Connect with us

Local

ජනාධිපතිට රාජකීය ලණුවක් දීලා..

Published

on

‘ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිම ඡන්දයක් පවත්වන්න නරකයි කියලා ජනාධිපතිතුමා හිතනවාලු. මේ කතාව ඇත්ත නම් කවුරු හරි ජනාධිපතිතුමාට රාජකීය ලණුවක් දීලා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මැතිවරණය කල් දැමීම ගැන නිලධාරින්ට බනින්න එපා

විපක්ෂයේ සමහර දේශපාලකයින් මැතිවරණය කල් දැමීම පිලිබඳ රජයේ මුද්‍රණාලයාධිපතිනියට දොස් කියනවා. තවත් සමහරු භාණ්ඩාගාර ලේකම්ට දොස් කියනවා. මැතිවරණ කොමිසමට බැන වදින අයත් ඉන්නවා. නමුත් රජයේ නිලධාරින්ට දොස් කියලා වැඩක් නෑ. ඒ අය චක්‍රලේඛ, ඇමති මණ්ඩල තීන්දු සහ ඇමතිවරයාගේ නියෝග අනුව කටයුතු කරන්න නීතියෙන් බැඳිලා ඉන්නවා. ණයට කිසිම භාණ්ඩයක් විකුණන්න එපා සේවාවක් සපයන්න එපා. එහෙම කලොත් තමන්ට පෞද්ගලිකව වග කියන්න වෙනවා කියලා චක්‍රලේඛයක් නිකුත් කලාම මුද්‍රණාලයාධිපතිනියට මුදල් ගන්නේ නැතිව ඡන්ද පත්‍රිකා නිකුත් කරන්න බෑ තමයි. ඡන්දය කල් දැමීම දේශපාලන තීන්දුවක්. අපි ඒකට අල්ලා ගන්න ඕනෑ ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයින් මිස බෙල්ලෙන් අල්ලා ගන්න ලෙහෙසි නිලධාරින් නොවේ.

නොවැම්බර් මස ජනපතිවරණයක් බෑ

සමහරු කියනවා ජනාධිපතිතුමා පුංචි ඡන්දය කල් දාන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් කියලා. ඒක නිසා ජනපතිවරණයට කලින් ආණ්ඩුව වෙනත් ඡන්දයක් පවත්වලා ඒක අන්ත පරාජයකට පත් වුණාම ජනාධිපතිතුමාට නොවැම්බරයේ පවත්වන ජනාධිපතිවරණයට අයහපත් විධියට බලපාන්න පුළුවන්. ඒක නිසා ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිම ඡන්දයක් පවත්වන්න නරකයි කියලා ජනාධිපතිතුමා හිතනවාලු. මේ කතාව ඇත්ත නම් කවුරු හරි ජනාධිපතිතුමාට රාජකීය ලණුවක් දීලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරයා ස්වකීය ප්‍රථම ධූර කාලයේ වසර හතරක් සම්පූර්ණ කලාම නැවත වරක් තරග කරන්න ජනාධිපති බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණයක් පැවැත්විය හැකි බව පවසනවා. ඒ අනුව නම් ජනාධිපතිතුමාට නොවැම්බර් 18 මැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ වගන්තියේ තිබෙන (ඉ) අනුවගන්තිය කියනවා ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හිමිකමක් නෑ කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාව හරි හැටි කියවපු නැති ගොඩ පෙරකදෝරුවෙක් තමයි නොවැම්බර් 18 ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන් කියා ජනාධිපතිට ලණුවක් දීලා තිබෙන්නේ.

මැතිවරණයට සල්ලි සොයා ගන්න විකල්ප ක්‍රම 4ක්

ආණ්ඩුව මැතිවරණය කල් දාන්න ඉදිරිපත් කරන බොරු හේතුව තමයි සල්ලි නෑ කියන එක. ඇත්ත හේතුව සල්ලි නැති එක නොවේ. ආණ්ඩුවට ඡන්ද නැති එක. නවතම සමීක්ෂණ වාර්තා කියන පරිදි ආණ්ඩුවේ ඡන්ද බැංකුව 10% දක්වා පහත වැටුණු එක. නැතිනම් මිලියන 9,000ක් බිලියන 9ක් සොයා ගන්න එක අමාරු වැඩක් නොවේ. ඒක අපට ලොකු ගණනක් වුණත් ආණ්ඩුවට පොඩි ගණනක්. දවසකට රුපියල් බිලියන 15ක් මේ ආණ්ඩුව වියදම් කරනවා. ඒකත් එක්ක බලන විට මේ අපි කතා කරන්නේ දවස් භාගයක වියදමක් ගැන.

ඇත්තටම සල්ලි නැතිනම් ආණ්ඩුවට අනුගමනය කරන්න පුළුවන් විකල්ප 4ක් තිබෙනවා.

1) දෛනික වියදමෙන් 1%ක් මැතිවරණ කොමිසමට ලබා දීම : ආණ්ඩුව එක දවසට රුපියල් බිලියන 15ක් වියදම් කරනවා. ඒකෙන් 1%ක් කියන්නේ මිලියන 150ක්. දිනපතා ආණ්ඩුවේ දෛනික වියදමෙන් 1%ක් මැතිවරණ කොමිසමට දුන්නොත් දින 60ක් යන විට ආණ්ඩුවේ ඇඟට පතට නොදැනීම මැතිවරණ වියදම කොමිසමට ලැබිලා විතරයි.

2) මුදල් අච්චු ගැසීම : ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මාසයේ එක දවසකට රුපියල් බිලියන 7 ගණනේ මුදල් අච්චු ගහලා තිබෙනවා. ඒ කියන්නේ එක දවසක අච්චු ගහන මුදල් මැතිවරණ කොමිසමට දුන්නොත් මැතිවරණය පැවැත්වීමට ඒකම ප්‍රමාණවත්.

රටේ මහ ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙලා මුළු රටම ආයෙ අක්‍රීය වෙලා අකර්මන්‍ය වීම ඉන් වලක්වා ගන්න පුළුවන්. මේ රටේ ජනතාවට ආර්ථික දුෂ්කරතා තියෙද්දි මොන මැතිවරණ ද කියලා ආණ්ඩුව අහනවා. ජනතාවට මේ ආර්ථික දුෂ්කරතා නිසා ආණ්ඩුවත් සමග තියෙන කේන්තිය හා තරහව පිට කරගන්න පුළුවන් සාමකාමීම ක්‍රමය මැතිවරණයකට ගිහිල්ල ජනතාව ආණ්ඩුවට විරුද්ධව කතිරය ගහන එක. ඒ අවස්ථාව අහිමි කිරීමෙන් ජනතාව ප්‍රචණ්ඩව ආණ්ඩුවට එරෙහිව තමන්ගේ කේන්තිය පිටකරන්න පුළුවන්. ඒ නිසා සල්ලි අච්චු ගහලා හරි මැතිවරණය පැවැත්වීම රටේ ශරීර සෞඛ්‍යයටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයටත් යහපතක් වෙනවා.

3) ජාත්‍යන්තර ආධාරයක් ලබා ගැනීම : ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආධාර ලබා දෙන රටවල් සහ සංවිධාන ගණනාවක් ලෝකයේ තිබෙනවා. රුපියල් බිලියන 9ක් කියන්නේ ඩොලර් මිලියන 24ක්. අපට පසුගිය දෙවසරේ විතරක් ඉන්දියාව ඩොලර් මිලියන 4,000ක් ණයට දීලා තිබෙනවා. ඒකත් එක්ක බලන විට මේක ඉතා සුළු මුදලක්. අපි මැතිවරණය පැවැත්වීමට ආධාරයක් ඉල්ලුවොත් මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වගේම ඩොලර් ලැබෙන මාර්ගයක් බවට පත් කර ගන්නත් පුළුවන්.

4) මහජන ආධාර පැතීම : මැතිවරණයට වියදම් වන බිලියන 9 ඡන්දදායකයින් මිලියන 16න් බෙදුවොත් එක් ඡන්දදායකයෙකු දායක වන්න ඕනි රුපියල් 562යි. අද බොහෝ විට කෑම වේලකට ඊට වඩා යනවා. ආර්ථික දුෂ්කරතා මැද ඉන්න ජනතාව මත ඡන්දය පැවැත්වීමේ බරත් පටවන්න යනවා කියා දැන් චෝදනා කරන්න එපා. සෑම පුද්ගලයෙකුම මේකට දායක වෙන්න ඕනි නෑ. ඩොලර් බිලියනයකට වඩා වත්කම් තිබෙන ධනවතුන් සිටින රටක් මේක. ඒ නිසා ඇති හැකි අයට මැතිවරණය පවත්වන්න දායක වෙන්න ආණ්ඩුවට මැතිවරණ අරමුදලක් හදන්න පුළුවන්.

අපි මේ කිව්වේ විකල්ප 4යි. ආණ්ඩුවට සල්ලි සොයා ගන්න තව ඕනෑ තරම් විකල්ප ඇති. නැත්තේ මැතිවරණය පැවැත්වීමේ උවමනාව විතරයි.

මැතිවරණයට තරග කරන රජයේ නිලධාරින් නඩු මගට

රජයේ සේවකයෙක් මැතිවරණයට ඉදිරිපත් වෙන විට නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතුයි. මේ අය වැටුප් රහිත නිවාඩු ලබා ගෙන අපේක්ෂකයින් බවට පත් වුණේ වැටුප් නැතිව ඉන්න වෙන්නේ උපරිම සති හතයි කියන බලාපොරොත්තුවෙන්. මොකද පලාත්පාලන මැතිවරණ නීතියට අනුව නාමයෝජනා දින සිට සති 7ක් ඇතුලත මැතිවරණය පැවැත්විය විය යුතුයි. වැටුප් ලැබිලාත් ජීවත් වෙන්න අමාරු යුගයක වැටුප් නැතිව මාස ගණනක් මේ නිලධාරින් ඉන්නේ කොහොමද?

Doctrine of Legitimate Expectation නැතිනම් සුජාත අපේක්ෂාවේ න්‍යාය අනුව ආණ්ඩුවේ යම් ස්ථාවරයක් තීන්දුවක් මත විශ්වාසය තබලා ජනතාව තීන්දුවක් ගත්තට පස්සේ ආණ්ඩුව එම ස්ථාවරය වෙනස් කිරීමෙන් ජනතාවට අලාභයක් වුනොත් එම අලාභය ආණ්ඩුවෙන් අයකරගැනීමට සුජාත වූ අයිතියක් තියෙනවා. ඒ අනුව මැතිවරණය සති හතකින් පවත්වාවි කියන බලාපොරොත්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වුණු රජයේ සේවකයින්ට සති හත ඉක්ම ගිය වහාම තම වැටුප් ලබා ගැනීමට අයිතියක් තිබෙනවා. ඒ නිසා මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතුයි. නැතිනම් ඒ නිලධාරින් හරහා ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා.

No Presidential Election in this year

Reportedly, somebody has misled the President that he can hold the presidential election after 18th November 2023. He doesn’t want to hold any other election before the presidential election because the humiliating defeat at any other election would make a negative impact on the presidential election. That is why the President wants to postpone the LA election by one year. According to Article 31(3A)(a), the President can declare his intention to seek a second term after completion of 4 years of his first term. The presidential term completes 4 years on 18th November. However, sub-article (e) of the same article says that the President who was not elected by people is not entitled to exercise this right. Therefore, the President cannot hold the presidential election in this year as expected.

Contesting Government officers are entitled to their salaries

Government officers who contest the local authority election have obtained no pay leave according to the law. However, when they obtained the no pay leave, they expected the Government to hold the election within seven weeks from the conclusion of nominations as provided for in Local Authority Election Act. According to the Doctrine of Legitimate Expectation, when the people have taken a decision relying on government decisions, they will be entitled for compensation if the Government changes its decision. Hence, unless the Government decides to pay salaries of the contesting government officers immediately, we will file legal action against the Government.

ප්‍රශ්නය

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පනවා ඇති නඩුවේ තීන්දුව කුමක් වේවිද ?

පිළිතුර

අද අධිකරණය ඉදිරියේ තියෙන්නේ නීති ප්‍රශ්නයක් නොවේ. අහවල් වගන්තිය වැරදි විදියට අර්ථකථනය කරලා ආණ්ඩුව මැතිවරණය කල් දමන්න යනවා වගේ නීති ප්‍රශ්නයක් නෙවෙයි. මෙය ආර්ථික ප්‍රශ්නයක්. ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ඉන්දීය අගවිනිසුරු වරියක් වූ භගවතී වැනි අය ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා නීතියේ නිම් වළලු පුළුල් කිරීමට කටයුතු කර තිබෙනවා. හුදු ආර්ථික ප්‍රශ්නයක් උසාවියට අයිති නැති ප්‍රශ්නයක් කියලා හිතන්නේ නැතුව ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීම සඳහා ආණ්ඩුවට මේ මැතිවරණය සඳහා අරමුදල් සොයා ගැනීම සඳහා ඇති විකල්ප ඉදිරිපත් කරන මෙන් නියෝගයක් ලබා දීමට නීතිමය හැකියාවක් තියෙනවා යැයි මා විශ්වාස කරනවා. පොදු නීති පොතට පමණක් සීමා නොවී තමන්ගේ පරාසය පුළුල් කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය රැකීමට එය අහිමි නොකිරීමට කළ හැකි දේ අධිකරණය විසින් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරල, නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් යන මහත්වරුන්ද සහභාගී විය.

-Media unit-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…

Published

on

ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම

2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…

මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……

Continue Reading

Business

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…

Published

on

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.

එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…

“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.

සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.

Continue Reading

Local

අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ‌ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…

Published

on

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.

මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.

පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.

එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.

තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 pattare.lk