Connect with us

Local

රුපියල ශක්තිමත් කල මෙහෙයුම මෙහෙමයි…

Published

on

රුපියලේ අගය වැඩිවීම ගැන අද සියලු පාර්ශ්වයන්ට කතා කිරීමට සිදු ව ඇත්තේ රජය විසින් සිදු කරන ලද සුවිශේෂී පාලනයන් නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට සමගාමීව සංචාරක කර්මාන්තයේ විශේෂ වර්ධනය ද මීට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනවාරි මස ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 437ක් ලැබී ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා එක පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 68%ක වර්ධනයක් බවයි පේන්වා දෙන්නේ. විදේශ සංචිත ප්‍රමාණය ද ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සුරාබදු නිවේදන සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාන 211ක් වෙත මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

පාලනයක් සිදු කිරීම සහ රජයට බදු ආදායම ලබා ගැනීම යන කරුණු දෙක පදනම්ව ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2004 සිට 2016 වසර දක්වා මත්පැන් කර්මාන්තය 95%ක් ඉහළ ගොස් තිබේ. ඉන් නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තය වර්ධනය වී ඇත්තේ 50%කිනි. නීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදනයේ වර්ධනය 300%ක් පමණ වන බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ 2800ක් පමණ ය. එහෙමත් මෙම අලෙවිසැල්වල අවිධිමත් ස්ථානගත වීමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස උතුර නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් 80ක් පමණ යන තුරු මත්පැන් අලෙවි සැලක් නොමැත. මෙහි ප්‍රතිඵලය වන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් ප්‍රචලිය වීමයි.

2022 වර්ෂය තුළ තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 67,964,160ක් ආනයනය කර තිබේ. මේ සඳහා වියදම ඩොලර් මිලියන 30කි. එම පිටි ප්‍රමාණය මෙරට ජනගහනයෙන් බෙදූ කළ තිරිගු පිටි කිලෝග්‍රෑම් තුනක් පමණ වාර්ෂිකව පරිභෝජනය කර ඇත.

“සහල් අලෙවි කර ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ මේ පිටි කිලෝග්‍රෑම් තුනෙන් එකක් ජනතාවට හැකි නම් සහල් භාවිතය බවට පරිවර්තන කර ගන්න මේ වාගේ අවස්ථාවක ගත හැකි වටිනාම පියවරක් වෙනවා.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව අපට හොඳ අස්වැන්නක් ලැබී ඇති නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර අනිත් සහල් ආනයනය අත්හිටුවන්න.

2020 දී අපි ආනයනය කරල තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 5,735කි. නිෂ්පාදනය අඩු විමත් එක්ක 2021 වසරේ දී ඒම සංඛ්‍යාව 2261%ක ප්‍රතිශතයකින් ඉහළ නංවමින් සහල් මෙට්‍රික් ටොන් 135,476ක් ආනයනය කිරීමට සිදු තිබේ. 2022 වන විට එය යළිත් මෙට්‍රික් ටොන් 733,385ක් දක්වා ඉහළ දැමීමට සිදු විය.

අද වන විට මෙම සහල් ආනයනය සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබේ. ඒ මේ මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන්.

අපි රුපියල් මිලියන 10,000ක් වැය කරල ආරම්භයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 85,000ක් මිල දී ගන්න උත්සහ කරනවා පවුල් වෙත බෙදා දෙන්න” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

– Media unit

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…

Published

on

ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම

2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…

මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……

Continue Reading

Business

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…

Published

on

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.

එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…

“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.

සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.

Continue Reading

Local

අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ‌ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…

Published

on

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.

මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.

පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.

එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.

තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 pattare.lk