Connect with us

World

බංග්ලාදේශ අරගලකරුවෝ දේපල රැසක් කොල්ල කති.. මන්ත‍්‍රීන් 20ක් මරා දමති..

Published

on

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශ වලදී සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ලකා විනාශ කර දමා ඇත.

අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවෙසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවෙසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය පෙරේදා (06) සොයා ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවෙසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත්, එම නිවෙසේ තිබී පිළිස්සී ගිය මළ සිරුරු 6 ක් සොයාගෙන ඇති බවත්, විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මූලස්ථානයට ගිනි තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භ වී ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ විය.

අවසානයේ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරය ඉල්ලා සිටි පරිදි මහාචාර්ය මුහම්මද් යුනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග බංග්ලාදේශයේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

– විමුක්ති එස්. රුද්‍රිගු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

World

පුරවැසියන්ට වහා ඉවත්වන්නැයි ඇමරිකාව දන්වයි.. ඉරාන ප‍්‍රහාරයට සියල්ල සූදානම්..

Published

on

By

අමෙරිකාව සහ ඉරානය අතර ඔමානයේදී පැවැත්වීමට නියමිත අතිශය තීරණාත්මක සාකච්ඡා වටයකට පෙර, ඉරානයේ රැඳී සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉරානයෙන් පිටවන්නැයි අමෙරිකානු රජය දැඩි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

සිකුරාදා අලුයම නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ, පිටවීමේ සැලසුම් සකස් කිරීමේදී අමෙරිකානු රජයේ සහාය මත රඳා නොපවතින ලෙසයි.

තීරණාත්මක සාකච්ඡා සහ හමුදාමය සූදානම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සහභාගී වන මෙම සාකච්ඡා සඳහා ඉරාන කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසිනි. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි යන්න පිළිබඳව ඇත්තේ ඉතා අඩු බලාපොරොත්තුවකි.

මේ වන විටත් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ‘ඒබ්‍රහම් ලින්කන්’ ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රමුඛ දැවැන්ත යුද නෞකා සමූහයක් පර්සියානු බොක්ක වෙත යවා ඇත. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරි දින හෝ සති කිහිපය තුළ දෙරට අතර හමුදාමය ගැටුමක් ඇතිවීමේ සම්භාවිතාව 75% ක් තරම් ඉහළ අගයක පවතින බවයි.

දෙපාර්ශවයේ ඉල්ලීම් සහ මතභේද අමෙරිකාව විසින් ඉරානයට ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ:

  • යුරේනියම් තොග විනාශ කිරීම.
  • බැලැස්ටික් මිසයිල වැඩසටහන සීමා කිරීම.
  • මැදපෙරදිග සන්නද්ධ කණ්ඩායම්වලට අරමුදල් සැපයීම නැවැත්වීම.

ඉරානය මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මෙය තම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවයි. ඕනෑම ප්‍රහාරයකට ඊශ්‍රායලයේ සහ කලාපයේ පවතින අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වන බවටද ඉරානය අනතුරු අඟවා තිබේ.

පසුබිම පසුගිය වසරේ ජූනි මාසයේදී ඊශ්‍රායලය සමඟ ඇති වූ දින 12 ක යුද්ධයෙන් පසු දෙරට අතර නිල වශයෙන් පැවැත්වෙන පළමු හමුව මෙයයි. එම යුද්ධයේදී අමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට දැඩි හානි සිදු විය. මීට අමතරව, ඉරානය තුළ පැවති විරෝධතා මර්දනය කිරීමේදී පසුගිය බදාදා වන විට පුද්ගලයින් 6,883 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

දෙපාර්ශවය අතර පවතින අවිශ්වාසය හමුවේ මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත්, අමෙරිකාව විසින් වැනුසියුලා පන්නයේ මුහුදු අවහිර කිරීමක් හෝ සීමිත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

Politics

හොදින් හෝ නරකින් ග‍්‍රීන්ලන්තය අල්ලනවා.. ට‍්‍රම්ප්..

