Connect with us

Local

මිහින්තලා හිමි කෝටි 105ක් වන්දි ඉල්ලා නඩු 22ක් දමයි..

Published

on

‘මිහින්තලාවට හඬක්’ නමින් හදුන්වන යූටියුබ් නාළිකාවක් ඔස්සේ තමන් වහන්සේට සිදු කළ අපහාස සහ තර්ජන හේතුවෙන් සිදුව ඇති හානියට වන්දි ලෙස රුපියල් කෝටි එකසිය දහයක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලාවට හඬක් නමින් හදුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු විසිදෙකක් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරනු ලැබීය.

ඓතිහාසික මිහින්තලා රජමහ විහාරධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජේ‍යෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා මඟින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් පවරා ඇති මෙම නඩු විසිදෙකෙහිම වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ මිහින්තලාවට හඬක් නමින් හදුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන මිහින්තලේ, නුවර පාර, යස ඉසුරු ලිපිනයේ පදිංචි අජිත් එදිරිසිංහ යන අයයි.

මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩු විසිදෙකට අදාළව එක් එක් නඩුවක් සඳහා ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් කෝටි පහකි.

අදාළ නඩු විසිදෙක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරමින් ජේ‍යෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ, පෙත්සම්කාර වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඓතිහාසික මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති සහ භාරකරු මෙන්ම ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ හිමිනමක බවයි.

මෙම නඩුවල වගඋත්තරකරු ලෙස නම් කර සිටින මිහින්තලාවට හඬක් නමින් හදුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන අජිත් එදිරිසිංහ යන අය සමාජ ක්‍රියාකාරිකයකු ලෙස හුවා දක්වමින් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට දිගින් දිගටම අපහාස කරමින් සිටින බවද ස්වකීය නඩුකර මඟින් අධිකරණයට පවසා ඇති නීතිඥවරයා මේ තුළින් මිහින්තලා විහාරස්ථානය සහ විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් පදනම් විරහිත වැරැදි මත දෙස් – විදෙස් වශයෙන් සමාජගත කිරීමට වගඋත්තරකරු උත්සාහ දරමින් සිටින බවටද චෝදනා කර තිබේ.

වගඋත්තරකරුගේ මෙම ද්වේශ සහගත ක්‍රියා කලාපයෙන් පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේගේ කීර්තිනාමයට සහ ගෞරවයට හානි සිදුවන බවද අධිකරණයට ප්‍රකාශ කොට ඇති නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා වගඋත්තරකරු ස්වකීය යූටියුබ් නාළිකාවෙන් සමාජගත කරන තොරතුරු මුළුමනින්ම අසත්‍ය බවද අවධාරණය කොට තිබේ.

ඒ අනුව තම සේවාදායක පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේට මිහින්තලාවට හඬක් යූටියුබ් නාළිකාව මඟින් වගඋත්තරකරු සිදු කර ඇති අපහාස කිරීම හේතුවෙන් මෙම නඩුවේ වගඋත්තරකාර අජිත් එදිරිසිංහගෙන් වන්දි අයකර ගැනීමේ අරමුණින් පවරා ඇති මෙම නඩු විසිදෙක විභාගයට ගන්නා ලෙසත් අධිකරණයෙන් අයැද ඇති නීතිඥ විජයරත්න මහතා පවරනු ලැබූ මෙම නඩුකර විසිදෙක සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීම නඩු විභාගයන් අතරතුර සිදු කරන බවත් ප්‍රකාශ කොට තිබේ. මෙම නඩු විසිදෙක ඉදිරි දිනයක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

අනුරාධපුර – උපාලි ආනන්ද
– Mawbima –

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk