Local
විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව හේතුවක් හොයනවද..?
Published
2 years agoon
By
adminසමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එහි නැගෙනහිර පළාත් මුස්ලිම් නායකයින් අතර සාකච්ඡාවක් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණ.
එහිදී මුස්ලිම් ප්‍රජාව අතර පැවති විවිධ ගැටළු සහ අනවබෝධයන් පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර, රටේ අනාගතය සම්බන්ධයෙන් සියලු ම ආගමික කණ්ඩායම් එකට එක් වී වැඩ කරන ආකාරයත් එය උගත්, බුද්ධිමත්, දර්ශනයක් සහිත මාර්ගයක් ඔස්සේ ගමන් කරන ආකාරය ගැන දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැණින. විශේෂයෙන් ම පසුගිය කාලයේ දී ඇති වූ යම් යම් අනවබෝධ දුරු කර ගැනීම සඳහා ඉතාමත් ම ප්රගතිශීලී අදහස් දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීම විශේෂත්වයකි.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා;
“අද දිනයේ අපි පක්ෂයේ නිලධාරි මණ්ඩලයත් අපගේ මුස්ලිම් නායකයනුත් එක්ක අපි ජමෙයිතුල් උලමා ඉස්ලාමීය බුද්ධිමතුන් සමඟ සාකච්ඡාවක් ඇති කර ගත්තා. වර්තමානයේ රටේ පවතින තත්ත්වය ගැනත් ඒ වගේම ජාතික, ආගමික සම්බන්ධ වෙමින්, මොකද ලෝකේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. ලංකාවෙත් තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. අපෙත් පැරණි තත්ත්වයන් තියෙනවා. අලුත් තත්ත්වයන් තියෙනවා. ඒ පිළිබඳ අපි ස්තූතිවන්ත වෙනවා. අපි දෙගොල්ලෝ අතරේ හොඳ සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ අය දේශපාලන පක්ෂයකට සෘජුව උදව් කරන්නේ නැහැ. නමුත් ඒ සමාජයේ උගතුන්, බුද්ධිමතුන් හැටියට සමාජයේ ආගමික වශයෙන් මෙහෙයවන පිරිසක් හැටියට කොයි විදිහටද ඒ අය මේ ප්‍රශ්න ගැන හිතන්නේ සහ අපි හිතන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් අපි දෙගොල්ලෝ අතර ඇති වුණා.”
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;
ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමට මොකක් හරි හේතුවක් හොය හොය තමයි ඉන්නේ
ප්රශ්නය:
විදුලිබල ඇමැති කියනවා විදුලිබල මණ්ඩලයේ ලාභය අඩුවෙලා තියෙනවා. මේ නිසා විදුලිය බිල වැඩි කරන්න සිදුවෙනවා කියලා. මේ වෙලාවේ මේ මිල වැඩි කිරීම සාධාරණයි කියලා ඔබ හිතනවද?
පිළිතුර:
මිල වැඩි කරන්න විදුලිබල මණ්ඩලයට බෑ. මිල වැඩි කරන්නේ මහජන උපයෝගිතා කොමිසම. රටේ කොයි කාලෙත් එතුමා එන්න කලිනුත් ජනවාරි, පෙබරවාරි, මාර්තු වල වැහි නැහැ. නමුත් අපි මතක තියාගන්න ඕනේ ජනවාරි පළවෙනිදා රටේ ජල විදුලිය ඉතාම හොඳ තත්වයක් තිබුණා. පැය 1200කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ ප්‍රමාණය පාවිච්චි කිරීමයි කළ යුතුව තිබුණේ. නමුත් අද කරන්නේ මොකක්ද? හැමදාම ඉරිදත් සෙනසුරාදා දවස් වලට නිකන් ලැබෙන සූර්ය බලය නිකන් ලැබෙන සුළං බලය කප්පාදු කරලා ඒ වෙනුවට තෙල් ඉන්ධන පාවිච්චි කරලා විදුලිය නිපදවලා ඒකට අධික වියදමක් දරලා අපිට කියනවා මේ දැන් ඉතින් මේ පායන හින්දා ප්‍රශ්නයක් තියෙනවා කියලා. පායන හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ. ප්රශ්නය තියෙන්නේ කළමනාකරණයේ පිළිබඳ ගැටලුවක් තියෙන්න ඕනේ. විදුලි ගාස්තු වැඩි වෙනවා නම් හෝ විදුලි කප්පාදු වෙනවා නම් ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව එහි වගකීම දරන්න ඕන. මොකද ඉතාම හොඳ ජල විදුලි තත්ත්වයක් ජනවාරි පළවෙනිදා තිබුණා. ඒ වගේම දෙපාර්තමේන්තුවෙන් කියනවා සීයට අසූවක් විතර මේ වැව්වල තාම ජල මට්ටම තියෙනවා. සමහර වැව්වල සීයට අනූවක මට්ටමක්. කිසිම ප්‍රශ්නයක් නෑ.
