Connect with us

Education

“භාෂාව නිවැරදිව භාවිතය මගින් සංහිදියාව ඇතිවේ “…

Published

on


සංහිඳියාව ගොඩනැගීම උදෙසා භාෂාව යොදා ගැනීම මගින් සමාජයට සුවිශේෂී ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බවත්, මානව දයාවෙන් යුක්තව ආදරණිය පණිවුඩ සම්ප්‍රේෂණය උදෙසා භාෂාව උපයුක්ත කරගත හැකි බවත් මාතලේ හින්දු විද්‍යාලයේ විදුහල්පති එස්. ගනේෂමූර්ති මහතා පැවසුවේය.
ඒ් මහතා මේ බැව් පැවසූයේ ඉකුත් 5 වන දා මාතලේ දිසා ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශාලාවේ පැවැති රාජ්‍ය භාෂා දින දිස්ත්‍රික් වැඩ සටහනේ ආරාධිත දෙසුම සිදු කරමින්ය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියෝ රැසක් එක්ව සිටියහ.
සංහිදියාව සඳහා භාෂාව මැයෙන් සිදු කළ දේශනයේ දී ඒ් මහතා වැඩිදුරටත් පැවසූවේ.
මානවයාගේ සාමූහික ජීවන පැවැත්මේ ආරම්භය භාෂාව නිපදවා ගැනීම දක්වා දිවෙන බවය.

.ප්‍රාථමික මානවයා දේහ- බස සබැඳි අවාචික සන්නිවේදනය පදනම් කොටගෙන මුවින් නැඟූ ප්‍රාථමික නාද රටා ඔස්සේ තම සමූහය අතර අදහස් හා තොරතුරු හුවමාරු සිදුකරගෙන ඇති අතර මානව චින්තන ක්‍රමය දියුණුවත් සමඟ ශබ්ද හා සංකේත සමුදායක් ලෙස භාෂාව නිර්මාණය කර ගනිමින් සංකීර්ණ අදහස් සවිස්තරාත්මකව දැනවීමේ අවියක් ලෙස භාෂාව නිපදවා ගන්නට විය. එහෙයින් භාෂාව නිපදවා ගැනීම මානවවංශ ඉතිහාසය පුරා මිනිසා ලද අද්විතීයම ජයග්‍රහණය ලෙස දැක්වීම නිවැරදි ය. මානවයා අත්පත් කරගත් සියලුම ජයග්‍රහණ සඳහා ඔහුගේ භාෂා සන්නිවේදන හැකියාවන් ප්‍රධාන කොටම හේතු වී තිබේ.
භාෂාව උකහා ගැනීම මානවයාට පමණක් සුවිශේෂී වූ හැකියාවකි. මිනිසාගේ සමාජානුයෝජනයේ වැදගත්ම අංගයක් වන්නේ එම සමාජයට අයත් භාෂාව උකහා ගැනීම හා ව්‍යවහාරයට හුරු වීමයි. ඔහු එම සමාජය සමඟ ගොඩනගා ගන්නා සියලු සබඳතාවන් හි සම්බන්ධීකාරකයා බවට පත් වන්නේ භාෂාවයි.
භාෂාව නිපදවා ගැනීමේ හැකියාව ලොව සෑම මිනිස් ප්‍රජාවකට ම හිමි වී තිබේ.මිනිසුන්ගෙන් තොර භාෂාවක්ද, භාෂාවකින් තොර මිනිස් ජාතියක් ද දක්නට නොමැත. භාෂාව හා මිනිස් ජීවිතය එතරම් ම අවියෝජනීයව බැඳී පවතින්නකි. භාෂාව පදනම් කරගෙන විවිධ ජාතීන් අතර සංහිදියාව ගොඩ නැගිය යුතුව ඇතත් බොහෝ විට සිදුව ඇත්තේ භාෂාව පදනම් කරගෙන ජාතීන් සහ සංස්කෘතීන් වශයෙන් බෙදී යාම බව ද ඒ් මහතා අවධාරණය කළේය.
සිංහල ජාතීය විසින් තමාට ලබාදුන් දේවල් අමතක කොට ලබා නොදුන් දේවල් පිළිබඳ පමණක් ප්‍රශ්න කිරීම දමිළ ජනයා විසින් සිදු නොකළ යුතු බවද සදහන් කළ ඒ් මහතා බෞද්ධ දර්ශනය තුළ ඇති සරල අල්පේච්ඡ ජීවිතයේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන් ගනේෂන් මූර්ති මහතා සියලු දෙනා මනුෂ්‍යත්වය ගොඩනගා ගෙන එක මවකගේ දරුවන් ලෙස ජීවත් විය යුතු බව ද පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) රිස්මිනා රියාල්දීන්, මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ආසිරි එරංග පුෂ්පකුමාර, යටවත්ත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ගොඩමුන්නේ, ආචාර්ය ඩී. එන්. එන් ආරච්චිගේ මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

සටහන:       
 චානිකා මධුෂාණි අබේවික්‍රම 
සෙයාරු ;- මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය  ඒකකය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Education

2023 AL අන්තර්ජාලයේ..

Published

on

By

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ ප්‍රතිපල මේවන විට නිකුත් කර ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිපල ලබාගැනීමට සහ බාගත කර හැකිය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදුම හරහා ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිපල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් 0112784537 / 0112786616 ඇමැතිය හැකිය.

1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ශනික දුරකථන අංකය මගින් ද වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

විභාගය සඳහා පෙනීසිටි අයදුම්කරුවන්ගෙන් 64.33% විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය සඳහා 269613 දෙනෙකු පෙනීසිටියහ. පාසල් අයදුම්කරුවන් 229057 සහ පෞද්ගලික අයදුම්කරුවන් 40556 ඒ අතර සිටීයි.

විවිධ අක්‍රමිකතා සිදුකිරීම හේතුවෙන් සිසුන් 190 දෙනෙකුගෙ ප්‍රතිඵල අත්හිටුවා ඇත. ඒ අතර පාසල් අයදුම්කරුවන් 146 දෙනෙකු සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

Continue Reading

Education

රැකියා විරහිත මාතලේ උපාධිධාරින් රැකියා ඉල්ලා නිහඩ විරෝධයක….

Published

on

මාතලේ රැකියා විරහිත උපාධිධාරින්

රැකියා විරහිත මාතලේ දිසාවේ උපාධිධාරින් පිරිසක් අද 5 7 මාතලේ ඔරලොසු කණුව අසලදි නිහඩ විරොධයක නිරත විය

උපාධිය අරන් වසර ගනාවක් ගියද පාලකයින් විදිමත් පැලසුමකට අනුව විශ්වවිද්‍යාල පද්දිතියෙන් බැහැර වන උපාධිධාරින් රැකියා අභිමුඛ නොකිරිම නිසා මේවන මෙරට රජයේ විශ්ව විද්‍යාල වලින් විවිධ උපාධි ලබා සිටින පිරිස 35000ක්ට අධික බවත් ඒ් අතර සෘජුවම ගුරු සේවයේ 2 11 රැකියාව ලබාදිය යුතු අධ්‍යාපනවේදි උපාධිධාරින් ද රැසක් වෙති

මේ අතර ඊයේ 5-6 දින අනුරාධපුර දි උතුරුමැද පලාත්සභාව වෙත රැකියා ඉල්ලා ගිය උපාධි ධාරින් 30ක් පමණ පොලිස් අත්වඩංගුවට ගත් අතර ඔවුන් අත්වඩංගුවට ගැනිම ද මාතලේ උපාධිධාරින් විරොධ්‍ය පා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කලේය

Continue Reading

Education

කුරුලු පාළුව සහ අමල්බිසෝ 26 මාතලේ දී එළි දකී..

Published

on

සම්මානලත් කවියෙකු කෙටි කතාකරුවෙකු ළමා සාහිත්‍යකරුවෙකු වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී ගාමිණී නිශාන්ත කරුණාරත්නගේ කුරුලු පාළුව සහ අමල්බිසෝ අභිනව ළමා සාහිත්‍ය කෘති දොරට වැඩුම මෙම 26 දා ප.ව.1.00 මාතලේ දිසාලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශාලාවෙිදී සිදුකෙරේ.

මෙම උත්සවයේ මුලසුන රට ළමා සාහිත්‍යයේ ප්‍රවර්ධනයට විශිෂ්ඨ සේවයක් සිදු කළ කොළඹ පොත් සංගමයේ සභාපති ආචාර්ය ධම්මදේව අම්බලම්පිටිය මහතා හොබවයි.
විශේෂ ආරාධිත දෙසුම ප්‍රවීණ ලේඛක අනුර බී.සෙනෙවිරත්න මහතා විසින් පවත්වන අතර රාජ්‍ය සම්මානිත ලේඛකයින් වන පියදාස වැලිකන්නගේ, කේ.බී.මානෑව,ආරුමුගම් මලරම්බන් මහත්වරුන් ඇතුළු ලේඛකයින් කලාකරුවන් රැසක් සමග මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිධාරීන් රැසක් ද උත්සවයට ආරාධිතයින් ලෙසින් සහභාගි වීමට නියමිතය.

උත්සවය විචිත්‍රවත් කිරීම සදහා ගාමිණී නිශාන්ත කරුණාරත්න විසින් රචනා කළ ගීත කිහිපයක් ද එකතුකර ගැනිිිමට නියමිතය.
මාතලේ දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසදය ,මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාධ්‍ය ඒකකය.සකිසද මිතුරු සමාජය එක්ව උත්සවය සංවිධානය කරයි.

Continue Reading

Trending

Copyright © www.pattare.lk