Connect with us

Local

ඇමති මැරයෝ කම්හලට පැන ඕමාන ආයෝජකට පහර දෙති.. රජයෙන් කරුණු විමසයි..

Published

on

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර කණ්ඩායමක් කටාන හෙල්පෙ ප්‍රදේශයේ පිහිටි අල් අබේදානී ඇඟලුම් කම්හලට පෙරේදා (30 දා) රාත්‍රි කඩා වැදී එහි කළමනාකර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ඕමාන් ජාතිකයාට සහ ආරක්‍ෂක නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී දේපොළ විනාශ කර යකා නටා පලා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බඩල්ගම පොලිසිය මෙම දේශපාලනඥයාගේ මැර කල්ලියේ සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මැර ප්‍රහාරයට ලක්වූ අල් අබේදානී කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඕමාන් ජාතික කෙල්පානී අලොබිදානී මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් ආරක්‍ෂක නිලධාරියා මීගමුව රෝහලටත් අතුළත් කර ඇත.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම රාජ්‍ය ඇමැතිවරයාගේ ගෝලයකු පෙරේදා සවස කර්මාන්ත ශාලාව වෙත ගොස් රාජ්‍ය ඇමැතිවරයාගේ දැනුම් දීම මත තමන් පැමිණි බව දන්වා තිබේ.

තමන්ට අයත් වෑන් රථයක් කර්මාන්ත ශාලාවේ කුලී පදනම මත දැමීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කර ඇත. එහිදී එම කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය දැනුම් දී ඇත්තේ මේ අවස්ථාවේ කුලී පදනම මත වාහන ලබාගැනීමට නොහැකි බවත් පසුව දැනුම් දීමක් කරන බවත්ය.

එහිදී කෝපයට පත්වූ රාජ්‍ය ඇමැතිගේ ගෝලබාලයන් පාලනාධිකාරියට බැන වැදී තර්ජනය කර පලාගොස් ඇත.

මෙම සිද්ධියෙන් පසු එදින රාත්‍රි 10.30 ට පමණ 5 දෙනෙකුගෙන් සමන්විත මැර කල්ලිය කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පදිංචි එම භූමියේ පිහිටි නිවස වෙත කඩා වැදීමට උත්සාහ කර ඇත.

ඒ වනවිට කර්මාන්ත ශාලාවේ ආරක්‍ෂාවට සිට ඇත්තේ එක් ආරක්‍ෂක නිලධාරියකු පමණි.

පොලු මුගුරු රැගෙන පැමිණි මැර පිරිස එහි ඇතුළු වීමට උත්සාහ කරද්දී ආරක්‍ෂක නිලධාරියා ඔවුන් පලවා හැරීමට සූදානම් වී ඇත. ඒ අවස්ථාවේ මැර පිරිස ආරක්‍ෂක නිලධාරියාට පහර දී කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ නිවසට කඩා වැදී තිබේ.

එහිදී මැර පිරිස කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට පහර දී ඒ මහතාගේ නිවසේ තිබූ දේපොළ ද විනාශ කර නිවස ඉදිරිපිට නතර කර තිබූ ලොරියකට ද පහර දී පලා ගොස් ඇත.

ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන මෙම කම්හල කටාන බඩල්ගම කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය ඕමානයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් එකකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසා ඇති බවද විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පැවසීය.

බඩල්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
– Divaina

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

එන්නත් වංචාකරුවනට ජම්පර්.. සෞඛ්‍ය අතිරේක ලේකම් පාපොච්චාරණයක..

Published

on

By

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අද පෙරවරු 11ට.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වුවාය.

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

සැකකරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කළාය.

“ස්වාමිනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබු අතිරේක ලේකම්වරයා ඉවත්කරලා ඔහුගේ වගකීම් සමන් රත්නායක නැමැති සැකකරුට පවරලා තිබෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ මෙම සැකකරුගේ පුර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරික්ෂා කළ යුතුයි. නමුත් මෙහිදි එය මඟහැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයිම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැරහැර තිබෙනවා. ස්වාමිනි ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේම ඉන් ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති වටපිටාවක. එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ජාතික තලයේ හිඟයක් පැවත නැහැ. එමෙන්ම ස්වාමිනි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබාගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයක් භාවිත කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.”

