Connect with us

Local

පොහොට්ටුවේ ඡන්ද ප‍්‍රතිශය 2.7%යි.. සමීක්‍ෂණයකින් හෙලිවෙයි..

Published

on

‘කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු සියලු දිස්ත්‍රික්ක වල විවිධ ආයතන වලින් මත සමීක්ෂණ කරලා තිබුණා. ඒ සමීක්ෂණය අනුව කීයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය? 2500යි. 2.78%, ඉතින් මේකයි ඡන්ද තියන් නැත්තේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ විශ්ව විද්‍යාල භූමි තුළට හමුදාව ඇතුළු වී අනීතික ආකාරයෙන් සිසුන්ට පහර දී සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසල සිදු වූ සිදුවීම් සහ කැලණි විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ගුරුවරු හා වෘත්තීය සමිතිවල අරගල එක්ක සිදු වූ ක්‍රියාවලිය. පළවෙනි කාරණය තමයි විශ්ව විද්‍යාලය තුළට පැමිණිලා පොලිසිය විසින් සිසුන්ට පහර දීම හා ඒ කඳුළු ගෑස් ප්‍රහාර නිසා යැයි විශ්වාස කරන තවත් ආරක්ෂක නිලධාරියෙකුගේ මරණයක් වාර්තා වීම. මේ නූතන විශ්ව විද්‍යාල ඉතාලිය, බොලක්නෝ නුවරින් තමයි බිහිවුණේ. ඒ බිහි වූ දවසේ සිට බොලොක්නෝව, සෝබෝ, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල සිට ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය දක්වා තිබුණු සම්ප්‍රධාය තමයි ස්වාධිකාරය තැබීම. යම්කිසි ප්‍රශ්නයක් මතුවුණු අවස්ථාවක උපකුලපතිතුමාගේ අවසරය මත පොලිසිය ඒ විශ්ව විද්‍යාල තුළට ඇතුල්වීම තමයි සම්ප්‍රධාය. 1988 එවකට ජනාධිපති හා උසස් අධ්‍යාපන ඇමති ජේ ආර් ජයවර්ධන මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ශිෂ්‍ය නායකයින් හැටියට අපිත් එක්කත් එකඟතාවයක් හදාගත්තා නීතිය හා සාමය කඩවෙන අවස්ථාවකදී පවා පොලිසිය හෝ හමුදාව ඇතුල් කරන්නේ නැහැ උපකුලපතිවරයාගේ අනුදැනුමකින් තොරව හා පූර්ව දැනුම් දීමකින් තොරව කියලා. නමුත් අද පොලිසියේ ඇතැම් නිලධාරීන් නීතිය තමන් යැයි සිතා කටයුතු කරන තත්වයක් එක්ක විශ්ව විද්‍යාල තුළට ඇතුල් වෙලා ප්‍රහාර එල්ල කරන පත්වෙලා තියෙනවා. සුළු සේවකයා මියගියේ කල් ඉකුත් වූ පැරණි, කඳුළු ගෑස් වර්ග පාවිච්චියෙන් ද කියන එක සොයා බැලිය යුතු වෙනවා. පර්යේෂණ වලින් පෙනී ගිහින් තිබෙනවා ශ්වසන ආබාධ, හෘද ආබාධ හා දිගු කාලීන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවයි කියලා මේ කඳුළු ගෑස් වල අන්තර්ගත වෙන රසායනිකය නිසා. මේ පිළිබඳ මටත් තියෙනවා පුද්ගලික අත්දැකීමක්. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළ අවස්ථාවේ 1993 එතුමාගේ අවමංගල්‍ය පෙරහැරට ඉතාම දරුණු විදිහේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්ල කළා. ඒ අවස්ථාවේදී ඒ කඳුළු ගෑස් ආග්‍රහණය වීමෙන් දීර්ඝ කාලීන ස්වසන රෝග වලට මුහුණ දෙන්න මටත් සිදුවුණා. අපි ඒ කාලේ තරුණ ළමයි. අද තත්වය අපිට පැහැදිලියි. වැඩිහිටි පිරිස් වලට මේවා කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. එම නිසා වහාම මේ පිළිබඳව මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් කල යුතුයි. නිවැරදි ප්‍රමිතියෙන් තොරව කල් ඉකුත් වූ කඳුළු ගෑස් වර්ග පාවිච්චි කරනවා නම් ඒවා විෂ රසායන ලෙස නම් කොට ඒ පිළිබඳව අණදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල සිසුන්ගෙනුත් ගුරුභවතුන්ගෙනුත්, සේවකයින්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ ලේ පිපාසිත පිරිස් වලට උඩගෙඩි දෙන ආකාරයේ නීති විරෝධී හිංසාකාරී කටයුතු වලට විශ්ව විද්‍යාල භූමි ගොදුරු කරන්නත් එපා. අවිහිංසාවාදී සීමාව තුළ අරගලය කරගෙන යන්න කියලා. ඊළඟ චෝදනාව නිශ්චිතවම කුරුඳු පොලු හමුදාවකට සමාන යුධ හමුදා නිලධාරීන් යැයි සැක කරන පිරිසක් මර්ධනයට යොදවාගෙන තිබුණා. හමුදාව යොදවන්න බැහැ හදිසි නීතිය යටතේ පොලිසිය කැඳවීමකින් තොරව. අපි දැක්කා ජෝර්ජියාවේ, පැරීසියේ කිසිම අවස්ථාවක හමුදාව යොදවන් නැතුව පොලීසිය යොදවලා තමයි විරෝධතා පාලනය කළේ. ඒ ආණ්ඩු විනයානුකූලව සීමාවෙන් ඔබ්බට යන්නේ නෑ. ජයවර්ධන ජනාධිපතිතුමාටත් හිටියා සොත්ති උපාලිගෙ මැර හමුදාවක්. විශ්ව විද්‍යාල පුද්ගලීකරණය කිරීමටත්, උපකුලපති කිරීම ජනාධිපති අතට පත් කිරීමටත්, ශිෂ්‍ය සභා අහෝසි කිරීමටත්, 1985 දී ගෙනාපු නව අධ්‍යාපන පනතට විරුද්ධව අපි උද්ඝෝෂණය කරන්න ගියහම, සොත්ති උපාලි මහත්තුරු අපිට දරුණු ප්‍රහාර එල්ල කළා. හැබැයි සිවිල් ඇඳගෙන. හමුදාව වගේ ඇඳගෙන, කුරුඳු පොලු අරගෙන නෙවෙයි. එවකට ශිෂ්‍ය නායකයාව හිටපු රංජිතම් ගුණරත්න ඇතුළු 663 ක් ශිෂ්‍යයෝ මරා දැමුණා.ඒක නිසා නැවත වතාවක් ඒ යුගයට රට අරන් යන්න එපා කියලා රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න දරුවෙක්ගෙ පියෙක් හැටියට මම ආයාචනයක් කරනවා.

ජනාධිපතිතුමාගේ පාසල රාජකීය විද්‍යාලය, විශ්ව විද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලය නීති පීඨය. ඒ සම්බන්ධයෙන් එතුමාට පුද්ගලික වගකීමකුත් තියෙනවා කියලා මතක් කරන්න කැමතියි. ඔය නීති පීඨයේ සමහරු කියනවා ලෝක ඉතිහාසයේ කවදාකවත් වුණේ නැති දෙයක් කියලා. නැහැ. ඔය නීති පීඨය තමයි 1989 දී ඔපරේෂන් කොම්බයින් කියන සිසිල් වෛජයරත්න මහතා යටතේ තිබිච්ච හමුදා වධකාගාරය පවත්වාගෙන ගියේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෝ හැටියට හිටපු, සරත් විජේවර්ධන, හේමන්ත චන්ද්‍රසිරි වැනි අය ඝාතනය කළේ එහිදී. විශේෂයෙන්ම යුද හමුදාව රණවිරුවන්ගේම ගෞරවය කෙළෙසමින් කුරුඳු පොලු අතට දීලා උගත් දරුවන්ගේ පිටකොඳු කඩන්න යවනවා නම් කිසිම කෙනෙකුට ඒ ගැන අනුකම්පාවක් ඇතිවෙන්නේ නැහැ. යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා ජෙනරාල්වරු තමන්ගේ හමුදාවේ කීර්තිය හා ගෞරවය පිළිබඳව කටයුතු කළ යුතුයි. හැමදාම හිතන්න එපා රණවිරු ලේබලයට යටවෙලා මිනිස්සු ඔබට ගෞරව කරයි කියලා. ඔබගේ හමුදාව අද හැසිරෙන ආකාරයට අනුව හා හසුරුවන ආකාරයට අනුව තමයි ගෞරවය තියෙන්නේ. ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිසක් ලේබල් ගහලා ලබාගත යුතු දෙයක් නෙවෙයි. ඒ ගැන ඔබගේ අවධානය අපි යොමු කරනවා. ඒ වගේම අන්තවාදයට පාර කපන්න එපා. ඒක මේ රටේ අනාගත ප්‍රතිසංස්කරණයට බාධාවක්. රාජ්‍ය ගොඩනැංවීමට, රටේ ප්‍රතිරූපයට බාධාවක්. රජයත් සහ කම්පනයෙන් යුතුව මහජනයා දෙස බැලිය යුතුයි. මේ පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි. පේයිං ටැක්ස් එක ගහලා පාර්ශව සමග සාකච්ඡා කරලා වැඩක් නෑ. ඒක ගහන්න කලින්ම ඒ පිළිබඳව සාකච්ඡාවක් ඇති කරගත යුතුයි. ඔය පේයිං ටැක්ස් 2017 ගෙනාවා. ඒ අවස්ථාවෙදි අපි මැදිහත් වෙලා සාකච්ඡා කරලා යම් විසඳුමකට ආවා. විසඳුමකට ඇවිල්ලා තමයි බිලියන 49 තරම් ආදායමක් උපදවන ඒ පේයිං ටැක්ස් එක දැම්මේ. එතෙන්දි කිසි විරෝධයක් මතු වුණේ නෑ. මොකද සාකච්ඡාවෙන් සම්මුතියෙන් තමයි ක්‍රියාත්මක කළේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව, ඒ. අයි. බී. බැංකුව, වැනි අය බලාපොරොත්තුවෙන් ඉන්නවා මුල්‍ය අරමුදලත් සමඟ ගිවිසුම අත්සන් කළාට පස්සේ තමන්ගේ නතර කල සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනියන්න. හැබැයි ඒගොල්ලොත් ඉල්ලා හිටිනවා මහජන කැමැත්තකට එරෙහිව ප්‍රජා පීඩනයේ යෙදෙන ආණ්ඩුවක් එක්ක කටයුතු කරලා සංවර්ධන ව්‍යාපෘති වලට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා මහජන සම්මුතියට ඉඩ දෙන ආකාරයට කටයුතු කරන්න. ”

ප්‍රශ්නය: මැතිවරණය සම්බන්ධයෙන් මොකද ඔබතුමන්ලා අදහස අත්ඇරලද තියෙන්නේ?

පිළිතුර: මේ යන ක්‍රියාදාමය තුළ මැතිවරණය හැම කෙනාටම එපා කරවන සුළු ක්‍රියාදාමයක තමයි නියැලෙන්නේ. මැතිවරණ කොමිසම එක්කෝ කියන්න ඕනේ ඉස්සරහට ඇවිල්ලා අපිට මුදල් දෙන්නෑ, අපිට ආරක්ෂාව දෙන්නෑ, අපිට මේ මැතිවරණය තියන්න බෑ, එහෙම නැත්නම් පාර්ලිමේන්තු යෝජනාවක් මගින් මේ නාමයෝජනා කරලා, අර තුන්දාහකට අධික රජයේ සේවකයෝ ටිකට ආපහු සේවයට වාර්තා කරන්න දෙන්න, මේ වැඩේ නතර එක්කෝ කියන්න ඕනේ. එහෙම නැත්නම්, අධිෂ්ඨානශීලීව ඉදිරියට ඇවිල්ලා, මැතිවරණය තියෙනවා. තියන්න දෙන්නේ නැත්නම් අපි ගෙදර යනවා කියලා ජාතික ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කරලා තීරණාත්මකව කටයුතු කරන්න ඕනේ. පසුගිය දවස් ඔබ දකින්න ඇති මේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු සියලු දිස්ත්‍රික්ක වල විවිධ ආයතන වලින් මත සමීක්ෂණ කරලා තිබුණා. ඒ සමීක්ෂණය අනුව කීයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය? 2500යි. 2.78%, ඉතින් මේකයි ඡන්ද තියන් නැත්තේ.

ප්‍රශ්නය: ඔබතුමාත් පක්ෂ බිහිකරපු එක්කෙනෙක්නේ. තමුන්ගේ පක්ෂයක් තියෙනවා නම්, ව්‍යවස්ථාව කොයි වගේ විය යුතුද?

පිළිතුර: පක්ෂ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම හිතනවා මැතිවරණ කොමිසම යම් නිර්ණායක නිකුත් කළ යුතුයි. මොකද හුඟාක් පක්ෂවල රටේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කළාට, පක්ෂ ව්‍යුහය, නායකයාට තියෙන බලතල පිළිබඳව, නායකයා පත්කිරීම පිළිබඳව, එවැනි ප්‍රජාතාන්ත්‍රික නිර්ණායකයන් තිබිය යුතුයි.

– Media unit

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

එන්නත් වංචාකරුවනට ජම්පර්.. සෞඛ්‍ය අතිරේක ලේකම් පාපොච්චාරණයක..

Published

on

By

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අද පෙරවරු 11ට.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වුවාය.

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

සැකකරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කළාය.

“ස්වාමිනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබු අතිරේක ලේකම්වරයා ඉවත්කරලා ඔහුගේ වගකීම් සමන් රත්නායක නැමැති සැකකරුට පවරලා තිබෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ මෙම සැකකරුගේ පුර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරික්ෂා කළ යුතුයි. නමුත් මෙහිදි එය මඟහැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයිම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැරහැර තිබෙනවා. ස්වාමිනි ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේම ඉන් ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති වටපිටාවක. එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ජාතික තලයේ හිඟයක් පැවත නැහැ. එමෙන්ම ස්වාමිනි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබාගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයක් භාවිත කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.”

එමෙන්ම, “ස්වාමිනි ඔබට මතක ඇති ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, සති 03ක් තුළ ඖෂධ සැපයීමක් නොකළොත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022.09.26 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. අන්න ඒ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මොහු විසින්. ඒ පිළිබඳ මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මොහු කියනවා අදාළ කැබිනට් පත්‍රිකාව සැදීම සිදුකළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කියලා”

එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ අදාළ කැබිනට් පත්‍රිය සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල්ගොනුව සම්බන්ධයෙන් මෙම සැකකරු කුමන ස්ථාවරයක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසීය.

“ස්වාමිනි මොහු කියනවා අදාළ මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමුකළා කියලා. නමුත් අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලය කියන්නේ අදාළ මුල් ගොනුව මොහු යටතේ තිබු අංශයේ තිබෙන්නේ කියලා.”

පසුව මහෙස්ත්‍රාත්වරිය යළි ප්‍රශ්න කළේ මෙම කුමන්ත්‍රණ ක්‍රියාවලියට රාජ්‍ය ආයතනය සහ නිලධාරින් සම්බන්ධවීමට පෙර ප්‍රශ්නගත සැපයුම්කරු ඒ සඳහා සුදානම් කර ඇත්තේ කවරෙකු විසින්ද යන්නය.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පිළිතුරු දුනි.

“ස්වාමිනි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු පමණක් සැපයුම්කරු දැන සිටින්නට ඇති. දැනට විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මධ්‍ය ලක්ෂයක සිට එක් තැනැත්තෙක් තමයි මෙම නිලධාරින්ව සහ සැපයුම්කරුව සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ.”

අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් සිට සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම්වනවාත් සමඟම විත්තිකූඩුවේ සිටි සැකකරු තමන්ට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කළේය.

ඊට මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වුවේය.

“ඔබට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔබට ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව සිදුකරන්න පුළුවන්. ඔබ සිදුකරන එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔබට එරෙහිව භාවිතාවෙන්නත් පුළුවන්. එමෙන්ම එම ප්‍රකාශය මත ඔබ තවදුරටත් සැකකරුවෙකු ලෙස සැලකීම හෝ ඔබව මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු කරගැනීම සිදුවෙනවා. එබැවින් හොඳට සිතා ඒ පිළිබඳ තීරණයක් ගන්න”

එහිදී සැකකාර සමන් රත්නායක මහතා පැවසුවේ තමන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“පාපොච්චාරණයක් සිදුකිරීමට සැකකරු සිය කැමැත්ත පළ කරනවා. එය ලබන සඳුදා මා ඉදිරියේ ලබාදිය හැකියි. එතෙක් මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්ව මෙම සැකකරු රඳවා තබන ලෙස මා නියෝග කරනවා.”

ඒ අනුව සැකකාර සමන් රත්නායක මහතා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුනි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රථමයෙන් සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි ලියාපදිංචි කළ අතර පසුව මහර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් වු නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

– ada derana

Continue Reading

Local

ආණ්ඩුකාර පුත‍්‍රයා ව්‍යාපාරික දියණිට පහරදී රෝහලේ.. අල්ලන්න පොලිසියෙන් පන්නයි..

Published

on

By

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය පැවසුවේල මෙම කාන්තාවට ජමාල්ඩීන් විසින් පහර දී ඇති අතර ඇය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදු කරන අතර සැකකරුගේ නිවෙස් දෙකක පුළුල් සෝදිසි කිරීම් ආරම්භ කර ඇතත් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග බවටත් වාර්තා වෙයි.

සිදුවීම ගැන අධිකරණයට දන්වා ජමාල්ඩීන්ට විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Continue Reading

Local

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂකයෙක් ලස..

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි.

පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ලෙස වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මෙරට ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk