Connect with us

Local

බෙලිඅත්තේ ඝාතනයට ටිරාන්ගේ සම්බන්ධයක් ප‍්‍රචාරය කරන්න හිරුණිකා සල්ලි දුන්නා සැකකරුවෙකු අධිකරණයේදී කියයි..

Published

on

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ බෙලි අත්තේ මිනීමැරුම සම්බන්ධයෙන් සාකච්ජාවක් සිදු කරමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ හඬපටයක් ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති දෙවන සැකකාර ශාන් ගනේගොඩ නොහොත් ගනේගොඩ විතානගේ චාමර තරිදු මධුශංක සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් හාරලක්ෂ අසූඑක්දහස් පන්සියයක මුදල සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.

එම මුදල් සම්බන්ධයෙන් හිමිකම් කියන්නේද යන්න මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා සිටි අතර එම මුදල් වලට දෙවන සැකකරු අයිතිවාසිකම් කියන බව දන්වා සිටියේය.

එහිදී සැකකරුට එම මුදල් ලබා දුන්නේ සමාජ ජාලවලට ප්‍රචාර කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බවට ඔහු ප්‍රකාශ කළ බවත් ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් අධිකරණයට කී පොලිසිය එම අවස්ථාවේ ඇය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ බවත් කියා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම මුදල් ලැබුණු ආකාරය දෙවන සැකකරුගෙන් විමසා සිටි අවස්ථාවේ තමන් බණ්ඩාරවෙල වගා කරන බවත් එම මුදල් පියා ලබාදුන් බවත් කියා සිටියේය.

සැකකරුට අධිකරණ ගණනාවකින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. සොරකම් කිරීම් නඩු 30කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ සිටිනවා. සැකකරු ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කර තිබෙනවා. ඔහුගේ පියාගේ ප්‍රකාශ වලට අනුව වසර හතරක් නිවෙසට ගොස් නැහැ. උප්පැන්න සහතිකයේ එක් පැත්තක් පමණයි පියා ලබා දුන්නේ. එම පිටපතට හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා සඳහා යොමුකර තිබෙනවා. පරිගණක දත්ත මකාදාලා. සැකකරු විවිධ ප්‍රදේශවලට ගොස් නිවෙස්වලට ඇතුළු වී පෙත්තක් බීමට දී මත් කර සොරකම් කරන බවට වාර්තා වී තිබෙනවා යැයි පොලිසිය දන්වා සිටියේය.

සිය යූටියුබ් නාළිකාවේ ටික් ටොක් ඔස්සේ මහජන ආරක්ෂක ඇමැතිවරයා සමඟ කළ සාකච්ජාව උඩුගත කරමින් රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය අස්ථාවර කිරීමට කටයුතු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.

සැකකාර පුද්ගලයා මේ දුරකතන සංවාදය පටිගත කළ එකක් බව දැන දැනම වෛරී චේතනාවෙන් යූටියුබ් නාළිකාව හරහා උඩුගත කර තිබෙනවා. 2023 ජනවාරි මස ලබා ගත් සිම්පතක් හරහා මෙම දුරකතන සංවාදය පටිගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. බෙලි අත්තේ මිනීමරුවන් අල්ලන බැහැ.

පෙර සූදානමකින් සිදු කළ බවට තහවුරු වී තිබෙනවා. මේ නිසා සමාජයේ රජය සහ පොලිසිය ගැන විශාල වෛර සිතුවිල්ලක් කැළඹීමක් ඇති වී තිබෙනවා. කැරැල්ලක් ඇති කරන අදහසින් ඔහු මේ දේ සිදු කර තිබෙනවා යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගල ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂල ඇප මත මුදා හැර ඇති අතර නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.

– සුභාෂිණී සේනානායක

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk