Connect with us

Local

ජනාධිපති අනුර කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක්..

Published

on

ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පත් කිරීම් සිදු කිරීමෙන් ඒ බව තේරුම් ගත හැකි බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

පසුගිය 21 වෙනිදා ජනතාව විසින් ලබා දුන් ජන වරමට ගරු කරනවා පක්ෂයක් විදියට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි සුභාශිංසන එක්කරනවා පක්ෂයක් විදියට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පොහොසත් රටක් සඳහා වූ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකි ඉක්මනින් මේ මාතෘ භූමියේ යථාර්ථයක් කරාවි යැයි බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. ඡන්දය ඉවර වෙලා දවස් පහක් යනකොට අපි දකිනවා ජාතික ජන බලවේගය දුන්න ඒ ප්‍රතිපත්ති , ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියනවා විනා, දැන් ඒ ප්‍රධාන කාරණයෙන් බැහැරව වෙන වෙන අවශේෂ කාරණා සඳහා යොමු වෙලා ඉන්නවා.

එක උදාහරණයක් ගත්තොත් දැන් සමාජ මාධ්‍ය ජාලාවල බොහොම තදින් සංසරණය වෙනවා ජනාධිපති මන්දිරයේ හිටපු කෝකිවරුන් හා ඒ සහායකයින් සියල්ල නැවත ඔවුන් සම්බන්ධ වූ ඒ ප්‍රධාන මූලස්ථානයන්ට යැව්වා කියලා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි මේක ඉස්සෙල්ලාම , මේ ආදර්ශය දුන්නේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහමන්දා සිං අග්‍රාමාත්‍ය තුමා , එතුමා එතුමාගේ චරිතාපදානයේදී ඒක ලියනවා , එතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනකොට එතුමාගේ පෞද්ගලික බැංකුවල තිබුණු මුදල් අග්‍රාමාත්‍ය අරමුදලට බැර කරලා ආපු නායකයෙක් . එතුමා එහෙම අර මුදලට බැර කරලා අග්‍රාමාත්‍ය නිල නිවසේ ඉන්නකොට එහි සූපවේදියා අහනවා අද දහවල් කෑම වේල කොහොමද කියලා අහලා ආහාර මෙනු හතරක් දෙනවා . අග්‍රාමාත්‍යතුමා අහනවා මේ මොනවද කියල. එතකොට ඔහු කියනවා අග්‍රාමාත්‍යතුමනි මේ ඔබගේ දවල් රාත්‍රී සහ උදේ ආහාර වේල් වල වට්ටෝරු කියලා . අග්‍රාමාත්‍යතුමා කියනවා මට මේ වට්ටොරු මොනවත් එපා චපාති දෙහෙකුයි පරිප්පු හොද්දකුයි ගේන්න කියලා..

ඒ නිසා මේ වර්තමාන ජනාධිපතිතුමා මේ පොත හොඳට කියවලා තියෙනවා මේ කෝකිවරුන් අරක්කැමියන් සහායකයින් නැවත යවලා රටට පණිවිඩයක් දෙන්න හදනවා ඒක හොඳයි හැබැයි ඒක මාධ්‍ය සංදර්ශනයකින් නවත්තන්න එපා.

මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන මාතෘකාවක් වුණේ මේ ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කරන එක අපි දැන් බලන් හිටියා ජනාධිපතිතුමා ජාතිය අමතා ප්‍රකාශයන් දෙකක් කලා , එතුමා ජනාධිපති ධුරයට පත්වෙලා ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සිදුකළ කතාවේ කොයිම වෙලාවකවත් එතුමා සඳහන් කළේ නෑ ආර්ථික වැඩපිළිවෙළ අපි හරි ආසාවෙන් රටේ බහුතරයක් බලන් හිටියා ඊයේ එතුමා ජාතිය අමතනකම් මොකක්ද මේ ආර්ථික වැඩපිළිවෙළ කියල හැබැයි එතුමා ඊයෙත් කළේ වචන හරඹයක් සෙප්පට විච්ඡාවන් හා විවිධ සුරංගනා කතා වලින් කතාව අවසන් කළා මිසක් මේ රට ඉදිරියට ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ කිව්වේ නෑ , ඒක නිසා පක්ෂයක් විදියට අපට ගැටළුවක් තියෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ ආර්ථික වැඩපිළිවෙළ ගැන.

