Connect with us

Local

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට දැඩි බලපෑමක්..

Published

on

‘පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්නැයි පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඔවුන්ගේ පැත්තෙන් නම් සාධාරණයි. මේ ජනපතිවරනයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවහම ඉන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පහත වැටෙනවා. රාජ්‍ය බලය සමග මැතිවරණයකට යන පක්ෂයකට මැතිවරණයකදී පුංචි වාසියක් තියෙනවා. දැන් රාජ්‍ය බලය ඔවුන් අතේ. රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය මාධ්‍ය ඔවුන්ගේ වාසියට හසුරුව ගන්න පුළුවන්.

නමුත් ජනපතිවරණය පැරදිලා නම් ඔවුන් මහ මැතිවරණයකට යන්නේ ඒ වාසිය ලැබෙන්නේ නෑ. පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්න කියලා.

අනික් පැත්තෙන් ගත්තොත් පොහොට්ටුව සහ එජාපය පාර්ලිමේන්තු ඡන්දය පැරදුනු ගමන් ජනාධිපතුමන් අකර්මණ්‍ය වෙලා දිනන පක්ෂයේ අගමැතිතුමන් තමයි රට පාලනය කරන්නේ. පරණ පිනක් හිසේ කඩා වැටුනා වගේ ලැබුණු ජනාධිපතිධූරයේ කාලය එසේ කෙටිකරගන්න ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා මම හිතන්නේ නෑ.

ප්‍රශ්නය
මන්ත්‍රීවරුන් 113කු් කැමතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිතුමන් කැමති කියලා රාවයක් යනවා නේද?

පිළිතුර
ඔය පොහොට්ටුවේ නායකයෝ කෑගැහුවට පොහොට්ටුවේ මන්ත්‍රිවරු නම් දන්නවා ඡන්දයක් තිබ්බොත් ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා මන්ත්‍රීවරුන් 113කගේ සහය ගන්න පුලුවන් වෙන එකක් නැ.

ප්‍රශ්නය
ඉදිරි මැතිවැරණ සදහා ඔබතුමන්ලාගේ සූදානම කුමක්ද?

පිළිතුර
ඕනෑම මැතිවරණයක් සදහා අප සූදානම්

– Media unit

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

මෛත‍්‍රී අපේක්‍ෂකත්වය දෙන්න මිලියන 100ක් ඉල්ල ලා..

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමකට සම්බන්ධ වීම හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට අපහාස කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ශ‍්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පනවා ඇතැයිද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් හෙතෙම කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින මෙරට සිටින ප්‍රධානම ව්‍යාපාරිකයෙක් මුණ ගැසී අපේක්ෂකත්වය ලබාදීම සඳහා මිලියන සීයක් ලබාදෙන ලෙස ඉල්ලා ඉල්ලා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එම ව්‍යාපාරිකා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ විට එවන් හමුවක් සිදුවූ සිදුවන ලද බවද පිළිගන්නා පිළිගත් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවිච්චි වෙමින් ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ නඩු කටයුතුවලින් බේරීමට, ඔහුගේ ආරක්‍ෂාවට, මුල්‍යමය කටයුතු වෙනුවෙන් වී කොතරම් අසාධාරණයක්දැයි හෙතෙම තවදුරටත් ප්‍රශ්න කළේය.

සිය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Continue Reading

Local

විජේදාස මන්ත‍්‍රීකමත්, සාමාජිකත්වයත් දෙකම එකවර නැතිවෙන කරුණු සියල්ල සපුරාගනී..

Published

on

By

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය අහෝසි වී මන්ත්‍රී මන්ත්‍රී ධූරයද අහෝසි වීමේ සියලුම අව්‍යශ්‍යතා සපුරා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මත තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස අමාත්‍ය ධුරයක් දරා ලබාගෙන විපක්ෂය නියෝජනය කරන පක්ෂයකට ගොස් එහි සාමාජිකත්වය ලබාගෙන එහි සභාපති ධුරයක් ලබා ගැනීම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වීමට ප්‍රමාණවත් බවද හෙතෙම කියා සිටියේය.

මෙම කාර්යයේ ඇති නීතිය අවනීතිය ඉතා හොඳින් නීතිය දන්නා විජයදාස රාජපක්ෂ මහතා දැනුවත් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Continue Reading

Local

හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්.. 

Published

on

By

හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි. මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.

මාධ්‍ය ඒකකය

Continue Reading

Trending

Copyright © www.pattare.lk