Local
කොටින්ට අවි දුන්නේ පේමදාස, බටලන්ද නියමුවා රනිල්, ජවිපෙට වැඩපිලිවෙක් නෑ.. රට ගොඩ ගත හැක්කේ නාමල්ට පමණයි..
Published
2 years agoon
By
admin
ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති අතර ත්රස්තවාදීන්ට අවි ආයුධ දුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාටද, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ජාතික ආරක්ෂාව තහවුරු කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා,
“මේ වන කොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යන අවස්ථාවක්. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04 ක් තමයි තරඟයේ කරට කර ඉන්නේ. දැන් විවිධ කතාබහා සහ මඩ ප්‍රචාර ඒ සියල්ල තමයි අපිට මාධ්‍ය හරහා එලියට එනවා පේන්නේ. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව සම්පූර්ණ කරන්න පුළුන් මේ අපේක්ෂයෝ 04 න් මොන අපේක්ෂයාටද කියලා, ඒ වගේම ආර්ථික වැඩපිළිවෙල කෙසේද හදන්නේ කියන කාරණා තමයි රටේ ජනතාවට වැදගත් වෙන්නේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයක් දරපු නැති නිසා එතුමා කියන දේවල් පිළිගන්නවාද නැත්ද කියන කාරණය විතරයි කතිරයක් ගහලා පෙන්වන්න වෙන්නේ. අනුර කුමාර දිසානායක මහතාගේ ඉතිහාස කතාව බැලුවාම වැඩකරලා පුරුදු නැහැ, කෙනෙකුගේ ආර්ථිකය හදලා පුරුදු නැහැ. ඒ වගේම හදපු වරායට, ගුවන්තොටුපොලට, අධිවේගි මාර්ගයට අවලාද කරනවා. ගම්මානවල විදුලි ප්‍රශ්න විසඳන්න උමා ඹය වගේ ව්‍යාපෘති ගේනකොට උමා ඹයේ හිලක් ගැන කතා කරනවා. ක්‍රියාකාරි රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවය කරන්න දේන්නේ නැතිව වෘත්තිය සමිති හදාගෙන අඩාල කරනවා. අධ්‍යාපනය විනාශ කරනවා. ගුරුවරයාගේ ගරුත්වය විනාශ කරනවා. මේවා තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබෙන කතා. ඒ නිසා මම විශ්වාස කරන්නේ රට ගොඩනගන්න පුළුවන් බිමේ පැළ කර හැකි ප්‍රතිපත්තියක්, බිමේ මේ වෙනකොට පැල කරලා පෙන්වපු ප්‍රතිපත්තියක්, චින්තනයක් තිබෙන එකම අපේක්ෂකයයි මේ මැතිවරණය පුරාම ඉන්නේ, ඒ නාමල් රාජපක්ෂ මැතිතුමා පමණයි.
2005, 2015 ගෙනාපු මහින්ද චින්තනය එතනින් එහාට ගිය නවීන තාක්ෂණය මුසු කරලා අලුත් අදහස් එකට කැටි කරලා මේ වන කොට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම අපේක්ෂයා නාමල් රාජපක්ෂ මැතිතුමයි. අනුර කුමාරට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්ද? අපේ රටේ බෞද්ධ ස්ථානවලට ප්‍රහාර දිලා, හමුදා නිලධාරීන් මරලා දාලා තිබෙනවා. එහෙම කෙනෙකුට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. 2022 පාරට බැහැලා පාර්ලිමේන්තුව අල්ලන්න ඇවිල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මරලා, වර්තමාන වැඩතහනම් කරලා තිබෙන පොලිස්පතිතුමාට එලව එලව ගැහුව්වා. එහෙම කරපු අය කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නැහැ.
ඒ වගේම කොටින්ට අවි ආයුධ දුන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. ඒ අවස්ථාවේ තිබුණු බටලන්දේ තිබුණු අත්දැකීම් සහ විවිධ අත්දැකීම් පාවිච්චි කරලා කොලහල තත්වය මැඩපවත්වන්න පුළුවන් වුණා. දමිළ, මුස්ලිම් ඡන්දය ගැනීමේ පරමාර්ථයෙන්ම විනා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් නැතිව තමයි මේ අපේක්ෂයින් තුන්දෙනා කටයුතු කරන්නේ.
නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පොහොට්ටුවේ කඳවුර මොන හේතුවක් නිසාවත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරන්නේ නැහැ. එහි යම් යම් හොඳ කාරණා ක්‍රියාත්මක කරනවා සේම මොන හේතුවක් නිසාවත් වෙනම රාජ්‍යක ස්වරූපය හදන්න පුළුවන් විදිහේ පොලිස් බලතල, ඉඩම් බලතල අපි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. රට හදන්න පුළුවන් ප්‍රතිපත්තිමය සැලැස්මක් තිබෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාටයි.
යහපාලන ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැ ආපස්සට දැම්මා. ඔවුන් කලේ මහින්ද මහතා ගෙනාපු වැඩසටහන රනිල් වික්‍රමසිංහ මහතා කලේ විවෘත කිරීමක් පමණයි. මේ සියල්ල චෝදනා කරනවා විනා මේ එකක්වත් සංවර්ධන කරන වැඩසටහනක් අපි මේ ආණ්ඩුවලින් දැක්කේ නැහැ. අපේ ආණ්ඩුව හරහා ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීම , මහා ප්‍රමාණ ව්‍යාපෘති ගේන්න මේ සියල්ල පුළුවන්කම තිබෙන්නේ මහින්ද චින්තනයට පමණයි.
සමහරු කියනවා තෙල් පෝලිම, කිරිපිටි පෝලිම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නතර කළා කියලා. නමුත් කාංචන ඇමතිතුමාට අභියෝග කරනවා තෙල් පෝලිම, ගෑස් පෝලිම නතර කරන්න ප්‍රධාන සාධකය වුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පවත්වලා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙනාපු ඩොලර් බිලියන හතරේ මුදල නිසා නොවේද මේ තත්වය සමථයට පත්කරගන්න පුළුවන් වුණේ කියලා.
රටේ ජනතාවට වැදගත් වන්නේ මේ සුරංගනා කතා නොවේ. මේ රට ඉස්සරහාට ගෙනියන්න පුළුවන් පොලොවේ පැල කල හැකි ඇත්ත චින්තනයක් තිබෙන්නේ මේ අපේක්ෂයින් හතර දෙනාගෙන් කාටද කියලා බලන්න? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇත්තේම නැහැ. අපි ඒ කඳවුර නියෝජනය කරපු නිසා දන්නවා. දේශීයත්වය , දේශීය චින්තනයක්, දේශීය නිෂ්පාදනයක් එක්ක රටේ අනාගතයට යන්න පුළුවන් 2005, 2015 පෙන්වපු මහින්ද මහතා බිමේ පැල කරපු දර්ශනය තිබෙන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. අවුරුදු 38 තරුණයෙකුට මේ රට භාරගන්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
අනුරාධපුරු දිස්ත්‍රික්කයේ ඔබේ ඡන්දයෙන් මහින්ද මහතාගේ මුහුණ විකුණගෙන පාර්ලිමේන්තුවට ආපු අයියලා , මල්ලිලා , පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිකම් දරන තාත්තලා පුතාලා අපිව මගඇරපු අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ලා, මන්ත්රිවරුන්ලා අති සාර්ථක රැස්වීමක් කරන්න දුන්න සහයෝගයට පක්ෂයක් හැටියට හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ.
You may like
Local
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
Published
4 months agoon
August 1, 2026By
admin
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.
එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.
“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Local
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
Published
10 months agoon
February 7, 2026By
admin2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.
විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.
SSC ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.
තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.



Local
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
Published
10 months agoon
February 7, 2026By
admin
දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”
මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.
ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.


