Connect with us

Local

ගුරුවරියක් සිව් නිවුන් දරු උපතක් සිදුකරයි

Published

on

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.

දරුවන්ගේ මව පාසල් ගුරුවරියක් වන අතර පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වශයෙන් සේවය කරන අයෙක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම සිව් නිවුන් දරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ .

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් ඥානරත්න මහතා පවසා සිටියේ දරුවන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් විනාඩි 10 ක පමණ කාල පරතරයක් අතරතුර සිසේරියන් සැත්කමක් මගින් දරුවන් පිටතට ගත් බවයි .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ත්‍රිරෝද රථයකින් පෙම්වතිය පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

Published

on

By

ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

– කළුතර සුනිල් එස් තන්ත‍්‍රිආරච්චි

Continue Reading

Local

මම ජනපති වුනාම මුදල් ඇමති හර්ෂ..

Published

on

By

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Continue Reading

Local

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි.. ජනාධිපති එකග වුනා..

Published

on

By

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයට පැමිණ අවසන් බවත් ස්ථිර වශයෙන්ම ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරඟ නොවදින බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk