Local
නාමල් දිනවන්න මොණරාගල ශෂීන්ද්‍ර.. ඔහු තනිකර සියල්ල රනිල්ට පනිති..
Published
2 years agoon
By
admin
මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කරති.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල සිලැන්රිච් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂවල මහජන නියෝජිතයෝ මෙම තීරණයට එළඹුණහ.
සාකච්ඡාව සඳහා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05න් 04 දෙනෙකු පැමිණ සිටියහ.
ඒ ජගත් පුෂ්පකුමාර, විජිත බේරුගොඩ, ගයාෂාන් නවනන්ද, කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරුයි.
පොහොට්ටුවේ මොනරාගල දිස්ත්‍රික් නායක ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරයි.
මොණරාගල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මොණරාගල දිස්ත්‍රීක් නායිකා හිටපු කැබිනට් ඇමති සුමේධා ජී. ජයසිංහ මහත්මියද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ අවස්ථාවට එක් වූවාය.
මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 10කි. ඒ පළාත් පාලන ආයතන සියල්ලම ප්‍රාදේශීය සභාවේ. මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් 102ක්ම මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් 297 දෙනෙකු මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.
රැස්ව සිටි මොනරාගල දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්හ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබෙන බවයි.
රටට ආදරය කරන බොහෝ දෙනෙක් ඇතුළු බොහෝ පක්ෂ ඒ සඳහා සහාය දක්වන බව කී ඇමතිවරයා මෙවර මැතිවරණය කිසිවකුගේ පෞද්ගලික හෝ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කරන මැතිවරණයක් නොවන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,
“මේ දේශපාලන වේදිකාව අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වුණ එකක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන කණ්ඩායම් සියල්ලක්ම අද පැමිණ තියෙනවා. සියළු දෙනා එකතු වෙලා තමයි මේ මැතිවරණයට අපි මුහුණ දෙන්නේ. මේ මැතිවරණය විශේෂ වන්නේ මේක අපේ පෞද්ගලික හෝ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කරන මැතිවරණයක් නොවන නිසයි. රටට ආදරය කරන මිනිස්සු ඔක්කොම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි අතරේ ගැටළු තිබුණා. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න එපා කියලා මම ප්‍රසිද්ධියේ කිව්වා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව වැඩ කරපු කණ්ඩායමයි. මම තරම් රනිල් වික්‍රමසිංහ මහත්තයට බැනපු කෙනෙක් නෑ. ඒත් අද අපි හැමෝම එක මතයකට ඇවිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරවීමටයි.
2022 වනවිට අපි දේශපාලන වශයෙන් මූණ දීපු තත්ත්වය මුළු රටම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එදා ජනාධිපතිකම භාර නොදුන්නා නම් මේ රට අද බංගලදේශයටත් වඩා හපන් වෙනවා. අද බංගලාදේශයේ වෙන දේ මාධ්‍ය හරහා ඔබ දකිනවා. බංගලාදේශයේ අද කැළෑ නීතිය රජ වෙලා තියෙනවා.
සාමන්‍ය රටක ප්‍රජාත්නත්‍රවාදය සුරක්ෂිත වෙනවිට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය රැකුනොත් පමණයි. අපේ රටේ විධායකය විනාශ වුණා. ව්‍යවස්ථාදායකයට ගහලා ඉවර කළා. වාසනාවකට පාර්ලිමේන්තුව වටලන්න බැරි වුණා. අධිකරණවල සමහර නීතිඥවරු අත්පුඩි ගහලා පිස්සු කෙලියට අධිකරණය පාලනය වුණා. අවුරුදු දෙක හමාරක් යනකොට නැවත වතාවක් රට සාමන්‍ය තත්ත්වයට පත්වුණා. එදා මෙරට පාර්ලිමේන්තුව වටලන්න කතා කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණයි. මාලිමාවයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරිනම් මිනිස්සුන්ව මරලා, ගෙවල් ගිනි තියලා, රාජ්‍ය දේපල විනාශ කරලා හරි බලයට එන ක්‍රමයක් තමයි මේ අයට වුවමනා වුණේ. ඔවුන් 71, 83 කලු ජූලිය කළා. 88/89 ඔවුන් හැසිරුණ විදිය දන්නවා. දැනුත් ඔවුන් කරන්නේ ඒ දේමයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණාට පස්සේ නීතිය හා සාමය ස්ථාපිත වුණා වගේම දේශපාලන ස්ථාවරයත් රැකුණා.
නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගේමූ කියන මතයේ ඉදන් අද මේ දේශපාලන ස්ථාවරයට අපි සියළු දෙනා ඇවිල්ලා ඉන්නේ. මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. මම මහින්ද මහත්තයාට සහ බැසිල් රාජපක්ෂ මහත්තයාට කියලා තමයි මම මගේ ස්ථාවරයට ආවේ.
පොහොට්ටුව නැතිව අපිට මොකද වෙන්නේ කියලා අද බොහෝ දෙනෙක් අහනවා. අපි ඒ සඳහා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. පොහොට්ටුවේ 90% ක් ඉන්නේ අපිත් එක්කයි. මේ ගමන යන්න ඕනේ මිනිස්සුන්ගේ මතයට ගරු කරලයි. රටට වැඩක් කරන්න පුළුවන් ප්‍රායෝගික නායකයකුට දෙනවද? අලුත් අත්හදා බැලීමකට යනවද කියලා බලන්න පුළුවන්. අලුත් අත්හදා බැලීමකින් ලොකු භයානකකමක් ඇතිවෙන්න පුළුවන්. අත්හදා බැලීමකට ගියොත් වෙන්නේ බංගලාදේශයට එහා ගිය දෙයක්. ඒ නිසයි පොහොට්ටුවේ බහුතරයක් තීන්දු කළේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න. මේ වෙනකොට සංධානයක් හදන්න අපි වැඩපිළිවෙල හදලා ඉවරයි. පොහොට්ටුවේ අයගේ ආරක්ෂාව සඳහා වෙනම විකල්ප වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා.
ප්‍රදීප් අනුර කුමාර
You may like
-
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
-
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
-
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
-
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කොන්දොස්තරවරියන් බදවා ගනී..
-
පුරවැසියන්ට වහා ඉවත්වන්නැයි ඇමරිකාව දන්වයි.. ඉරාන ප්‍රහාරයට සියල්ල සූදානම්..
-
සන්ධ්‍යා ගෙන් ලොක්කෙක් මිනී පෙට්ටියට සයිස් එක අසයි..
Local
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
Published
4 months agoon
August 1, 2026By
admin
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.
එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.
“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Local
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
Published
10 months agoon
February 7, 2026By
admin2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.
විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.
SSC ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.
තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.



Local
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
Published
10 months agoon
February 7, 2026By
admin
දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”
මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.
ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.


