Connect with us

Local

රාජ්‍ය ආයතන 2,200ක් ගැන IMF වෙතින් දැනුම් දීමක්…

Published

on

‘මූල්‍ය අරමුදලේ ප්‍රකාශයේ කියලා තියෙනවා රාජ්‍ය ආයතන 52 ක් ප්‍රධාන උපාය මාර්ගික රාජ්‍ය ආයතන හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තවත් රාජ්‍ය ආයතන පොදුවේ ගත්තම 2200 ක් තියෙනවා. එතකොට මේ රාජ්‍ය ආයතන ආර්ථිකයට කරන දැඩි බලපෑම අවම කරගත යුතුයි කියන කතාව බොහොම පැහැදිලිව මූල්‍ය අරමුදල කියලා තියෙනවා’ යයි 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද යන්න තමන් අමාත්‍ය ධුර දරන කාලයේ පෙන්වා දුන් බව ද ඔහු අවධාරණය කරයි. පෞද්ගලික අංශයට රජයේ ව්‍යාපාර පවරා දීමක් සිදු කරන්නේ නම්, නම් අතිශය ශක්තිමත් නියාමන ක්‍රියාවලියක් සහ නියාමන අධිකාරී ප්‍රමාණයක් ස්වාධීනව තිබිය යුතු ම වන බව ද රණවක මහතා පෙන්වා දෙයි. රාජ්‍ය ආයතන කළමනාකරණ විගණනයකට ලක් කොට වසා දැමිය යුතු, එකතු කළ යුතු, කුඩා කළ යුතු, පවත්වා ගත යුතු, පුද්ගලීකරණය කළ යුතු ආයතන මොනවාද යන්න විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තීරණය කළ යුතු බව මින් පෙර ද 43 සේනාංකය අවධාරණය කළ බව රණවක මහතා මතක් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ජනතාව දිනාගනිමින් ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම රජයේ වගකීමකි. වෘත්තීය සමිති ඇතුළු සියළු පාර්ශව සමග විධිමත් සාකච්ඡා ක්‍රියාදාමයකට රජය පිවිසිය යුතුය. එලෙසම තමන් කිරීමට යන දේ සම්බන්ධයෙන් රජය විධිමත් ප්‍රකාශනයක් වහාම සිදු කළ යුතු බවත් රණවක මහතා පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂයෙන් කියා සිටින ආකාරයට ආණ්ඩුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විවෘත කරමින් ඒවායේ තොරතුරු වහාම හෙළිදරව් කිරීමේ වැදගත්කම 43 සේනාංකයේ නායකයා අවධාරණය කළේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳව 43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“රාජ්‍ය ආයතන ගණනාවක්, ආයතන හතක් පමණ රජය විසින් ලැයිස්තුගත කරලා තිබෙනවා. ඇතැම් ඒවා තවදුරටත් පුද්ගලීකරණය කිරීම පිළිබඳව තවත් ඒවා සහමුලින්ම රාජ්‍ය අයිතියෙන් ඉවත් වීම පිළිබඳව. ඒ වගේම මේ ලැයිස්තුවට තවත් ආයතන ඉදිරියේදී එක් වීමට නියමිත බවත් අපිට පේන්න තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවේ සහ ඒ ආශ්‍රිත මතවාදකරුවන් ප්‍රකාශ කරන්නේ රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි කියලා. මේක තමයි කියන අදහස. ඒ කියන්නේ රජය හුදු නියාමන අධිකාරියක් බවට නීතිය හා සාමය පමණක් ආරක්ෂා කරන සෙසු සියලුම දෑ පුද්ගලික අංශයට ලබාදෙන නියාමන අධිකාරියක් බවට පත්විය යුතුයි කියන අදහස.

රජය පැත්තෙන් තව අදහස් දෙකක් පලවෙනවා. එකක්, මූල්‍ය අරමුදලේ කොන්දේසි තියෙනවාය මේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කියන අදහසත් ඒ වගේම රට ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ විනිමය සොයා ගැනීමට මේ ආයතන විකිණීමට අවශ්‍ය බව.

මූල්‍ය අරමුදලේ ප්‍රකාශයේ කියලා තියෙනවා රාජ්‍ය ආයතන 52 ක් ප්‍රධාන උපාය මාර්ගික රාජ්‍ය ආයතන හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තවත් රාජ්‍ය ආයතන පොදුවේ ගත්තම 2200 ක් තියෙනවා. එතකොට මේ රාජ්‍ය ආයතන ආර්ථිකයට කරන දැඩි බලපෑම අවම කරගත යුතුයි කියන කතාව බොහොම පැහැදිලිව මූල්‍ය අරමුදල කියලා තියෙනවා. ඒක අපිත් කියනවා. ඒ වගේම මූල්‍ය අරමුදල කියලා තියෙනවා මේ රාජ්‍ය ආයතන වලින් ප්‍රධාන රාජ්‍ය ආයතන හතරක් ගැන. ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය. මෙන්න මේවායේ තියෙන මේ ශේෂ පත්‍රය, ණය භාරයෙන් පිරිලා තියෙන මේවයේ ශේෂ පත්‍රය ජුනි මාසය වෙනකොට පිරිසිදු කරගන්නෙයි කියලා. ඒක මේ අපේ රටේ හැමෝගෙම ඉල්ලීමක්.

ඊළඟට කියලා තියෙනවා උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් ආයතන 52 ඇතුළු රාජ්‍ය ආයතනවල විගණන වාර්තා නිසි කලදී වහාම ප්‍රකාශයට පත්කළ යුතුයි කියලා. ඒක මේ රටේ හැමෝගෙම ඉල්ලීමක්. විගණකාධිපතිතුමත් ලඟදි කිව්වා නිසි ආකාරයට මේ විගණන වාර්තා නිසි කලට ලබා දෙන්නේ නැහැ කියලා. සමහර රාජ්‍ය ආයතනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විගණන වාර්තා දශකයකටත් වඩා පරණයි. ඒ නිසා මේවයේ විගණන වාර්තා පිළිබඳව තොරතුරු නැතිවීම. ඒ වගේම ඉතාම වැදගත් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තිබෙනවා. මේ උපාය මාර්ග වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 ඇතුළු ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී යම් නිර්ණායක සහිත ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කළ යුතුයි කියලා. කොටින්ම වෘත්තීය මට්ටමේ පිරිස් මේවට පත් කළ යුතුයි. දේශපාලන පත්වීම් කරන්න එපා කියලා.

දැන් මේවා එකක්වත් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවද? විකිණීම ගැන විතරක් කතා කරන්නේ මේ අනිත් කාරණා එකක්වත් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවද? නැහැ. මේක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හුදු ආණ්ඩුවේම අදහසක්. ආණ්ඩුවෙ අනිත් තර්කය තමයි රට කරගෙන යන්න ඩොලර් නැහැ. ඒ නිසා මේවා විකුණලා, අඩු ම තරමින් ඩොලර් බිලියන තුනක්වත් සොයාගන්න ඕනෙයි කියන කාරණය.

ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලියවිල්ල කියෙව්වහම පේනවා ඔවුන් ප්‍රකාශ කරනවා 2023-27 කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අපිට ලබාදෙන්න යනවා. ඒක ඇත්ත වශයෙන්ම වෙනදා වගේ නෙවෙයි. ඒ මුදල අයවැය පියවා ගැනීමේ කටයුතු වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මීට පෙර එහෙම ලබාදීපු මුදල් ලබා දුන්නේ අපේ සංචිත වැඩිකරගැනීමට පමණයි. රජයේ වැටුප් එහෙම ගෙවන්න ඉඩකඩ ලබා දුන්නේ නැහැ. මේ පාර විශේෂ තත්ත්වයක් ලබාදීලා තියෙනවා රජයේ වැටුප් පවා මේවයින් ගෙවන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා තවත් ඩොලර් බිලියන 3.75 ක් විවිධ ආයතන මගින්, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියානු යටිතල බැංකුව කියන මේ ආකාරයේ බහු පාර්ශවීය ආයතනවලින් අපට ලැබෙයි කියලා. දැන් ඊටත් පිටින් තමයි මේ බිලියන 3 බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව.

අද ජාතික සම්පත්, ජාතික සම්පත් කියලා මොරගාන රාජපක්ෂවරුන්ගේ පොහොට්ටු පක්ෂයෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෙලෙන්ඩිවා කියලා කොම්පැනියක් හැදුවා. රටේ ඉතාම වටිනා දේපළ විකිණීමට. ඒ සඳහා තමන්ට සුවච කීකරු වෙනත් කිසිම සුදුසුකමක් නැති සිරිනිමල් පෙරේරා නැමැති පුද්ගලයාව පත් කළා. නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස ඔහු මේ රටට කළ එකම කාරණය තමයි අප විසින් ආරම්භ කළ අර සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘති අහෝසි කරන ඒ දුර්දාන්ත පියවර ජනාධිපතිවරයා වෙනුවෙන් ගැනීම. ඒ හරහා ඩොලර් බිලියන 8 ක් පමණ මේ ඊළඟ වසර තුනේදී රටට එන්න තියෙන මග අසුරුවලා කටයුතු කිරීම ඒ පිළිබඳ ඔහුට අනිවාර්යෙන්ම අනාගත අධිකරණයක පියවර ගන්න ඕනේ. සුදු කරපටි අපරාධකරුවෙක්. ඒ වගේම 80,000 ක් තරුණ තරුණියන්ව තාක්ෂණ විප්ලවයට සූදානම් කිරීම සඳහා ගොඩනඟපු ඒ තාක්ෂණ නගරය විශේෂයෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුවේ සහ කොරියානු ආධාර ඇතුව ගොඩනැගෙමින් තිබිච්ච හෝමාගම තාක්ෂණ නගරය නතර කිරීම. කියන මේ සාහසික අපරාධ දෙක කළා. මේ සෙලෙන්ඩිවා හරහා සල්ලි හොයන්න ආපු, සිරිනිමල් පෙරේරා සහ ගෝඨාභය රාජපක්ෂ. එච්චරයි කළේ. අන්තිමට ආයෝජකයෝ ආවෙත් නෑ. මොනම දෙයක්වත් සිද්ධ වුණේ නෑ. ඇයි? මේ රට බංකොලොත් නිසා, එන හැම ආයෝජකයාම බලනවා කොහොමද තමන් ආයෝජනය කරන ඩොලර් ආපසු ගෙනියන්නේ කියලා. ආපසු ගෙනියන්න ඩොලර් නැත්නම්, ඒගොල්ලෝ ආයෝජනය කරන්නේ නැහැ. භූ දේශපාලනික වශයෙන් හිතලා කවුරුහරි ආවොත්, මිස ව්‍යාපාර සඳහා මේවට එළඹෙන්නේ නැති බව ප්‍රකාශ කරන්න ඕනේ.

තාම වාමාංශික ව්‍යාපාරයේ වෘත්තීය සමිතිවල හිස් වල තියෙන්නේ අර සෝවියට් මාදිලිය, කියුබන් මාදිලිය තමයි තාම තියෙන්නේ. ඇත්තටම ඒ මාදිලියේ රාජ්‍ය අංශයන් විසින් සිදුකරන ලද දේවල් ලංකාව ඇතුලේ ඇතැම් දේවල් ජයග්‍රහණ තියෙනවා. නමුත් පොදුවේ ගත්තහම තියෙන්නේ මහත් වූ විනාශයන්, මේ ලෝකයේ රාජ්‍ය අංශය කරන්නේ කොහොමද කියන එක ගැන වැදගත් උදාහරණයක් තියෙන්නේ සිංගප්පූරුවේ. සිංගප්පූරු එයාර් ලයින් කියන්නේ සිංගප්පූරුවට අයිති එකක්. සිංගප්පූරු රජයට අයිති එකක්. හැබැයි ලෝකයේ අංක එකේ ගුවන් සමාගම. මේ රාජපක්ෂකරණය කරපු ශ්‍රී ලංකන් වගේ නෙවෙයි. එතකොට මේ සිංගප්පූරු මාදිලිය කොහොමද ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ කියලා අපි පෙන්නලා දුන්නා 2010 දිත්, 2015 දිත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය වැනි පාඩු ලබලා රාජපක්ෂලා විසින් විනාශ කරපු ඒ ආයතන ගොඩනංවන්න, වෘත්තීය මට්ටමේ මැදිහත්වීමක් කරලා අපි පෙන්නලා දීලා තියෙනවා.

රජය සියලු දෙයින්ම අයින් වෙලා ව්‍යාපාර පුද්ගලික අංශයට දීලා නියාමනය කරන්න ඕනේ කියන කාරණයේ දි මේ රටේ පුද්ගලික අංශය කොච්චර වගකීමෙන් ක්‍රියා කරනවද කියලා අපි දැක්කා අර ටයිල් ඒකාධිකාරය හැදුනු වෙලාවේ හැසිරිනු හැටි. සිමෙන්ති ඒකාධිකාරය ඇතිවුනු වෙලාවේ හැසිරුනු හැටි තුන් ගුණයකින් නග්ග ගත්තා. කෝටි ගණන් ලාභ ඉපයුවා. අනිවාර්යෙන්ම පුද්ගලික අංශයට ව්‍යාපාරවලට දෙනවා නම් අතිශය ශක්තිමත් නියාමන ක්‍රියාවලියක්. නියාමන අධිකාරී ප්‍රමාණයක් ස්වාධීනව තිබිය යුතුමයි. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? දැන් තියෙන නියාමන අධිකාරී වලටත් උදාහරණයක් හැටියට අර මහජන උපයෝගිතා කොමිසම වැනි ඒවටත් පහර දෙනවා. බිඳ දමනවා. ඒවා දුර්වල කරනවා. දේශපාලනකරණය කරනවා.

ඒ වගේම නිදහස් තරගයට ඉඩ දිය යුතුයි. සිද්ධාන්තිකව ගත්තොත් සිපෙට්කෝ එකයි, අයිඕසී එකයි, තෙල් විකුණන්න ගිහිල්ලා තරඟ කරලා අඩු මිලට අපිට ලැබෙන්න ඕනේ. අපිට අඩු මිල ලැබිලා නැහැ. ඇයි? ආණ්ඩුව ඒවා නියාමනය කරනවා. ආණ්ඩුව අධික ලාභ උපයනවා. අද ආණ්ඩුවම කියලා තියෙනවා රුපියල් සීය, හැත්තෑ අට, පෙට්‍රල් ලීටරයකින්, ඩීසල් ලීටරයකින් ගන්නවා කියලා. ආණ්ඩුවම කියලා තියෙනවා. එතකොට මේ විදිහට ආණ්ඩුව මේවයින් බදු ගගහා ලාභ උපයන්න ගියා ම මේවාට සිනෝපෙක් නෙවෙයි, කවුරු ආවත්, මහජනයාට අඩු මිලට නම් ලැබෙන්නේ නැහැ. නිකන් ශෙඩ් ටික බෙදලා දෙන එක විතරයි වෙන්නේ. හැබැයි ඒකෙන් එක්තරා දෙයක් වෙයි. මොකක්ද? අඩු ම ගානේ කෙටි කලකට මේ තෙල් ගෙන්වීම ආනයනයේදී යන ඩොලර් බිල යම් ප්‍රමාණයක සහනයක් ලැබෙයි. නමුත් රජය විධිමත් නියාමනයක් තියෙනවා නම්, තරඟකාරීත්වයට ඉඩ දෙනවා නම්, ඔය ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් කරනවා වගේ, ඇත්ත වශයෙන්ම මේ ක්‍රියාවලියෙන් යම් සහනයක් ජනතාවට ලැබෙන්න නියමිතයි.

රජයේ ආයතනවල බර හකුළුවන්න ඕනේ නම්, මේ තැනින් තැනින් අරගෙන, රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ටෙලිකොම් විකුණන්න නෙවෙයි කරන්න ඕනේ. මුළු රජයක් හැටියට කටයුතු කරන එක. ඒ සඳහා වූ විධිමත් යෝජනාවක් අපි ඉදිරිපත් කළා. අපේ 43 සේනාංකයෙනුත් ඉදිරිපත් කළා. ඒ වගේම අපි මූලිකත්වය දරපු ආර්ථික ස්ථායිකරණ කමිටුවෙනුත් ඉදිරිපත් කළා. 2200 ක් වන රාජ්‍ය ආයතන කළමනාකරණ විගණනයකට ලක් කරලා වහලා දාන්න ඕන ආයතන මොනවා ද? එකතු කරන්න ඕනේ ආයතන මොනවා ද? කුඩා කරන්න ඕන ආයතන මොනවා ද? පවත්වා ගත යුතු ආයතන මොනවා ද? පුද්ගලීකරණය කළ යුතු ආයතන මොනවා ද කියලා විද්‍යාත්මක ක්‍රමවේදයකට ඒක කරන්න. එතනදී සේවකයොත් සාකච්ඡාව කරගෙන යන්න. ජනතාවත් එක්ක සාකච්ඡාව කරගෙන යන්න. එහෙම නැතුව තමන්ගේ හිතවතුන් තුන් හතර දෙනෙක් පත් කරලා විශේෂඥ කමිටුවක් කියලා ඒ කමිටුවේ තීරණ නෙමෙයි මෙතනදි වැදගත්. මැදිහත් ක්‍රියාවලියක්. ඒක මුදල් අමාත් යාංශයට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. බැරි නම් කියන්න අපි කරලා දෙන්නම්. 15 ලක්ෂයක් පමණ වන රජයේ සේවකයෝ මුළු සේවකයින්ටම නිකන් අවුරුදු පහක නිවාඩුවක් දීලා ගෙදර යන්න කියන්නේ නැතුව අත්‍යවශ්‍ය සේවකයෝ ටික කවුද? අත්‍යවශ්‍ය නොවන සේවකයෝ කවුද? සේවකයෝ අතිරික්ත කවුද කියලා හඳුනාගෙන ඒ අනුව ප්‍රතිපත්ති හදලා ඕනේ ක්‍රියා කරන්න.

යම් ආයතන පුද්ගලික අංශයට දෙන කොට මේ සල්ලි බලලම දීලා හරියන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය ටෙලිකොම් ආයතනය. ටෙලිකොම් ආයතනය එදා පුද්ගලීකරණය කරන වෙලාවේ, එන්ටීටී එකට, ජපානය දෙන වෙලාවේ ලොකු විරෝධතාවයක් ආවා. හැබැයි එන් ටී ටී ආයතනය, ඒ ටෙලිකොම් ආයතනයේ ගුණාත්මකභාවය ඉහලට ගෙනිච්චා. තාක්ෂණික වශයෙනුත් ඉහළට ගෙනගියා. ඒ වගේම කළමනාකරණමය වශයෙනුත් ඉහළට ගෙනගියා. ඊට පස්සේ එන් ටී ටී ආයතනයේ විධායකයට වීසා බලපත්‍රය බලෙන්ම නොදී හිටියා රාජපක්ෂ ආණ්ඩුව. එහෙම බලෙන් තමයි ඔවුන්ගේ කොටස් උදුරා ගත්තේ. එහෙම තමයි වුණේ. ඒකෙන් තමයි ටෙලිකොම් ආයතනය බිඳ වැටීම ඇරඹුනේ. පහුගිය කාලය තුළ අපේ යහපාලන කාලයේත් ගෝඨාභය කාලෙත් අනවශ්‍ය ආයෝජන කරලා, ඒ ආයෝජනවල ප්‍රතිඵල හැටියට අද ටෙලිකොම් ආයතනය බිලියන 55 ක දැවැන්ත ණය කන්දකට මුහුණ දීලා තියෙනවා. ඒක 38 දක්වා අඩු කළා කියනවා. ඒක තමයි හේතුව හැටියට දැන් ගේන්නේ. ඉතින් ටෙලිකොම් ආයතනය හෝ වෙනත් ආයතන වල මේ පුද්ගලීකරණය කරනකොට මේවා දියුණු කරන්න ඕන කොහොමද? මේවා දියුණු කරලා ඉදිරියට ගෙනියන්න දරන්නේ කොහොමද? සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය කොහොමද? සේවකයින් කොහොමද පවත්වගෙන යන්නේ කියන කිසිම අධ්‍යයනයකින් තොරව තමයි මේ කටයුතු අද සිදුකරගෙන යන්නේ.”

මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංකයේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීම සම්බධයෙන් රට අනුගමනය කළ යුතු කොන්දේසි මාලාව සම්බන්ධයෙන් රට තුළ විවිධ අදහස් මතුව ඇත බවය.

“රට යළි සාමාන්‍ය තත්ත්වයට පැමිණීමේදී විශේෂයෙන් විදේශ ණය බර අඩු කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන විකුණන බවට තමයි ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. මේ කාර්යය සිදුවෙන්නේ කොහොමද? මේ තුළ රටේ ජනතාවට බලපාන්න පුළුවන් ප්‍රශ්න මොනවද? රට පැත්තෙන් විශේෂයෙන් මේ ආයතන ඒ ආකාරයෙන් පෞද්ගලිකරණය කිරීමේ හෝ ඒවායේ කොටස් විකිණීම තුළ ඒ ආයතනවල ඉදිරි පැවැත්ම කොයි ආකාරයෙන් විය හැකිද? එය ජනතාවගේ පැත්තෙන් ජනතාවට සේවය සැපයීම පැත්තෙන් කොයි ආකාරයෙන් ඒ ආයතන අලුත් පුනර්ජීවනයක් ලබා ගත යුතුද කියන ප්‍රශ්නය අද පැන නැගිලා තියෙනවා. අද අපි බංකොලොත් රටක මේ පිළිබඳව වඩා ගැඹුරින් හිතලා බලලා, සාකච්ඡා කරලා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගැනීමේ වැදගත්කම. ඒ වගේම වෘත්තීය සමිති සමග අලුත් සමාජ සම්මුතියක් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතිකර ගැනීමේ වැදගත්කම අපි සෑම වෙලාවෙම අවධාරණය කළා.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk