Connect with us

Local

චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…

Published

on

විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව කළේ, අය-වැයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.

මෙසේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමෙන්, කදිරගාමර් මධ්‍යස්ථානය වැනි ආයතන සමගත්, ජාත්‍යන්තර සබඳතා ඇති විද්වතුන් සමගත්, ඊට අදාළ ශිෂ්‍යන් සමගත් කටයුතු කිරීමට එය වේදිකාවක් කරගත හැකි බව පැවසූ ඔහු, එළඹ ඇති විදේශ ගිවිසුම් ගැනත්, පවතින විදේශ සබඳතා ශක්තිමත් කරගැනීම හා නව විදේශ සබඳතා ගොඩනගා ගැනීම ගැනත්, අර්බුද අවස්ථාවල කටයුතු කිරීම ගැනත් එමගින් කටයුතු කළ හැකි බව කියා සිටියේය.

ලොව ජනගහනයෙන් මිලියන 500ක් පමණ කුරුඳු පාරිභෝජනය කරන බවත්, එමනිසා රට කුරුඳු නිෂ්පාදනයෙන් විශාල විදේශ ආදායමක් ලැබිය හැකි බවද, එය අපේ රට නියෝජනය කරන තානාපතිවරයෙක් ලෙස හැඳින්විය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

චන්ද්‍රිකා තාක්ෂණය ගැනද අවධානය යොමුකළ යුතු යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, පසුගිය මාස 12 තුළ ලොව ධනවත්ම අයගෙන් තුන්දෙනෙක් චන්ද්‍රිකා තාක්ෂණයට ආයෝජනය කර ඇති බවද පැවසිය. අන්තර්ජාතික සන්නිවේදන, නාවික, ආරක්ෂණ ආදී සබඳතාවලදී මෙම තාක්ෂණය ඉතා වැදගත් බව කී ඔහු, අවාසනාවකට ලංකාවට මිට අදාළ අනතර්ජාතික සම්මුතීන් ඉදිරියට ගෙනයාමට හැකියාව නොලැබුන බවද ප්‍රකාශ කළේය. චන්ද්‍රිකා තාක්ෂණයේ ප්‍රමුඛයා වූ ආතර් සී ක්ලාක් විද්‍යාඥයා ගැන පැවසූ ඔහු, විදේශ අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කාර්යාලයක් තුළින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ගාමිණී කොරයා මධ්‍යස්ථානය ආදිය සමග සම්බන්ධ වෙමින් ඉදිරි දශකය තුළ ලොවට ඉතා වැදගත් වන චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ වැඩකළ හැකිද සඳහන් කළේය.

දේශගුණ විපර්යාස ගැන ජනාධිපතිතුමාගේ උනන්දුව ගැන කෘතඥ වන බවද, ලංකාව ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර ගැන ජනපති පැහැදිලිව හඳුනාගෙන නායකත්වය දෙන බවද කී මන්ත්‍රීවරයා, ඒ ගැන ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළේය.

සමුද්‍රීය අයිතිය ගැන නීති සකසා ගැනීමට ලංකාවට නොහැකි වූ බවද ඒ ගැන අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සැකසීමේ පුරෝගාමී වූ පක්ෂයක සාමාජිකයෙකු ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුවේ කතාකරන්න ලැබීම ගැන තමන් සතුටු වන බවද පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවට සහය වූ රටවලට ස්තූති කිරීම අපගේ යුතුකම බවද, විශේෂයෙන්ම කලාපීය අසල්වැසියන් වන ඉන්දියාව, පකිස්ථානය සහ චීනය, ජපානය, පැරිස් සමාජය, යුරෝපා සංගමය ආදීය රටට සහයෝගය දැක්වූ බවද ඔහු කීය. ශ්‍රී ලංකාව වඩාත් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම සඳහා උපරිම උපරිමය කරමින් සිටින අපගේ විදේශ තානාපති කාර්යාලවලටද ඔහු තුති පිදීය.

– Media unit

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk