Connect with us

Local

දුම්රිය වැසිකිලියේ බිළිදා දමා ගිය මවගේ පාපොච්චාරණය මෙන්න..

Published

on

මඩකලපු වරාය මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ තම බිලිඳු දරුවා කූඩයක දමා යෑමේ සිදුවීම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද මව විසින් පොලිසියට පාපොච්චාරණයක් කර ඇත.

කිසිවකු විසින් හෝ බිළිඳා අරගෙන ආරක්ෂාකාරීව හදාවඩා යන ගනී යැයි බලාපොරොත්තුවෙන් එසේ කළ බවත් ඇය සඳහන් කර තිබේ.

තමන් සහ තම පෙම්වතා අවිවාහක බවත් දෙමව්පියන්ට බියෙන් මෙම තීරණය ගත් බවත් ඇය සඳහන් කර තිබිණි.

දරුවාගේ පියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

Local

ත්‍රිරෝද රථයකින් පෙම්වතිය පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

Published

on

By

ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

– කළුතර සුනිල් එස් තන්ත‍්‍රිආරච්චි

Continue Reading

Local

මම ජනපති වුනාම මුදල් ඇමති හර්ෂ..

Published

on

By

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Continue Reading

Local

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි.. ජනාධිපති එකග වුනා..

Published

on

By

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයට පැමිණ අවසන් බවත් ස්ථිර වශයෙන්ම ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරඟ නොවදින බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk