Connect with us

Local

මැක්ඩොනල්ඩ් ශ‍්‍රී ලංකාවේ සියළුම ශාඛා වසා දමයි..

Published

on

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන ගැටළුවක් මත මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නීති කෘත්‍යක්ද සිදුවෙමින් ඇත.

තම මව් සමාගමේ ප්‍රමිතියට අනුව ආහාරපාන ලබාදීමටද ශ්‍රී ලංකාද නියෝජිත සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාව තුළ සිය සන්නාමයම යටතේ ආහාර අලෙවිය නවතා දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

Local

හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්.. 

Published

on

By

හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි. මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.

මාධ්‍ය ඒකකය

Continue Reading

Local

මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුව මැද යකා නටයි..

Published

on

By

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව පළමු අවස්ථාවේම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව මැදට පැමිණි විරෝධතාවය යෙදීම හේතුවෙනි.

කෝවිලකදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් කිහිප දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සියලු දෙනාම වහා නිදහස් කළ යුතු බවත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනා ගොනු කරමින් බවත් මන්ත්‍රීවරුන් කියා සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණයකට ඉදිරිපත් කර ඇති සැකකරුවන් නිදහස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවය.

Continue Reading

Local

නව මැතිවරණ ක‍්‍රමයක්.. කොට්ඨාශ ක‍්‍රමය ගෙනේ.. යෝජනාව සම්මතයි..

Published

on

By

නව මැතිවරණ ක්‍රමයක් සඳහා කෙටුම්පතක් සකස් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 160 සෘදුව කොට්ඨාස ක්‍රමයටත් ඉති 65 දෙනා සමානුපාතිකව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමට නියමිතය.

පනත් කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

Continue Reading

Trending

Copyright © www.pattare.lk