Local
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කෙරේ.. නිල නිවේදනය මෙන්න..
Published
6 months agoon
By
admin
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජා.මූ.අ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී. මෙම ජා.මූ.අ වැඩසටහන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලි පෙර දැක්මක් සපයන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරමින්, රටට තම වර්ධන හැකියාව යළි ලබා ගැනීමටත්, එහි ආර්ථික අවදානම් සහගත තත්ත්වයන් සඳහා පිළියම් යෙදීමටත් ඉඩ සලසනු ඇත.
අද දින අපි ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය විස්තර කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහනෙහි ප්‍රධාන ආධාරකයන් සහ අරමුණු මෙන්ම, ණයහිමියන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමට ආයෝජක ඉදිරිපත් කිරීමක් පැවැත්වූවෙමු.
ශ්‍රී ලංකා රජය අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති අතර, ජා.මූ.අ. මූල්‍යනය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ක්‍රියාමාර්ග අපි සාර්ථකව අත්කර ගෙන ඇත්තෙමු. ජා.මූ.අ. වැඩසටහනට අනුව, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟා කරගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසරබව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපි පූර්ණ වශයෙන් කැපවී සිටිමු. ශ්‍රී ලාංකික ජනතාව රජයේ ප්‍රමුඛත්වය වන අතර, ජා.මූ.අ. වැඩසටහනෙහි කොටසක් ලෙස, වඩාත් අවදානම් සහගත ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා පවතින සමාජ ආරක්ෂණ දැල් වැඩි දියුණු කිරීම අපගේ අරමුණයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මන්දගාමී වීම සහ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් වඩාත් ප්‍රමිතිගත මට්ටම් කරා යළි පැමිණීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැනටමත් දිරිගන්වන ස්ථායීකරණ සලකුණු පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහන සාර්ථකව නිමා කිරීම සඳහා අපගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු.
අපේක්ෂා සහගත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්න සිදු කළ ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ගමන් මඟ විස්තීරණ ණය ප්‍රතිකර්මයක් නොමැති වීම හමුවේ ඔරොත්තු දිය නොහැකි මට්ටමක පවතියි. ශ්‍රී ලංකාව ජා.මූ.අ. වැඩසටහන් කාලය පුරා සැලකිය යුතු විදේශීය මූල්‍යන පරතරයකට ද මුහුණ දෙමින් සිටියි. මෙම මූල්‍යන පරතරය නව විදේශීය මූල්‍යන සහ විදේශීය ණය සේවාකරණ සහන ඔස්සේ ආවරණය කළ යුතුව ඇත. බලධාරීන් ද ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ ධාරිතාව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යන අතරතුර, ද්‍රවශීලතා සහන අරමුණු කරගත් දේශීය ණය ප්‍රශස්තකරණයක් සඳහා විකල්ප සොයමින් සිටියි. මෙම දේශීය ණය ප්‍රශස්තකරණයක් ස්වෙච්ඡාමය පදනමක් මත පවත්වනු ඇති අතර, එය අප විසින් ප්‍රධාන භාණ්ඩාගාර බැඳුම්කර හිමියන් සමඟ පවත්වනු ලබන සාකච්ඡාවන් මත පදනම් වනු ඇත.
අප ඉදිරියට යෑමත් සමඟ, අපගේ සියලු ණයහිමියන් සමඟ පවතින බැඳියාවන් විනිවිදභාවයකින් සහ මනා විශ්වාසයෙන් යුතුව වේගවත් කිරීමට අපේක්ෂා කරන අතර, ජා.මූ.අ. ණය තිරසාරත්ව විශ්ලේෂණය සහ ණය ප්‍රතිකර්ම මූලධර්මයේ තුලනාත්මකභාවය සමඟ අනුරූප වන ණය ප්‍රතිකර්ම ගිවිසුම් කරා ළඟා වීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු.
– ශ‍්‍රී ලංකා මහ බැංකුව
You may like
Local
රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…
Published
1 month agoon
August 13, 2023
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම
2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…
මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……
Business
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…
Published
1 month agoon
August 10, 2023
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.
එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.
මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…
“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.
සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.
Local
අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…
Published
1 month agoon
August 10, 2023
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.
මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.
පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.
මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.
එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.
තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.