Connect with us

Politics

ඩලස් පිල දෙකඩ වේ.. පක්‍ෂයත් රැගෙන සජිත්ට එක්වේ..

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මේ වන විට බෙදීමක් ඇති වී තිබේ.

ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වෙන් යුත් සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇත.

මහාචාර්ය ජී.එල්. පිරිස්, නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර්තා වෙයි.

කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය සමඟ සන්ධානගත විය යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන් පිරිස හෝ අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය සමඟ එක්වීමට නියමිතව ඇත.

නිදහස ජනතා සභවේ අයිතියද එසේ ඉවත් වන කණ්ඩායම සතු වනු ඇතැයිද සදහන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් ජනපති අපේක්ෂකයා කරන්නැයි කියන්නේ සුළු පිරිසක්.. නාමල්..

Published

on

By

වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටිනඅපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවාරනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .

– ADA

Continue Reading

Local

ප‍්‍රමිතගේ සහයත් ජනපතිට බව කියයි.. පොහොට්ටු මතයට පයින් ගහයි..

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තම සහය ලබා දෙන බව ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පල කලේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හමුවී අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,

රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් සහය පල කිරීමට තමන් තීරණය කලේ ආර්ථික වශයෙන් රට වැටී තිබුණ මොහොතේ රට භාර ගැනීමට කිසිම නායකයකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ එතුමා මෙම අභියෝගය භාර ගෙන මේ දක්වා සාර්ථකව අපේ රට යම් ස්ථාවරත්වයකට පත් කර ගැනිමට අවශ්‍ය නායකත්වය ලබා දි තිබෙනවා.

මෙය මාගේ පෞද්ගලික තීරනණයයි. මෙය මා නියෝජනය කරන පක්ෂයේ තීරණය නොවේ. අපේ පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා ද නැත්නම් අපි වෙනත් අපේක්ෂකයකු සමග සන්ධානගත වෙනවාද කියලා අපේ පක්ෂය තවම තීරණය කර නැහැ. එම නිසා රට ගැන සිතා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මගේ සහය ලබා දෙනවා.

– Media unit

Continue Reading

Local

කෙහෙලිය තවත් සති දෙකක් වැලිකඩ රිමාන්ඩ්.. නින්දෙන් හුස්ම හිරවෙයි..

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.

ප‍්‍රශ්නගත මානව ප්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු සෙසු සැකකරුවන් හය දෙනාම පෙබරවාරි 29 වන දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී කියා සිටියේ තම සේවාදායකයා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙලෙන බවත් එවන් අවස්ථාවක දී කෘතිම ඔක්සිජන් ලබාදිය යුතු බවත්ය.

එමෙන්ම තවත් රෝගී තත්ත්ව කිහිපයක්ම ඇති නිසා බන්ධනාගාරයේ එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා දිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk