Local
ජනාධිපති දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් මැතිවරණ කොමිසමට යාම වැලැක්වුවා…
Published
7 months agoon
By
admin
‘භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමට කැඳවීමක් කලාම ජනාධිපති ඒ දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් සමග දවස පුරාම සාකච්ඡා කරමින් මැතිවරණ කොමිසමට යන එක වැලැක්වුවා. මැතිවරණ කොමිසම එන්න කියලා භාණ්ඩාගාර ලේකම්ට දැණුම් දෙන සෑම විටම මොකක් හරි වෙන වැඩක් දාලා ජනාධිපතිතුමා ඒක වලක්වනවා’ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති මැතිවරණය කල් දැමීම, බදු බර සහ ජීවන වියදම ඉහළ දැමීම පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජාතික ආරක්ෂක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබුණේ 8 වන බදාදා. නමුත් හදිසියේම ඒක අඟහරුවාදා උදෑසන කැඳවීමට තීරණය කරනවා. මැඩගස්කරයේ දී හරක් කටා අල්ලපු නිසා ද? නෑ. හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු ලැබුණු නිසා ද? නෑ. පුංචි ඡන්දයේ දිනය තීරණය කරන්න ඒ වෙලාවටම භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් තිබුණු නිසා. මීට කලින් දවසකත් භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමට කැඳවීමක් කලාම ජනාධිපති ඒ දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් සමග දවස පුරාම සාකච්ඡා කරමින් මැතිවරණ කොමිසමට යන එක වැලැක්වුවා. මැතිවරණ කොමිසම එන්න කියලා භාණ්ඩාගාර ලේකම්ට දැණුම් දෙන සෑම විටම මොකක් හරි වෙන වැඩක් දාලා ජනාධිපතිතුමා ඒක වලක්වනවා.
ජනාධිපති භාණ්ඩාගාර ලේකම් මැතිවරණ කොමිසමට යන එක වලක්වන්නේ හරියට ශුද්ධෝදන රජතුමා සිදුහත් කුමරු සතර පෙර නිමිති දකින එක වැලැක්වීමට වෙර දැරීම සිහිපත් කරමින්. ශුද්ධෝදන රජතුමා කෙතරම් උත්සාහ කළත් සිදුහත් කුමරු සතර පෙර නිමිති දකින එක ගිහි ගෙය හැර යෑම නවත්වන්න බැරි වුණා. අන්න ඒ වගේ ජනාධිපතිතුමා කෙතරම් උත්සාහ කළත් මේ මැතිවරණය ජනාධිපතිවරණය තෙක් කල් දමා ගැනීම කිසි විටක ඉටු කර ගන්න බැරි සිහිනයක්.
මේ මැතිවරණය කල් දැමීම ආණ්ඩුවට වාසියි කියලා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඉතිහාසය පුරාම මැතිවරණ කල් දැමූ ආණ්ඩු වලට වුනේ පරාජය වෙනුවට අන්ත පරාජයකට මුහුණ දීම පමණයි. 1975 දී සිරිමාවෝ මැතිණිය පාර්ලිමේන්තු ඡන්දය වසර දෙකකින් කල් දැම්මා. ප්‍රතිඵලය වුණේ ඊ ලඟ ඡන්දයේ දී ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දැවැන්තම පරාජය ලබමින් මන්ත්‍රි ධූර අටකට පල්ලම් බැසීමයි. අනුන්ගේ අත්දැකීම් පැත්තක තියලා ජනාධිපතිතුමාගේ අත්දැකීම බලමු. එතුමා අගමැති කාලයේ 2015 පැවැත්වීමට නියමිතව තිබුණු පුංචි ඡන්දය 2018 දක්වා වසර තුනකින් කල් දැම්මා. මොකද වුණේ? 2015 දී ඡන්දය පැවැත්වුණා නම් ආණ්ඩුව ජයග්‍රහණය කරනවා. අවුරුදු තුනක් කල් දැම්ම නිසා එජාපයට අන්ත පරාජයක් හිමි වුණා.
එතුමා අගමැති කාලයේ පුංචි ඡන්දය කල් දැම්මා විතරක් නොවේ. පලාත් සභා මැතිවරණය නැත්තටම නැති කරලා දැම්මා. ප්‍රතිඵලය? ඊ ලඟ පාර්ලිමේන්තු ඡන්දයේ දී එතුමාගේ පක්ෂය එක් මන්ත්‍රි ධූරයකට පල්ලම් බැහැලා සිරිමාවෝ මැතිණියගේ වාර්තාව අළුත් කිරීම විතරයි. ඒ නිසා ඡන්දය කල් දැමීම ආණ්ඩුවට වාසියි කියන මිථ්‍යාවෙන් බැහැර වෙලා ඉතිහාසයට එබී බලන්න කියලා මම ආණ්ඩුවට ආරාධනා කරනවා.
ආණ්ඩුවේ ප්‍රශ්නයට වඩා රටේ ප්‍රශ්නය ලොකුයි. අද මේ රටේ ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක දැඩි කේන්තියකින්. මාරාවේශයකින්. වැඩ කරන ජනතාවට ජීවන වියදම දරා ගන්න බෑ. ආණ්ඩුවේ රෝහලට ගියාම බෙහෙත් නෑ. පෞද්ගලික රෝහලකට ගියාම බෙහෙත් වල මිල දරා ගන්න බෑ. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවටත් මධ්‍යම පන්තියටත් බදු බර දරා ගන්න බෑ. පුංචි ඡන්දය පැවැත්තුවොත් මේ හැමෝම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා තමන්ගේ කේන්තිය පිට කර ගන්නවා. කේන්තිය පිට කර ගත්තාම හිත සැහැල්ලුයි. රට සාමකාමියි. ඡන්දය නොතිබ්බොත් මේ කේන්තිය ජනතාව පිට කරන්නේ ප්‍රචණ්ඩත්වයෙන්. ගිනි දැල් වලින්.
හොඳම නිදසුන ජනාධිපතිතුමාගේ මාමා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමා පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මා. මොකටද? පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය දිගටම රැක ගන්න. අන්තිමට මොකද වුණේ? ඡන්දය වෙනුවට තමන්ගේ මතය ප්‍රකාශකරන්න උණ්ඩය තෝරාගන්න මේ රටේ තරුණයෝ තීරණය කලා. උතුරේ කොටි ආයුද ගත්තා. දකුණේ ජවිපෙ ආයුද ගත්තා. ලංකාව දෙකොන දැවෙන විලක්කුවක් වුණා. පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය තිබුණාට අන්තිමට ජනාධිපතිට සිය නිවසේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බැරිව නිවාස අඩස්සියට පත් වුණා.
ජනාධිපතිතුමා අද යන්නේ මාමා ගිය අඩි පාරේ. මාමා කල දේ බෑනා නොකලොත් නොට්ටිගේ බෑනා කියාවි කියලා එතුමා හිතනවා ඇති.
ආණ්ඩුවේ මන්ත්‍රිවරු අහනවා, මැතිවරණය පවත්වන්නේ කොහොමද ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න ඕනෑ කියලා. ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට මැතිවරණ පැවැත්වීම පූර්ව කොන්දේසියක්. මොකද සාමකාමී වාතාවරණයක් රටේ නැති නම් ආයෝජකයෝ එන්නේ නෑ. සංචාරකයෝ එන්නේ නෑ. ව්‍යාපාර පැවැත්වීමේ සාමකාමී පරිසරයක් නෑ. සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට නම් ජනතාවට සිය කේන්තිය පිටකරලා සාමකාමී වාතාවරණයක් ඇතිවීමේ පසුබිම ඇතිවිය යුතුයි.
සල්ලි නෑ සටන් පාඨය තව දුරටත් කියන්න එපා. මැතිවරණයට සල්ලි සොයන්න විකල්ප ක්‍රම 4ක් අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා බොරු සටන් පාඨ නොකියා ඒ විකල්ප ක්‍රම වලින් මැතිවරණය සදහා මුදල් සොයා ගන්න. එහෙම කර ගැනීම රටේ සෞඛ්‍යයට වගේම ආණ්ඩුවේ සෞඛ්‍යයටත් යහපත් කියන එක මම සිහිපත් කරනවා.
– Media unit
You may like
-
රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…
-
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…
-
අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…
-
තිදරු පියා මස්සිනාගේ මිදුලේ අවසන් ගමන් යයි සැකපිට පිය පුතු අත්වඩංගුවට…
-
මහනුවර, අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් අතුරුදන් වූ ඩෙන්මාර්ක් කතගේ මළ සිරුර සොයාගනි…
-
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජනරජ පෙරමුණෙන් දේශප්‍රේමී බැඳුම්කරයක්!…
Local
රනිල් සජිත් මගේ ඇස්දෙක වගේ. මාතලේ සජබේ මංත්‍රි රෝහිණි කවිරත්න…
Published
1 month agoon
August 13, 2023
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සදහන් කරයි ඒසේම
2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කරන්නීය.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකලේය ඒහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇය පැවසුවේ ගංජා නිතිගත කිරිම හා ගනිකා වෘතිය මෙරට සමාජ ගත කිරිමේ දි ගනිකාවෘතිය නිතියක් රටක සංස්කෘතිය ගැන අවධානය යොමුකර සංවර්ධන ඉලක්ක සැකසිය යුතුය යන මතය දරණ බවත් මෙරට දේශ පාලනය ගැන කල කිරිමෙන් සිටින බවද ඊලග ඡන්දයට ඒ්ම ගැනද සැක සහිත බව පැවසිය…
මෙරට දේශපාලකයෝ රටට යමක් කරන්න හිතන්නේනම් අනිවාරයෙන්ම වසර කිපයක් පුරා යම් ඒකතුවක සිටිය යුතු බවද ඇය පවසයි රටක ප්‍රශ්ණ අමතක කරන්න ඡන්ද කල් දැමිම නොක යුතු බවත් ඒය ජනතා ප්‍රශ්ණ හංගන්න වතුරේ බෝලයක් හංගනව වගේ වැඩක් බව පැවසිය……
Business
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…
Published
1 month agoon
August 10, 2023
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.
එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.
මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…
“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.
සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.
Local
අස්වැසුමෙන් අහිමි වූ දෘශ්‍යාබාධිත හා වැඩිහිටි දීමනාව ගෙවිම ඇතුළු අබාධිත ප්‍රජාවගේ ගැටලු රැසකට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් කඩිනම් විසදුම්…
Published
1 month agoon
August 10, 2023
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ.
මේ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ.
පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී.
මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ.
එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්‍රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය.
තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.