Published

on

By

ආක්ටික් කලාපය තුළ රුසියාව සහ චීනය දියත් කර ඇති යුදමය ක්‍රියාකාරකම් හමුවේ, අතිවිශාල ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ඇමරිකානු ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඇමරිකාව මෙම පියවර නොගතහොත් රුසියාව හෝ චීනය විසින් එම දූපත අත්පත් කරගනු ඇති බවයි. “අපි ග්‍රීන්ලන්තය ලබා නොගත්තොත් රුසියාව හෝ චීනය එය කරනු ඇති. මම එයට ඉඩ තබන්නේ නැහැ,” යනුවෙන් ඔහු එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයේ සිටි මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

කෙසේ වෙතත්, රුසියාව හෝ චීනය මෙතෙක් ග්‍රීන්ලන්තය කෙරෙහි කිසිදු හිමිකම් පෑමක් සිදුකර නොමැති පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය කිරීම විශේෂත්වයකි. ඩෙන්මාර්කය සමඟ මේ සම්බන්ධයෙන් ගනුදෙනුවකට එළඹීමට තමා සූදානම් බවත්, කෙසේ හෝ අවසානයේදී ග්‍රීන්ලන්තය ඇමරිකාව සතු කරගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර විරෝධය උතුරු ඇමරිකාව සහ ආක්ටික් කලාපය අතර මූලෝපායිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනය එල්ල කරන මෙම බලපෑම් ඩෙන්මාර්කයේ සහ අනෙකුත් යුරෝපීය මිත්‍ර රටවල දැඩි විමතියට හා කණගාටුවට හේතු වී තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේ සිටම ඇමරිකානු හමුදා කඳවුරක් පවතින මෙම දූපත, 1953 දක්වා ඩෙන්මාර්ක යටත් විජිතයක්ව පැවති අතර 1979 වසරේදී ස්වයං පාලන අයිතිය දිනාගන්නා ලදී.

ග්‍රීන්ලන්තයේ දේශපාලන පක්ෂ සහ අතිමහත් බහුතරයක් ජනතාව ඇමරිකානු පාලනයකට යටත් වීම තරයේ ප්‍රතික්ෂේප කරති. තම අනාගතය තීරණය කිරීමේ අයිතිය තමන් සතු විය යුතු බව ඔවුහු අවධාරණය කරති.

ආරක්ෂක දුර්වලතා පෙන්වා දෙයි ග්‍රීන්ලන්තයේ ආරක්ෂක පද්ධතිය උපහාසයට ලක් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඔවුන් සතුව ඇත්තේ “බල්ලන් ඇදගෙන යන හිම කරත්ත දෙකක්” පමණක් බවයි. එහෙත් රුසියාව සහ චීනය සතුව විනාශකාරී යුද නැව් සහ සබ්මැරීන් විශාල ප්‍රමාණයක් පවතින බැවින්, ග්‍රීන්ලන්තය ඇමරිකාව සමඟ එකඟතාවකට පැමිණීම උචිත බව ඔහු අනතුරු ඇඟවීය.

ඩෙන්මාර්ක අගමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ බලහත්කාරයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට ඇමරිකාව උත්සාහ කරන්නේ නම්, එය වසර 80ක අත්ලාන්තික් ආරක්ෂක සබඳතා බිඳවැටීමට හේතු වනු ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, “එය නේටෝ (NATO) සංවිධානයට බලපානවා නම් එසේ වුවාවේ, නමුත් අපිට වඩා ග්‍රීන්ලන්තයට අපේ අවශ්‍යතාවය පවතිනවා” යනුවෙනි.

Continue Reading

World

බංගලාදේශ අරගලකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පැන අගවිනිසුරු පන්නති..

Published

on

By

බංගලාදේශයේ අගවිනිසුරුරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එරට අරගලකරුවන්ගේ එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

බංගලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය වට කරගත් අරගලකරුවන් විරෝධතාවයක නිරත වී ඇත.

ඒ අග්‍ර විනිශ්චකාරවරයා වහාම දුරයෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමිනි.

Continue Reading

Trending

Copyright © www.pattare.lk