ආණ්ඩුව මේ ගාස්තු වැඩි කරන්න කැමති වුනේ නෑ. මහජන උපයෝගිතා කොමිසමනේ ගාස්තු අඩු කළේ. ගාස්තු වැඩි කිරීම තමයි ඒ වෙලාවෙත් විදුලිබල මණ්ඩලය හා ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ වුවමනාව තිබුණේ. නමුත් රටේ ජනතාවට නම් කිව්වේ වෙන එකක්. තුනෙන් එකකින් විදුලි ගාස්තු අඩු කරනවා කියලා. ඉතින් මේ විදුලි ගාස්තු වැඩි කිරීමට මොකක් හරි හේතුවක් හොය හොය තමයි ඉන්නේ. ඒකට එක හේතුවක් හැටියට තමයි අපි දකින්නේ මේ නොමිලේ ලැබෙන සුළං බලයයි, සූර්ය බලයයි කප්පාදු කිරීම. මේක ජාතික අපරාධයක් විතරක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සහතික වෙච්ච එකට පටහැනිව ඒ කියන්නේ පොදු යහපතට එරෙහිව පාලකයන් විසින් ගන්නා උත්සාහයක්. ඒ වගේම මේක රාජ්‍ය දේපළ අපහරණය කිරීමක්. මේ හැම කටයුත්තකටම අනාගතයේ වගවීමට සිද්ධ වෙයි. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලනවා නොමිලේ ලැබෙන සුළං බලයයි, සූර්ය බලයයි කප්පාදු කරලා තෙල් වලින් විදුලිය නිපදවලා එහි බර ජනතාව පිට දැමීම තරං අයුක්ති සහගත, අපකීර්තිමත් දෙයක් නෑ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ද? මහජන ආරක්ෂාවේ ප්‍රශ්නයක් ද?
ප්රශ්නය:
මොන වගේ තත්ත්වයක ද දැන් ජාතික ආරක්ෂාව තියෙන්නෙ?
පිළිතුර:
රාජ්‍යයට තර්ජනයක් නෑ, මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ඒක ඒක දේශපාලන දඩයම් වලින් ඒ මහජන ආරක්ෂක ප්රශ්නය විසඳන්න බැහැ. ඒ සඳහා පුළුල් වැඩසටහනක් කරන්න ඕනේ. අපි පිළිගන්න ඕනේ මේ රටේ අවි ආයුධ විශාල ප්‍රමානයක් අවුරුදු තිහක් තිස්සේ සැරිසරනවා. ජනතා විමුක්ති පෙරමුණ අවි ආයුධ පැහැර ගත්තා ඒවා භාරදුන්නේ නැහැ. එල් ටී ටී ඊ සංවිධානයේ අවි ආයුධ තිබුණා ඒවා භාර දීලා නැහැ බහුතරයක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණයි එල් ටී ටී ඊ යයි මර්දනය කරන්න ගත්ත අවි ආයුධ භාර දීලත් නෑ. මේක ගැන ඊට වඩා විවෘතව හා සංවේදීතව කටයුතු කරන්නැතුව මේ නිකන් දේශපාලන දඩයම් කරමින්, දේශපාලන වාසි ලබාගන්න කරුණු කටයුතු කරමින් මේ ප්රශ්නය විසඳෙන්නේ නෑ. ඒ හින්දා මේ දැන් තියෙන මහජන ආරක්ෂක ප්රශ්නය ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන් ඔය විදිහට වැඩ කළොත්. දැනට නම් එහෙම ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් අපිට පේන්න නම් නැහැ.
ප්රශ්නය:
පාර්ලිමේන්තුවේදී කිව්වා අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබිලා, මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කරලා මදියි කියන එක.?
පිළිතුර:
පොලිස්පතිතුමාත් පිළිගත්තනේ. එහෙම උසාවියේදී හෝ ඝාතනය කිරීමට තොරතුරක් ලැබුණා කියලා. ඒ වගේම මෙවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම පස්සේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පොලිස්පතිවරයෙක් දැනුම් දුන්නනේ 2023 අප්‍රේල් මාසේ මෙහෙමයි ක්‍රියා කරන්න ඕනේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පොරොන්දු වූ ක්‍රියාපටිපාටියට හාත්පසින්ම පටහැනිවනේ ක්‍රියා කරලා තියෙන්නේ. ඒ අනුව මේ පොලිස්පතිතුමත් පොලිස් ලේකම්වරයාත් ඇමතිවරයාත්, ශ්‍රේෂ්ඨාධිකරණයට දීපු පොරොන්දුව කඩ කරලා තියෙනවා.
ප්රශ්නය:
දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව. මොනවගේ තැනකද තියෙන්නේ? පිරිහීගෙනද යන්නේ?
පිළිතුර:
ඒක ඉතින් ජනතාව තීරණය කරයි. එක දෙයක් කියන්න ඕනේ. දැන් අද කරන හැමදේකටම විරුද්ධව, ප්‍රකාශයක් අනුර දිසානායක මහත්තයා අතීතයේ කරලා තියෙනවා. කියපු දේවල් නෙමෙයි කරන්නේ.
ප්රශ්නය:
ජනතාවට සහනයක් හම්බවෙයිද ඉස්සරහට?
පිළිතුර:
මේ යන විදියට නම් බලාපොරොත්තු වෙන්න බෑ.
You may like
-
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
-
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
-
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
-
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කොන්දොස්තරවරියන් බදවා ගනී..
-
පුරවැසියන්ට වහා ඉවත්වන්නැයි ඇමරිකාව දන්වයි.. ඉරාන ප්‍රහාරයට සියල්ල සූදානම්..
-
සන්ධ්‍යා ගෙන් ලොක්කෙක් මිනී පෙට්ටියට සයිස් එක අසයි..
Local
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
Published
4 months agoon
August 1, 2026By
admin
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.
එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.
“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Local
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
Published
10 months agoon
February 7, 2026By
admin2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.
විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.
SSC ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.
තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.



Local
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
Published
10 months agoon
February 7, 2026By
admin
දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”
මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.
ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.


