Connect with us

Covid-19

Corona එන්නත විදින්න වෙලාවක් Online වෙන්කර ගන්න යොමුව මෙන්..

Published

on

කොරෝනා එන්නත්කරණය සඳහා බස්නාහිර පළාතේ පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබේ.

එසේ වෙන් කරගන්නා වෙලාවට එන්නත්කරණය සදහා සහභාගී වීමෙන් අනවශ්‍ය තදබදය මගහරවා ගත හැක.

අදාල යොමුව මෙතනින්..

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Covid-19

මාසයක් ඇතුලට රට පුරාම ඩෙල්ටා.. මෙරට 50%කට ආසදනය වනු ඇතැයි දන්වයි..

Published

on

By

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

එම ප්‍රභේදය සුමානයක් වූ මාසයක් වැනි කාලයක් ඇතුළත රට පුරාම පැතිරිය හැකි යැයි සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.

අද වනවිට කොළඹ නගර සභාව තුළ සියයට 30 ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපට හිතාගන්න පුළුවන් වෙන්නේ දැනට තියන දත්තවලින්. ඒ ගොල්ලන්ගේ කෙලවල තියන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩියි, ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය බෝවෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි අනිත් ඒවට වඩා, ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය වැඩිකල් නොගොස් අපේ රටේ සියයට 50 කට වඩා ජනතාවකගේ වෛරස්වලට හේතු කාරණා වෙලා, ඒක තමයි මූලිකම රෝගය බවට පත්වෙන්නේ කියන එක අපට සැකයකින් තොරයි. රට ඇරලා සාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එහෙම, මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළදී හරි සුමාන දෙකක් ඇතුළතදී හරි අපේ රටපුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යෙන්ම දන්නවා.

අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා සියයට 15 ක් විතර, මේ වෙද්දි සම්පුර්ණ එන්නත්කරණය වෙලා තියෙන්නේ සියයට 08ක් වගේ. ඉතිං ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නෑ කියන එක. ඒ නිසා එක හේතුවක් එන්නතින් අපට තියන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකියි. සෑම දිනකම රෝගින් 40ක් 50 ක් ප්‍රමාණයක් රටේ ජීවිත්ෂයට පත්වෙනවා. අපි 50 ක් කියන උපකල්පනයකින් ගාණ හැදුවොත් අපි දන්නවා ඒකෙන් කිය වෙනවා සියයට 2 ක් ජීවිතක්ෂයට පත්වෙනවා කිව්වොත් අපේ රටේ දැන් මේ වෙනකොට දහදාහක් රෝගින් ඉන්නවා.

අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තියෙද්දීත් අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩදීලා තියනවා ජීවනෝපාය කියන එකේ වැදගත්කම ගැන කල්පනා කරලා ඉතිං මේ දෙක තුළනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි ඒක සිද්ධ වෙනවාමයි දැනටත් ඒක අපි දකිනවා.

Continue Reading

Covid-19

ඩෙල්ටා ආසාදිතයන් 250-300ක් රට පුරා.. ඉතාම බියකරු කොරෝනා රැල්ල අත ලග…

Published

on

By

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිතයන් 250-300 ක් අතර ප්‍රමාණයක් සමාජයේ සිටිය හැකි බවට විශේෂඥයන් පෙන්වා දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොව ඉතාම අවදානම් තත්ත්වයක් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඩෙල්ටා ප‍්‍රබේධය මගින් ඇතිවන රැල්ල පෙර රැලි සියල්ලට වඩා ඉතා භයානක විය හැකි යැයි ද ඒ මහතා පවසයි.

පවතින තත්ත්වය මත ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය විය හැකි යැයි ද ඔහු පවසා සිටියි.

මෙවන් තත්ත්වයකදී ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජනතාව කොරෝනා වසංගතයක් ඇත්තේදැයි නො තකමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Covid-19

මාත්‍රා දෙකම ගත්ත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ට කොරෝනා..

Published

on

By

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා වන සජිඩ් ජිවාඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා.

එරහටරජය විසින් කොරෝනා නීති ලිහිල් කිරීමට දින 01ක් ඉතිරිව තිබියදී මෙම සිදුවීම වාර්තා වීමත් විශේෂත්වයක්.

මේ වන විට සෞඛ්‍ය ලේකම්වරයා ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන අතර ඔහුගේ පි.සී.ආර් ප්‍රතිඵලය ලැබෙනතුරු ඔහු බලා සිටින බවයි සඳහන් වන්නේ.

ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබුණත් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්, වෛරස් ආසාදනයේ යම් ලක්ෂණ පෙන්වන බවත් සඳහන් වෙනවා.

මැට් හෑන්කොක් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් බ්‍රිතාන්‍ය වංසගත නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ චෝදනාවක් නිසා ඉල්ලා අස්වූ අතර පසුගිය ජූනි 26 වැනිදා නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස සජිඩ් ජිවාඩ් තේරී පත් වුණා.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් මේ සම්බන්ධව සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk