Connect with us

Education

සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයන් 5හෝ 6ක් අඩු කරනවලු…

Published

on

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විෂයන් පහක් හෝ හයක් දක්වා අඩු කිරීමට අවධානය යොමු තිබේ.

ඒ අනුව 2025 වසරේ සිට මෙම වෙනස කිරීමට රජය බලාපොරොත්තු වන්නේ විභාග පද්ධතිය පුළුල් වෙනසක් ද සිදු කරමිනි.

රජය විසින් ඉදිරියේදී සිදුකිරන පුළුල් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ මෙම කට ද සිදු කිරීමට නියමිතව ඇත.

සිසුනට ඇති විභාග බර අවම කිරීම හා එහි ගුණාත්මක බව වැඩි කිරිම සඳහාත් 2025 වසර සිට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි පුළුල් වෙනසක් සිදු කිරීමට අපේක්ෂිතය.

උසස් පෙළ විෂය ධාරාවන් ප්‍රමාණය අටක් හෝ නවයක් දක්වා ඉහළ දමා සිසුන්ට තෝරා ගැනීමේ අවස්ථා වැඩි කිරීමට අදහස් කර සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Education

කුරුලු පාළුව සහ අමල්බිසෝ 26 මාතලේ දී එළි දකී..

Published

on

සම්මානලත් කවියෙකු කෙටි කතාකරුවෙකු ළමා සාහිත්‍යකරුවෙකු වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී ගාමිණී නිශාන්ත කරුණාරත්නගේ කුරුලු පාළුව සහ අමල්බිසෝ අභිනව ළමා සාහිත්‍ය කෘති දොරට වැඩුම මෙම 26 දා ප.ව.1.00 මාතලේ දිසාලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශාලාවෙිදී සිදුකෙරේ.

මෙම උත්සවයේ මුලසුන රට ළමා සාහිත්‍යයේ ප්‍රවර්ධනයට විශිෂ්ඨ සේවයක් සිදු කළ කොළඹ පොත් සංගමයේ සභාපති ආචාර්ය ධම්මදේව අම්බලම්පිටිය මහතා හොබවයි.
විශේෂ ආරාධිත දෙසුම ප්‍රවීණ ලේඛක අනුර බී.සෙනෙවිරත්න මහතා විසින් පවත්වන අතර රාජ්‍ය සම්මානිත ලේඛකයින් වන පියදාස වැලිකන්නගේ, කේ.බී.මානෑව,ආරුමුගම් මලරම්බන් මහත්වරුන් ඇතුළු ලේඛකයින් කලාකරුවන් රැසක් සමග මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිධාරීන් රැසක් ද උත්සවයට ආරාධිතයින් ලෙසින් සහභාගි වීමට නියමිතය.

උත්සවය විචිත්‍රවත් කිරීම සදහා ගාමිණී නිශාන්ත කරුණාරත්න විසින් රචනා කළ ගීත කිහිපයක් ද එකතුකර ගැනිිිමට නියමිතය.
මාතලේ දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසදය ,මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාධ්‍ය ඒකකය.සකිසද මිතුරු සමාජය එක්ව උත්සවය සංවිධානය කරයි.

Continue Reading

Education

රාජපක්ෂලාගේ සාහසික කූඨ නාටකයක් වූ පාස්කු ප්‍රහාරයේ තවත් සැඟවුණු රහස් රැසක් පාඨලී‌ගේ හෙළි දරව්ව‍‍…

Published

on

මහින්ද රාජපක්ෂ ගැටඹේ රජෝපවනාරාමයට ගොස් මුස්ලිම් අන්තවාදී පිරිසකට රැකවරණය දුන්නා බව පැවසීම පිළිබඳ සුරේෂ් සලේ, බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දවිතාන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මේ මොහොතේ ජනතාවට ප්‍රකාශයක් සිදුකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ චැනල් 4 නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද වැඩසටහන පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණු මුලස්ථානයේ සංවිධානය කොට තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සාමාජික විශ්‍රාමික මේජර් තිලක් උභයවර්ධන මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ තරුණ කටයුතු ලේකම් තීක්ශන ගම්මන්පිල මහතා ද සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“චැනල් 4 නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද වාර්තා වැඩසටහන පාස්කු සිද්ධියට අමතරව මතු කරපු තවත් කාරණා ගොඩක් තියෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවීම් ගණනාවක්. පරීක්ෂණ ගණනාවක් කෙරුණා. පාර්ලිමේන්තුවෙත් කාරක සභාවක් පවත්වලා මේ ගැන පරීක්ෂණයක් කළා. ජනාධිපති කොමිෂන් සභා පැවැත්වූවා. අධිකරණයේ නඩු පවරලා තිබුණා. තවත් ඉදිරියට අහන්න තියෙනවා. ඒ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දීපු කෙනෙක් මමත්. මේක දැන් සෑහෙන කාලයක් විවාදයට ලක්වෙච්ච කාරණයක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අයත් නාලිකාවක් වන BBC කියන ඒවා සම්බන්ධයෙන් මේ කලාපයේ රටවල් වල විවේචන තියෙනවා. කිලින් ෆීල් වැනි වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් ලංකාවට කිසිම සාධකයක් මත පදනම් නොවී යුද අපරාධ චෝදනා නඟන්න දරපු උත්සාහයක් තිබුණා. නමුත් චැනල් 4 කොටින්ට පහර දුන්නු එකම අභීත නායකත්වය රාජපක්ෂලාට මේ ගහන්නේ කියලා කවුරු හරි කියනවා නම් බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕනේ කවුරුත් දන්න කාරණයක්, වර්තමාන පොලිස් ඇමති පාපොච්චාරණයක් මඟින් පිළිගත්තා මාධ්‍ය ඉදිරියේ කොටි සංවිධානයට අරමුදල් ලබා දීලා උතුරේ ඡන්ද වර්ජනයක් කළා කියලා. ප්‍රභාකරන් එක්ක යුධ වදින සූදානමක් මහින්ද රාජපක්ෂට තිබුන් නැහැ. මාවිල්ආරු සිද්ධිය වෙලාවේ අපේ පක්ෂයේ අය ඒකට මැදිහත්වීම සම්බන්ධයෙන් දරුණු දෝෂාරෝපණ එල්ල කළා.

යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ මොකද උනේ? ප්‍රභාකරන්ගෙන් පසු LTTE සංවිධානයේ නායකයා වුණේ කුමරන් පත්මනාදන්. ඒ කුමරන් පත්මනාදන් අන්තර්ජාතිකවත්, රජිව් ගාන්ධි ඝාතනයටත් අවශ්‍යව හිටපු කෙනෙක්. එතකොට මේ වාතාවරණය යටතේ අද කවුද කුමරන් පද්මනාදන්? ඔහුට විරුද්ධව නීතිපති නඩු පවරලා තියෙනවද? නඩුවක් නෑ කියලා කිව්වේ නැද්ද? ඔහුව ආරක්ෂා කළේ නැද්ද? ඒ වගේම නැගෙනහිර කොටි නායක රාම් නගුලන් කියන ඝාතකයෝ දෙන්නා, විශේෂයෙන්ම හම්බන්තොට, පානම, අම්පාර, මොණරාගල ආදී ප්‍රදේශ වල 600 කට අධික පිරිසක් ඝාතනය කරපු දෙන්නා නිදහස් ජීවිත ගත කරන්නේ කොහොමද? කොටිත් එක්ක ඒ සම්බන්ධය කවුද ගෙනියන්නේ? අපි බොහොම පැහැදිලිව කියනවා. එක්සත් ජනරජ පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ නඩු විභාග කුමරන් පත්මනාදන්ගේ නඩු විභාග පිළිබඳ විවෘත කැඳවීමක් කරනවා.

