යෝජනා ඉදිරිපත්කිරිමෙන් අණතුරුව   රාජ්‍ය සේවක වැටුප්   ජිවන බරට සාපෙක්ෂව වැඩිකල යුතු බවට  ජනපතිවරයාගෙන්  ඉල්ලා සිටි අතර  එසේ නොකිරිම  නිසා පසුගිය  29 දින කෑම පැයේ උද්ගොෂණයකට  රාජ්‍ය සේවකයින් යොමු වු අතර මේ කිසිවක්    ඉල්ලිමක් සදහා නම්‍ය ශිලිබවක් රජය නොදැකිවීම නිසා   හෙට  (8 වෙනිදා )  ලංකාව පුරා සියලු  රාජ්‍ය සේවකයින්   අසනීප නිවාඩු වාර්තා කරණ  බව    ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය.යේ ජාතික  සංවිධායක බී. ඒ. පී. බස්නායක.   මහතාගේ අත්සනින් යුතු  ලිපියක්   ජනපතිවරයාට   පසුගිය 30  යොමුකලද  කිසිදු  ධනාත්මක ප්‍රථිචරයක්   නැති  බැවින් එදින සමස්ත රටේම, සියලුම රාජ්‍ය ආයතන වල, එක්දින නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයට අවතීර්ණය වනබවත්    එයට සමගාමීව ප.ව. 12.00 ට පාර්ලිමේන්තු  වට රවරවුමේදී විරෝධතාවය සහ උත්ඝෝෂණය  පැවැත්වේන  බවද    ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය.   පවසා සිටියි.

මෙම  එක්දින උද්ගොෂණ  වෘතිය ක්‍රියාමාර්ගය  පිලිබදව නොසලකා  කටයතු කරන්නේනම්  රටේම   සියලු  වෘතිය සමිති  එක්ව අඛන්ඩ  වැඩ වැරුමකට හෝ යොමුවනබවද ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය.  පවසා සිටි  .

මේ පිලිබදව  දේශපාලන පක්ෂ  ලේකම්වරුන් දැන්වත් කිරිම  වෙනුවෙන්ද  ලිපියක් ලියන එම  සංවිධානය  මෙරට , අදුරදර්ශි දේශපාලකයන් ගේ හා ඔවුනට උපදෙස් හා මග පෙන්වීම් සිදුකරන බොහෝ ඉහල නිලධාරීන් පැලැන්තියක ක්‍රියාකලාපයන් හේතුවෙන් ආර්ථික ,සමාජීය ,දේශපාලනික,මෙන්ම මානුෂික ගුනදර්ම තුළින් පවා පිරිහී ඇති රටක ඉතා පීඩාකාරී ලෙස ජීවත් වන ජනසමාජයේ කොටස් කරුවන් වන අපද රාජ්‍ය සේවකයන් ලෙස අපද තීරනාත්මක කාල පරිච්ඡේදයක් පසුකරමින් සිට්යි.විවිද ගැටලු මැද රාජ්‍ය සේවකයන් ගේ අභිමානය හා අයීතීන් දිනාගැනීම උදෙසා ,රාජ්‍ය සේවකයන් ලෙස විවිධ වෘත්තීය සංගම් ගනනාවක් එක්ව ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ග වල මීලග අදියර 8 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වැඩපිළිවෙළ සදහාද දේශපාලන පක්ෂ ,පාට ,ජාති ,ආගම්,බේදයකින් තොරව රාජ්‍ය නිලධාරී ඔබ සියලු දෙනාගේ සහය ලබා දෙනමෙන් ඉල්ලා සිටියි.

            එසේම  රාජ්‍ය  සේවක කප්පාදුවක් පිලිබදව කතා කරණ  මහ බැංකු අධිපතිවරයා   එසේ කියන්නේ රේදි ඇදගෙනද   යන්න විමසන  ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක   බස්නායක මහතා   කිසිදු  හිරිකිතක් නැතිව  රාජ්‍ය සේවයෙන්    විශ්‍රාම වැටුප් දෙකක්  ගන්නා  ගමන්  ජිවන වියදම  දරාගත නොහැකිව අසරණ වෙන  රාජ්‍ය නිලධාරින්  විශ්‍රාම  වැටුපත්  නැතිකරන්න  කතාකිරිම  ලැජ්ජා  නැති වැඩක්බව  පවසයි

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending