Local
මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් බවට…
Published
8 months agoon
By
adminඉතාමත්ම ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේම පාර්ලිමේන්තුවට ගෙන එමින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම ‘කිරි කලයට ගොම බින්දුවක් දැමුවා සේ’ ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා පවසයි.
එහිදී මෙතරම් ප්‍රගතිශීලි පනතක් මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනතට වඩා පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ පනතක් බවට ආණ්ඩුව පත්කළ බව ඒ මහතා පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“2023 ජනවාරි 19 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඉතා වැදගත් පනතක්. ඒ මගින් ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වියදම්, විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රචාරක වියදම් පිළිබඳව උපරිම සීමාවක් පැනවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණා. මේක ඉතාමත්ම වැදගත් පියවරක්. රට තුළ පාදඩ සල්ලි, පාදඩ මාධ්‍ය ආයතන යනාදිය පාවිච්චි කරලා තමන්ගේම වූ අපේක්ෂකයින් දිනවීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට තියපු ලොකු ‘තිතක්’ හැටියට අපි මේක හඳුනා ගන්නවා. මෙහි තියෙන එකම අඩුපාඩුව තමයි අපේක්ෂකයන්ට මේ දැන්වීම් දාන්න කොහෙන්ද මුදල් ලැබුණේ කියන එක පිළිබඳව ඒක ප්‍රකාශ කරන්න තැනක් නොමැති වීම. සාමාන්‍යයෙන් වෙනත් රටවල ක්‍රියාදාමය එයයි. එහි ඉතාමප්‍රගතිශීලි වගන්ති 9 ක් අවසාන මොහොතේ අර ප්‍රචාරණ කටයුත්තට මවිසින් යෝජනා කළා විජේදාස රාජපක්ෂ මැතිතුමාට. රූපවාහිනී, ගුවන් විදුලි සේවාවනුත් ඇතුල් කරන්න කියලා. ඒවා ඩිජිටල් මාධ්‍ය හැටියටයි ඔවුන් හඳුනාගෙන තිබුණේ. නමුත් ඒවා අපි දන්නවා මාධ්‍ය හැටියටත් තියෙනවා. ඉතින් ඒක අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්නත්, මමත් යෝජනා කළා. අධිකරණ ඇමතිතුමා ඒක ඇතුළත් කලා.
ඒ අනුව මින් ඉදිරියට රූපවාහිනී, ගුවන් විදුලි සේවාවන්, පුද්ගලික නාලිකාවන් අවභාවිතා කරලා තමන්ගේ අපේක්ෂකයින් දිනවීමට කටයුතු කිරීමට, පාලනයක් එල්ල වෙයි කියලා අපි හිතනවා. මින් ඉදිරියට මැතිවරණ කොමිසමට උසාවිය දෙන නියෝගය මත අදාළ පනත් වෙනස් කිරීමෙන් හෝ (පළාත් පාලන ආයතන පනත, මහ මැතිවරණ පනත, පළාත් සභා පනත, ජනාධිපතිවරණ පනත) මාර්ගෝපදේශයන් නිකුත් කරන්න නොහැකි වෙනවා. ඒ කියන්නේ අපේක්ෂකයෙකුට වැඩියෙන්ම වියදම් කරලා ප්‍රචාරණය කරන්න පුළුවන් සීමාව මෙච්චරයි.ඔවුන් ඒ අනුව නොයෙක් කාරණා සැලකිල්ලට ගනී. කොට්ඨාශයේ ප්‍රමාණය, කොට්ඨාශයේ ජන සංයුතිය, භූගෝලීය පටිපාටිය මේ සියල්ලම සැලකිල්ලට අරගෙන ඔවුන් ඒ නියමයන් කරයි.
ඉතින් රජය බලාපොරොත්තු වෙනවා නම් මේක යටි අරමුණක් හැටියට මේක පාවිච්චි කරලා, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය කල් දාන්න ඒක ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා තමයි 19 වගන්තිය හැටියට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයා ගෙනාවේ මේ පළාත් පාලන මැතිවරණයට මෙය වලංගු විය යුතු නැහැ. ඉදිරි මැතිවරණ වලට වලංගු විය යුතුයි කියන යෝජනාව. ඒක රජය පිළිගත්තේ නැහැ. තුන්වෙනි වර ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ නිසා. එයට එරෙහිව මම ඡන්දය පාවිච්චි කළා. නමුත් අවාසනාවකට අපිට පේනවා මේ පාර්ලිමේන්තුවේ තත්වය, මේ දවස්වල හුඟක් දෙනෙක් අඩුයි. මොකද මේ මැතිවරණ කලබලය නිසා. නමුත් මෙවැනි වැදගත් පනතක්, ඉල්ලලා උස් හඬින් කතා කරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. මේ පිළිබඳව මීට වඩා වගවීමෙන් යුතුව අපේ විපක්ෂයේ පිරිස් කතා කරනවා වගේම, තමන්ගේ කැපවීමත් ප්‍රදර්ශනය කළොත් හොඳයි කියන මතය අපි කියනවා.
මැතිවරණයට මුදල් නෑ කියලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් උසාවියට දීපු දැනුම් දීමත් ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. මොකද මේක ඉදිරියේදී ජනාධිපතිවරණයකට වුණත් කරන්න පුළුවන් දෙයක් නිසා. මැතිවරණයට අරමුණු දෙකයි තියෙන්නේ. එකක් පසුගිය මැයි 09 වෙනිදා හා ජූලි 09 වෙනිදා පලවා හරිනු ලැබූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂවාදය ප්‍රමුඛ ඒ සහචරවාදය, අනුචරවාදය, මේ රටේ 10% ගෙන ඒමේ වගකීම හා දෙවන එක ස්වයං ශක්ති ප්‍රාදේශීය සභා, නගර සභා ඇතිකර ගැනීමට හැකි පිරිසක් බලයට පත් කිරීම. පොදුවේ අපි සියලුම විපක්ෂ කණ්ඩායම් වලට යෝජනා කරනවා, සීයට අනූවක විපක්ෂ බලයක් ගොඩ නඟමු. පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් පාලනය කරන රාජපක්ෂලාට ඒක කරන්න බැරි කරමු. එමගින් ජනාධිපතිතුමාට තවදුරටත් පොහොට්ටුවේ කිහිලිකරු වලින් යන්න වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට සිදුවෙනවා විපක්ෂයට අනුව යන්න. එහෙමත් නැත්නම් එතුමාට ඒ ධූරය හැර යන්න. ඉතින් ඒකට මෙය බලගතු ජනමත බලයක් බවට පත් කරගමු. කියන යෝජනාවත් අපි විවෘතව ඉදිරිපත් කරනවා.”
– Media unit
You may like
Local
රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…
Published
1 month agoon
August 13, 2023
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම
2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…
මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……
Business
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…
Published
1 month agoon
August 10, 2023
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.
එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.
මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…
“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.
සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.
Local
අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…
Published
1 month agoon
August 10, 2023
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.
මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.
පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.
මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.
එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.
තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.