Local
ෂෙහාන්ගෙන් පොහොට්ටු ලොක්කන් ගස් යන හෙලිදරවුවක්..
Published
2 years agoon
By
admin
‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද කියා සිටියේය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව තීන්දුවක් ගෙන තිබෙනවා . පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ගත් තීරණයක්. මේ රටේ අනාගතයේදී 2022 දී ඇති වූ ආර්ථික අර්බුදයට හා කලහාකාරී තත්ත්වයට ගමන් කරනවාද? නැත්තම් මේ වසර දෙක තුළ ඇති කර ගත්තා වූ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යනවාද කියලා තීන්දු කරන මැතිවරණයක් මේක.
මේ මැතිවරණයේදී සියළු දේශපාලන පක්ෂ වගකීමෙන් කටයුතු කළ යුතුයි. සියළු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්න සුදානම් කියලා අපිට පේන්න තියෙනවා. වසර දෙකකට පෙර තිබුණ තත්ත්වය දෙස බලද්දි අද තත්ත්වය විශාල සංවර්ධනයක් වෙලා තිබෙනවා. නමුත් අපිට මෙතැනින් නතර වෙන්න බෑ. ඉතිහාසය දෙස බලද්දි මේ රට ආර්ථික කඩා වැටීම් වලට ලක්ව තිබුණ නමුත් මේ වගේ කඩා වැටීමකට ලක් වෙලා නෑ. ස්ථාවරත්වය ගන්න හදපු සෑම අවසථාවකදීම විවිධ අයගේ විවිධ බලපෑම් මත අස්ථාවරත්වය පත්වන තීන්දු වෙත ගමන් කර තිබෙනවා. එවැනි තත්ත්වයට පොදුජන පෙරමුණ පත්වීම ඉතා කණගාටුදායකයි. රටේ ස්ථාවරත්වයට සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලොකු වගකීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙනවා. පොදුජන පෙරමුණේ සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අද අපේ රට අර්බුදයකට ගියේ. ඒ අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් යටතේ ඇති වූ අර්බුදයක්. ඒ වෙලාවේ වගකීම භාර ගන්න පුළුවන් සුදුසම කෙනා විදියට පත් වුනේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අර්බුදයට රට ගමන් කරද්දි හොඳ වෙච්ච රනිල් වික්‍රමසිංහ 2024 මැතිවරණයට පොදුජන පෙරමුණට හොඳ නැති වුනේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.
මේ රටේ ආර්ථිකය ගෙඩ නැගීමත් එක්ක පොදුජන පෙරමුණේ සීමිත පිරිසකට බල කෑදරකමක් ඇතිවුණා. රට දැඩි අනාරක්ෂිත අවස්ථාවක කවුරුත් නොමැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තා.
පොදුජන පෙරමුණ නිර්මාණය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා. පොදුජන පෙරමුණ කියන මල්මාලාව හදද්දි ඒ සඳහා අපි සියළු දෙනා මල් ඇමිණුවා. මේ තීන්දුව ගත්ත කීප දෙනා හදපු පක්ෂයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂය ගත් මේ වැරැදි තීන්දුව නිවැරැදි කරයි කියලා මම විශ්වාස කරනවා.
අපි කණ්ඩායම මේ තීන්දුව ගත්තේ මේ රටේ අනාගත අවධානම පිළිබඳව අවධානය යොමු කරලයි. ඒ සඳහා සුදුසුම නායකයා තෝර ගන්න නැවත කඩා නොවැටෙන රටක් ස්ථාපිත කරන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසයි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්නේ. පොදුජන පෙරමුණේ හැටියට දැනට පාර්ලිමේන්තුවේ සිටින අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ඵල කරනවා. මේ රට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් දක්ෂතාවය හැකියාව තිබෙන නායකයෙක් එක්ක ඉදිරියට ගෙනයාම තමයි අපි සියළු දෙනාගේ අරමුණ. අපිට නැවත අර්බුදයකට යන්න බෑ.
මීට මාස කිහිපයකට පෙර මා අනුරාධපුරය රැස්වීමකදී සාගර කාරියවසම් මහලේකම් තුමාට කිව්වා පක්ෂයේ අනාගතය තීන්දුවන්නේ පාක්ෂිකයාගේ අදහස් මතයි කියලා. ප්‍රජාත්නත්‍රවාදීව පාක්ෂිකයාට ඇහුම්කන් දෙනවාද යන්න තීරණය මතයි. පාක්ෂිකයාගේ බලාපොරොත්තුව සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි.
2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා. රටේ ප්රජාතන්ත්රවාදය නැති වුණා. රට පිළිබඳව බලාපොරොත්තුවක් නැතිවුණා. මේ චක්‍රය නැවත ක්‍රියාත්මක කරන්නද පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේ. තමන්ගේ ප්‍රාදේශීය නායකයින් අනාරක්ෂිත කරලා අපේ අපේ පාක්ෂිකයා අනාරක්ෂිත කිරීමේ වැඩපිළිවලකට තමයි පොදුජන පෙරමුණේ මේ සීමිති පිරිස කටයුතු කරන්නේ. පාක්ෂිකයාගේ මතයට ඇහුම්කන් දෙන්න සුදානම් වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කරනවා. නැතිනම් ඔබට ඉතිරි වන්නේ තීන්දුව ගන්න කටයුතු කළ කීප දෙනා පමණයි. තමන්ට අවශ්‍ය අයට පමණක් ඇහුම්කන් දී තීන්දු ගැනීම ප්රජාතන්ත්රවාදයට පයින් ගැසීමක්.
මේ රට ස්ථාවරයි අද. මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම මේ රට අස්ථාවර කිරීමට හේතුවක් වෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන ස්ථාවරත්වය මේ රට ගොඩනැගිලා තිබෙනවා. නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් පරිසරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්මාණය කර තිබෙනවා. අපි සියළු දෙනා මේ තීන්දුව ගන්නේ හෘද සාක්කියට එකඟවයි.
ඉතිහාසයේ යම් යම් කණ්ඩායම් තීන්දු ගන්නා විට ඒ තීන්දු වෙනස් කරන්න අපිට පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ තීන්දු වෙනස් කිරීමට නොහැකි වූ අවස්ථාවේ රටට වූ ඉරණම සියළු දෙනා දුටුවා. අපි අලුත් ආර්ථිකයක් අලුත් රටක් හැදුවේ පෙර වැරැදි නැවත සිදු නොවන රටක් බවට පත් කිරීමටයි.
ආර්ථිකය පළමු කාර්තුවේ සියයට පහයි දශම එකක වර්ධනයකට ගෙනල්ලා තිබෙනවා. එතැනින් එහාට ආර්ථිකය පුළුල් කරලා සෑම කෙනෙකුටම තමන්ට කැමැති ආකාරයටකට ආර්ථික ශක්තියක් නිර්මාණය කරන්න කටයුතු කරනවා.” යනුවෙන්ද පැවසීය.
You may like
-
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
-
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
-
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
-
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කොන්දොස්තරවරියන් බදවා ගනී..
-
පුරවැසියන්ට වහා ඉවත්වන්නැයි ඇමරිකාව දන්වයි.. ඉරාන ප්‍රහාරයට සියල්ල සූදානම්..
-
සන්ධ්‍යා ගෙන් ලොක්කෙක් මිනී පෙට්ටියට සයිස් එක අසයි..
Local
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
Published
4 months agoon
August 1, 2026By
admin
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.
එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.
“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Local
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
Published
10 months agoon
February 7, 2026By
admin2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.
විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.
SSC ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.
තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.



Local
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
Published
10 months agoon
February 7, 2026By
admin
දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”
මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.
ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.


