Connect with us

Local

ගබ්සා නීතිය වහා වෙනස් කල යුතුයි.. කාන්තාවනට තම සිරුර ගැන තීන්දු ගන්න ඉඩ දිය යුතුයි…

Published

on

ගබ්සා කිරීම් සම්බන්ධයෙන් පවතින නීති කාන්තාවන්ට සාධාරණය ඉටුවන ලෙස වහා වෙනස් කළ යුතු යැයි ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා එම අදහස් පළ කළේ කාන්තා කටයුතු, ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව අදහස් දක්වමින්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද කීය.

මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසනය දැඩි ලෙස සාකච්ඡා වුණා. අවාසනාවකට, මගේ සහෝදර මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් විසඳුම් යෝජනා කරනවා වෙනුවට කළේ තත්ත්වය දේශපාලනීකරණය කිරීම පමණයි. එය කණගාටුදායකයි. ස්ත්‍රී දූෂණය දේශපාලනීකරණය කිරීමෙන් සිදු වන්නේ ඊට තුඩුදෙන තත්ත්වයන් පාලනය කිරීම නොවෙයි. ඊට විසඳුම නම් එය විසඳීමට නිශ්චිත පියවර ගැනීමයි. ඒ නිසයි මේ සම්බන්ධයෙන් අපි හඬ නගන්නේ.

ළමුන් සහ තරුණ වැඩිහිටියන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීම තුළ ඔවුන්ට ඒ පිළිබඳ දැනුවත් තීරණ ගැනීමට අවස්ථාව ලබාදිය හැකියි. ඒ වගේම ගබ්සාව සම්බන්ධයෙන් ඇති අපරාධ නීතිය ඉවත් කිරීම වැදගත් කටයුත්තක්. මොකද කාන්තාවන්ට තම සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලය ඔවුන්ට ලැබෙන පරිදි නීති වෙනස් විය යුතුයි. දිනකට අනාරක්ෂිත ගබ්සා කිරීම් 650ක් පමණ සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා පෙන්වා දෙනවා. ඇත්තටම ඉන් අදහස් කරන්නේ අපගේ පවතින නීති සෑම වසරකම කාන්තාවන් 250,000කගේ ජීවිත අවදානමට ලක් කරන බව නොවේද?

කාන්තාවන් සහ ළමුන් සඳහා අධිකරණ ආරක්ෂාව වැඩි කිරීම තවදුරටත් සිදුකළ යුතුයි. ඒ තුළ ඔවුන්ගේ ආරක්ෂාව තවදුරටත් වැඩි කිරීමට ලක් කළ හැකියි. ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ නඩු ඉක්මනින් විසඳීමටත් වහා කටයුතු කළ යුතු වෙනවා. සාමාන්‍ය ළමා දූෂණ නඩුවක් විසඳීමට වසර 7-10 ක් ගතවන බව සඳහන්. ඒ තුළින් වින්දිතයන් කිසිදු සාධාරණයක් නොමැතිව තව තවත් බලපෑමකට ලක්වෙනවා. කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ලිංගික හිංසනයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන තැතිගන්වන සුළු බව සඳහන් කළ යුතුමයි. සෑම පැය 2 කට වරක් දරුවෙකු ලිංගික අතවරයට ලක්වන බව වාර්තා වෙනවා. එසේම සෑම විනාඩි 90 කට වරක් කාන්තාවක් දූෂණය වන බවත් එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. තවත් වැදගත් කරුණක් වන්නේ මෙරට ඝාතනය කරන ලද කාන්තාවන්ගෙන් 62% ක් සමීප සහකරුවෙකු, හිටපු සහකරුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු විසින් සිදුකර ඇති බවයි.

තවත් වැදගත් කරුණක් මෙහිදී පෙන්වා දෙන්න කැමතියි. 2013 ශ්‍රී ලංකාවේ පිරිමි ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයකින් සිදුකර තිබෙනවා. එහිදී සම්මුඛ පරීක්ෂණයට ලක් වූ පිරිමින්ගෙන් 15% ක් අවම වශයෙන් එක් වරක් හෝ දූෂණය කළ බව පිළිගත් බවයි. ස්ත්‍රී දූෂණය පිළිගත් බහුතරයක් ඔවුන් එසේ කළේ ඔවුන්ට හිමිකම නිසා බවත් එම වාර්තාවේ සඳහන්. ඒ වගේම තවත් වැදගත් කරුණක් වන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 20% ක් විනෝදය සඳහා හෝ කම්මැලිකම නිසා දූෂණය කළ බව පිළිගෙන ඇති බවයි.

මේ රටේ, පීඩකයන් ආරක්ෂා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ. ස්ත්‍රී දූෂණ හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ද එය බොහෝ දුරට සමාන යි. එහිදී පොලිසිය වින්දිතයින්ට වඩා ස්ත්‍රී දූෂකයන් සමඟ වැඩි අනුකම්පාවක් දැක්වීමට නැඹුරු වෙනවා. මම සඳහන් කළ ඉහත අධ්‍යයනයේ දී ස්ත්‍රී දූෂණ කළ බව පිළිගත් අයගෙන් 3% ක් පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එය කම්පන සහගත තත්ත්වයක්. තවද, 2021 කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, 2013-2017 අතර ඝාතනය වූ කාන්තාවන් සම්බන්ධ සිද්ධීන්වලින් අවසන් වී ඇත්තේ 5%ක් පමණක් බව සඳහන්. ඇත්තටම මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ අප ලැජ්ජාවට පත්විය යුතුයි. අපගේ කාන්තාවන්ට සහ ළමයින්ට සුරක්ෂිත සහ වඩා සාධාරණ රටක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිසංස්කරණවලට සහාය වීමට මා කැපවී සිටින්නේ එබැවින්.

සිරිමන්ත රත්නසේකර
– Divaina

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රනිල් ජනපති අපේක්ෂකයා කරන්නැයි කියන්නේ සුළු පිරිසක්.. නාමල්..

Published

on

By

වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටිනඅපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවාරනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .

– ADA

Continue Reading

Local

පෙරපාසල් ගුරුවරුන්ට සාමදාන විනිසුරු තනතුරු..

Published

on

By

පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය.

අභියෝග රැසක් මැද පෙරපාසල් ගුරුවරුන් සිය සේවය සිදුකරන බව පැවසීය.

ඔවුන්ට නිසි වැටුපක් ලබාදීම සඳහා රජයේ අවධානය මේවන විට යොමුව ඇතිබව මංත්‍රීවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම විවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පෙර පාසල් ගුරුවරයාට තවත් වටිනාකම එක් කිරීමේ අරමුණින් සාමදාන විනිසුරු තනතුරු ලබාදීම සිදුකර බව පැවසීය.

අවුරුදු 25 කට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියන් ලෙස සේවය කර ඇති ගුරුවරියන් සදහා සාමදාන විනිසුරු තනතුරු පිරිනැමීම සිදුවිය.

– නිපුනි හසරංගි

Continue Reading

Local

රට යවන්න ලක්ෂ 30ක් වංචා කලැයි දමිතා ගැන විමර්ශණ..

Published

on

By

රංග­න­වේ­දිනී දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට (26) දැනුම් දුන්නේය.

දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30කට අධික මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර ඔවුන් දෙදෙ­නාට බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණී­මට දැන්වු­වත් එය නොස­ලකා හැර ඇති බැවින් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොති­සි­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එම දෙදෙනා සැක­ක­රු­වන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ අව­ස්ථාවේ විමසා සිටි­යේය.

“මෙතෙක් සැක­ක­රු­වන් ලෙස නම් කර නැහැ. විම­ර්ශන අව­ස්ථාවේ සිටින්නේ. පොලි­සි­යට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නද පැමි­ණියේ නැහැ. අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි නොතී­සි­යක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිල­ධා­රීන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යේය.

“සැක­ක­රු­වෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකා­ර­යෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

– Dinamina

Continue Reading

Trending

Copyright © www.pattare.lk