Connect with us

Local

ගෝලීය ආර්ථිකය හමුවේ හෙම්බත්වූ රටේ ආර්ථිකය ස්ථාවර වෙනවා..

Published

on

කොවිඩ්-19 ව්‍යාප්තිය හා ඉන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත්වූ රට සහ දේශීය ආර්ථිකය ගොඩ ගැනීමේ දුෂ්කර අභියෝගය ජයගැනීමට සියලුම ජනතාව නිවරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටින සමස්ථ ජනතාවටත් තම හෘදයාංගම ස්තුතිය පිරිනමන බවද ඔහු පවසයි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (01) පැවති උත්සවසවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කරයි.  2024 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කළ එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට සහ ජනතාව මුහුණදී සිටිනවා. මේ තත්ත්වයන් සාමාන්‍යකරණය වීමට යම් කාලයක් ගත වේවි. ජනතාවට දැඩි අපහසුකම් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් අද මේ ඔබ දුක් විඳින්නේ අනාගත පරපුර වෙනුවෙන්. මේ අවදානම් සහගත තත්ත්වය ඉතාම කෙටි කාලයකින් පහව යාවි යැයි අප රජයක් ලෙස දැඩිව විශ්වාස කරනවා.

රට හා ජනතාවගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සුවිශේෂි වැඩ කොටසක් සිදුකරනවා. විශේෂයෙන්ම මෙය රටේ සංවර්ධනයට ඍජුවම වග කියන ආයතනයක්. 2024 වසර සඳහා මෙම අමාත්‍යාංශයට අයවැය මගින් රුපියල් මිලියන 23,412ක් වෙන් කර තිබෙනවා. නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 7,650ක් කසළ කළමනාකරණය හා පරිසර ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 7,790ක් වෙන් කරලා තියෙනවා. පූනරීන් නගර සංවර්ධනය කදුරට දශකය ඒකාබාද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීම, බණ්ඩාරවෙල තොග එළවළු මධ්‍යස්ථානය දියුණු කිරීම සහ විසල් මිහින්තලය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 11,450ක් වෙන් කරලා තියෙනවා.

විවිද හේතූන් නිසා කඳුරට ප්‍රාදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන් වර්ධනය අඩු බව අපි පිළිගන්නවා. ඒ තත්ත්වය සැලකිල්ලට ගෙනයි අයවැයෙන් කඳුරට දශකය වැනි දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට යෝජනා කළේ. ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. මධ්‍යම පළාත, සබරගමුව පළාත, මාතර,ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල, දිස්ත්‍රික්ක ඇතුළුව  දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් 89ක එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.

සැලසුම් හා ආයෝජන අනුමත කිරීම ප්‍රමාදවීම ගැන නාගරික සංවර්ධන අධිකාරියට චෝදනාවක් තබුණා. එය කාර්යක්ෂම කිරීමට අප ONE STOP UNIT ආරම්භ කළා. ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ අදාළ සැලසුම් අනුමත කිරීම එහිදී සිදු වෙනවා. මේ සඳහා ආයතන 33ක් සම්බන්ධ කරගනිමින් විෂයපථ කමිටුවක් පත් කළා. 2025 වසර වනවිට ලංකාව පුරාම  ‍සංවර්ධන බල ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි පවැසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා මෙසේ පැවසීය.

අපි ගෙවා දැමුවේ අභියෝගාත්මක වසරක්. අපි අදින් එළබෙන්නේ තවත් අභියෝගාත්මක වසරකටයි. කොඩිඩ් වයිරස ව්‍යාප්තිය නිසා රට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නා. තවමත් අපි මුහුණදී සිටින්නේ එ අභියෝගවලටයි. අපිට හොඳ දේශපාලන නායකත්වයක් ලැබෙනවා. ඒ නිසා රටත් ජනතාවත් මුහුණදී සිටින අභියෝගවලට පිලිතුරු සෙවිමට රාජ්‍ය සේවකයන් වශයේ අපි කැපවී කටයුතු කරමු.අර්බුධකාරී යුගයක අභියෝගවලට මුහුණ දෙමින් කටයුතු කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ සියලුම සේවක සේවිකාවන්ට මම මාගේ ස්තූතිය පළ කරනවා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා දෙපාර්තමේන්තුවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිළධාරීන්, සේවක සේවිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් ජනපති අපේක්ෂකයා කරන්නැයි කියන්නේ සුළු පිරිසක්.. නාමල්..

Published

on

By

වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටිනඅපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවාරනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .

– ADA

Continue Reading

Local

පෙරපාසල් ගුරුවරුන්ට සාමදාන විනිසුරු තනතුරු..

Published

on

By

පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය.

අභියෝග රැසක් මැද පෙරපාසල් ගුරුවරුන් සිය සේවය සිදුකරන බව පැවසීය.

ඔවුන්ට නිසි වැටුපක් ලබාදීම සඳහා රජයේ අවධානය මේවන විට යොමුව ඇතිබව මංත්‍රීවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම විවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පෙර පාසල් ගුරුවරයාට තවත් වටිනාකම එක් කිරීමේ අරමුණින් සාමදාන විනිසුරු තනතුරු ලබාදීම සිදුකර බව පැවසීය.

අවුරුදු 25 කට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියන් ලෙස සේවය කර ඇති ගුරුවරියන් සදහා සාමදාන විනිසුරු තනතුරු පිරිනැමීම සිදුවිය.

– නිපුනි හසරංගි

Continue Reading

Local

රට යවන්න ලක්ෂ 30ක් වංචා කලැයි දමිතා ගැන විමර්ශණ..

Published

on

By

රංග­න­වේ­දිනී දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට (26) දැනුම් දුන්නේය.

දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30කට අධික මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර ඔවුන් දෙදෙ­නාට බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණී­මට දැන්වු­වත් එය නොස­ලකා හැර ඇති බැවින් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොති­සි­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම දෙදෙනා සැක­ක­රු­වන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ අව­ස්ථාවේ විමසා සිටි­යේය.

“මෙතෙක් සැක­ක­රු­වන් ලෙස නම් කර නැහැ. විම­ර්ශන අව­ස්ථාවේ සිටින්නේ. පොලි­සි­යට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නද පැමි­ණියේ නැහැ. අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි නොතී­සි­යක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිල­ධා­රීන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යේය.

“සැක­ක­රු­වෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකා­ර­යෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

– Dinamina

Continue Reading

Trending

Copyright © www.pattare.lk