ඒ අස්සේ අපි දැක්කා කැබිනට් එක පත් කරලා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරනකොට මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා වෙනස් කරන්න හිතන්නෙවත් නෑ . මහින්ද සිරිවර්ධන කියන්නේ කවුද ගෝඨාභය ජනාධිපතිතුමා අරගලයෙන් රට අරාජික වෙලා විකල්පයක් නැතුව ඉන්න වෙලාවේ මේ ආර්ථිකය කළමනාකරණය කරන්න හොයාගත්ත සුදුසුම කෙනා. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් තමන්ගේ ධූර කාලය තුළ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය මහින්ද සිරිවර්ධන මැතිතුමාට දුන්නේ. එතුමා තමයි මේ වැටිච්ච ආර්ථිකය මේ තත්ත්වයට ගේන්න විශාල සහයෝගයක් දුන්න කෙනෙක්. එතකොට අපට ගැටළුවක් තියෙනවා නව අභිනව ජනාධිපතිතුමත් ගෙන යන්නේ පැහැදිලිව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ගෙන ගිය වැඩපිළිවෙළමයි කියන විශ්වාසය හා ගැටලුව අපට තියෙනව.

ඒ ගැන ප්‍රශ්න කරන්නේ තව හේතුවක් නිසා මොකද මහ බැංකු අධිපතිතුමා නන්දලාල් වීරසිංහ මැතිතුමා එම තනතුරේ දිගටම තියාගෙන තමයි අනුර ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ගෙනියන්නේ.

ඒ නිසා එතුමාට ඡන්දය නොදුන්න 58%ක පාර්ශ්වයක් ලෙස අපට සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙලේමයි අනුර කුමාර දිසානායක නව ජනාධිපතිතුමත් යන්නේ.

එනිසා අපට පක්ෂයක් විදියට පැහැදිලි වෙමින් යනවා ඒ වගේම රටට අපට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නෙත් බය වෙන දෙයක් නැති වෙයි රනිල් ජනාධිපතිතුමා නවත්තපු තැනින් ඒ වැල් පාල පාලමේම මාතෘ භූමිය කියන මේ දරුවාව වඩාගෙන ඒ වැල් පාලම ඔස්සේම යයි කියන සුබවාදී බලාපොරොත්තුව රටට දෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට තව කල් දෙන්න ඕන අපි බලාගෙන ඉන්නවා පක්ෂයක් විදියට ඔබතුමා කරන හරි දේට , අපි කියන්නෑ හොර වංචාව දූෂණය රාජ්‍ය දේපළ අවභාවිතා කරපු අය අත්අඩංගුවට ගන්න හා නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි කියන්නේ නැහැ. අපි කියනවා ඔබතුමා කරගෙන යන හරි දේවල් වලට නව ජනතා පෙරමුණත් පක්ෂයක් විදියට උදව් කරනවා හැබැයි අපි ඔබතුමන්ලා කරන මාධ්‍ය සංදර්ශන සහ කොලේ වහල කොලේ ගහන සෙල්ලම් වලදී නව ජනතා පෙරමුණ පක්ෂයක් විදියට ඉදිරියට ඇවිල්ලා අපේ මතය කියන්න බය වෙන්නෙත් නැහැ කියලා අපි සඳහන් කරනවා.

අපට සතුටුයි කියන්න 58% ජනවරමට හිමිකම් කියන පාර්ශවයක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ ම ඉස්සරහට ගෙනයමින් තිබෙනවා හිටපු ජනාධිපතිතුමා කිව්වෙ ඩොලර් එක ශක්තිමත් කරන්න කියලා අනුර ජනාධිපතිතුමා කිව්වෙ බඩු මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න ඕන කියලා නමුත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරනකොට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමාම එම තනතුරේ තබා ගනිමින් මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා එම තනතුරේ තබා ගැනීම හේතුවෙන් අපට පැහැදිලි වෙනවා අනුර කුමාර දිසානායකට වෙන වැඩපිළිවෙළක් නෑ තියෙන්නේ රනිල් ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනයාම පමණයි කියලා.. ඒ නිසා මේ නිලධාරීන් දෙදෙනාම පත්කළේ ගෝඨාභය ජනාධිපතිතුමා අන්තිම මොහොතේ..රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඔවුන් විශාල දායකත්වයක් ලබාදුන්නා ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා..අපට සතුටුයි රනිල් ජනාධිපතිතුමා මේ දරුවව වඩාගෙන වැල්පාලමේ අරගෙන ගිය මේ දරුවව අනුර ජනාධිපතිතුමා මේ වැල් පාලමෙන් එගොඩ කරනවා නම්

– Media unit

Local

අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත

Published

on

By

රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.

එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.

රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.

මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.

“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Continue Reading

Local

ලෝක කුසලාන තරග බලන ක‍්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..

Published

on

By

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්‍රිත රථවාහන සැලැස්ම

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.

විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.

SSC ක්‍රීඩාංගනය ආශ්‍රිත රථවාහන සැලැස්ම

SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.

තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.

විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.

Continue Reading

Local

ශ‍්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..

Published

on

By

දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.

 දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු  සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.

“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”

මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.

ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. 

Continue Reading

Trending

Copyright © www.pattare.lk