ඒ වගේම කිව්වා බොහොම ආඩම්බරයෙන්, නැව් තියෙනවා කියලා ඒ කාලේ කෙහෙළිය රඹුක්වැල්ල. ගිණුම් තියෙනවා කිව්වා සිය ගාණක් කොටින්ගේ. යකඩ ගොඩක් නම් ඇදගෙන ආවා, මැලේසියාවේ ඉඳන් ත්‍රිකුණාමලයට. ඔය කියන LTTE නැව් හම්බ උනෙත් නැහැ, ගිණුම් වලට වෙච්ච දේකුත් නැහැ. මේවා ගැන කිසිම පරීක්ෂණයක් නොකර  කොටි සංවිධාන විරෝධයට නම් මුවා වෙන්න යන්න එපා කියලා මම මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. කුමරන් පද්මනාදන්, රාම් නගුලන්, පසු කාලීනව පිල්ලයාන්, කරුණා මේ සත්‍ය  රටේ ජනතාව දැනගත යුතුයි.

මොන කරුණු මතද? රාජපක්ෂවරු මොවුන්ට සමාව දුන්නේ, ගනුදෙනු කළේ? මොන විදිහටද LTTE යේ 12,260 ක් නිදහස් කළේ. කියන කාරණා ගැන මේ රට දැනගත යුතුයි.

අසාත් මවුලානාත් රාජපක්ෂලාට හොඳට වැඩ කරපු කඩේ ගිය කෙනෙක් පිල්ලෙයාන් එක්ක. චැනල් 4 එකට ඔහු කියපු සම්මුඛ සාකච්ඡාවේ වැදගත් කරුණු දෙකක් සඳහන් වෙනවා. ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට දුන්න සාක්ෂිය  වගේම යුරෝපීය හා අන්තර්ජාතික බුද්ධි අංශ වලට දුන්න කට උත්තරය මේ රටට දරුණු විදිහට බලපානවා.

නිශාන්ත ද සිල්වා රටින් පලා ගියා. ඔහු පලා නොගියා නම් ඔහුට අත්වෙන්නේ ශානි අබේසේකරට අත් වෙච්ච ඉරණම. ඔහු ලසන්ත වික්‍රමතුංග සිද්ධිය සම්බන්ධයෙන් දීපු කට උත්තරේ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපේ රටට එරෙහි චෝදනාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා ඉතාම පැහැදිලිව අනාගතේ මේ රටේ මිලියන 22 ක් වෙන අහිංසක ජනතාවට ලෝකය ඉදිරියේ වගකියන්න වෙන දේවල්. විශේෂයෙන්ම යුරෝපය ඇතුළු ලෝකයේ බිලියන ගාණක් ක්‍රිස්තියානි ජනතාව ඉදිරියේ, ආගමික ආයතන ඉදිරියේ වගකිව යුතු තත්වයකට රට පත් කිරීමක් මේ කරලා තියෙන්නේ.

රටේ රහස් පොලීසියේ ප්‍රධානියා වෙච්ච රවී සෙනෙවිරත්න, මෙහෙයුම් අධ්‍යක්ෂක වෙච්ච ශානි අබේසේකර දිවුරුම් ප්‍රකාශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ට ලබාදීලා තියෙනවා වැදගත් කරුණු ගණනාවක්. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන කරුණුත් එක්ක ගත්තම අසාත් මවුලානාගේ සාක්ෂියේ සැලකිය යුතු ප්‍රමාණයක් එළිදරව් වෙච්ච නිල කරුණුත් එක්ක සැසඳෙන බව නීතිය ගැන අල්පමාත්‍රයක් හෝ දැනුමක් තියෙන අයට තේරෙනවා.

මොනවද ඒ කරුණු?

මහින්ද රාජපක්ෂ, ගැටඹේ රජෝපවනාරාමයට ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වා අපි මුස්ලිම් අන්තවාදී පිරිසකට ඔහු රැකවරණය දුන්නා කියලා.

ඒ නිසා දැන් සුරේෂ් සලේ, බුද්ධි අංශ ප්‍රධානියා හැටියට කපිල හෙන්දවිතාන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කියන්න ඕනේ කවුද ඒ කණ්ඩායම? තවුහිද් ජමාත් ව්‍යාපාරයේ කවුද? තව්හිද් ජමාත් හැම ඡන්දෙකදිම රාජපක්ෂලාට ඡන්දෙ දෙන්න කිව්වේ නැද්ද? මේ අන්තිම 2019 යේ ජනාධිපතිවරණෙත් ගෝඨාභයට ඡන්දේ දෙන්න කිව්වේ, මේ වහබ්වාදී තව්හිද් ජමාත් ව්‍යාපාරය නේද? මේ පැත්තෙන් බෞද්ධයින්ට ගර්භාෂ යුද්ධය ගැන බය ඇති කරන ගමන්, ඒ තව්හිද් ජමාත් ව්‍යාපාරය ඔවුන්ට ඡන්දය දෙන්නෙයි කිව්වා. එතකොට මේ දෙකම කවුද පාලනය කළේ කියන එක ගැන උත්තර දෙන්න ඕනා.

සහරාන් කල්ලිය සිදු කරපු දේවල් වලදී වාර්තා දෙකේම සඳහන් වෙනවා හමුදා බුද්ධි අංශ සහ බුද්ධි අංශ එස්. අයි. එස්. එකත් ඇතුළුව CID පරීක්ෂණ නොමඟ යැවීම සඳහා ක්‍රියාකරන බව. විශේෂයෙන්ම වව්නතිව් ඝාතනය, වව්නතිව් ඝාතනය වෙනකොට මේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ. එතකොට මේක කොටි සංවිධානය කළා කියලා තමයි ඔය දේශප්‍රේමියෝ කිව්වේ. නමුත් මොකක්ද වුණේ? අද ඔප්පු වෙලා තියෙනවා ඒක කරලා තියෙන්නේ සහරාන්ලා කියලා. වව්නතිව් ප්‍රහාරය, මාවනැල්ලේ බුදු පිළිම සිද්ධිය, වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය  වගේ කාරණා එක්ක ගත්තහම පැහැදිලි වුණා අන්තවාදී කණ්ඩායමක් ක්‍රියා කරගෙන යන බව හා එම කණ්ඩායමේ සාමාජිකයන් පිළිබඳ පූර්ව දැනුවත් වීමක් බුද්ධි අංශ සතුව තිබිච්ච බව.

අන්තර් ජාතික කාරණා ගත්තත් බංගලාදේශයේ ඩකා වල, ඉන්දියාවේ කල්ලි කණ්ඩායම් මීට සමාන්තර පිපිරීම්, ඒ කාල වකවානු තුළ සිද්ධ කළා. ඒ නිසා මේ පිළිබඳව බුද්ධි අංශ නොසිටින්න. කිසිම දෙයක් වෙන්නේ නැහැ. වැදගත්ම කාරණා දෙක, පූර්වයෙන් සහරාන් සම්බන්ධයෙන් 2017 ඉඳන් ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම ඒ වගේම 2010 – 2015 කාලයේ තව්හිද් ජමාත් ව්‍යාපාරය හුරතල් කරමින් දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගන්න කටයුතු කිරීම.

ලෝකයේ කොයි රටේද බුද්ධි නිලධාරීන් පුපුරගන්න එකාගේ ගෙදරට යන්නේ? ටාජ් සමුද්‍රා පුපුරගන්න ගිය ජෙමිල්ව ගිහිල්ලා හම්බවෙන්න කොයි රටේද? ඊළඟට ලෝකේ කොයි රටේද බුද්ධි අංශ නිලධාරීන් ගිහිල්ලා තවත් අන්තවාදියෙකුට මාතලේදී කියන්නේ මේක ISIS කියලා පිළිගන්න කියලා. මේවා ඔක්කොම වාර් තා වෙලා තියෙනවා. ඒ නිසා මේකේ අත හෝදගන්න බෑ ලේසියෙන්.

විශේෂයෙන්ම ශානි අබේසේකර මහත්මයාගෙන් පලිගන්න ක්‍රියා කරපු ආකාරය දිහා බැලුවහම පේනවා ඔහු මේ ක්‍රියාදාමය එළිදරව් කිරීමට කටයුතු කරපු නිසා තමයි ඔහුව මේ බලගතු විදියට ඔහුව ඇත්තටම නොමරා මැරුවා. අපි දැක්කා ඔහුට හෘද සැත්කමක් කරන අවස්ථාවේදීත්, ඔහුගේ පූර්ණ වාසනාවකට ඔහු ගැලවුනේ, ඔහුව නොමරා මැරුවා. මේ රාජපක්ෂලා මේ ක්‍රියාදාමයත් එක්ක.

සමහරු අහනවා සහරාන්ලා දිවි දෙයිද රාජපක්ෂලා වෙනුවෙන් කියලා. නැහැ. අපි ඒ බොහොම පැහැදිලිව පිළිගන්නවා. මොකද සහරාන් මේ කතා කරන පාඨලී චම්පික රණවක වන මාවත් ඝාතනය කිරීම සඳහා නියෝග නිකුත් කරපු කෙනෙක්. ඒ මොකද ඔහු යම්කිසි ආකාරයක මේ රටේ පළවෙනි ජීවිත පූජා කරපු, ජිහාඩිස් වෙනවාය කියන අධිෂ්ඨානයෙන් ඒ උමතු ආගමික විශ්වාසයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා එවැනි ව්‍යාපාරයක් මේ රටේ තිබුන්නෑ කියලා එහෙම කාටවත් කියන්න බෑ. එවැනි ව්‍යාපාරයක් මේ රටේ තිබුණා.

ඔබ සියලු දෙනාටම මතක ඇති ජනාධිපතිවරණය බොහොම කිට්ටුවට ආවට පස්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගිහිල්ලා උපවාසයක් ආරම්භ කළා. උන්වහන්සේ යම් වැදගත් සීල සම්පන්නයි කියලා පිළිගත්ත භික්ෂූන් වහන්සේ නමක්. ගිහිල්ලා උපවාසයක් පටන් ගත්තා නිදහස් චතුරශ්‍රයේ. මොකට විරුද්ධවද? MCC ගිවිසුමට විරුද්ධව. මේ උපවාසයෙන් දෙවෙනි දවසේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ මගේ නිවසට ඇවිල්ලා රාත්‍රියේ මාව හම්බුනා. උන්වහන්සේගේ ගෝල හාමුදුරුවොත් හම්බවුණා. හම්බවෙලා කිව්වා අපේ හාමුදුරුවෝ මේකෙන් අපවත් වෙන්න යන්නේ, මේක බේරලා දෙන්න මොනවා හරි කරන්න කියලා. මොනවා ද උන්වහන්සේලා කිව්වේ? එම භික්ෂූන් වහන්සේව උදේ හම්බෙලා තියෙනවා තුන්දෙනෙක්. ඒ තුන්දෙනාම තාමත් ජීවතුන් ඉන්නවා. එක්කෙනෙක් කාන්තාවක්. අනිත් කෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අනිත් එක්කෙනා මාධ්‍ය ආයතනයක ලොක්කෙක්. මොකක්ද කියලා තියෙන්නේ? තව සුළු වේලාවකින් රනිල් වික්‍රමසිංහ ඇමරිකාවෙන් ආපු යුධ අංශයේ ප්‍රධානීන්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ගිවිසුමක් මගින් ත්‍රිකුණාමලය දක්වා කලාපය පාවා දෙනවා. ජයසිරි මහා බෝධිය රුවන්වැලි සෑය අපට අහිමි වෙනවා. මේක වළක්වන්න නම් සීලවන්ත, ගුණවන්ත, සෝතාපන්න වූ භික්ෂුවකට පමණයි කියලා අන්න අර හාමුදුරුවන්ව පොළඹෙව්වා. බැරිවෙලාවත් ඒ හාමුදුරුවෝ අපවත් වුණා නම් ඒ හාමුදුරුවෝ දිවි දෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන් නෙමෙයි. ඒ උන්වහන්සේ දිවි දෙන්නේ ජය ශ්‍රී මහා බෝධියයි, රුවන්වැලි සෑයයි බේරගන්න. නමුත් ඒ අපවත්වීම සජිත් ප්‍රේමදාස පිට පටවන්න තමයි ගියේ. ඒ නිසා  ලිපියක් භාර දීලා බොහොම අමාරුවෙන් උපවාසය නතර කළා. සහරාන්ලා විතරක් නෙමෙයි බෞද්ධ භික්ෂුව වත් අපවත් කරන්න ගියේ තමන්ගේ කූට දේශපාලන නාටකය වෙනුවෙන්.

2018 ඔවුන්ට ලොකු ඡන්දයක් හම්බ වෙච්ච එක ඇත්ත. හැබැයි 50% තිබුණේ නෑ. ඡන්ද ලක්ෂ 49 තිබුණේ. 69 තිබුන්නෑ. ඉතුරු ලක්ෂ 20 ආවේ කොහොමද කියන එක පළවෙනි ප්‍රශ්නය. ඒ විස්ස මේ රටේ පාවෙන ඡන්ද දායකයාගේ ලක්ෂ 20ක්. ඒ 20 ගත්තේ සිංහල බෞද්ධ ප්‍රදේශ වලින්. විශේෂයෙන්ම ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල කියන දිස්ත්‍රික්ක වලින් ලැබිච්ච වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ 14ක් ගෝඨාභයට. බෞද්ධ ලේ තමයි කැකියෙව්වේ.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වෙන්න හිටියේ නෑ. එක්කෝ මහින්ද, එහෙමත් නැත්නම් මෛත්‍රිපාල සිරිසේන, එහෙමත් නැත්නම් බැසිල් රාජපක්ෂ මේ කවුරුහරි ඉල්ලන්න තමයි තිබුණේ. එතකොට ගෝඨාභයව ගෙන ඒම සඳහා, ගෝඨාභයව ම ජනාධිපති කිරීම සඳහා, අපේක්ෂකයා ඔහු බවටම පත් කිරීම සඳහා, විශේෂ මෙහෙයුමක් මේ පිරිස් ගෙනගොස් තිබෙන බව ඉතාම පැහැදිලියි මේ ජනාධිපතිවරණයේදී.

1988 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කළා. ඒ වගේම 2005 දී මහින්ද රාජපක්ෂ පාවිච්චි කළා LTTE ය තමන්ගේ ජයග්‍රහණය සඳහා. 2019 මේ සිදුවීම් ජාලය මගින් මිනිස් හිස් වලට කූට නාටකයක් පෙන්නලා ගත්ත ජයග්‍රහණයක් මිසක් සැබෑ ජනමතයක් නෑ. මේකේ බලපෑම තියෙන්නේ සුරේෂ් සලේටවත්, දේශබන්දුටවත්, ඒ වගේම නන්දනටවත් නෙවෙයි. මේ රටේ සමස්ත ජනතාවට. මොකද මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියාම මේ පිළිබඳ පරීක්ෂණ අලුත් කිරීම සඳහා කටයුතු කළහම, ඒකෙන් වේදනා විඳින්නේ අපි.

අපි විශ්වාස කරන්නෑ, මේ පොලිස් ඇමති ඉන්නකන් පොලීසියේ ඉහළ නිලධාරීන් ටික ඉන්නකං, අධ්‍යක්ෂ පුටුවේ සුරේෂ් මහත්තයා වාඩිවෙලා ඉන්නකං යුක්තිය නම් ඉටුවෙයි කියලා මේ රටට. ඒ නිසා ඒ යුක්තිය ඉෂ්ඨ කිරීමේ අරගලයේ අපි ඉන්නවා. මේ පිළිබඳ අනාගත රජයක විධිමත් තීක්ෂණ පරීක්ෂණයකින් පස්සේ, මියගියවුන්ටත් තුවාල ලැබූ ඒ වගේම රටේ ජනතාවටත් යුක්තිය ඉෂ්ඨ විය යුතුයි. එය ඉෂ්ඨ කරගැනීමේ අරගලයට එක්සත් ජනරජ පෙරමුණ ගමන් කරනවා කියන එක අපි ප්‍රකාශ කරනවා.”

මෙම මාධ්‍ය සාකච්ජාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සාමාජික විශ්‍රාමික මේජර් තිලක් උභයවර්ධන මහතා

සහ

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ කටයුතු ලේකම් තීක්ශන ගම්මන්පිල මහතා සහභාගී විය. එහිදී ඔවුන් පවසා සිටියේ

“සමස්ත රටටත්, ඒ වගේම බුද්ධි අංශ වලටත් විශාල අපකීර්තියක් මේ වෙද්දි වෙලා තියෙනවා. රාජපක්ෂ පවුල තමන්ගේ බලය වෙනුවෙන් මිනිස්සු මරපු විදිහ මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ අපකීර්තියෙන් ගැලවෙන්න, විධිමත් පරීක්ෂණයක් කරන්න අවශ්‍යයයි. මේ පිළිබඳව චැනල් 4 කියන්න කලින්, පාඨලී චම්පික මැතිතුමා 2019 මේක කතා කරා. ශානි අබේසේකර මේ ගැන කතා කරා. හැබැයි මොකද වුනේ? අන්තිමට ඔවුන්ට බොරු නඩු දාලා හිරේ දැම්මා. මෙන්න මේක තමයි අද තත්වය. ඒක නිසා මේ තවත් විදේශීය රටක්, විදේශීය නාලිකාවක් රටට ගහනවා කියලා බොරුවට දඟලන්න හදන්න එපා. ඒවට හරියට මුහුණ දෙන්න. වැරදි කරා නම් තමන්ගේ වැරදි වලට, පව් වලට වන්දි ගෙවන්න වෙනවා කියන එකත් මේ රටේ මේ ආණ්ඩු කරපු මිනිස්සු දැනගන්න ඕනේ.”

Q&A

ඊයේ පැවති විශ්වාසභංගය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?

කොහොමත් ආණ්ඩුවට බහුතරය තියෙනවනේ. ඒ බහුතරය පවත්වාගෙන යාම වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි රටේ ජනමතය ඕක නෙවෙයිනේ රටේ මිනිස්සු ඔය ආණ්ඩුව මොනවා කිව්වත් රටේ දරුවෝ බේත් නැතුව මැරෙනවා නම් අම්මලා දුකෙන් නම් උපකරණ කැඩිලා නම් ඒ සඳහා ක්‍රියාදාමයක් නැත්නම් වැදගත්ම දේ අවශ්‍ය පමණට මුදල් දීලා තියෙනවා නම් ඩොලර් දීලා තියෙනවා නම් ඒත් මේක වෙන්නේ නෑ. ඒ කාරණය රටේ මිනිස්සු දන්නවා හොඳටම. ඒවා වහන්න බෑ. ඒකෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහත්මයා නිදොස් කොට නිදහස් උනේ නෑ. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන බව තමයි පෙනුනේ. ඒකෙන් මේ ජාවාරම්කාර පන්තියවත් දේශපාලඥයෝවත්, ඒ වගේම මේ නිලධාරීන්වත් නිදොස් කොට නිදහස් උන් නෑ. 2020 ඉඳන් මේ රටේ සෞඛ්‍ය සේවයට කරපු අපරාධයේ ප්‍රතිඵල සහ මේ රට බංකොලොත් වීමේ අපරාධයේ ප්‍රතිඵල වලට ඊළඟ මැතිවරණය වලදී ජනතාව අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගනී.

මාධ්‍ය ලේකම් ..( ලෙෂාන් විදානගමාච්චි)

Continue Reading

Business

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…

Published

on

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.

එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…

“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.

සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk