Connect with us

Local

කදුළු ගෑස් ගහන සල්ලිවලින් පාසල් පද්දතිය හදන්න පුළුවන්…

Published

on

සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් වැටුප් ලබා දෙන රටක වියදම් කළ යුත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාරවලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට ද එසේ නොමැති නම් ගුරු හිඟය, සම්පත් හිඟය පියවා අධ්‍යාපනය ගොඩ නැගීමටද කියා සිතිය යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ දික්වැල්ල මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය කුරිරුභාවය, කූරත්වය, ප්‍රචණ්ඩත්වය හරහා සමගි ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බවත් ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව වීදි සටනක් සිදු කළත් අනීතික රජයක අනීතික ප්‍රහාරවලට ලක්වීමට සිදුවූ බවත් මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ජනමතයක් නොමැති ජනතාව පත් නොකළ වරමක් නොමැති රජයක් විසින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කදුලු ගෑස්, ගුටි බැට, පොලිස් තර්ජන, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට පාසල් 10126 අඩුපාඩු දෙස බලා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් දෙස බලන ලෙසත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් ලොකු හඬක් නගපු ජනතාවගේ මානව හා මූලික අයිතිවාසිකම් රජය කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය දක්ෂ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විතරයි

මේ රජය දක්ෂ වී ඇත්තේ 365 දවසෙම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය තුළින් ජනතාවගේ කටවල් වැසීමට බවත් පැහැදිලිවම සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ නිදහස ඇතුළු සෑම නිදහස්ම තහවුරු කර ඕනෑම අභියෝගයකට මුහුණ දී ලොවටම ගැලපෙන ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපන ක්‍රමයක් ඇති කර බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

– Media unit

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk