Connect with us

Local

කෝටි 4000ක දේපොල මුරකරු අල්ලාගනී.. අයෝජකයා රට යයි..

Published

on

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව විදෙස් ආයෝජකයෙකු සතු රු කෝටි 4000 ක් වටිනා දේපලක් ආයෝජකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙරටින් පිටවීමෙන් පසු කූට ලේඛන සකසා එම දේපල වර්තමානයේ අනවසරෙන් භුක්ති විඳමින් සිටින පුද්ගලයා විසින් යොදවා ඇති මුරකරු  එම දේපළෙන් ඉවත් කිරිමට (13) දින කටයුතු කිරීමේදී මුරකරු විසින් තමන් ඇතුළු නිලධාරින්ට තර්ජනයක් සිදු කළ බවත් , ඒ පිළිබඳව නුවරඑළිය පොලිසියේ සිදු කළ පැමිණිල්ලට තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන බව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා පවසයි.

නුවරඑළිය මීපිළිමාන එල්ක් ප්ලේන් ප්‍රදේශයේ ඇමරිකානු ජාතික ආයෝජකීයකගේ කෝටි 4000ක රජයේ සතු දේපලක් එම විදේශිකයා අසනීප තත්වයක් හේතුවෙන් සිය රටට පිටව ගොස් ඇති අවස්ථාවේදී කූඨ ලියකියවිලි සකස් කර අදාල දේපල අයිති කර ගැනිමට උත්සහ කිරිම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි  නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුවේ තීන්දුව (13) දින නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිංහ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එම නඩු තින්දුව අනුව අදාල දේපල අනවසරෙන් භුක්ති විදිමින් සිටින තුප්පහිගෙ උදාර ප්‍රියන්ත යන පුද්ගලයා (13) දිනම අදාල දේපලෙන් ඉවත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණ.

තමන් මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව නිලධාරී කණ්ඩායමක් එම ඉඩමට ගොස් අනවසර ලෙස දේපළ භුක්ති විඳිමින් සිටි පුද්ගලයා ඉවත් කිරිමට කටයුතු කල බවත්, එම අවස්තාවේදි සිය රාජකාරියට බාධා කරමින් අනවසරෙන් දේපල භුක්ති විදිමින් සිටින පුද්ගලයා තමන්ට සහ නිලධාරින් තර්ජනය කල බවත්, ඒ සම්බන්ධයෙන් තමන් නුවරඑලිය පොලිසියට පැමිණිලි කල නමුත් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනතුරු කටයුතු කර නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසිය.

ප්‍රාදේශිය ලේකම්වරයා නගන චෝදනාව සම්බන්ධයෙන් අප නුවරඑළිය පොලිසියෙන් සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් සිටින බවයි .

– රංජිත් රාජපක්ෂ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk