Connect with us

Local

ගුරු වැටුපට ප්‍රමුඛතාව දුන්නොත් සිසුන්ගේ ප්‍රමුඛතා මඟහැරෙනවා…

Published

on

පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද (04) පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවය‍ට එක්වෙමිනි.

එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම දෙසැම්බර් මස 22 වන දින පාසල් නිවාඩුව ලබාදුන් පසු නැවත පෙබරවාරි මස 02වන දින සියලු‍ පාසල් ඇරඹෙන අතර මෙරට සිසුදරුවන්ගේ පාසල් පැමිණීම අඛණ්ඩව හා සක්‍රීයව පවත්වා ගෙනයාම වෙනුවෙන් ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල පිහිටි පාසල් සහ තෝරාගත් පිරිවෙන්වල භික්ෂුන් වහන්සේලා, සිල් මාතාවන් සහ සිසු දරුදැරියන් 747,093ක් වෙනුවෙන් මෙවර පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,200කි. මෙවර පාසල් පාවහන් තිළිණ පතක වටිනාකම රුපියල් 3000 කි. තිළිණපත් සඳහා පාවහන් අලෙවිකිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලත් වෙළඳසැල් වෙතින් සිසුන්ට පාවහන් ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. මේ සම්බන්ධව දෙමව්පියන් සහ සිසුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අදාළ උපදෙස් පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, මීට අදාළ චක්‍රලේඛයක් ද පාසල් වෙත නිකුත් කර ඇත.

එළඹෙන වසරේ දී පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, අපේ රට පමණක් නොව ලොව බොහෝ රටවල් අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවන් සමයක රජයක් වශයෙන් ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු කරන්නට සිදුව ඇති බව ද අවධාරණය කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ ජී නිමල් ජයවීර මහතා, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.පී ආර් රාජරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

– මාධ්‍ය ඒකකය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ත්‍රිරෝද රථයකින් පෙම්වතිය පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

Published

on

By

ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

– කළුතර සුනිල් එස් තන්ත‍්‍රිආරච්චි

Continue Reading

Local

මම ජනපති වුනාම මුදල් ඇමති හර්ෂ..

Published

on

By

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Continue Reading

Local

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි.. ජනාධිපති එකග වුනා..

Published

on

By

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයට පැමිණ අවසන් බවත් ස්ථිර වශයෙන්ම ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරඟ නොවදින බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk