Connect with us

Local

මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල අපරාධ සම්බන්ධයෙන් පියුමි ගැන පරීක්‍ෂණ..

Published

on

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පියුමි හංසමාලිගේ “LOLLIA” Skin Care (Pvt) Ltd. ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයන හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් එලෙස විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළ නවීන පන්නයේ මෝටර් රථ, අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන හෙයින් ඇය නීති විරෝධී ක්‍රියාවන් සිදුකර මෙම මුදල් උපයා ගත්තේද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මුහුණ ඇතුළු සම සුදු කරන ආලේපන අලෙවි කරන ව්‍යාපාරයක් වන පියුමි හංසමාලිගේ ලොලියා ආයතනය සම්බන්ධයෙන් සමාගම්​ රෙජිස්ටාර් කාර්යාලය මගින් එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධීන් පිළිබඳව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

– Aruna

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk