Connect with us

Local

රවි මාධ්‍ය කැදවයි.. මහ බැංකු ලොක්කන්ට දොස් මුරයක්…

Published

on

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා චෝදනා කර සිටියි.

හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මේ චෝදනාව එල්ල කර සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ දැකීය.

”රට කඩා ගෙන වැටිලා. ඒ වගේම ලෝකය කඩා ගෙන වැටිලා. විපක්ෂය දේශපාලන වේදිකාවේ සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. විපක්ෂයට වැඩ පිළිවෙළක්-දර්ශනයක්-ඉලක්කයක් ඇත්තේ නැහැ. මේ විපක්ෂයෙන් රටට-ජනතාවට කිසිම සෙතක් ඇත්තේ නැහැ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ සෑම ප්‍රශ්නයකටම අලවන්න පුළුවන් පැලැස්තරයක් නොවෙයි. මේ අයත් එක්ක රටක් ගොඩනැගීම ඉතාම අසීරුයි. මේ අයත් එක්ක ගිහින් සාර්ථක වුණේ කොරියාව විතරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කතාව හොඳයි. නමුත් අප ඒ කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ දේශීය මට්ටමේ වටිනාකම් ආරක්ෂා කර ගනිමිනුයි. සුද්දෝ ඇවිත් කිව්වා කියලා ඒ සියල්ල ගෙඩිය පිටින්ම අප බදා ගත යුතු නැහැ.

අවුරුදු හැත්තෑ හතරකට පසු රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියල්ල නොමිලයේම ලබා දීම සහ සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන නිසයි. රටේ ආදායම රුපියල් ට්‍රිලියන දෙකක් වන විට රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් ට්‍රිලියන 1.8ක වැය වනවා. ඒ අනුව අතේ ඉතිරි වන්නේ රුපියල් බිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. එවැනි සුළු මුදලකින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද..?

රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ.

අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.

අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ.

ආර්ථිකය “Digital” කළ යුතුයි. නමුත් රාජ්‍ය සේවකයින් සහ නිලධාරීන් ඊට ඉඩ දෙන්නේ නැහැ.රට ඉදිරියට ගෙන යා යුත්තේ එවැනි නවීකරණයන් හරහායි. එවිට සියලු දෙනාට සාධාරණය ඉටු වන අතර අවශ්‍යම අයට පමණක් සහන හිමි වේවි. සම්පත් සියලු දෙනා අතර සමසේ බෙදී යාවි.

රටේ වියදම ට්‍රිලියන 4.5 දක්වා වැඩි වී තිබෙනවා. එම මුදලින් 35%ක ම වැඩි වී තිබෙන්නේ පොලී අනුපාතය නිසයි. හැම රුපියලක්ම වැඩි වන විට රජයේ වියදම අයවැයෙන් අවුරුද්දට රුපියල් බිලියන 40ක් වැඩි වනවා. පොලී අනුපාතය සියයට එකකින් වැඩි වන විට අවුරුද්දකට රුපියල් බිලියන 70ක් 80ක් විතර වැඩි වනවා. මේ පොලිය සියයට එකක් අඩු වන විට රටේ වියදම රුපියල් බිලියන 70ක් අඩු වනවා. පොලිය 5% දක්වා අඩු වුණොත් රටේ වියදමෙන් රුපියල් බිලියන 350ක් විතර අඩු වනවා.

මේ වගේ අලුතින් හිතන කට්ටිය ඉන්නවා. ඒ අයව පාවිච්චි කළ යුතුයි. මේ රටේ එක එක්කෙනාගේ පෞද්ගලික බූදලයක් විදිහට ගෙන යන්න ඉඩ නොදිය යුතුයි. මම ඇත්තටම කතා කරන්නේ හිතේ අමාරුවෙන්. අප වැඩ කරන විට සමහරුන් අපේ චරිතය ඝාතනය කර විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ චෝදනා සියල්ල පුස්සක් බව රට හමුවේ මේ වන විට ඔප්පු වෙලා තියෙනවා.
මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රුපියල බාල්දු කර ඊට සමගාමීව පොලී අනුපාතය ද විශාල වශයෙන් වැඩි කිරීමයි. ඒ නිසා අලුතින් හිතන්න අවශ්‍යයි. සාමාන්‍ය ව්‍යාපාරයක් සිය ආදායමෙන් 30%ක පොලිය වෙනුවෙන් ද, 40%ක් විතර වැටුප් වෙනුවෙන් ද, විදුලිය සහ ජලය ඇතුළු අනෙකුත් වියදම් වෙනුවෙන් ද වෙන් කළාම එම ව්‍යාපාර ගෙන යන්නේ කෙසේද..?

උපයන විට ගෙවීමේ බද්ද මගින් 2023 දී රුපියල් බිලියන 100ක් විතර සොයා ගැනීමට ඉලක්ක කර තිබෙන. ඒ මුදල් ප්‍රමාණය උපයන්න බැරි බව දාන දැන ඒ බද්ද දැම්මේ ඇයි..? මිනිස්සුන්ට ගෙවන්න බැරි බද්දක් දැමීමේ ඇති වැඩේ මොකක්ද..? සුද්දෙක් ඇවිත් මේ බද්ද වැඩි කරන්න කියලා කිව්වා නම් ඒ ක්‍රියා මාර්ගය ගැනීමට නොහැකි බව කියා සිටීමට අපට ආත්ම ශක්තියක් තිබිය යුතුයි.

2023 රාජ්‍ය ආදායම ට්‍රිලියන 3.4ක් ඇස්තමේන්තු කර තිබෙනවා. උපයන විට ගෙවීමේ බද්දෙන් රුපියල් බිලියන 100ක් ඇස්තමේන්තු කර තිබුණාට එමගින් උපයා ගත හැක්කේ රුපියල් බිලියන 50ක් පමණ විතරයි. වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක් මේ බද්දෙන් කෙතරම් පීඩනයකට ලක් වෙනවා..? වැඩ කරන මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා නැති වුණාට වියදම ශීග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ අනුව මෙම උපයන විට බද්ද ගැන යළි සලකා බලන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ බද්ද ප්‍රායෝගික නැහැ.

EPF බදු ලිපි ගොනු මිලියන 14ක් තිබෙනවා. මේ හැම TAX FILE එකකටම මාසයකට රුපියල් 250ක් දැම්මොත් අවුරුද්දකට බිලියන 42ක් සොයා ගත හැකියි. සක්‍රීය බදු FILE මිලියන 3ක් තිබෙනවා. ඒ FILE වලින් හැම මාසයකම රුපියල් 750ක් ලබා  ගත්තොත් අවුරුද්දකට බිලියන 27ක් ලැබෙනවා. ඒ වගේම තවත් ලක්ෂයක පමණ බදු FILE ප්‍රමාණයක් තිබෙනවා. ඊට රුපියල් 75,000ක බද්දක් දැම්මොත් එමගින් බිලියන 90ක් ලැබෙනවා. මේ ඔක්කොම එකතු කළා ම බිලියන 157ක් ලැබෙනවා. මේ වගේ සරල ක්‍රමයක් ක්‍රියාත්මක කළා නම් රටටත් ජනතාවටත් යහපතක් සැලසෙනවා.

උපයන විට ගෙවීමේ බද්ද හේතුවෙන් සාමාන්‍ය මනුස්සයෙකුගේ ආදායමෙන් මසකට 20%ක් අඩු වුණොත් ඔහුගේ ගෙවීමට තිබෙන හැකිය වගේම ඔහුගේ ජීවන රටාව ද වෙනස් වනවා. මේ දේවල් දෙස නිර්මාණශීලීව බලා අලුතින් හිතා වැඩ කිරීමට මහා බැංකුව ක්‍රියා කළ යුතුයි.

ආදායම් වැඩි කරන මාර්ග අවශ්‍යයි. වියදම් අඩු කරන මාර්ග අත්‍යවශ්‍යයි. රජයේ සේවකයින් ලක්ෂ 17ක් අපේ රටට අවශ්‍යද..? රටේ ලක්ෂ 230ක් ජීවත් වෙන්නේ මෙම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 17න් නම්, රාජ්‍ය ආදායමෙන් 84%ක් ම වැය වන්නේ රාජ්‍ය සේවයට නම් ප්‍රශ්නයක් තිබෙනවා නොවේද..? පුද්ගලික අංශයේ ලක්ෂ 80ක් සිටිනවා. ඒ අයට සත පහක වාසියක් නැහැ. රටේ සංවර්ධනයට රජයේ සේවයෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා ..?

මේ ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ කරුණු පැහැදිලි කළේ. අපි හිතන ආකාරය වෙනස් විය යුතුයි. රටේම TAX FILE තිබෙන්නේ ලක්ෂ 5යි. බදු ගෙවීමට හැකියාව තිබෙන්නේ එම සංඛ්‍යාවෙන් 35%යි. 2019 බදු අඩු කලාට පසුව එම FILEවලින් 50%ක් වසා දැම්මා.එසේ බදු අඩු කරන විට නිහඬව සිටී මහා බැංකුව අවුරුදු දෙකක් මුළුල්ලේ රට කඩා වැටෙන හැටි බලා ගෙන ඉඳලා මාස හයකින් රට නග්ගනවා කියලා එකපාරටම මිනිස්සු මත බර පැටවීම සාධාරණද..?

විදේශ රටවල අපේ වැඩ කරන ජනතාව එදා ලක්ෂ 15ක් සිටියා. ඒ අයගෙන් බිලියන 700ක් ලැබුණා.මේ වන විට ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. නමුත් ගිය මාසයේ ඒ අයගෙන් ලැබුණේ ඩොලර් මිලියන 470යි. මම හිතන ආකාරයට ඊට විශාල ප්‍රමාණයක් වැඩි විය යුතුයි. තමා උපයන ඩොලර් තමාගේ බැංකුවට ඩොලර්වලින්ම එවන්න හැකි ක්‍රමයක් විදේශ ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ යුතුයි.

මේ රටේ ව්‍යාපාරයක් කරන්න අද කෙතරම් අමාරුද..? රජයෙන් අනුමැතියක් ලබා ගන්න මාස තුන හතරකට වැඩ යනවා. නමුත් ඒ සියලු අනුමතීන් දවසින් ලබා ගත හැකියි. කෙතරම් නාස්තියක් සිදු වෙනවා ද..? අවුරුද්දකට මිලියන 2.1 ක නීතිමය ප්‍රශ්න තිබෙනවා.

අප කළ යුත්තේ සරල දෙයක් අපනයනය කරලා ඩොලර් සොයා ගැනීමයි. අපනයනය වැඩි කළ යුතුයි. විදේශිකයින්ට අපේ පුද්ගලික සහ රජයේ විශ්ව විදයල විවෘත්ත කර අවුරුද්දකට බිලියන 5ක් සොයා ගත හැකියි. ඒ වගේම අපගේ රෝහල් ද එසේ විදේශිකයින් වෙනුවෙන් විවෘත්ත කළ යුතුයි. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල අරින්විට අනතවදීන් උද්ඝෝෂණය කරනවා. කිසිම නවීකරණයක් කරන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ.

බැංකු පද්ධතිය නවීකරණය කිරීම, සංචාරක කර්මාන්තය අලුත් විදිහට ගොඩනැගීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය නවීකරණය කර කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ආදිය අපට කළ හැකියි. ලෝකයේ වැඩිම නිවාඩු ප්‍රමාණයක් තිබෙන රටක් අපේ රට හැඳින්වීමට පුළුවන්.

රට බංකොලොත් වුණේ ආණ්ඩුව නිසා නොවෙයි. මුල්‍ය පාලනය තිබෙන මහා බැංකුව නිසයි. මම ආණ්ඩුවේ වගේම මහා බැංකුවේ වැරදිත් පෙන්වා දෙනවා. එසේ නැතිව රට අලුතින් හදන්න බැහැ. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේ. මහා බැංකුව අද කරන්නේ ඒ ඇයගේ රාජකාරිය නොවේ. ඒ අය ආණ්ඩු කරන්න හදනවා. එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්ද..? ප්‍රශ්නය රාජ්‍ය අංශයේ නිලධාරී වාදයයි”

– Media unit

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…

Published

on

ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම

2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…

මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……

Continue Reading

Business

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…

Published

on

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.

එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…

“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.

සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.

Continue Reading

Local

අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ‌ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…

Published

on

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.

මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.

පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.

එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.

තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 pattare.lk