Local
මැතිවරණ කොමිසම හා මුද්‍රණාලය අතර ගැටුම උග්‍රවේ… මැතිවරණය විශාල අවුලක…
Published
7 months agoon
By
admin
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අතර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටුම දිග්ගැස්සෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මාර්තු 28 – 31 යන දිනවල සිදුකිරීමට තීරණය කිරීමෙන් පසු, මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇති බව වාර්තාවේ.
තැපැල් ඡන්ද පත්‍රිකා මෙම මස 15 වැනිදා ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම් දුන් අවස්ථාවේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලැබී නොමැති බවත්, 15 වැනිදා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමේ ඇති අපහසුකම් පිළිබඳ දැනුම් දුන් බවත්, මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ පැවැසුවාය.
මුදල් ලේකම්වරයා විසින් සේවා සහ මිලදී ගැනීම් අත්හිටුවන ලෙසට නිකුත් කර ඇති චක්‍රලේඛය නිසා මුදල් ලැබෙන තෙක් ඉදිරි මුද්‍රණ කටයුතු සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.
ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකිරීම රජයේ මුද්‍රණාලය සතු කාර්යයක් වුවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව ඍජුව මැදිහත්විය යුතු බවත් පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය මේ වන විට මුදල් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් ලේකම්වරයා වෙත ලිපි දෙකක් යවා ඇති බවත් එම ලිපිවලට මේ වනතෙක් කිසිදු පිළිතුරක් තමාට ලැබී නැති බවත් පැවැසුවාය.
පළාත් පාලන ඡන්දය විමසීම ප්‍රමාද කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය කටයුතු කරන බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා චෝදනා කරන්නේ මුහුණපා සිටින මූල්‍ය අර්බුදය ගැන කිසිවක් නොදන්නා අයකු ලෙස යැයිද ශේ්‍රෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත් ඡන්දය සඳහා ලැබිය යුතු මුදල් මෙතෙක් තමා වෙත නොලැබුණු බවත් ඇය සඳහන් කළාය.
ඇස්තමේන්තු ගත මුදලට වඩා වැඩි මුදලක් මුද්‍රණ කටයුතු සඳහා ගෙවීමට සිදුවී ඇති බව පෙන්වා දුන් මුද්‍රණාලයාධිපතිනිය අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්‍ෂාව ලබා දෙනතෙක් ඉතිරි මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි බවද පැවැසුවාය.
දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා පොලිස් ආරක්‍ෂාවක් නොමැතිව මුද්‍රණය කළ නිසා පොලිස් ආරක්‍ෂාව ඇතිව එම ඡන්ද පත්‍රිකා පරීක්‍ෂා කරන තෙක්, නිකුත් කළ නොහැකි බවද සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය, මෙතෙක් පැවැති ඡන්දවලදී මැතිවරණ කොමිෂන් සභාව මඟින් මුදල් ලබාදුන් බවත්, මේ ඡන්දයේදී මුදල් ඉල්ලා මුදල් ලේකම් පසුපස තමාට යෑමට සිදුවී ඇති බවත් කවුරු කවුරුත් වගකීම ඉටු කරනවා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත් පෙන්වා දුන්නාය.
රජයේ මුද්‍රණාලයෙන් සිදුකළ යුතු කාර්ය භාරය අවසන් කිරීමට දින 25-30ත් අතර කාලයක් ගතවන බැවින් මුදල් හා පොලිස් ආරක්‍ෂාව ලැබෙන දිනයේ පටන් එම කාලය තුළ මුද්‍රණ කටයුතු අවසන් කරන බවත් ඇය පැවැසුවාය.
දිස්ත්‍රික්ක 17ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්ව තිබියදී එම ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයාධිපති විසින් භාරදුන්නා නම් එම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව තිබුණු බවත්, එසේ සිදුවුණා නම් පවතින තත්ත්වයේ වෙනසක් ඇතිවීමට ඉඩ තිබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා
එවැනි පසුබිමක් ඇතිවීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණලයාධිපතිනිය වගකීම භාරගත යුතුව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
පොලිස් ආරක්ෂාව නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා නම්, එම ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට හැකියාවක් තිබෙන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් ලබානොදීම සහ සේවා සහ මිලදී ගැනීම් පාලනය කිරීමේ චක්‍රලේඛය හේතුවෙන් මේ වනවිට ප්‍රශ්නයක් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.
ජේ.ටී. ද සිල්වා
– මව්බිම –
You may like
Local
රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…
Published
1 month agoon
August 13, 2023
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම
2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…
මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……
Business
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…
Published
1 month agoon
August 10, 2023
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.
එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.
මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…
“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.
සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.
Local
අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…
Published
1 month agoon
August 10, 2023
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.
මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.
පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.
මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.
එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.
තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.