Connect with us

Politics

රවි ඇමතිකමකට පාර්ලිමේන්තුවට…?

Published

on

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගැනීම සඳහා රවි කරුණානායක මහතා මෙසේ පාර්ලිමේන්තුව පිවිසීමට සූදානම් වන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසින් බවත් ඒ සඳහා මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇතැයි ද තොරතුරු ලැබී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරු අරන්.. මහ ලේකම් දයාසිරි පොලිසි යයි..

Published

on

By

 ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු තිබේ.

තමන් මහලේකම්වරයා ලෙස වැඩ බැහැර ගැනීම සඳහා  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේ එහි ඇතුල්වීම වළක්වාලමින් ඉබි යතුරු දමා තිබීම සම්බන්ධයෙනි.

ඉදිරියේදී පක්ෂයේ තනතුරු සොරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේය.

Continue Reading

Local

කුඩු ජාවාරමෙකු ලග පියුමි නමට ගත් BMW එකක්..

Published

on

By

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබේ.

මෙම පුද්ගලයා ගුවන් මගින් කුෂ් හා කොකෙන් නම් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල ප‍්‍රදේශයේ සැගව සිටියදීය.

ඔහු සතුව තිබූ මෝටර් රථය පියුමි හංසමාලි නමින් මිලට ගෙන තිබූ එකක් බව හෙළිදරව් වී ඇත.

එම සුඛෝපභෝගී මෝටර් රථය සඳහා රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමට නියමිතව තිබි ඇත.

Continue Reading

Trending

Copyright © www.pattare.lk