Connect with us

Local

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Published

on

මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවයි.

විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇමතිවරයා මෙහිදී සඳහන් කළේ ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ.

පිළිතුර – අපි හැමෝම දන්නවා පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ මොකක්ද වුණේ කියලා. පැය 13 ක් විදුලිය කපා දැමූ රටක්. ඉන්ධනවල ගැටළුවක් තිබුණා. අත්‍යාවශ්‍ය බෙහෙත්වල ගැටළුවක් තිබුණා. දැන් ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කරන්න ලැබෙයි කියලා.

ප්‍රශ්නය – වැට් බද්ධ එකතු වෙනවද?

පිළිතුර – වැට් බද්ද එක්තු වෙනවා. හැබැයි තිබෙන තත්ත්වයට වඩා සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔබතුමාලාට ගම් මට්ටමට යන්න බෑ කියලා. කාර්යාලවල රැස්වීම් පැවැත්වූවාට පිටතට ගිහින් රැස්වීම් පවත්වන්න බෑ කියලා.

පිළිතුර – අපි මේ වෙනකොට ගම්මට්ටමින් සාමාජිකයෝ බදව ගන්න වැඩ පිළිවෙලත් කරනවා. ශාඛා සංවිධාන පිහිටුවන එකත් කරනවා. අපේ වැඩ පිළිවෙල යනවා. ඒ අය උත්සාහ කළේ අපේ ගෙවල් ගිනි තියලා අපේ ප්‍රභලයින්ට ගහලා හිරිහැර කරලා, මරලා අපිව ගම් වලට එන එක වලක්වන්නයි.  හැබැයි ඊට වඩා ශක්තිමත්ව අපි යනවා. දැන් පුළුවන් නම් ඒවා ඇවිල්ලා කරන්න කියන්න මොකද වෙන්නේ කියලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ චන්ද්‍රිකා කුමාරතුංගත් බලයට ගේන්නත් උදව් කරපු පක්ෂයක්. මහින්ද රාජපක්ෂවත් බලයට ගේන්න උදව් කරපු පක්ෂයක්. ඔවුන් ඒ ආණ්ඩුවල ඇමතිකම් පවා ගත්තා. ඔය කාණ්ඩය යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට වෙලා හිටියේ. දැන් ඒ අයට අලුතින් කිසිම දවසක ආණ්ඩු කරන්න එක්වුණේ නෑ වගේ රටට පෙන්වන්න හැදුවට මේ රටේ බුද්ධිමත් මිනිස්සු පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණ හැම ආණ්ඩුවක්ම කරන්න මැදිහත් වුණ පක්ෂයක් කියලා. ඒ අයත් ෆේල් එහෙනම නම්.

ප්‍රශ්නය – ඒ අයත් බලපෑවද මේ ආර්ථික අර්බුදයට

පිළිතුර – අනිවාර්යෙන්ම. 88/89 කාලයේදී ගෙවල් ගිනි තියලා රාජ්‍ය දේපල විනාශ කරපු ඒවත් මේ රටේ ආර්ථිකයට බලපෑ දේවල්. ඒවා ඒ අයට නෑ කියන්න බෑ.

ප්‍රශ්නය – ඉදිරි වර්ෂය මැතිවරණ වර්ෂයක් විදියට ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. ඔබතුමාලා කොහොමද තරග බිමට එන්නේ.

පිළිතුර – සියයට තුනක් තිබෙන පක්ෂයක් මේ රටේ බලයක් එක පාරට ගන්න නම් මේ රටේ මිනිස්සු කී දාහක් වෙනස් වෙන්න ඕනිද? හැබැයි අපිට පේනවා පොහොට්ටුවේ යම් ප්‍රමාණයක් යම් පසුබෑමකට ලක් වූනා මේ සිද්ධියත් එක්ක. හැබැයි අද ඒ අය තේරුම් අරන් ඉන්නවා ඒ අය අද අපිත් එක්ක එකතු වෙනවා. මේ රටේ බහුතර බලය තියෙන්නේ එක්කෝ අපිට එක්කෝ සජබයට එක්කෝ එක්සත් ජාතික පක්ෂයටයි. සියයට තුන කොහොමද එක පාර සියයට පනස් එකක් කරන්නේ. ඒ අයගේ එකම කණ්ඩායම රට පුරා යනවා ඒක හොඳයි. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහුයට එනවා නම් හොඳයි මිනි මරන්නේ නැතිව. අපි දැක්කා ලාල් කාන්ත මන්ත්‍රීතුමා කියලා තිබුණා ඒ අයගේ ආණ්ඩුවක් ආවොත් මර්දනය පටන් ගන්නවා කියලා. අපි කවදාවත් මර්දනය කරපු මිනිස්සුන්ගෙන් මරපු ලේ දැක්ක පක්ෂයක් නෙමෙයි අපේ පක්ෂය.

ප්‍රශ්නය – ඔබතුමා හිතන විදියට එජාපයත් සියයට 3 ගත්ත කොට්ඨාශයක්නේ පසුගිය මැතිවරණයේ

පිළිතුර – මම කියන්නේ ඒකයි ඊළගට එන කුමන හෝ ජනාධිපතිවරයා එන්නේ සියලු දෙනාගේ සහයෝගය ගන්න පුළුවන් කෙනෙක්.

– ප්‍රදීප් අනුර කුමාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත

Published

on

By

රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.

එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.

රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.

මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.

“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Continue Reading

Local

ලෝක කුසලාන තරග බලන ක‍්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..

Published

on

By

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්‍රිත රථවාහන සැලැස්ම

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.

විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.

SSC ක්‍රීඩාංගනය ආශ්‍රිත රථවාහන සැලැස්ම

SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.

තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.

විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.

Continue Reading

Local

ශ‍්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..

Published

on

By

දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.

 දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු  සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.

“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”

මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.

ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. 

Continue Reading

Trending

Copyright © www.pattare.lk