Connect with us

Local

පොහොට්ටුව හොරුත් එක්ක දේශපාලනය කරන්නේ නෑ.. රොෂාන් රණසිංහ එහාට යැවුවේ එනිසයි..

Published

on

පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය නොකරන බවත් රට බංකොලොත් කළේ විපක්ෂය බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය පසුගිය සති දෙකම හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතාව කඩේ යවා ඔහු නැති කළ බවයි.

ඔහු පොදු අපේක්ෂකයා බවට සැකයක් ඇතිවීමත් සමඟ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය කලබල වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේදී අද (30) අදහස් පළකරමින් ඇමතිවරයා මේ බව කීවේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන බවට චෝදනා කරමින් ඇමතිවරයා මේ බව කීවේය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය,

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)  – ගරු කථානායකතුමනී, ඔබතුමාගේ අවධානය කාලය පිළිබඳව යොමු කරනවා. මේ වනකොට මූලික වැඩකටයුතු ආරම්භයේදීම විනාඩි 50කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ කාලය දෙපැත්තෙන් ගත්ත කතා වල අනුපාතය අනුව අඩු කරලා මේ කළමනාකරණය කරලා දෙන්න. අපිට ඊයෙත් මේ අර්බුදයට මූණ දෙන්න සිද්ධ වුණා. විපක්ෂයේ සංවිධායකතුමයි මමයි දෙන්නම මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා. එහෙම අඩු කරන්න කටයුතු කරන්න. ගොඩක් වෙලාවට ඉල්ලනවා දහවල් ආහාරය කියලා. ඒ පැය භාගය දෙනකොටත් උදේ වරුවම 14 වැනිදා සිට 28 වැනිදා දක්වා විනාඩි 552ක් අපි අමතර කාල සීමාවක් වැය කරලා තිබෙනවා. ඒකෙන් විනාඩි 204ක්ම කතා කරලා තියෙන්නේ විපක්ෂ නායකතුමා. එතකොට උදේ වරුවම ඒ අයට හම්බ වෙනවා. දවල් කෑම වෙලාවත් ඉල්ලනවා. කෑම වේලාව දෙනවට එකඟ නෑ. අඩු කරනකොට දෙපැත්තෙන්ම අඩු කරන්න. වැඩිපුර ගත්ත අයගෙන් අඩු කරන්න. නැත්තම් මෙතැන කළමනාකරණය කරන්න බැරි වෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වගකීම ආණ්ඩුපක්ෂ සංවිධායකටත්, විපක්ෂයේ සංවිධායකටත් තියෙනවා. දෙනවා නම් කළමනාකරණය කරන්න දෙපැත්තම කටයුතු කරන්න. නැත්තම් උදේ වරුවම එතුමන්ලා ගන්නවා. ඒක නිසයි මම යෝජනා කළේ දෙපැත්තෙන්ම ගත්ත කාලය අඩු කරන්න කියලා.

ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) – රට බංකොලොත් වුනාම කොච්චර දේවල් කතා කරන්න දේවල් තියෙනවද?

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)  –  රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමාව කඩේ ඇරලා නැති කරලා පොදු අපේක්ෂකයා කියලා කිව්වට පස්සේ එතුමන්ලා ඉක්මනටම දානවා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කියලා. අද උදේ පටන් ගන්නවා පාස්කු ප්‍රහාරය. සති දෙකක් දැන් ඕක අදියි. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ සාකච්ඡා කරන්න අදාල කාලය නැතිවෙනවා. ඔබතුමා මේක කලමනාකරණය කර දෙන්න.

කතානායක මහින්ද යාපා අබේවර්ධන – (විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට) ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මේ කාලය නාස්ති කරනවා නම් අපි කොහොමද සභාවේ කටයුතු කරන්නේ. ඔබතුමා හිතා මතාම නේ මේ විනාශය කරන්නේ. බොහොම වැරදියි ඒක.

ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) – මෙතුමා කියනවා අපි වැඩි වෙලාව ගන්නවා කියලා. රට බංකොලොත් කොච්චර දේවල් කතා කරන්න තියෙනවද?

කතානායක මහින්ද යාපා අබේවර්ධන – දැන් ඕක විසිපස් වතාවක් විතර කිව්වා.

ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) – කොච්චර කිව්වත් තෙරෙන්නේ නෑ මේ අයට.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – රට බංකොලොත් කලේ මේ අයයි. මේ හොරුත් එක්ක පොහොට්ටුවේ මිනිස්සු දේශපාලනය කරන්නේ නෑ. රොෂාන් රණසිංහලා අපි ඒ පැත්තට ඇරියේ ඒ නිසයි. ”

– ප්‍රදීප් අනුර කුමාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් ජනපති අපේක්ෂකයා කරන්නැයි කියන්නේ සුළු පිරිසක්.. නාමල්..

Published

on

By

වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටිනඅපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවාරනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .

– ADA

Continue Reading

Local

පෙරපාසල් ගුරුවරුන්ට සාමදාන විනිසුරු තනතුරු..

Published

on

By

පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය.

අභියෝග රැසක් මැද පෙරපාසල් ගුරුවරුන් සිය සේවය සිදුකරන බව පැවසීය.

ඔවුන්ට නිසි වැටුපක් ලබාදීම සඳහා රජයේ අවධානය මේවන විට යොමුව ඇතිබව මංත්‍රීවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම විවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පෙර පාසල් ගුරුවරයාට තවත් වටිනාකම එක් කිරීමේ අරමුණින් සාමදාන විනිසුරු තනතුරු ලබාදීම සිදුකර බව පැවසීය.

අවුරුදු 25 කට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියන් ලෙස සේවය කර ඇති ගුරුවරියන් සදහා සාමදාන විනිසුරු තනතුරු පිරිනැමීම සිදුවිය.

– නිපුනි හසරංගි

Continue Reading

Local

රට යවන්න ලක්ෂ 30ක් වංචා කලැයි දමිතා ගැන විමර්ශණ..

Published

on

By

රංග­න­වේ­දිනී දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට (26) දැනුම් දුන්නේය.

දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30කට අධික මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර ඔවුන් දෙදෙ­නාට බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණී­මට දැන්වු­වත් එය නොස­ලකා හැර ඇති බැවින් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොති­සි­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම දෙදෙනා සැක­ක­රු­වන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ අව­ස්ථාවේ විමසා සිටි­යේය.

“මෙතෙක් සැක­ක­රු­වන් ලෙස නම් කර නැහැ. විම­ර්ශන අව­ස්ථාවේ සිටින්නේ. පොලි­සි­යට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නද පැමි­ණියේ නැහැ. අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි නොතී­සි­යක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිල­ධා­රීන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යේය.

“සැක­ක­රු­වෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකා­ර­යෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

– Dinamina

Continue Reading

Trending

Copyright © www.pattare.lk