Local
ඊශ්‍රායලයේ තවත් රැකියාවලට ලාංකිකයන් කැදවයි..
Published
3 years agoon
By
admin
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය
අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේ (20) දින පාර්ලිමේන්තුවේද ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට ලක්වූ අවස්ථවේදීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,
“ඊශ්‍රායලයේ පැවති ගැටුම්වලට මැදිහත්ව මිය ගිය ශ්‍රමිකයින්ට සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකික ශ්‍රමිකයෙන් ජීවිතක්ෂයට පත්වුනා කියලා අපිට දැනට වාර්තා වෙනවා ඒ ගැන අපි කණගාටුව පළකරනවා. ඒ වගේම අපහසුතාවයට පත්වෙලා තියෙන සියලුදෙනා සම්බන්ධයෙන්ම ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා.
අපහසුතාවක් තියෙන අය ඉන්නවා නම් යලිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතුත් දැනටමත් කරලා තියෙනවා.
ඒවගේම ඊශ්‍රායලයේ රැකියා සඳහා යන්න සූදානමින් ඉන්න පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව පිටත් කරලා යැවීමටත් අපි අවශ්‍ය කටයුතු කරනවා.
අපි ඊශ්‍රායල රජයත් එක්ක දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අපිට කෘෂි ක්ෂේත්රයේ රැකියා දහසක් සඳහා අවස්තාව ලැබිලා තියෙනවා. ආරක්ෂක තත්ත්වයත් බලලා අපි ඒ අයව යොමු කරන්න කටයුතු කරනවා.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මේ ලෝකය එක දවසක්වත් යුද්ධයකින් තොවර පැවතිලා නෑ. මේ වන විට ලෝකයේ යුද්ධ හැත්තෑ දෙකක් තිබිලා තියෙනවා. එයින් බිලියනක පමණ පිරිසක් මිය ගොස් තිබෙනවා.
පලස්තීන හා ඊශ්‍රායලය ගැටලුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් විසින් නිර්මාණය කරන ලද දෙයක් විදිහටයි අපි විශ්වාස කරන්නෙ. ලෝකය මෙහෙවන්නා වූ අන්තර්ජාතික සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බෝහෝ ආයතනවලටත්, බුද්ධිමතුන්ටත්, ආගම්වලටත් මෙම ගැටලුව විසදීමට නොහැකිවී තිබෙනවා.
එක් පැත්තකින් මේක සමාජ – සංස්කෘති අර්බුදයක් වන අතර අනෙක් පැත්තෙන් දේශපාලන – ආර්ථික අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.
යුද්ධයක් එනකොට අපේ සසහර අයට සතුටුයි. හැබැයි මේක ඇතුලේ වෙන්නේ මොකක්ද? ලෝකයේ රත්තරන් වෙළදපොලේ ඒකාධිකාරය තියෙන්නේ ඊශ්‍රායලේ බැංකුවලට රත්තරන්වල මිල නොසිතූ ලෙස ඉහළ යාමෙන් ලෝක ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මේකට ඇමරිකාව පැටලුනොත් මොකද වෙන්නේ. ඩොලරයේ අගය ඉහළ යනවා. මේකට ඉරානය පැටලුනොත් මොකද වෙන්නේ?
ඒ වගේම මැදපෙරදිග කළාපය පැටලුනොත් මොකක්ද අපිට වෙන්නේ?
අපිට තියෙන විශාල තේ වෙළද පොලක් අහිමි වෙනවා. මේ වගේ අපිට පෙනෙවාට වඩා නොපොනෙන විශාලල කඩා වැටීමකට මුහුණදීමට සිදුවෙනා.
මේ අපි යන්තම් රටක් විදිහට හුස්මක් ගන්න හැදුවා විතරයි. ලෝකයේ බොහෝ තැන්වල දේශ සීමා සටහන් කරමින් එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව සිටුවා තියෙනවා. එය ආගමික, සංස්කෘතික, දේශපාලනික සහ ඔවු නොවුන් පිළිගත් ආර්ථික මතවාදයන්ට අනුව එය සුව නොකළ හැකි රෝගයක් බවට පත්වෙලා තියෙනවා.
ඊශ්‍රායල – පලස්තීන ගැටලුව විසදන්න දාර්ශනික ප්‍රෙව්ශයකින් යුත් මානුෂියත්වයක් අවශ්‍යයි. ආනගත ලෝකය භූමිය හෝ දේශ සීමා මත නොපවතී යන්න තමයි අපි විශ්වාස කරන්නේ. ඒක මම මේ පාර්ලිමේන්තුවේදී මීට කලිනුත් කියලා තියෙනවා.
මේ අපි සිටින්නේ එක ශිෂ්ඨාචාරයක අවසානායෙයි. ඒක යුද්ධයකින් අවසන් කරගන්න යනවාද කියන බරපතල ඛේචවාචකයක් අපිට දැනෙනවා. අපි මේ ගැටලුවේදී කිසිදු පාර්ශවක කොටස් කරුවන් වෙන්න අවශ්‍ය නෑ. අපි මතු කළ යුතු වන්නේ මනුෂ්‍යත්වයයි. කුමන ආගමට, වර්ගයකට, දේශපාලන දර්ශනයකට අයත් වුවත් අපිට ඔවුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සහෝදර සහෝදරියන් ලෙසින් පිලිගත යුතුයි.
වෙනස්කම් සහිත විවිධත්වය අගය කිරීමටත්, එයට ගරු කිරීමටත් අපි හුරු පුරුදු විය යුතුයි. මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ හටගත් ඇතැම් අර්බුද ලෝකයේ සිදුවූ විවිධ අර්බුද සමග එකට එකතු කිරීමට ඇතැම් පාර්ශවයන් උත්සාහ දරනවා. අපි මේ මොහොතේදී කිසිදු පාර්ශවයකට අයත් නොවන සේ සාමකාමී සහජීවනයෙන් ලෝකය දෙස බැලීමට ඉගෙන ගත යුතුයි.
නැතිනම් අපේ රටටත් අනාගතයක් නෑ. මේ යුද්ධය දික් ගැසුනහොත් ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලාංකික ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම අපේ ආදායම් මාර්ග සීමා වන අතර අපිට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් බොහෝ දේ සොයා ගැනීමට අපිට වෙනත් මාර්ගයන් නොමැතිවීමේ අර්බුදයට මුහුණ දෙනවා.
අපේ රටේ ආර්ථිකයට ඊශ්‍රායලේ වගේම මැද පෙරදිග කලාපයේ දායක්තවය වැදගත් වෙනවා. ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා.
මේ අයගේ ජීවිත ගැන, ආරක්ෂාව ගැන රජයක් ලෙස අපිට විශාල වගකීමක් තිබෙනවා. මේ කලාපයේ සිටින කිසියම් ශ්රමිකයෙක්ට නැවත රටට එන්න අවශ්‍යයි නම් අපි ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා.
මේ ප්රශ්නය ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ආකාරය ගැන රටක් විදියට අපි නැවත සිතා බලන්න ඕන. මේ හැමෝම වාර්තා කරන්නේ එක පැත්තක ඉදගෙන. මේ වාර්තා කිරීම නැවත ලංකාවේ වාර්ගික අර්බුදයක් කරා ගෙන යාමට හේතු විය හැකියි.
මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්, දේශපාලඥයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු හැමෝම අවධානය යොමු කළ යුතුයි..
මේ රට අර්බුදයට ලක්වූ වෙලාවේ රටට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගේනාවේ විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයින්ගේ මුදල්වලින්.
මේත් එක්ක විදේශ රැකියා අපේක්ෂාවෙන් විවිධ පුහුණුවීම්වල යෙදෙන බොහෝ පිරිසක් ඉන්නවා. මේ අයගේ බලාපොරොත්තු සුන්වෙයි කියන විචිකිච්ඡාවෙන් ඉන්නවා.
මේ අතර හොරෙන් ඊශ්‍රායලයට පනින්න යන කාන්තාවන් අල්ලා ගන්නවා. අපි මේවා ගැන කතා කරලා තියෙනවා. අපි දිගින් දිගටම මිනිස් ජාවාරම් ගැන කතා කළා. මේවා ගැන අපි කතා කරනකොට ආචාර්ය මහාචාර්යවරු එක එක ඒවා කියන්න ගත්තා.
මේ අර්බුදයේදී අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? මේ අර්බුදය වෙලාවේ ඊශ්‍රායලයේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. අපේ රටේ අර්බුදයක් පෙනි පෙනී තමයි සියලුම පක්ෂවලට එකට එකතුවෙන්න කියලා මම ඉල්ලා සිටියේ.
අපිට ඊශ්‍රයාලයෙන් සහ පලස්තීනයෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ලංකාවේ අරගලය වෙලාවේ සිංහල මුස්ලිම් සියලුදෙනා එකට එකතු වුනා. හැබැයි ඒ වෙලාවේ කිසිම කෙනෙක් ඒකට නායකත්වයක් දීලා ඉස්සරහට ගියේ නැහැ.
ලංකාවේ අරගලය වෙලාවේ සිංහල, දෙමළ මුස්ලිම් හැමෝම එකට එකතු වුනා. හැබැයි ඒ වෙලාවේ කවුරුවත් මේකට මැදිහත් වුනනේ නෑ. අපි අපේ දේශපාලන අනාගතය උකස් කරලා තීන්දුවක් ගත්තා. ඒ තීන්දු ගනිපු නිසා අපිට තවම උසාවි යන්න වෙලා තියෙනවා. අපි රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් යන විට නැවත ජාතිවාදී ගැටුමක් ඇති කරගන්න විදියක් හොයනවා.
අරගලයන් නියෝජනය කළ ඇතැම් අයගේ සමාජ මාධ්‍ය දැක්කම, හිතෙන්නේ කුසගින්නේදී විතරයිද මිනිස්සු එකට තියාගන්න පුලුවන් වෙන්නේ කියලයි. බඩගින්න වෙලාවට විතරද ජාතික සමගිය ඇතිවෙන්නේ.ලංකාවේ කුරුන්දි පුදබිම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පසුගිය කාලයේදී ඇතිවුනා. කුරුන්දි පුදබිම ගැන කතා කරන්නේ නැතිව රටේ දේශපාලනයට ඉදිරියට යන්න බෑ කියලා සමහරු කිව්වා. මේක රට කළඹන ප්‍රශ්නයක් බවට පත් කරන්න හැදුවා. ඒත් රටේ ජනතාව ඒකට කලබල වුනේ නෑ. අපිට පුද බිමකට වඩා වැටුනු ආර්ථිකය ගොඩ ගන්න තියෙනවා කියලා මිනිස්සු පෙන්නුවා.
කුරුන්දි පුදබිම හරහා ජාතිවාදය උස්සන්න අයට කියන්න තියෙන්නේ ඊශ්‍රායලය හා පලස්තීනය දිහා බලන්න කියලයි. නැවත ප්‍රශ්න ඇති කරලා, යාන්තම් ගොඩ නගාගෙන යන රට නැවත වට්ටන්න එපා. ඊශ්‍රායලය හා පලස්තීනය දෙස බලලා ඒක ඉගෙන ගන්න ටික්ටොක් වගේ සමාජ මාධ්‍යවල පරණ බාමියන් බුදු පිළිම කඩා දාපුව නැවත අරගෙන ඇවිත් තියෙනවා. ඒවට අපේ රටේ සමහර දේශපාලන පක්ෂ සෘජුවම සම්බන්ධයි. ඒවා අරගෙන ඇවිත් නැවත අර්බුදයක් ඇති කරග්නන එපා. ලෝකයේ ඉවර වුන පරණ කුනු ගොඩවල් නැවත අරගෙන එන්න එපා. වින්ස්ක්රීන් එකෙන් බලන්නේ නැතිව සයිඩ් කන්නාඩිවලින් බලලා ඉස්සරහට යන්න බෑ. ඒ නිසා පරණ කුණු දිහා විතරක් බලලා ඉස්සරහට යන්න හිතන්න එපා.
ආගමික හා ඓතිහාසික මිත්‍යා කතා තව දුරටත් ලෝකයට වලංගු වෙන්නේ නෑ. ඒවා ඇති කරන්නේ ලොකු විනාශයන් විතරයි.
යුද්ධයේ අත්දැකීම් ඇති වගේම යුද්ධයේ අත්දැකීම් නැති අය දැනුවත්ව හෝ නොදැනුවත්ව මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායම්වලට එක කාරණාවක් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
මතක තියාගන්න ලංකාවේ අතීතයේ ඉදලා මුස්ලිම් ජනතාව සමග තමයි වෙළද ගනුදෙනු තිබුණේ. ඒකට සාක්ෂි ඕනෑ තරම් සොයා ගන්න පුලුවන්. ඒ අය පිටුපස්සේ තමයි පෘතුගීසීන්, ලංදේසීන්, ඉංග්‍රීසීන් ආවේ. මේ අය තමයි ලෝකය සමග අපේ රට සම්බන්ධ කළේ. ඒ කාලේ ඉදලා අපි දෙගොල්ලෝ සහජීවනයෙන් ජීවත් වුනා.
මෑත කාලයේදී එළියෙන් අරගෙන ආපු ප්‍රශ්න හැරෙන්න අපි දෙගොල්ලන්ට ප්‍රශ්න තිබුණේ නෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය අපිට ත්රස්තවාදීන් වුනාට එලියේ අයට ත්රස්තවාදීන් වුනේ නෑ. හමාස්වරු ත්රස්තවාදීන් වෙන්නේ ඊශ්‍රායලයට. අපිට ඔවුන් ආයුද සන්නද්ධ කණ්ඩායමක් විතයි. ඒ දේවල් පටලවාගෙන හුදු ආවේගයට වැඩ කරලා, අපේම සහෝදර ජනතාවට තවත් ගින්නක් ඇති කරන්න එපා. මේ අර්බුදය වඩාත් උත්සන්න වුනොත් රටක් හැටියට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එකටත් සූදානම් වෙන එක වටිනවා කියන එක තමයි වගේ අදහස.
ඊශ්‍රායල් පලස්තීන යුද ගැටුම් ඉක්මනින් අවසන් වෙලා ලෝකයට ඉක්මනින් සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යල් පැන ගිය යුද්ධ නැවත ගොඩ නැගෙන අලුත් ලෝකය තුල ඇති නොවේවා. ”
– Media unit
You may like
Local
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
Published
4 months agoon
August 1, 2026By
admin
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.
එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.
“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Local
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
Published
10 months agoon
February 7, 2026By
admin2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.
විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.
SSC ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.
තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.



Local
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
Published
10 months agoon
February 7, 2026By
admin
දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”
මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.
ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.


