Connect with us

Local

IMF කොන්දේසි එයි.. නව පනතින් රජයට මහ බැංකුවේ පාලනය අහිමියි..

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වාරික 4කට, ඩොලර් බිලියන තුනකටත් අඩු ණය මුදලක් ලබා දෙන්නේ වත්මන් ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කර බවත් එවැනි එක් කොන්දේසියක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව මහබැංකු පනත් කෙටුම්පත සම්මත වුවහොත් කවුරු ආණ්ඩු කළත් මෙරට “මහ බැංකුවේ පාලනය” ශ්‍රී ලංකා රජයෙන් ගිලිහී ගොස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතට පත්වන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

සිය ජන්ම දිනය වෙනුවෙන් දෙමටගොඩ විසුද්ධාරාම මහා පිරිවෙනේදී පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොටස් හතරකට, ඩොලර් බිලියන තුනකට අඩු ණය ප්‍රමාණය ලැබෙන බව දැනිලා ජනාධිපතිවරයා අමන්දානන්දයට පත්ව සිටිනවා. ඒ ණය මුදලින් මේ රටේ අස්ථාවරව ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකි වේ යැයි අප නම් විශ්වාස කරන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය මුදල ලබා දෙන්නේ ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කරලා.

දැන් බලන්න, අද පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවා. එහි මහබැංකුව සම්පූර්ණයෙන්ම ස්වාධීන කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් වෙනවා. මහබැංකුව සම්පූර්ණයෙන්ම ස්වාධීන කරනවා කියන්නේ කවුරු ආණ්ඩු කළත් රජයට මහබැංකුවේ පාලනය අහිමි වීම; අවසානයේදී මහබැංකුවේ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතට යාම. ඒ පනත එන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැනවූ එක් කොන්දේසියක් අනුවයි. එම පනත් කෙටුම්පත සම්මත වුවහොත් මහබැංකුවට මුදල් අච්චු ගහන්නත් බැරි වෙනවා. මෙමගින් පෙනී යන්නේ මේ ආර්ථික අර්බුදය වවාගෙන කන හැටියි. කවුරු, කවර සුබ සිහින මැවුවත් මෙවැනි ගමනකින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැහැ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk