Connect with us

Sports

අර්ජුනට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මෙම දැනුම්දීම කර තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වය පිළිගැනීමට සූදානම් නැති බව ඔහු විසින් අර්ජුන රණතුංග මහතා වෙත සිදුකර ඇති දැනුම්දීමේ සඳහන් වේ.

ඒ මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

මැතිවුස්ගෙන් ප‍්‍රමෝද්‍යලාට චෝදනා..

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටුව කටයුතු කළේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් යටතේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමනට ලැබීමට තිබූ අවස්ථාවන් අහිමි වූ බවද හෙතෙම කියයි.

සිම්බාවේ කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරඟය ජයග්‍රහණය කිරීමෙන් පැවැත් පසු පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ ක‍්‍රීඩකයන් ක්‍රිකට්‌ ආයතනය සමඟ ගිවිසුම් ගතවී සිටින නිසා ඇතැම් කාරණා මාධ්‍ය හමුවේ හෙළි කළ නොහැකි බවය.

Continue Reading

Local

පොඩි සිංහයන්ද පරදී.. U-19 කුසලානෙන් වේලාසනින්ම විසිවෙයි..

Published

on

By

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ඉවතට විසි වී තිබේ.

බංගලාදේශය සමග පැවති තීරණාත්මක තරග තරගය කඩුලු හයකින් පරාජ වීමත් සමග මෙසේ තරගාවලින් ඉවත් වී ඇත.

පෙර පැවැති එක්සත් අරාබි එමින් රාජ්‍ය සමඟ තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

Continue Reading

Local

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවතට.. ක්‍රීඩා ඇමැති හරීන්..

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තමන් මෙම ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කරගත් බව ද හෙතෙම පැවසීය.

2024 අයවැය යෝජනාවලියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ දී අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“මට ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ICCයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් නොබෝ දිනකින් අපේ තහනම ඉවත්කරන බවත් දුරකථනයෙන් කළ සංවාදයකදී ප්‍රකාශයක් කළා. ඔවුන් සඳහා ලිපිය ලබාදෙන්න ඕන. මම හිතනවා මේ සතිය තුළ එයත් ලබාගැනීමේ හැකියාව අපිට තියෙයි. ශම්මි සිල්වාට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම ඒ වෙලාවේම මම ICCයට ඉදිරිපත් කරනවා. ICCයේ තමයි සල්ලි . ලංකාවේ රජයේ සල්ලි නෙමෙයි. ඒ නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා . හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි දූෂණ මර්ධන නීතිය’

Continue Reading

Trending

Copyright © www.pattare.lk