Connect with us

Knowledge

අස්වැසුමෙන් අවධානය යොමු නොවූ විශාල පිරිසක් ඉන්නවා!.. එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Published

on

එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! අර්ථසාධක අරමුදල් සාමාජිකයන් අර්බුදයකට! අස්වැසුමෙන් අවධානය යොමු නොවූ විශාල පිරිසක් ඉන්නවා!

එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

1. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබීම. – මින් යම් කිසි කම්පනයක් ඇතිවෙතැයි අපේක්ෂිත බැංකු ක්ෂේත්‍රයට සහ කොටස් වෙළෙඳපොළට 30 වෙනිදා නිවාඩු ලබා දී තිබේ. ණය කප්පාදු කිරීමත් සමග සේවක අර්ථසාධක අරමුදල අර්බුදයට යන බවත්, තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා, සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වාත්, මහ බැංකුවේ සේවකයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්, මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සියළුදෙනා මින් අර්බුදයට යන බවත්, රණවක මහතා පෙන්වා දෙයි. ඒ අනුව ආණ්ඩුවේ තාවකාලික චූන් එක සහ පෝළිම් නැතිවුනා ය යනුවෙන් උදම් ඇනූ යුගය ද අවසන් වී යනු ඇතැයි ද හෙතෙම කියයි.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට ඕන ඕන විදියට කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන මූලධර්ම අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඉතාම වැදගත් මූලධර්මයක් තමයි සැමට සමානව සැලකීම. ඒ නිසා දේශීය ණයහිමියන්ට එක ප්‍රතිපත්තියකුත්, දේශීය ණය හිමියන්ට තව ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන්න රජයට බෑ. අපි මේක මුල ඉඳන්ම කිව්වා. ආණ්ඩුව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. නමුත් අපි මුල ඉඳන්ම කිව්වා මේක කරන්න බැහැ. මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. දෙවෙනි වැදගත් කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දරාගත හැකි මට්ටමකට පත්වුණාය කියලා සෑහීමකට පත්වෙන ණය කපන්න ඕනේ. අපි මේ ණය ටිකක් කපලා බේරෙන්න බැහැ. සෑහීමකට පත්වෙන විදියට ණය කපන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය  කිරීමේ නිර්ණායක වලට අනුකූල වෙන්න ඕනේ. ඩෙට් ඉතින් මේ කරුණු දෙක දිහා බැලුවහම, දේශීය ණය අනිවාර්යයෙන්ම කප්පාදුවකට ලක් කළ යුතු වෙනවා.”

රණවක මහතා පහත තොරතුරු ද අනාවරණය කළේය.

දේශීය ණය (රුපියල්) 2023.03.31 – බිලියන 15,349 (64% ද.ජා.නි)

 ඉන් – භාණ්ඩාගාර බිල්පත් –  රුපියල් බිලියන 4636 (19% ද.ජා.නි.යෙන්)

     –  භාණ්ඩාගාර බැඳුම්කර – රු.බි. 9108 (38% ද.ජා.නි.යෙන්)

-තෙල් සංස්ථාවේ ණය   797 රු.බි. (3% ද.ජා.නි.)

-ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB)  276 රු.බි. (1% ද.ජා.නි.)

විදේශ මුදල් වලින් ඇති දේශීය ණය (FCBU)  112 රු.බි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගත් අත්තිකාරම්     345 රු.බි.

වර්තමාන තත්ත්වය (ජුනි 22 වන විට)

– භාණ්ඩාගාර බිල්පත් රු.බි. 5291

– භාණ්ඩාගාර බැඳුම්කර රු.බි. 9032

“දැන් මොකද්ද ආණ්ඩුව කරන්න යන්නේ? ලබන 28 වෙනිදට මේ දේශීය ණය කප්පාදු කරන ක්‍රමවේදය සහ විදේශ කප්පාදු කරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන්නයි යන්නේ. හැබැයි අපේ ණය හිමියන් සමඟ ඒ අත්සන් කරන ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයට පෙර අත්සන් කළ යුතුයි. එසේ නොවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර හය මාසයකට පසුව එන පසු විපරමට එහෙම නැත්නම් රිවිව් එකට අපි අහුවෙලා අපි ඒ කටයුත්ත කළේ නැත්නම්, අපිට ජාත්‍යන්තර මූල්‍ අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම්, ඒ එක්කම ලෝක බැංකුවේ, සංවර්ධන බැංකුවේ මේ දැන් ලැබෙමින් තියෙන සහයෝගය නතර වීමේ අනතුරක් හා ලංකාවට ණය හිමියන්ගේ අධිකරණ ක්‍රියාවලීන් වලට මුහුණ දීමේ අනතුරකුත් එක පැත්තකින් තියෙනවා. “

විදේශීය ණය (ඩොලර් බිලියන) 31.03.2023

ආණ්ඩුව විසින් උසුලන                36.090

(මෙයින් වාණිජ ණය                   14.751)

මහ බැංකුව විසින් උසුලන             5.065

ආණ්ඩුවේ සමස්ත ණය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා.

ආණ්ඩුවේ සමස්ත ණය

31.12.2022                           84.703

31.03.2023                           91.561

ඒ කියන්නේ ඩොලර් බිලියන 6.85ක් වැඩියෙන් ණය වෙලා තියෙනවා මේ කෙටි කාලය ඇතුළත. මේක සමහරු කිව්වේ ආණ්ඩුව ඩොලර් බිලියන හතක් ණය අරගෙන කියලා. එහෙම්මම නෑ. ඩොලර් වලින් ගත්ත ඒවත්, භාණ්ඩාගාර බිල්පත් හරහා රුපියල් වලින් ගත්ත ඒවත්, එකට එකතු කරලා තමයි මේක අරන් තියෙන්නේ. මේක සැලකිය යුතු විශාල ගාණක්.

දැන් ආණ්ඩුව මොකද කරන්න යන්නේ? මේක කප්පාදු කරන්න යන්නේ. රුපියල් ණය කප්පාදු කරන්න යන්නේ ඩොලර් ණය කප්පාදු කරන්න යන්නේ. මොකක්ද මූලධර්මය? මූලධර්මය තමයි දළ මූල්‍යයන අවශ්‍යතාවය  කියලා අපි අඳුනගෙන තියෙනවා

වාර්ෂික දළ මූල්‍යයන අවශ්‍යතාවය

(Gross Financial Need)

2024      17.9% ද.ජා.නි

2026      15.9% ද.ජා.නි

2028      < 13% ද.ජා.නි

2022 තත්ත්වය

GFN        32% ද.ජා.නි

ගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනයෙන් 32% යි. මේක අඩු කරන්න ඕනේ ලබන අවුරුද්දේ 17.9% ට. ඒ කියන්නේ අපේ වියදම් කපන්න වෙනවා වියදම් ඇතුලේ තියෙනවා මොනවද ණය ආපසු ගෙවීම. ණය කැපීම තමයි මේකේ අරමුණ එතකොට ණය කපන ක්‍රම තුනක් තියෙනවා.

1. පොලිය කපා හැරීම : භාණ්ඩාගාර බිල්පත් වල තියෙන,  වෙනත් විදේශ ණය වලින් ගත්ත ඒවට, අපි ගෙවනවා නම් යම් පොළියක්. ඒ පොළිය කපා හැරීම.

2.  කල් පිරෙන කාලය කල් දැමීම.

3. ගත්ත ණය ප්‍රමාණය කපා හැරීම.

ණය කප්පාදු නොකළොත් මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන අරමුදලේ රැකවරණය  නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ අද මේ තියෙන තාවකාලික චූන් එක නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි ජූනි 30 වෙනකොට භාණ්ඩ 1300 කට අධික ප්‍රමානයක එච් එස් වල තියෙන ඒවා නිදහස් කරන දිනය, වාහනත් ඇතුළත්ව ආණ්ඩුවට ප්‍රකාශ කරන්න වෙනවා. මේ සියල්ලම මොනවද? ඩොලර් එළියට යන ක්‍රම. එතකොට මේ ඩොලර් එක දැන් මෙච්චර ගාණට ගෙනාවා, පෝලිම් නැතිවුණා කියලා උදම් ඇනපු ඒ යුගය අවසන් වෙන්න නියමිතයි. ජූනිවලින් පස්සේ. ඒ වගේම මේ ණය කප්පාදුවත් එක්ක විශාල අර්බුදයකට යනවා මොනවද? සේවක අර්ථසාධක අරමුදල, සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන බිලියන 3500කට ආසන්න මුදල මුළුමනින් ම පාහේ ආණ්ඩුව අරන් තියෙනවා ආණ්ඩුවට ණය හැටියට. කවුද සේවක අර්ථසාධක අරමුදලේ ඉන්නේ? තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා, විශ්ව විද් යාල මහාචාර් ය, කොටින්ම කිව්වොත් මහ බැංකුවේ සේවකයෝ පවා, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ, මේ ඉන්නේ සේවක අර්ථසාධක අරමුදලේ. වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාකාරී ගිණුම් ප්‍රමාණය විසිහය ලක්ෂයක්. ඒ කියන්නේ විසිහය ලක්ෂයක් වැඩ කරන ජනතාව මහාචාර්යවරුන්ගේ ඉඳන් තේ දළු දළු කඩන කාන්තාව දක්වා, ඊට අමතරව ගිණුම් අසූ ලක්ෂයක් තියෙනවා. පරණ විශ්‍රාම ගිය අයත් එක්ක. එතකොට මේකට වදිනවා ජීවිත කාලයක් තමන් මහන්සි වෙලා, හරි හම්බු කරලා, මහත් වූ බලාපොරොත්තු තබාගෙන හිටපු සේවක අර්ථසාධක අරමුදල අපි අපේ මිනිස්සු පන්ඩ් එක අරගන්නවා කියලා. ෆන්ඩ් එක සමහරවිට ලක්ෂ පහ වෙන්න පුළුවන්. සමහරෙකුට ලක්ෂ තුන්සිය පනහ වෙන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් වදිනවා. කවුද මේකට වගකියන්න ඕනේ?”

විශේෂයෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව, ආණ්ඩුව හූරන් කාලා තියෙනවා. තැන්පතු වලින් 50% කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව හූරන් කාලා තියෙනවා. අද මොනවද ඒ ව්‍යාපෘතිවලට වෙලා තියෙන්නේ? දැන් බලන්න කහතුඩුවේ රත්නපුරේට පාරක් හදනවා කිව්වා. ලංකා බැංකුවෙන් ණයක් දෙනවා කිව්වා. බිලියන පහළොවකට අධික ප්‍රමාණයක් ගත්තා. හැදිච්ච පාරක් තියෙනවද? මුල් ගල විතරයි. ඒ සාහසික අපරාධයට කවුද වග කියන්න ඕනේ?

ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු මේ සියලුම දෙනා විසින් තමන් සතුව තිබිච්ච ඩොලර් ආණ්ඩුවට දුන්නා. අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර මිලදී ගත්තා. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිලදී ගත්තා.

අපි එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලන්නේ යුක්තිය. ඒ යුක්තිය ඉටුවෙන්න නම් මේ ණය කප්පාදුව මේ රටේ වැඩකරන ජනතාව මතට, මේ රටේ අහිංසක ගිණුම් හිමියෝ මතට පටවන්න යනවා නම්, පළමුව මේ ආර්ථික අපරාධයට දඬුවම් දෙන්න ඕනේ. අපි එක්සත් ජනරජ පෙරමුණ යටතේ, ආණ්ඩුවකින් පළමුවෙන්ම කරන දේ මොකක්ද? මේ ආර්ථික අපරාධ පිළිබඳ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරලා, ඉතා කෙටි කලක් ඇතුළත ලංකාව බංකොලොත් කිරීම සඳහා උපදෙස් දීපු අය. ලංකාව බංකොලොත් වීමට අවශ්‍ය කරන තීන්දු තීරණ ගත්ත අය. දේශපාලකයෝ, නිලධාරීන්, නැත්නම් ව්‍යාපාරිකයන් මේ සියලු දෙනාවම අපි අධිකරණයක් ඉදිරියට කැඳවලා දඬුවම් ලබා දෙනවා. එසේ දඬුවම් ලබා නොදී මේ මහා පාපය ජනතාව මත පැටවීම කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ.

අපිට දැන් පටන් ගනියි මඩ ගහන්න. සමහර පත්තර තියෙනවා අපිට මඩ ගහන්නමයි පලවෙන්නේ. හැබැයි ලංකා බැංකුවේ සල්ලි වලින් තමයි පත්තර ගහන්නේ. ඒවට පොලු තියලා තමයි කරන්නේ. ඉතින් මේ වගේ තියෙනවා. අපි හැබැයි මතක තියාගන්න, අපි තාම මේ කාරණා ආවේ නෑ. නමුත් මේ රටේ ජනතාව අනාගතයේ අරගලයකට එයි. මේ ආර්ථික යුක්තිය ඉල්ලලා, ඒ අරගලයට මේ එක්සත් ජනරජ පෙරමුණ නායකත්වය දෙනවාමයි.

අස්වැසුම වැඩපිළිවෙලට මැදිහත් වුණේ ලෝක බැංකුව. මොකද ලෝක බැංකුව විතරයි මේ දුප්පත්කම ගැන විධිමත් විමර්ශනයක් කරලා තියෙන්නේ. අපේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 ඉඳන් මේ වෙනකං කිසිම විමර්ශනයක් කරලා නෑ. ඉතින් ලෝක බැංකුවෙන් විමර්ශනයක් කරලා තමයි මේ ටික හොයා ගත්තේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසේ ඉදන් අයදුම්පත් කැදෙව්වා. පවුල් කීයක් සම්බන්ධ වුනාද? පවුල් තිස් හත් ලක්ෂයක් කිව්වා අපිට මේ දීමනාවක් අවශ්‍යයි ජීවත් වෙන්න අමාරුයි කියලා. මොකද දුප්පත්කම ආසන්නයෙන් දෙගුණ වෙලා තිබුණා.  අස්වැසුම වැඩපිළිවෙළ අපට පෙන්නලා දීපු විදිහට නම් පාර්ලිමේන්තුවට පෙන්නලා දීපු විදිහට නම් ඉතා ම විද්‍යානුකූලව මේක හොයා ගත්තා කියලා තමයි අපට නම් කිව්වේ. කෙසේ නමුත් මෙතන යම් පිරිසක් මග හැරිලා තිබෙන බව පැහැදිලියි. ඒ වගේ ම අපි තවත් පිරිසක් ඉන්නවා දේශපාලන හයියෙන් සමෘද්ධිය ගත්ත අය, පාක්ෂිකයෝ හැටියට, ඡන්ද පොල නියෝජිතයා හැටියට සමෘද්ධිය ගත්ත අය. ඒ අය මේකෙන් ඉවත් වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. දේශපාලනමය වශයෙන් යූ එන් පී, ශ්‍රී ලංකා කියලා දීපුවා, කප්පාදු වීම ගැන කිසිම ප්‍රශ්නය අපිට නැහැ. එහෙම කරලා තියෙනවා නම්, ඒකත් එක්ක අපි එකඟයි. හැබැයි, මේ විදුලි ඒකක 60ට අඩු පිරිසක් ඉන්නවා අලුතෙන් එකතු වුනු, මම මේ කියන්නේ ඔය සංඛ්‍යා ලේඛනය ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඒ ඔක්තෝබර් මාසේ, මේ මාර්තු මාසෙයි අතර විතරක් මේ විදුලි ඒකක පැත්තෙන් ගත්තාම අලුතෙන් දුප්පත් වෙච්ච පවුල් ඉන්නවා කීයක්ද? ලක්ෂ පහකට අධික පිරිසක්. මේ මිනිස්සුන්ව මග ඇරිලා ගිහිල්ලා. අලුතෙන් සීඝ්‍රයෙන් දිනපතා දුප්පත් භාවයට පත්වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔවුන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේක විද්‍යානුකූල ක්‍රමවේදයකට. ඒ වගේම සමෘද්ධි බැංකුවල අනාගතය පැහැදිලි නෑ. සමෘද්ධි බැංකු හරහා තමයි මේ මුදල් දැම්මේ. සමෘද්ධි බැංකුවල තියෙනවා බිලියන් දෙසීයකට වඩා. ඒවා තැන් තැන් වල ආයෝජනය කරලා තියෙනවා. ඒගොල්ලොත් ඔය භාණ්ඩාගාර බිල්පත් වල එහෙම ආයෝජනය කරලා ඇති. සමහරවිට. මේ දුගීයන්ගේ සල්ලි. එතකොට ඒවට මොකද වෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමෘද්ධි බැංකු හරහා තමයි මෙතුවක් කල් මේ සල්ලි දැම්මේ. හැබැයි ජූලි පළවෙනිදා ඉදන් මේ සල්ලි යන්නේ ඕනම බැංකුවක් හරහා. ඉතින් ඒක නිසා ඒ සමෘද්ධි බැංකුවල අවශ්‍යතාව නැතිවෙනවා. දැන් සමෘද්ධි බැංකුවලට කියලා තියෙනවා සමෘද්ධි නියාමකයින්ට කියලා තියෙනවා, ජනතාව බලාත්මක කරන්න කියලා. මම හිතන්නේ නැහැ එහෙම එහෙම දෙයක් මේ දේශපාලන කාර්යභාරයේ ඡන්ද එකතු කරගන්න යොදාපු, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සේනාංකෙට, රටේ දුප්පත්කම නැති කිරීම සඳහා එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි නියාමකවරු මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. මෙවැනි ජාතික ක්‍රියාදාමයකට යන්න. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො ගොඩනගන ව්‍යාපාරයක් හැටියට,

මෙතන වැදගත් අලුතෙන් ඇත්තටම දුප්පත් වෙච්ච මිනිස්සු පිළිබඳව වැඩපිළිවෙලක්, වැඩසටහනක් අවශ්‍යයි රටට. ලෝක බැංකුව ගේ මැදිහත්වීම නිසා, මේ දීමනාව තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව ගිය අයවැයේ ප්‍රකාශ කරපු ගාන වගේ තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. එතකොට ඒවා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ හයියෙන්. නිසා ඒ නිර්නායකයන්ට අනුකූලවත් වෙන්න ඕන මේ කටයුත්ත. කවර භේදයකින්වත් තොර ව දුගියන් හඳුනා ගැනීමත් ඒ දුගියන් ලැයිස්තු ගත කිරීමත් ඒ වගේම ඒ දුගියන් දුගී භාවයෙන් මිදීම සඳහා යන ගමන් මග පිළිබඳ නිරන්තරයෙන්ම පසු විපරම් කිරීමත් අවශ්‍ය වෙනවා.”

පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අස්වැසුම වැඩපිළිවෙළ පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ද එක් විය.

මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය:

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධ කෙනෙක් කියන ඉඟියක් අපිට දුන්නා. ඒ ඉඟිය තේරෙනවද ඔබට?

පිළිතුර:

අපිට නම් හොඳට තේරෙනවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයේ කොන්වී යමින් තිබෙනවා. රාජපක්ෂවරුන්ගේ මැජික් එක ඉවරයි. රාජපක්ෂ කියන්නේ දැන් මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ඉදන් සෑම ජනතාවගේම හද පත්ලේ භයංකර වෛරයකට ලක් වෙච්ච තැනක්. ඒ නිසා ආයේ මහින්ද මහත්තයාගේ රූප ගහගෙන බෝඩ් ගහගෙන මේ රටේ ජන්ද කොරන්න බැහැ. ඒ වගේ ම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ පාර ජනාධිපති කිරීම සඳහා පෙළ ගැහෙමින් ඉන්නවා. කාර්යාල හදාගෙන, සංවිධානය වෙමින් ඉන්නවා. ඉතින් ඔය බර ඒගොල්ලන්ට දැනෙනවා. දැනෙන නිසා ඒගොල්ලෝ ඉතින් අපි ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරනවා. අරවා මේවා කතා කියනවා. මේ අපි දිහාත් බලන්න කියලා අර පොඩි ඈයෝ බඩු පොලේ ගහලා අඬලා අම්මලාගේ අවධානය යොමු කර ගන්නවා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවධානය යොමු කරගන්න යන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන අවබෝධයේ තරම ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් වල වාඩිවෙන ඇත්තෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් යුගය හමාරයි. ඒක ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. නෙළුම් මාවත වහන්න කාලේ හරි මොකද ඒගොල්ලන්ගේ ග්‍රාමීය බලකාය අර සමෘද්ධි බලකාය රනිල් මහත්තයා ජූලි පළවෙනිදා ඉදන් ඒකට උරුම වෙන්නෙත් අර ටයිට්න් සබ්මැරීනයට වෙච්ච දේ. ඒක පුපුරලා ඉවර කරනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා මේ ආයි මේවට කලබල වෙන්න දෙයක් නෑ. ඒගොල්ලෝ දේශපාලන වශයෙන් ඉවරයි. ඉතින් ඔය වගේ සද්ද බද්ද අපිට ඇහෙයි. ඒගොල්ලෝ මං හිතනවා මේ රාජපක්ෂවරු නොවන අලුත් මාවතක් සොයා ගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ පිළිබඳ යම් උනන්දුවක් දක්වන අය ආර්ථිකය හදන්න හරි මොකකට හරි උනන්දුවක් දක්වන අය හොඳ තමන් පිළිබඳ හොඳ ස්වයං විවේචනයක්, හොඳ පාපොච්චාරණයක් කරලා ජනතාවටත් ඇත්ත කියලා නිකන් පොර ටෝක් දෙන්න ඕනේ නැහැ. අපේ කාලේ ටොප් එකට දුන්නා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මෙහෙම කළේ. මේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. මෙහෙම මේ රාජපක්ෂලාව ගෙනල්ලා රට බංකොලොත් කරපු අය තමයි දැන් ආණ්ඩු විරෝධී වෙන්න යන්නේ. ඒ එහෙම වෙන්න බැහැ. ඒක නිසා ඒ අය තමන් පිළිබඳ ස්වයං විවේචනයක් කරලා, නිහතමානී වෙලා අලුත් ගමනක් ගියොත්, ඒගොල්ලන්ට අනාගතයක් තියෙයි. නැත්නම් ඉතින් රාජපක්ෂවරුන්ගේ සට්ටැඹිකම් කරන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ අය අවලංගු වෙලා ඉවරයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Education

රැකියා විරහිත මාතලේ උපාධිධාරින් රැකියා ඉල්ලා නිහඩ විරෝධයක….

Published

on

මාතලේ රැකියා විරහිත උපාධිධාරින්

රැකියා විරහිත මාතලේ දිසාවේ උපාධිධාරින් පිරිසක් අද 5 7 මාතලේ ඔරලොසු කණුව අසලදි නිහඩ විරොධයක නිරත විය

උපාධිය අරන් වසර ගනාවක් ගියද පාලකයින් විදිමත් පැලසුමකට අනුව විශ්වවිද්‍යාල පද්දිතියෙන් බැහැර වන උපාධිධාරින් රැකියා අභිමුඛ නොකිරිම නිසා මේවන මෙරට රජයේ විශ්ව විද්‍යාල වලින් විවිධ උපාධි ලබා සිටින පිරිස 35000ක්ට අධික බවත් ඒ් අතර සෘජුවම ගුරු සේවයේ 2 11 රැකියාව ලබාදිය යුතු අධ්‍යාපනවේදි උපාධිධාරින් ද රැසක් වෙති

මේ අතර ඊයේ 5-6 දින අනුරාධපුර දි උතුරුමැද පලාත්සභාව වෙත රැකියා ඉල්ලා ගිය උපාධි ධාරින් 30ක් පමණ පොලිස් අත්වඩංගුවට ගත් අතර ඔවුන් අත්වඩංගුවට ගැනිම ද මාතලේ උපාධිධාරින් විරොධ්‍ය පා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කලේය

Continue Reading

Knowledge

විදුලි බිල වැඩි කිරීමට IMF ගිවිසුම හේතුවක් බව කීම බොරුවක්. ජනරජ පෙරමුණ…

Published

on

IMF වාර්තාව මගින් විදුලි බිල වැඩි කලයුතු බවට ලංකා විදුලි බල මණ්ඩලයට පවසා ඇති බව පවසමින් නීති විරෝධී ලෙස මේ වසරට අදාළව තුන්වන වතාවටත් රජය විදුලි බිල වැඩි කිරීමට සැරසීම හෙළා දකින බවත් කිසිදු ලෙසකින් IMF වාර්තාව මගින් විදුලි බිල වැඩිකළ යුතු බවට පවසා නොමැති බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නැවත වතාවක් විදුලි බිල වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අද (04) එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයේදී පැවතී මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ උපදේශක සභාව නියෝජනය කරන, ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර විජයපාල මහතා සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා,

පසුගිය සැප්තැම්බර් 28 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලය මගින් මේ වසරේ තුන්වෙනි වතාවටත් විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කරලා තියෙනවා. මේ යෝජනාවෙන් කරුණු 2ක් ඉදිරිපත් කරලා තියෙනවා. එනම් දැනට පවත්නා මුළු විදුලි බිලට 22% වැඩිවීමක් යෝජනා කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකකයට රුපියල් 8ක වැඩි කිරීමක් යෝජනා කරලා තියෙනවා. මෙම යෝජනාව හරහා ප්‍රතිපත්තිමය, තාක්ෂණික, පාරිභෝගික අයිතිවාසිකම් රැකීම සම්බන්ධයෙන් කරුණු බරපතළ ලෙස උල්ලංඝනයක් සිදු කරලා තියෙනවා. විදුලිබල ක්ෂේත්‍රයෙන් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් රැකීම සඳහා තමයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටවලා තියෙන්නේ. විදුලිබල පනතේ 5 වෙනි වගන්තියට අනුව වර්ෂයකට දෙවරක් පමණයි විදුලි බිල වැඩි කරන්න පුළුවන්. දැන් අපි කවුරුත් දන්නවා මේ වසරේ පෙබරවාරි 15වෙනිදා, ජූලි 01 වෙනිදා විදුලිබිල වැඩි කළා. එතකොට මේ දැන් යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ 3 වෙනි වතාවට. ඒක පනතට අනුව නීති විරෝධී ක්‍රියාමාර්ගයක්.

දෙවෙනි එක විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරයින් පස්සේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වගකීම තමයි ඒ පිළිබඳව මහජන අදහස් විමසලා යෝජනාවේ ඇති තාක්ෂණික කරුණු, මූල්‍යමය කරුණු ගැන යම්කිසි විශ්ලේෂණයක් කරලා එය නිවැරදිද? නැද්ද? කියන එක සලකා බලලා අවසාන තීරණයක් ගැනීම. මේ ක්‍රියාවලිය නිසිපරිදි කරනවා නම්, අවම වශයෙන් මාසයක පමණ කාලයක් යනවා. දැන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියනවා මේ යෝජනාව සඳහා මහජන අදහස් යොමු කිරීමට ලබන 18 වෙනිදා දිනය යොදාගෙන තියෙනවා කියලා. කෙසේ වෙතත් දැන් පනත උල්ලංඝනය කරලා මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් වරදක් කරලා තියෙන්නේ. පසුගිය මාස කිහිපය තුළ රටේ වර්ෂාපතනය අඩු වුණා. එම නිසා අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කරන්න තිබුණු ජල විදුලියේ ප්‍රතිශතය අඩු වුණා. ඒක නිසා තෙල් හා හදිසි විදුලිය මිලදී ගැනීම් වලට යන්න වුණා. ඒ අනුව  පාඩුවක් වෙලා තියෙනවා කියන කාරණය තමයි විදුලි බල මණ්ඩලය කියන්නේ. එහෙම තත්වයක් නිසා විදුලිබල මණ්ඩලය පාඩුවක් ලබනවා කියලා හිතුවා නම්,  ඇයි විදුලි බල වල සංරක්ෂණය සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ? ඇයි පාරිභෝගිකයන් ඒ පිළිබඳව දැනුවත් කරලා විදුලිය හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා. පාරිභෝගිකයන්ට යම්කිසි ආකාරයේ මාර්ගෝපදේශකත්වයක් දුන්නේ නැත්තේ ඇයි? අන්න ඒක තමයි කළමනාකරණය කියන්නේ. අන්න ඒක තමයි ක්ෂේත්‍රය කාර්යක්ෂමව පවත්වා ගන්නවා කියන්නේ. මේ වෙනකොට වර්ෂාපතනය ලැබෙනවා අපි හිතුවටත් වඩා. තව ඉදිරියටත් වර්ෂාපතනය ලැබෙන බවට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් පුරෝකථන කරලා තියෙනවා. එහෙම නම් ඒ තත්වය තුළ ජල විදුලි ධාරිතාව වැඩි වෙන්න පුළුවන්. ඊයේ වෙනකොට ඇත්ත වශයෙන්ම විදුලිබල පරිභෝජනය අඩුවෙලා තියෙනවා. මේ වර්ෂාපතනය සීත කාලගුණ තත්වයන් නිසා විශේෂයෙන් වායු සමීකරණ යන්ත්‍ර බොහෝ දුරට ක්‍රියාකරවීම අවම තත්වයක තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය දිනකට ගිගා වොට් පැය 38 – 39 කට වගේ අඩු වෙලා තියෙන්නේ. මේ වසරේදී අපිට විදුලි බිල වැඩි කරන්න බෑ ලබන වසර පුරෝකථනය කරලා. ලබන වසරේ විදුලි බිල වැඩි කරනවා නම්, ඒක ජනවාරි මාසයේ තියෙන දත්ත අනුව තමයි තීරණය කරන්නේ. ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාමාර්ගයක්. විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 350ක් වෙලා තියෙනවා. වියදම රුපියල් බිලියන 328 යි. පැහැදිලිවම රුපියල් බිලියන 22 ක ක්‍රියාන්විත ලාභයක් උපයලා තියෙනවා පහුගිය මාස 06 තුළ. එහෙමනම් විදුලිබල මණ්ඩලයේ පාඩුව කියන්නේ මොකක්ද? ඇත්ත වශයෙන්ම විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂම සේවාවන් නිසා මූල්‍ය වියදම් ඇතිවෙලා තියෙනවා. එතකොට මේ බර පාරිභෝගිකයා පිට දාන එක කොයිතරම් සාධාරණ වැඩක්ද කියන එක අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කරන්න වෙනවා. ඇත්තටම මේ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට දාලා වෙනත් ජාවාරම්කාරයින්ට යම් අවස්ථාවක් සැලසීම සහ මේ විදුලිබල මණ්ඩලයේ තියෙන අකාර්යක්ෂමතාවය සහ එහෙම නැත්නම් කළමනාකරණයේ තියෙන දෝෂ හංග ගැනීම තමයි මේ කරන්න යන්නේ.

එක්සත් ජනරජ පෙරමුණේ උපදේශක සභාව නියෝජනය කරන, ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර විජයපාල මහතා.

මම ඉතාම පුදුම වෙනවා එක මාසෙක නිෂ්පාදනය අඩු වුණ ගමන්ම විදුලි බිල වැඩි කිරීමට ඒක හේතුවක් වුණේ කොහොමද කියන එක. අපි දන්නවා මේ රටේ සමහර මාස බලාපොරොත්තු වෙන විදිහට වහින්නෑ. ඊගාව මාසෙ වහිනවා. දැන් අපිට ඒක මේ මාසේ පේනවා. සැප්තැම්බර් මාසයේ ආදායම නොලැබීම තමයි ප්‍රධාන හේතුවක් විදියට එතුමන්ලා පෙන්නන්නේ. දෙවැනි කාරණය විදිහකට මේ වැඩි වීමට හේතුව වශයෙන් නොරොච්චෝලේ බලාගාරයෙන් බලාපොරොත්තු වෙච්ච දායකත්වය ලැබුන් නෑ කියලා කියනවා. ඒකට හේතුව එක යුනිට් එකක් කැඩුනා. අනිත් යුනිට් එක ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ සඳහා ගන්න. ඒ දෙකම කරන්න බැරි වුණා. ඒක නිසා දායකත්වය අඩු වුණා කියන එක. මේ නොරොච්චෝලේ බලාගාරය හරියට පරිපාලනය නොකිරීමේ වරද මේ මහජනතාව ගෙවන්න ඕනෙද? මම කැමතියි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරුන්ගෙන් විමසන්න. මේ බලාගාරය 2011 වර්ෂයේ අපේ පද්ධතියට එකතු වීමෙන් පස්සේ, අවුරුදු 12 ගිහිල්ලා තියෙනවා. මේ අවුරුදු 12න් එක අවුරුද්දක් හරි චීනයේ ඉංජිනේරුවෝ නැතුව මේක දිව්වද? ඒ චීන ඉංජිනේරුවන්ට යන වියදම් දරන්නේ කවුද? ඉන්දියාවේ තියෙන ගල් අඟුරු බලාගාර දුවන්නේ පිටරැටියන් ද? ඒ දුවන්නේ සම්පූර්ණ ඉන්දියන් තාක්ෂණ නිලධාරීන්, ඉංජිනේරුවන් නොවේද? එහෙනම් අපේ ලංකාවේ විතරක් මේ බලාගාරය දුවන්න චීන ඉංජිනේරුවරු මේ පහුගිය අවුරුදු දොළහේම විශාල මුදලක් ගෙවලා අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා යන අධික බර මේ රටේ මහජනතාව වෙත පවරන්න වෙලා තියෙන්නේ මහජනතාවගේ වරදින්ද? මේවා අපි ප්‍රශ්න කරන්න ඕනේ කරුණු. ලාංකීය ඉංජිනේරුවන් රට හැර ගිහිල්ලා තියෙනවාය. ඒක නිසා චීන ඉංජිනේරුවෝ දැන් විශේෂයෙන් අවශ්‍ය වෙනවා විශාල කණ්ඩායමක්. මම විදුලිබල මණ්ඩලයේ අධිකාරියෙන් අහන්න කැමතියි චීන බලාගාරය සඳහා චීනයේ ගිහිල්ලා මාස හය, අවුරුද්ද ගත කරලා ඒ සඳහා නිසි පුහුණුවක් ලබපු නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් ඒ පුහුණුව ලැබීමෙන් පස්සේ තමන්ගේ පහසුව සඳහා වෙන ස්ථානවල විදුලිබල මණ්ඩලයේ සේවය කරනවද කියලා. ඉතින් ඒ අයව වහාම අරගෙන අපිට ඇයි දාන්න බැරි ආපහු බලාගාරයට. දැන් අලුත් සාමාන්‍යධිකාරීතුමෙක් පත්වෙලා ඉන්නවා. එතුමා ඉතාම දක්ෂ නිලධාරියෙක්. ලෙකෝ ආයතනය කලින් සේවය කරපු. එතුමා දැන් මාසයක් විතර එන්න ගිහිල්ලා. එතුමාට අපිට දොස් කියන්න බෑ මේවට. ඉතින් අපි එතුමාට යෝජනා කරනවා වහාම ඉල්ලන්න. නොරොච්චෝලේ බලාගාරය සඳහා දීර්ඝකාලීන පුහුණුව ලබපු විදුලි ඉංජිනේරුවන්. එතුමන්ලා වහාම ගෙනල්ලා ආපහු මේ බලාගාරයේ සේවයේ යොදවන්න.  අපි ආසියාවේම ඉතාම ඉහළ විදුලි බිලක් ගෙවන රටක්. ඇයි එහෙම උනේ? එහෙම වුණේ, අඩු මිල, නිෂ්පාදන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරේ නෑ. උදාහරණයක් විදියට සාම්පූර් බලාගාරය වගේ ඒවා නැති කරගෙන, අපි අද 20% වැඩිය තෙල් භාවිතයෙන් නිෂ්පාදනය කරනවා. මේ සඳහා කවුද වග කියන්න ඕනේ? අපි දන්නවා දැන් මේ දවස් වල ස්වභාවික වායු. LNG  කියන එකෙන් දුවන මෙගාවොට් 300 බලාගාරයක් මේ දවස් වල ඉදිකෙරෙමින් පවතිනවා. ස්වභාවික වායු වලින් දුවන්න පුළුවන් බලාගාර රාශියක් කොළඹ ප්‍රදේශයේ තියෙනවා. දැක්කද විදුලිබල මණ්ඩලය කොහෙවත් ඒවා ඉල්ලා සිටිනවා. එම නිසා වහාම අපිට LNG මිලදී ගැනීම සඳහාක්‍රමවේදයක් හදන්න. ඒක අපිට මේ අවුරුද්ද අන්තිමට මේ බලාගාරය නිම වෙනකොට අවශ්‍යයි. දීර්ඝ කාලීනව අපේ විදුලිය නිෂ්පාදනය කිරීමේ වියදම අඩු කරගන්න කටයුතු කරන්න කියලයි මම ඉල්ලා සිටින්නේ.

Q&A

මේ විදුලි බිල වැඩි කරන්න සූදානම් වීම IMF එක නිසාම කරන දෙයක්ද?. මොකක්ද අදහස?

IMF එක කොහෙවත් කියලා නෑ  විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කරන්න කියලා. ඇත්තටම ඒගොල්ලන්ගේ මූලික ප්‍රතිපත්ති රාමුවේ තියෙන්නේ විදුලිය නිෂ්පාදනය සඳහා යන පිරිවැය ඒ කියන්නේ ඒ ආදායමෙන් ලබාගන්න කියලා. ඒකෙදි අපි බලන්න ඕනේ කොහොමද මේ සඳහා අපි දරන වියදම මොකක්ද කියලා. දැන් එතන විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සැලසුම් වල අඩුපාඩු නිසා යම්කිසි වියදමක් දරන්න වෙනවා නම්, ඒ වියදමක් අනවශ්‍ය වියදමක් දරනවා නම්, ඒ වියදම පාරිභෝගිකයා සූදානම් විය යුතුයි කියන කාරණයක් එතන කියලා නෑ කොහෙවත්. ඇත්ත වශයෙන්ම මුල්‍ය අරමුදල කියලා තියෙන්නේ විශේෂයෙන් රජයට අයත් සමාගම්, මණ්ඩල, විශේෂයෙන් ආර්ථික වශයෙන් සංවේදී ආයතන, විදුලිබල මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව, අන්න ඒ අයගේ අනවශ්‍ය වියදම් කප්පාදු කරගන්න කියලා. IMF දෙවෙනි වතාවට ඒගොල්ලෝ විමර්ශන කටයුතු වලට ඇවිල්ලා කරන ලද වාර්තාවේ විශේෂ මූලිකත්වයක් දීලා තියෙනවා අපේ රටේ දැනටමත් සිදුවන මේ දූෂණ වළක්වාගන්න නිසි පියවර තවම අරගෙන නෑ කියන එක. විනිවිදභාවයකින් යුතුව මේ බදු අයකර ගැනීම්, විශේෂයෙන් මේ හදිසි විදුලිය මිලදී ගැනීම් වලදී සිදුවනඅක්‍රමිකතාවයන් පිළිබඳව පියවරක් ගන්න කියලා ඔවුන් කියන්නේ. ඉතින් සමහර කණ්ඩායම් IMF  ගිවිසුම හින්දා මේක වෙනවා කියන එකට නම්, අපි එකඟ නෑ කියන එක කියන්න තමයි කියන්නේ.

මාධ්‍ය ඒ්කකය

Continue Reading

Knowledge

මුදල් රාජ්‍ය අමාත්‍ය ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක… පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Published

on

නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා වාහන මෙරටට ආනයනය කර ඇත. ඒම ව්‍යාපෘතියේ දේපල බැහැර කරණ බව පරිබෝගික අයිතින් සුර කිමේ ව්‍යාපාරය පවසයි ඒහි සභාපති වරයා මාධ්‍ය නිවේදනකයක් මගින් පෙන්වා දෙන්නේ මෙම මෙම ක්‍රියාව පිලිබදව නිත්‍යානු කුල පරික්ෂණයක් පවත්වන ලෙසයි

අදල සම්පුණ නිවේදනය

ප්‍රවෘර්ති කර්තෘන් /ප්‍රවෘර්ති සංස්කාරකවරුන්,

සියලුම මාධ්‍යවේදී මහත්ම මහත්මියන් වෙත,

මාධ්‍ය නිවේදනය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටියගේ ලේකම් පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.

නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා වාහන මෙරටට ආනයනය කර ඇත. අදාල යන්ත්‍රසූත්‍ර හා වාහන ආනයනය කිරීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇති  බැවින් එම දේපල සදහා බදුගෙවීමකින් තොරව කිසිම හේතුවක් මත ව්‍යාපෘතියෙන් බැහැර කල නොහැක.

එහෙත් 2023/09/20  දිනයේ එම ස්ථානයට පැමිණි රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඔලාපිටියගේ ලේකම්වරයෙක් ලෙස හදුන්වන අයෙක් හා තවත් පිරිසක් විසින් අදාල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව අප සංවිධානයට වාර්තා විය. අප විසින් එම අවස්ථාවේම මේ සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය (MOIB/335/58). මේවන විට එම පුද්ගලයින් විසින් අදාල ව්‍යාපෘතියට අයත් දේපල කිසිදු බාධාවකින් තොරන ඉවත් කරමින් සිටී. රංජිත් සියඔලාපිටිය අමාත්‍යවරයාගේ මෙම ලේකම්වරයා මීට පෙරද රැකියා ලබාදෙන පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචාකර ඇති පුද්ගලයෙකු බව අප සංවිධානයට වාර්තා විය. අප රට බංකොලොත් වීම පිළිබදව අමත්‍යවරුන් විසින් කරුණු සොයමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් විසින් රාජ්‍ය දේපල මහ දවල් මංකොල්ල කෑම හාස්‍යයට කරුණක් වන අතර ඒ පිළිබදව වගකිවයුතු අංශ නිහඩව සිටීමද කණගාටුවට කරුණක් බවත් රට බංකොලොත්වීම පිළිබදව අමාත්‍යවරුන් හරහා පරීක්ෂණ පැවැත්වීමත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්ම වන බවද මෙම සිදුවීමෙන් මනාව තහවුරු වේ. රට ගොඩනැගීම සදහා IMF ණය ලබා ගනිද්දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු රාජ්‍ය දේපල විකුණාගෙන කෑම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අප අයෝජන මණ්ඩලයෙන් හා රජයෙන් ඉල්ලා සිටිමු.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Continue Reading

Trending

Copyright © www.pattare.lk