එමෙන්ම, “ස්වාමිනි ඔබට මතක ඇති ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, සති 03ක් තුළ ඖෂධ සැපයීමක් නොකළොත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022.09.26 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. අන්න ඒ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මොහු විසින්. ඒ පිළිබඳ මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මොහු කියනවා අදාළ කැබිනට් පත්‍රිකාව සැදීම සිදුකළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කියලා”

එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ අදාළ කැබිනට් පත්‍රිය සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල්ගොනුව සම්බන්ධයෙන් මෙම සැකකරු කුමන ස්ථාවරයක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසීය.

“ස්වාමිනි මොහු කියනවා අදාළ මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමුකළා කියලා. නමුත් අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලය කියන්නේ අදාළ මුල් ගොනුව මොහු යටතේ තිබු අංශයේ තිබෙන්නේ කියලා.”

පසුව මහෙස්ත්‍රාත්වරිය යළි ප්‍රශ්න කළේ මෙම කුමන්ත්‍රණ ක්‍රියාවලියට රාජ්‍ය ආයතනය සහ නිලධාරින් සම්බන්ධවීමට පෙර ප්‍රශ්නගත සැපයුම්කරු ඒ සඳහා සුදානම් කර ඇත්තේ කවරෙකු විසින්ද යන්නය.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පිළිතුරු දුනි.

“ස්වාමිනි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු පමණක් සැපයුම්කරු දැන සිටින්නට ඇති. දැනට විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මධ්‍ය ලක්ෂයක සිට එක් තැනැත්තෙක් තමයි මෙම නිලධාරින්ව සහ සැපයුම්කරුව සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ.”

අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් සිට සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම්වනවාත් සමඟම විත්තිකූඩුවේ සිටි සැකකරු තමන්ට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කළේය.

ඊට මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වුවේය.

“ඔබට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔබට ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව සිදුකරන්න පුළුවන්. ඔබ සිදුකරන එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔබට එරෙහිව භාවිතාවෙන්නත් පුළුවන්. එමෙන්ම එම ප්‍රකාශය මත ඔබ තවදුරටත් සැකකරුවෙකු ලෙස සැලකීම හෝ ඔබව මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු කරගැනීම සිදුවෙනවා. එබැවින් හොඳට සිතා ඒ පිළිබඳ තීරණයක් ගන්න”

එහිදී සැකකාර සමන් රත්නායක මහතා පැවසුවේ තමන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“පාපොච්චාරණයක් සිදුකිරීමට සැකකරු සිය කැමැත්ත පළ කරනවා. එය ලබන සඳුදා මා ඉදිරියේ ලබාදිය හැකියි. එතෙක් මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්ව මෙම සැකකරු රඳවා තබන ලෙස මා නියෝග කරනවා.”

ඒ අනුව සැකකාර සමන් රත්නායක මහතා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුනි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රථමයෙන් සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි ලියාපදිංචි කළ අතර පසුව මහර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් වු නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

– ada derana

Continue Reading

Local

ආණ්ඩුකාර පුත‍්‍රයා ව්‍යාපාරික දියණිට පහරදී රෝහලේ.. අල්ලන්න පොලිසියෙන් පන්නයි..

Published

on

By

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය පැවසුවේල මෙම කාන්තාවට ජමාල්ඩීන් විසින් පහර දී ඇති අතර ඇය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදු කරන අතර සැකකරුගේ නිවෙස් දෙකක පුළුල් සෝදිසි කිරීම් ආරම්භ කර ඇතත් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග බවටත් වාර්තා වෙයි.

සිදුවීම ගැන අධිකරණයට දන්වා ජමාල්ඩීන්ට විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Continue Reading

Local

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂකයෙක් ලස..

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි.

පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ලෙස වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මෙරට ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk