Connect with us

Politics

කාරක සභාවලින් වැඩක් වෙන්නෙ නෑ කියන එක වැරදියි. රාජ්‍ය ආයතනවලින් ආදායම් උපයන හැටිත් කාරක සභාවලින් වැඩ කරන හැටිත් අපි පෙන්වා දුන්නා… පාඨලී චම්පික රණවක

Published

on

පා.ම.පාඨලි රණවක 10 4 දින පා

ඊශ්‍රායෙල් පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ආගමික දෘෂ්ටියකින් නොව මානුෂික දෘෂ්ටියකින් බලා කටයුතු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් රණවක මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ආයතන ගැන තීරණ ගැනීමට පෙර ඒ සඳහා විධිමත්, විද්‍යාත්මක විගණන ක්‍රියාවලියක් සිදු කළ යුතු බව ය. කාරක සභාවලින් කිසිදු වැඩක් නොවන බවට සමහරුන් විසින් සිදු කරන ප්‍රකාශ නිරවද්‍ය නොවන බවත්, ක්‍රම සහ විධි කාරක සභාවෙන් තමන් ඇතුළු පිරිස රජයට බිලියන ගණනක් පසුගිය කාලය තුළ රැගෙන දුන් බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායෙල් – පලස්තීන ගැටළුව මධ්‍යස්ථ ආයතනයකින් පාලනය කළ යුතුයි.

ඊශ්‍රායල්, පලස්තීන ගැටළුව ඊළඟ සති කීපයේදී, අපි කැමති වුණත්, අකමැති වුණත් මේ රටේ දේශපාලනයට, මේ රටේ ආර්ථිකයට, ඒ වගේම මේ අන්තර්ජාතික, කලාපීය ක්‍රියාවලියට අතිශයින් බලපාන කාරණයක්. ගාසා තීරයේ දැනට දීලා තියෙන ඒ සම්බාධක පැනවීම, ජලය, විදුලිය, ඉන්ධන නොසැපයීම නිසා මිලියන දෙකකට අධික ජනතාවක් දරුවන්, මව්වරුන් අතිශය දුෂ්කර තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේක කිසිම ආකාරයක යුද්ධය පිළිබඳ, ජිනීවා සම්මුති වලට හෝ වෙනත් ජාත්‍යන්තර නීතියකට අනුකූල තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ පිළිබඳව ආගමික කෝණයකින් බලන්නෙ නැතුව, අපි මේ පිළිබඳ මානුෂීය දෘෂ්ටි කෝණයකින් බලලා, මේ සැපයුම් වහාම ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කල යුතුයි, පාර්ශවයක් ගන්නේ නැතුව. ඒ වගේම මේ පිළිබඳ තව දුරටත් ඔබ්බට ගිහිල්ලා දැන් එක පැත්තකින් ගසා තීරයේ ජනතාව ප්‍රාණ ඇපයට හසු වෙලා තිබෙනවා. බලගතු හමුදාවක, ඊශ්‍රායල් හමුදාවේ. අනිත් පැත්තෙන් හමාස් සංවිධානය, දෙසීයකට ආසන්න ප්‍රාණ ඇපකරුවන් පිරිසක්, ඊශ්‍රායල් හමුදා භටයින් ඇතුළුව රඳවාගෙන ඉන්නවා. මේක සාමකාමී මාර්ගයකින් මුදවා ගැනීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙනවා ඇරෙන්න යුධමය වශයෙන් වලට ඉඩකඩ ලබා නොදිය යුතුයි.  ලංකාවේ ස්ථාවරය, උනේ අතීතයේ, (මන් දන්නෙ දැන් මොකද කියලා) ස්වාධීන පලස්තීන රාජ්‍යයක් හා ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් පිළිගැනීම. මොකද පලස්තීන ජනතාවට කිසියම් ආකාරයකට ආත්ම ගරුත්වයෙන් යුතුව ඔවුන් කාලාන්තරයක් ජීවත් වූ කලාපය නිසා, ඓතිහාසිකව හිටපු ස්ථානය නිසා. ඔවුන්ටත් ඒ ආත්ම ගරුත්වය හා දේශපාලන ගරුත්වය ඇතුව ජීවත්වීමට අවශ්‍යයි. ඒ වගේම ඊශ්‍රායලයත් එවැනිම ඒ බිමේ තිබෙන බව පිළිගනිමින් මේ රටවල් දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම නිදහස් මැතිවරණ ක්‍රියාවලියක් මගින් පලස්තීනයේ නායකත්වය තෝරා ගන්නවා විනා සන්නද්ධ බලවේග වලට එහි ජනතාවගේ ඉරණම තීන්දු කිරීමට ඉඩ දෙන්නට බැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඒ වගේම අද ගාසා තීරය හා බටහිර ඉවුරේ මිලියන පහක්, ලක්ෂ පනහක් පමණ ජනතාව ජීවත් වෙනවා. අපි අමතක කරන්න හොඳ නැහැ. ලක්ෂ හැටක අනාථයෝ පිරිසක් අවට රටවල්වල ජීවත් වෙනවා. මේ අනාතයින්ට තමන්ගේ මව්බිමට පැමිණීම අවශ්‍යයි. අන්න ඒක සහතික කිරීම තමයි මේ අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑම විය යුත්තේ. ඒ වගේම ඒබ්‍රහමික ආගම්වල ප්‍රධාන මූලස්ථානය වෙච්ච ජෙරුසෙලම. ඒ කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාමීය ආගම්වල. මේක එක කණ්ඩායමක් පාලනය කිරීම නිසා මේ පහුගිය අවුරුදු දෙදාහක කාලය තුළ ලෝකයේ ඇතිවෙච්ච සෑම ගැටුමකම යටින් තිබිච්ච දේ තමයි මේ ආගමික සංස්කෘතික ගැටුම. ඒ නිසා මේක ඇතිවෙලා තියෙන  ඒ නිසා මේක මධ්‍යස්ථ් එක්සත් ජාතීන්ගේ වගේ ආයතනයක් මගින් මේ ආගමික නිදහස තහවුරු වෙන ආකාරයට මෙය පාලනය කිරීමක් සිදුවිය යුතුමයි. එහෙම නැත්නම් මේක අනාගතයටත් ඇදි ඇදී ගිහිල්ලා අපේ රටවල් වලටත් ඉදිරි කාලයේදී මේකට ඒ භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

රාජ්‍ය ආයතන ගැන තීරණ ගන්න පෙර විධිමත්, විද්‍යාත්මක විගණනයක් අවශ්‍යයි.

කෝපා ආයතනය ගැන අවුරුදු සීයක් පිරීම ගැන වාර්තාවක් අපේ සභාපතිතුමා ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී 1923 දී රාජ්‍ය ආයතන දහයයි තිබුණේ. දැන් රාජ්‍ය ආයතන 1200 ක් පමණ කෝපා කෝප් ආයතන වලින් දැන් විගණනයට වෙනවා. ඒ වගේම දැන් ‍රාජ්‍ය ආයතන පිළිබඳ මේ සමාජයේ මතවාදයක් ඇතිවෙලා තියෙනවා. මේ රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි, දූෂිතයි. මේ පිළිබඳ හොයා බැලීමට තියෙන මේ පාර්ලිමේන්තුව ප්‍රමාණවත් පියවර ගන්නේ නැහැ කියලා. ඒ නිසා මතයක් ඇතිවෙලා තියෙනවා මේ ‍රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයි කියලා. ඒ වගේම ආණ්ඩුව ඉතාමත්ම අවිධිමත් ආකාරයට රාජ්‍ය ආයතන ගණනාවක් විකුණා දාන්න, වසා දමන්න, ඒ වගේම වෙනත් ආකාරයක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඉන්නවා. අපේ යෝජනාව අපේ ආර්ථික ස්ථායිකරණ කමිටුවෙත් යෝජනාව වුණේ ඒකයි. මේ පිළිබඳව විද්‍යාත්මක එකඟතාවයකට එන්න ඕන. පවුල් දාහතර ලක්ෂයක ඉරණමක් රාජ්‍යය ඉදිරියට ගෙනයාම පිළිබඳ ප්‍රශ්නයක්. මේ ‍රාජ්‍ය ආයතන 1200 පිළිබඳ විධිමත් කළමනාකරණ නිගමනයක්, විගණනයක්, එහෙම අවශ්‍යයි. ඒක කෝප් එක මගින් අපි නියෝගයක් කරලා, අපට මතකයි ඒක මුදල් අමාත්‍යාංශයෙන් කරගෙන ගියා කිසියම් දුරකට. මම දන්නේ නැහැ ඒකේ වර්තමාන තත්වය මොකක්ද කියලා. එවැනි ආකාරය විගණනයකින් පස්සේ, ආයතන විගණනයකින් පස්සේ අපි අනිවාර්යෙන්ම වසා දැමිය යුතු ආයතන මොනවාද? ඒකාබද්ධ කළ යුතු ආයතන මොනවාද? වර්ධනය කරන්න ඕනේ. වැඩි දියුණු කරන්න ඕන ආයතන මොනවද? ඒ වගේම අඩු කරන්න ඕන ආයතන මොනවද? සංකෝචනය කරන්න ඕන ආයතන මොනවාද? පුද්ගලීකරණය කරන්න ඕන ආයතන මොනවාද? කළමනාකරණය වෙනස් කළ යුතු ආයතන මොනවද කියලා. තෝරා ගැනීමකින් තොරව අපි තැනින් තැනින් තෝරගෙන විකුණන්න ගියොත්, තැනින් තැනින් තෝරගෙන, වසා දමන්න ගියොත්, රටේ බලගතු ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ළඟදි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වසා දැම්මා. 2400 කට අධික පිරිසක් පාරට වැටුණා. ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එතන්ට වැටෙන්න මේවට සේවකයෝ බන්දපු ඒ දේශපාලකයින් වගකිවයුතු බව ඇත්ත. නමුත් ඇත්තටම මොකක්ද ආණ්ඩුව කළ යුතුව තිබුණේ? ඉංජිනේරු සේවාවන් සපයන ආයතන පහ හයක් රජයට තියෙනවා. මේ ආයතන සියල්ලම එකට එකතු කරලා, එක ආයතනයක් හදලා, ඉන් පස්සේ මේ කටයුත්ත කළා නම්, මේකේ විද්‍යානුකූල එළඹුමක් තියෙනවා. දැන් කළේ, මේ ආයතනවල මිනිස්සුන්ව එළියට දැමීම පමණයි.

රාජ්‍ය ආයතනවලින් ආදායම් උපයන හැටිත් කාරක සභාවලින් වැඩ කරන හැටිත් අපි පෙන්වා දුන්නා
2015, අපි, භාර ඉඩම් ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉංජිනේරු ආයතනයක් හැටියට ඒ ආයතනය පාඩු ලබන ආයතනයක් හැටියට තිබුණේ. අපි බිලියන ගාණක ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. ඒ විතරක් නෙමෙයි ශක්තිමත් ඉංජිනේරු ආයතනයක් බවට එම ආයතනය පරිවර්තනය කළා. කොහොමද කළේ? කළමනාකරණයේ වෙනස්කම් වලින්. ඒ නිසා මේ රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය කරනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තව විදේශික කණ්ඩායමක් ඇවිල්ලා බෙදා හැරීම් කළත් ලංකා විදුලිබල සමාගම් පහළොවකට කැඩුවත් ජල සම්පාදන මණ්ඩලය කොටස් දෙකකට කඩලා විකුණුවත් එක ඇතුව හෝ නැතුව වික්කත් මේ ප්‍රශ්නෙ විසඳෙන් නෑ. මේකට අපි විද්‍යාත්මක එළඹුමක් කළේ නැත්නම්. මොකද පවුල් දාහතර ලක්ෂයක් මේ රාජ්‍ය අංශයෙන් යැපෙනවා විතරක් නෙවෙයි. මේ පිළිබඳව අපිට බලගතු සමාජ පීඩනයකට රට ලක් වෙනවා. ඒ වගේම මේ සේවක විගණනයක්, වර්ක් ඔඩිට් එකක්, අත්‍යවශ්‍ය සේවා මොනවද? අත්‍යවශ්‍ය නොවන සේවා මොනවද කියලා අපේ සේවක පිළිබඳ යම්කිසි විගණනයක් කරලා ඒ අනුව ක්‍රියා කරනවා මිසක් අවුරුදු පහකට රටින් යන්න, එහෙම නැත්නම් වී ආර් එස් එකක් දෙන්න කටයුතු කිරීම තුළින් සිද්ධ වෙන්නේ මොකක්ද? අත්‍යවශ්‍යම රාජ්‍ය ආයතන ගෙනියන්න ඉන්න අත්‍යවශ්‍යම මිනිස්සු ටික අද රටෙන් එළියට යනවා. ආචාර්ය, මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු, වරලත් ඉංජිනේරුවෝ පමණක් නෙවෙයි, අත්දැකීම් බහුල රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් රට හැර යනවා. අන්තිමට මෙතන අපිට ඉතුරු වෙන්නේ, රොඩු බොඩු ටිකක් විතරයි. රට ගෙනියන්න ඒකට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ රාජ්‍ය ආයතන වලට ඒක, අර අයි. එම්. එෆ්. යෝජනාවෙත් තියෙනවා. ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකට වෘත්තීය නායකත්වයක් දෙන්න කියලා දේශපාලන පත්වීම් කරන්න එපා කියලා. ඒ වගේම ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න කියලා. ඉතින් මේ ක්‍රියාවලියත් මේ රාජ්‍ය ආයතන ඉදිරියට ගෙන යාමට ඉතා අවශ්‍යයි. වගේම ප්‍රසම්පාදනය ඇතුළු සියලු තොරතුරු වල විවෘතභාවය දැන් රාජ්‍ය ආයතනවල ඉල්ලා තිබෙන දෙයක්. ඒකත් මේ කරන ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන ක්‍රියාවලියක් හැටියට සිදුවිය යුතුයි.

ඒ වගේම මෙතනත් පැන නැගුණු කාරණයක් තියෙනවා. (මමත් ක්‍රම සහ විධි කමිටුවේ සභාපති.) මේවගෙන් කිසි වැඩක් වෙලා නෑ කියලා. නමුත් අපි පසුගිය කාලේ බිලියන ගාණක් රජයට හොයලා දුන්නා. වැඩ කෙරෙන හැටි පෙන්නුවා. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්ෂයේ අපි හැමෝම ප්‍රධාන ආදායම් උපදවන ආයතන තුන සම්බන්ධයෙන් සෘජු වැඩි දේශපාලන අධිෂ්ඨානයෙන් යුතු පියවර අපි ඉදිරියට ගමු

මාධ්‍ය ඒ්කකය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රණවිරුවා කියන්න ජනාධිපතිටයි ආණ්ඩුවටයි කොන්දක් නෑ.. නාමල්

Published

on

By

අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නෑ. ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නෑ ආත්ම ශක්තියක් නෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින (05) දින සිදුකළ පාර්ලිමේන්තු කතාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“විශේෂයෙන් අපේ ඇමතිතුමා සංවර්ධනය සහ වරාය පුළුල් කිරීම ගැන කිව්වා.ඒක හොඳයි.ඒ හින්දා තමයි අපි එදා ඉඳන්ම වරායවල් හදන්න පටන් ගත්තේ.හැබැයි ඔබතුමාලා තමයි විරුද්ධ වුණේ මතක ඇතිනේ.උද්ඝෝෂණ කරලා කෑගහලා.හැබැයි අද ගරු සභාපතිතුමිය,මම අද සතුටු වෙනවා මෙතුමන්ලාගේ කටින්ම ඒවා හොඳයි ඒවා පුළුල් වෙන්න ඕන ඒවා තව වෙනස් වෙන්න ඕනා කියලා යෝජනා කරන එක.හරියටම හරි අපි සතුටු වෙනවා.ඒ හින්ද ඔබතුමන්ලා අපි එදා කරන්න ආපු දේවල් පර්යන්ත හදනකොට මතක තියෙන විරුද්ධ වෙච්ච විදිය.දැන් ඒ විරුද්ධතාවයන් පැත්තක තියලා ඒවා දියුණු කරන්න මහන්සි වෙන එක ගැන සතුටු වෙනවා.

හැබැයි ඉතින් ඒ එක්කම ඔබතුමත් දන්නවා රෙඩ් කන්ටේනර්  එළියට දැම්මම ජාත්‍යන්තර වශයෙන් තියෙන බලපෑම.ඒක දන්නවනේ නෑ කියන්න බෑ.දැන් ඔබතුමන්ලා 323 ක් එහෙම එළියට දාලා තියෙනවා.හැබැයි පරීක්ෂණ නෑ තව කුඩු තියන කන්ටේනර් දෙකක් ජාත්‍යන්තර බුද්ධි වාර්තා තියෙද්දිත් එළියට දාලා තියෙනවා.හැබැයි ඒවා ගැනත් ඔබතුමන්ලාගේ න්‍යාය පත්‍රය ඇතුලෙ පරීක්ෂණ නැහැ.අපිට එන්න කියලා ඒවා අහනවා අපිට එන්න කියලා වැඩක් තියෙනවද සභාපතිතුමිය,මේ අර ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහලා වැඩක් තියෙනවද.ඔයිට වඩා හොඳයි ඔබතුමන්ලා මුදල් විශුද්ධි කිරීමේ පනතයි පොදු දේපල පනතයි දෙකම එකතු කරලා 159 ක් තියෙන එකේ දේශපාලන පළිගැනීමේ කියලා අලුත් පනතක් හදාගන්න එක.එහෙනම් ඉතින් පාර්ලිමේන්තුවේ හිටපු අපේ ඔය ලේකම්තුමා ඇතුළුව ඒ ඔක්කොම ඔය පනතෙන් ගෙනියන්න පුළුවන්.

එතකොට කතානායකතුමා අමාරුවේ වැටෙන්නෙත් නෑ.ඉතිං ඒ හින්දා ඔබට දීපු පොරොන්දු ඉටුකර ගන්න බැරි වෙනකොට අරෙහෙ දිට්වා ගැන කතා කරනවා ඇහුණා. නිදහස් දිනයෙදිත් යුද්ධයේ අවසන් කරපු එක ආඩම්බරයෙන් කතා කරන්න බෑ ලෝකයේ හැම රටක්ම නිදහස සමරනකොට රෙජිමේන්තුව පිළිබඳව ඒ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා.සමහර රටවල් දෙවන ලෝක යුද්ධෙදි පළමු ලෝක යුද්ධෙදි ලබාගෙන ජයග්‍රහණ ගැනත් කියනවා.හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විසිඑක පැත්තකින් තියමුකෝ අඩුම ගානේ රෙජිමේන්තුවක් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව, එය කරපු කැපවීම ඒ තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුවට, ආණ්ඩුව හිතනවා හිතනවනම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ ඒක ජාතිවාදය නෙවෙයි.

අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්නම් ආණ්ඩුවට රාජ්‍ය නායකයට එක පිළිගන්න හයියක් නැත්නම්  ආත්ම ශක්තියක් නැත්නම් ඔබතුමන්ලාගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව ගැන ප්‍රශ්නයක් තියෙනවා.හැබැයි ඔබතුමන්වත් සමරනවනෙ කට්ටිය හැබැයි එහෙම සැමරුවා කියලා අපි ඔබේ දේශපාලන න්‍යායපත්‍රයට අපි මොකුත් කියන්නෙ නෑනේ.ඒක ඔබේ දේශපාලනය .හැබැයි අඩුගානේ යුද්ධය අවසන් කරන්න කැප වෙච්ච රණවිරුවන්ව ජාතික දිනයේදීවත් අගය කරන්න ආත්ම ශක්තියක් කොන්දක් නැත්නම් එතනින් එහාට මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන කතා කරලා තේරුමක් නැහැ.

ආගමික නායකයන්ට ඇහුකම් දෙන්නේ නැහැ.අද කැබිනට් එකේ ඇමතිවරු ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයන්ව විවේචනය කරනවා.ඒක ඔබතුමන්ලාගේ ලෝකයේ ආඩම්බරය වෙන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්.හැබැයි අපේ සමාජයේ එහෙම එකක් නෑ.ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදියි.වැරැද්දක් වැරැද්දක් විදියට පිළිගන්න නිහතමානී වෙන්න.ඔබතුමන්ලා ජීවත් වෙන ලෝකයේ ඒක මහා ලොකු ආඩම්බරකමක් වෙන්න පුළුවන් කාරණයක් වෙන්න ඇති. හැබැයි සාමාන්‍ය සමාජයේ සිවිල් සමාජයේ ඒක එහෙම නැහැ.ආගමික නායකයන්ට ඇහුම්කන් දෙන්න ආණ්ඩුව පුරුදු වෙන්න ඕන.

මහා සංඝරත්නය හිර ගෙවල් වල දාලා අර ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් අනිත් පැත්තෙන් යාපනයේ වෙනම හර්තාල් කරනවා නිදහස් දවසට.ඒවා දැක්කේ නෑ වගේ ඉන්නවා ඒවට පොලිස් ආරක්ෂාවත් දෙනවා.ඔය පිළිබඳව ඒ අයගේ අයිතියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් ඒ අයිතිය ඇයි අනිත් අයට නැත්තේ.ඔබට දේශපාලනික වශයෙනුත් මූල්‍යමය  වශයෙනුත් වාසියක් තියෙනවා නම්ද ඒ අයිතිය තියෙන්නේ.ඔබට මූල්‍යමය වාසියක් තියෙනවනම් විතරයිද අයිතිය තියෙන්නෙ.අද ජාතිවාදය අවුස්සන්නේ නෑ කිය කිය ගරු ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවේ ඔබතුමන්ලා එකසිය පනස් නම දෙනත් ජාතිවාදය අවුස්සනවා.

ඔබතුමන්ලා හිතනවානම් ඔබතුමන්ලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුරේ ජනතාවගේ හදවත දිනාගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. ඒක දැන්වත් තේරුම් ගන්න.ඒක එහෙම කරන්නත් බෑ.මං දැක්කා ඔබතුමන්ලාගේ එක අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරයෙක්ද දන්නෙත් නැහැ නිදහස් දවසේ ණයට ගත්ත තුවක්කු ගෙනියන්නේ නැහැලු. ණයට ගත්තේ යුද උපකරණ ගෙනියන්නේ නැහැලු.කැබ් 1775 ක් ණයට අරන් පදින්න පුළුවන්.ඒ කාලේ කිව්වේ ඇඳුම ඉඳන් එක එක අයගෙන් ඉල්ලගෙන අඳිනවා කියල ඒවා හොඳයි. තව ඒවාත් අල්ලපු ගෙදරින් ඉල්ලගන්නවා කිව්වා මම ඒවා කියන්න යන්නේ නැහැ.ඒක හොඳයි හැබැයි ත්‍රස්තවාදය පරාජය කරවන්න ජාතික ආරක්ෂාව ගොඩනගන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උපකරණ ටික මහත් අභිමානයෙන් අපේ යුද ශක්තිය මේක කියන එක අපේ ජාතික ආරක්ෂාවෙ ශක්තිය මේක කියන එක ලෝකෙට පෙන්වන්න ලැජ්ජයි පුදුම ආණ්ඩුවක්නේ.

අර ධීවරයෝ සම්බන්ධයෙන් ලංකාවේ මුහුද තීරය ඇතුළෙනේ පහර දීලා තියෙන්නේ.එක පැත්තකින් ඔවුන් ධීවර රස්සාව ඇතුළෙම තියෙන අභියෝගයට මුහුණ දෙන්න ඕන ජීවිතයක් මරණයත් අතර තියෙන සටනක්.අනිත් පැත්තෙන් වියදම තෙල් මිල වැඩියි.තාක්ෂණය දෙනවා කිව්වා එස් .එම් .එස් වලින් මාළු ඉන්න තැන කියනවා කිව්වා ඒවා නෑ. හැබැයි ලංකාවේ මුහුදු තීරය ඇතුලට ඇවිල්ලා ගහලා යන්නේ අපේ ධීවරයට.මං දැක්ක ඉන්දියන් රජයෙන් කියල තියෙනවාා ඉන්දියන් වෙරළා රක්ෂකයින් වත් නාවික හමුදාවෙන් නෙවෙයි කියලා.ඒ වගේම මේ ධීවරයෝ කියලා තියෙනවා එතන සිංහල කතා කරන අය දෙමළ කතා කරන අය ඉඳලා තියෙනවා කියලා.ඒක එතකොට ඔබතුමන්ලා පෝෂණය කරන   සංවිධාණාත්මක අපරාධකරුවොද මේ ධීවරයන්ට පහර දෙන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා.මොකද මේ ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුව පිරිසක් ඉන්නව.අද නාවික හමුදාව දාලා මුහුදුතීරය ආරක්ෂා කරගන්න බැරි නම් නාවික හමුදාවේ යුද ශක්තිය ජාතික නිදහස් දිනය දවසෙවත් පෙන්න ගන්න බැරි නම් ධීවරයන්ට ඇවිල්ලා ගහලා යන එක අහන්නත් දෙයක්ද.එනිසා ධීවරයාගේ ආරක්‍ෂාව තහවුරුකරන්නත් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනව කියලා මතක් කරලා දෙන්නන ඕන.

ඒ වගේම තමයි අර දිට්වා කුනාටුවත් සමඟ අසරණ වෙච්ච ජනතාව තාමත් ඉන්නවා.රජතුමා උත්සවයක් තියලා දීපු චෙක් ටිකක් අගරු වෙලා.ඒ චෙක් ටිකත් හැරිලා ඇවිල්ලා, ඒවට සල්ලි දැම්මද නැද්ද කියන්න හරියටම දන්නෙ නෑ අපි තවම හැබැයි ඒ පිළිබඳ ඔබතුමලා ගන්නා ස්ථාවරය මොකක්ද්ද ඒ පිළිබඳ ඔබතුමන්ලාගේ ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද ඒ වගේම තමයි අපි ගෞරවයෙන් ඉල්ලන්නේ කරුණාකරලා ආගමික නායකයෝ විවේචනය කරන එක නවත්වන්න.ජාතිවාදය අවුස්සන්නේ නෑ කියලා නැති ජාතිවාදයක් අවුස්සන්න මේ රටේ සමාජය තල්ලු කරන එක නවත්වන්න.අපේ දේශපාලනය ඩයස්පෝරාව එක්ක තියෙන ගනුදෙනුව මූල්‍යමය  වශයෙන් කරගන්න.ඒකට මේ රටේ ජනතාව පවා දෙන්න එපා කියන්න ඉල්ලීමත් අපිි කරනවා.

Continue Reading

Local

සිරිලිය CID ගමනින් රහස් රැසක් එලියට එයි..

Published

on

By

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අද දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ සිරිලිය සවිය සංවිධානයට අදාළ විමර්ශනයක් වෙනුවෙනි. මෙම මාධ්‍ය නිවේදනය එකී කැඳවීමට අදාළ විස්තරාත්මක කරුණු දැක්වීමකි.

සිරිලිය සවිය 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සංවිධාන පනත යටතේ ස්ථාපිත ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. 2006 වසරේ දෙසැම්බර් මස 08 වන දින ලියාපදිංචි අංක FL-111201 දරණ අංකය යටතේ සිරිලිය සවිය නීත්‍යානුකූලභාවය ලබා ඇත. සිරිලිය සවිය සංවිධානයේ ප්‍රමුඛ අභිලාෂය වූයේ දරිද්‍රතාවය දුරු කරලීම අරමුණු කරගනිමින් මහජන සහන සේවාවන් සහ සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමයි. එතෙක් පැවැති ආයතන ව්‍යුහයන්ගෙන් ආවරණය නොවන පොදු සමාජ සත්කාරක සේවාවන් සහ ප්‍රදානයන් සිදු කිරීම කෙරෙහි සිරිලිය සවිය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබුණි. මෙම සංවිධානයෙන් ඉටු කරන ලද පොදු සමාජ සත්කාරක සේවාවන් පිළිබඳව ප්‍රතිලාභීන් සහ අනෙකුත් බාහිර පාර්ශවකරුන් විසින් පළ කර ඇති කෘතවේදී ප්‍රතිචාර සිරිලිය සවිය සංවිධානයේ කාර්යභාරයෙහි වටිනාකම තහවුරු කරන ප්‍රබලතම සාක්ෂියයි. අදටත් උපකාර අවැසි දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාව සිරිලිය සවිය සංවිධානයේ සේවාවන් අපේක්ෂාවෙන් මෙම සංවිධානය වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පවතී.

2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් ලෙස කීර්තියක් දිනා සිටි සිරිලිය සවිය සංවිධානය පිළිබඳ 2015 ජනවාරි මාසයේ බලයට පත් වූ නව රජය විමර්ශනයක් ආරම්භ කරන ලදි. ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සංවිධානයේ අනෙකුත් ප්‍රධාන නිලධාරින් අවස්ථා ගණනාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන විමර්ශන ආයතන වෙත ප්‍රකාශ ලබා දී ඇති අතර එකී සියලු විමර්ශනයන්ට උපරිම සහයෝගය ද ලබා දී ඇත.

2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශන හේතුවෙන් සිරිලිය සවිය සංවිධානයේ මෙහෙයුම් කටයුතු අකර්මන්‍ය විය. සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිරිලිය සවිය සංවිධානය නෛතික ක්‍රියා මාර්ගයන් වෙත අවතීර්ණ වුවද ඇතැම් විමර්ශකයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එකී උත්සාහය ව්‍යාර්ථ විය. අවසානයේ දී අසරණ භාවයට පත්වූයේ සිරිලිය සවියෙන් උපකාර අපේක්ෂා කළ අහිංසක පොදු මහජනතාවයි. දිගු නිහැඬියාවකින් අනතුරුව වසර 11 කට පසු සිරිලිය සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවීම දේශපාලන මර්ධනයක් බව තේරුම් ගැනීම අපහසු නැත.

සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් අද දින යළිත් කරුණු විමසා ඇති අතර. එය හාස්‍යට කරුණක් වන්නේ 2015 වසරේදී සිදු කරන ලද විමර්ශනයේ දී අදාළ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්ම සිය භාරයට ගෙන තිබීමයි. මෙකී සිදුවීම් පෙළ දේශපාලන වෛරයකින් තොරව කියවා බැලීමේ දී මනා ලෙස ඔප්පු වන්නේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ සාහසික ප්‍රයත්නය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

2026-02-03

Continue Reading

Local

‘ගල් අඟුරු’ හදිසි මිලදී ගැනීමකින් වැඩි මිල දුෂිත ගණුදෙනුවක් ලෑස්තියි…

Published

on

By

සමගි ජන බලවේල මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පුවත්පත් නිවේදනය

ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල – දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරනවා 

‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.

දුෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලි හා ගල්අඟුරු ජාවාරම සඳහා යොදා ගන්නා මෙවලම ලෙස භාවිත කරන්නේ ‘හදිසි මිලදී ගැනීම්’ ය. එම ගණුදෙනු බහුතරයක් අන්ත දුෂිත ය. සමාන්‍ය ක්‍රමයට වඩා වැඩි මිලක් මිලක් ගෙවා ලාභ ලැබීමට බලශක්ති මාෆියාව කටයුතු කරයි. ඒ සඳහා සෑම විටම ඔවුන් ප්‍රකාශ කරන්නේ හදිසි මිලදී ගැනීම් සිදු නොකරන්නේ නම් රට අඳුරේ තැබීමට සිදුවන බවය.

නැවත වරක් විදුලිය කැපීමක් පිළිබඳ භීතිය මවමින් ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටෙත් ‘හදිසි මිලදී ගැනීම් ලෙස’ ගල් අඟුරු නැව් 8 සිට 10 දක්වා  මිලදී ගැනීමට රජය උත්සහ දරයි. 

හදිසි මිලදී ගැනීම් බලශක්ති කේෂ්ත්‍රයේ දුෂිතයින්ට රන් ආකාරයකි. එය විදුලි මිල ඉහළ යාමට හේතු වන බැවින් විදුලි පාරිභෝගිකයාට ද, රටට ද විනාශයකි.  රටේ සම්පත් අන්ත දූෂිතයින් කිහිප දෙනෙකු අතට යාමට හේතුවකි. පැහැදිලිව ‘අල්ලස – දුෂණය’ යටතේ ගැනෙන වරදකි.

මේ වන විටත් ආණ්ඩුව ප්‍රශ්නකාරී ගල් අඟුරු මිලදී ගැනීමක් සිදු කර ඇත. මේ වන විට ගල් අඟුරු නැව් 6 ක් ලංකාවට මුහුදු සීමාවට පැමිණ ඇත. තවත් නැව් හතරක පැටවීම් ආරම්භ කර ඇත.

එසේ තිබියදී, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට උත්සහ දැරීම තවත් අන්ත දූෂිත ගණුදෙණුවට අවස්ථාව සලසා ගැනීමකි.

නිසි වෙළාවට ඛනිජ තෙල් ආනයනය නොකර හදිසි මිලදී ගැනීම් ලෙස ඛනිජ තෙල් මිලදී ගැනීම පිළිබඳ නඩු විභාගයක් මේ වන විට ඇරඹී ඇත.  හදිසි මිලදී ගැනීම් ලෙස සිදු කළ ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා මෝටර් රථ විනාශ විය. ඩීසල් විදුලි බලාගාර මාෆියාව නිසා විදුලි බිල ඉහළ යන්නේය. යෝජිත ගල් අඟුරු හදිසි මිලදී ගැනීම් බහුරතයක් ද, එවැනිම දුෂිත ගනුදෙනු වෙති.

නිසි ක්‍රමවේදයකින් ගල් අඟුරු මිලදී ගැනීමට රජයට මාස 11 ක කාලයක් තිබුණි. එය සිදු නොකර දුෂිත හදිසි ගණුදෙනුවකට රජය උත්සහ දරයි.  මේ දුෂිත උත්සාහයන් වැලැක්වීමට අදාළ සියලු ආයතන පියවර ගත යුතුව ඇත.

Continue Reading

Trending

Copyright © www.pattare.lk