Connect with us

Local

ආණ්ඩුවේ ජනමාධ්‍ය නියාමන පනත ලෝකයෙන් ශ්‍රී ලංකාව හුදකලා කරවන ගොබ්බ පනතක්! ජනරජපෙරමුණ..

Published

on

ජනමාධ්‍ය නියාමන පනත අත්තනෝමතික ව සකස් කළ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. මේ බව ප්‍රකාශ වූයේ පසුගිය 22 පැවැති ජනරජ පෙරමුණේ මාධ්‍ය හමුවක දී ය. මෙහිදී පළ වූ අදහස්

එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන

ජනමාධ්‍ය නියාමන පනත ඉතාමත් ම අත්තනෝමතික ව සකස් කරපු, රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාෂණයේ දරුණු ලෙස උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතක්. මේකේ අන්තර්ගතය දිහා බැලුවා ම පස්සේ මේ ලෝකයෙන් අපිව හුදකලා කරවන මහා ගොබ්බ පනතක්. ඒ නිසා අපි මේ පක්ෂයක් හැටියට මේ පනත ප්‍රතික්ෂේප කරනවා. මේ පනත සම්මත වීම වැළැක්වීම සඳහා කටයුතු කරන්න කියලා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතා බලවේග වලිනුත් අපි ඉල්ලා සිටිනවා මේ පනත සම්මත වෙන්ට මේ ආකාරයෙන් සම්මත වෙන්ට ඉඩ දෙන්නට එපා. එය වළක්වන්න කටයුතු කරන්න.

මේ පනත සකස් කරලා තියෙන ආකාරය දිහා බලනකොට අපිට පේනවා මේ පනත සකස් කරපු අය හිතනවා කියලා මේ ලංකාවේ තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය මේ සමාජ මාධ්‍යයේ ප්‍රශ්නය කියලා දැන් මොනවද ලංකාවේ තිබෙන ඇත්ත ප්‍රධාන ප්‍රශ්න අපේ මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ. ඒක මේ සමාජ මාධ්‍ය විසින් ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. ඒ ආර්ථික බංකොලොත්භාවය නිසා රටේ ඉන්න දිළිඳු ජනතාව අන්ත දිළිඳු බවට පත්වෙනවා. මධ්‍යම පන්තික ජනතාව දිළිඳු බවට පත්වෙලා. මුළු රටේම විශාල දිළිඳු අගාධයකට ඇද වැටෙමින් තිබෙනවා රටම. මිනිස්සුන්ගේ ආදායම් නැතිවෙලා, කර්මාන්ත වැහිලා. ගොවිබිම් වැඩබිම් වැහිලා. අලුත් ඒවා එන්නේ නෑ. ණයගැතිභාවය උග්‍රයි. විශාල දරිද්‍රතා අගාධයක් රට ඉදිරියේ රට ගිල ගනිමින් තිබෙනවා. ඒක සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. එහි ආනුසාංගික ප්‍රතිඵල වශයෙන් මේ ආර්ථික බංකොලොත්භාවයේ. තව ප්‍රශ්න ගොඩක් ඇතිවෙමින් තියෙනවා. එකක් තමයි. අපේ තිබෙන දැවැන්ත සමාජ සුබසාධන සේවාවක් වෙච්චි මහජන සෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍රවල විශාල කඩාවැටීමක් බිඳවැටීමක් ඇතිවෙමින් තිබෙනවා. ඒකත් සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි.  නියං කාලෙට වතුර ටික බෙදා ගන්න බැරි වෙන එක, වතුර නැති එක, ජල හිඟය මේ වාරි වාරිමාර්ග ක්‍රමවල ප්‍රශ්න ගොඩක් අපේ රට මුහුණපාන්න තිබෙනවා. ප්‍රවාහන වගේ ක්ෂේත්‍රවල විශාල ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඒවාත් සමාජ මාධ්‍ය ඇති කරලා තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම තමයි මේ අද රටේ ඇතිවෙලා තිබෙන මේ අසහනකාරී වාතාවරණය නිසා දුක්ඛදායක වාතාවරණය නිසා විශේෂයෙන්ම මේ රටේ වෘත්තිකයෝ, විද්වත් වෘත්තිකයෝ, ශිල්පියෝ වැඩක් කරන්න පුළුවන් අය මේ රට අතහැරලා දාලා යනවා. විශාල පිරිසක් රටේ වැඩක් කරන්න පුළුවන් වෙයි. රටේ යම් යම් ක්ෂේත්‍රවල වගකීම දරන්න පුළුවන් අය රට අතහැර දමමින් වෙනත් රටවල් වල මීට වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන් රට අතහැර දමමින් තිබෙනවා. ඒකත් සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඇත්තටම රටේ ජනතාව බලාගෙන ඉන්නේ රජය මෙන්න මේ කියන ප්‍රශ්නවලට, සම්පූර්ණ වැර යොදලා, මෙන්න මේ කියන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න රටේ ජනතාවත් එක්ක වැඩ කරයි කියන බලාපොරොත්තුව තමයි මිනිස්සුන්ට තියෙන්නේ.

නමුත් ඒ වෙනුවට අපට එන්නේ මොනවද? රටේ තියෙන මහා ප්‍රශ්නයක් විශාල මර්දනීය අණ පනත් ආණ්ඩුව ගෙනෙමින් තිබෙනවා. මේ දැන් ඉදිරිපත් කරලා තිබෙන මේ සමාජ මාධ්‍ය නියාමන පනත, මේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ මේ පනතත්, ඒ වගේ විශාල මර්දනීය පනතක්. සමාජ මාධ්‍ය මේ වන විට ලෝකයේ මානව සන්නිවේදනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙලා හමාරයි. ප්‍රධාන ම අංගය කිව්වත් කමක් නෑ. විශේෂයෙන්ම අලුත් පරම්පරාව මේ තාක්ෂණයත් එක්ක හැදී වැඩීගෙන එන අලුත් පරම්පරාවේ සන්නිවේදන ක්‍රමය තමයි සමාජ මාධ්‍ය. දැන් ඒගොල්ලෝ අර පරණ සාම්ප්‍රදායික ජනමාධ්‍යයෙන් ඈත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි හුදෙක් සන්නිවේදන ක්‍රමයටත් වඩා මේක ජීවන ක්‍රමයක්. දැනුම ලබා ගැනීම. වෙනත් වෘත්තීන් කරගෙන යාම, ව්‍යවසායක කටයුතු කරගෙන යාම වගේ විශාල විශාල වැඩකටයුතු රාශියක් මේ සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදුවෙමින් තිබෙනවා.

සමාජ මාධ්‍ය ඇතුලෙත් වැරදි සිද්ධ වෙනවා. විශාල වශයෙන් වැරදි සිද්ධ වෙනවා. අපහාස කෙරෙනවා. ඒ වගේම තමයි දුෂ් තොරතුරු, සන්නිවේදනය වගේ, වැරදි තොරතුරු සන්නිවේදනය වෙනවා. බොරු කියනවා. ජාතික වාර්ගික, ආගමික, ලිංගික අගතීන් මුදා හැරෙනවා. සමාජ අසහනයක් ජනිත කරනවා. මිනිස්සු කෝපයට පත් කරනවා. ඒ වගේ වැරදි ගොඩක් මේ සමාජ මාධ්‍ය ඇතුළේ සිද්ධ වෙනවා. සමාජ මාධ්‍ය විතරක් නෙවේ ජනමාධ්‍ය ඇතුලේ පවා සිද්ධ වෙනවා. සමාජ මාධ්‍ය වැඩියෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා සමාජ මාධ්‍යයටත් නියාමනයක් අවශ්‍යයි. නමුත් තිබෙන ප්‍රශ්නය තමයි මුළු ලෝකෙම ගත්තොත් එහෙම තවමත් මුළු ලෝක මට්ටමේ ප්‍රශස්ථ ක්‍රමයක් හොයාගෙන නෑ සමාජ මාධ්‍ය නියාමනය කරන්න. ඒක මේ ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගෝලීය මට්ටමේ ප්‍රශ්නයක්.  සන්නිවේදනයට තියෙන බාධාවන් නැති කරන්නේ නැතුව මිනිසුන්ගේ සන්නිවේදන අයිතිය හානි කරන්නේ නැතුව මේකේ සදාචාර සීමාවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශස්ථ නියාමනය කියලා කියන්නේ. එවැනි ක්‍රමයක් තවම සමාජ මාධ්‍යයට හොයාගෙන නැහැ ලෝකේ.  මේවයේ හැටිත් මෙහෙම තමයි. මේ කර්මාන්ත නියාමනය නෙවෙයි ඉස්සෙල්ලා එන්නේ. ඉස්සෙල්ලා එන්නේ කර්මාන්තය. කර්මාන්තය ඇවිල්ලා කාලයක් ක්‍රියාත්මක වෙනකොට තමයි නියාමන ක්‍රම හැදෙන්නේ. ඒවාට කාලයක් ගතවෙනවා. තව, සමාජ මාධ්‍යයට මේ ප්‍රශස්ථ නියාමන යාන්ත්‍රණයක් හැදිලා නැහැ. ඒ වෙනුවෙන් ලෝකයේ යම් යම් උත්සාහයන් දරනවා. මේ උත්සාහයන් රටේ ජනතාවට අයිතිවාසිකම් විනාශ කරන උත්සාහයන් වෙන්න හොඳ නෑ. දැන් මේ රජය කරලා තිබෙන්නේ සමාජ මාධ්‍ය නියාමනය කියන අවශ්‍යතාව දඩමීමා කරගනිමින් ඉතාමත්ම දරුණු භයංකාර ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුගාමී පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගාමී පනතක ගොබ්බ පනතක් කියලා අපි කියන්නේ ඒ නිසයි. කොහොමද මේක පසුගාමී පනතක් වෙලා තියෙන්නේ?

ප්‍රජාතන්ත්‍ර විරෝධී පැත්ත ගත්තොත්  ඕනම නියාමන යාන්ත්‍රණයක් ක්‍රමයක් ස්වාධීන වෙන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නියාමන යාන්ත්‍රන ස්වාධීන වෙන්නට ඕනේ. නැත්තං නියාමනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නියාමන යාන්ත්‍රණය පිළිබඳ විශ්වාසය නැතිවෙලා යනවා. දැන් මෙතන මේ මේ පනතෙන් යෝජනා කරන නියාමන කොමිසම එහෙම ස්වාධීන එකක් නෙවෙයි. ඒක ජනාධිපති තුමාගේ  උප කාර්යාලයක් වගේ. ඒ කොමිසම. හරියට ඒ කොමිසම ජනාධිපති කාර්යාලයේම පිහිටෙවුවත් කමක් නෑ වගේ එකක් තමයි තියෙන්නේ. ජනාධිපති පත්කරන කොමසාරිස්වරු පස්දෙනෙක්. ආයේ ඒක වෙන කාටවත් වගකියන්නෑ. දැන් මේ අපේ රටේ තියෙන අනෙකුත් ස්වාධීන කොමිසන් ගත්තොත් එහෙම එහෙම නෙමෙයි පත්වෙන්නේ. ජනාධිපතිතුමාගේ නියෝජිතයොත් ඉන්නවා. ජනාධිපතිතුමා පත්කරන ඒවත් තියෙනවා. නමුත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්, පාර්ලිමේන්තුවෙන් එහෙම කාටත් පිළිගන්න පුළුවන් ස්වාධීන යාන්ත්‍රණ තමයි හැදිලා තියෙන්නේ.

ඊළඟට මේ කොමිසමට දීලා තිබෙනවා අධිකරණයක් විසින් පාවිච්චි කළ යුතු සමහර බලතල. උදාහරණයක් හැටියට යම් යම් ප්‍රකාශනයක් නවත්වන්න. සමාජ මාධ්‍යයක පළවෙන යම් ප්‍රකාශනයක් ගලවලා දාන්න. අයින් කරන්න වගේ විධාන දෙන්න ඒ කොමිසමට බලය තිබෙනවා. ඒ කොමිසම ඒක තීන්දු කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේක සත්‍ය ප්‍රකාශයක්. මේක අසත්‍ය ප්‍රකාශයක් කියලා තීන්දු කිරීමේ බලය කොමිසම ලබා ඒ පස්දෙනා කොහොමද තීන්දු කරන්නේ මේක අසත්‍යයි, මේක සත්‍යයි කියලා. තීන්දු කලත් එහෙම පස්දෙනෙකුට ඒ අයිතිය දෙන එක හරිද? ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක්.  නියාමන වල තියෙන මූලික මූලධර්ම පවා එතන උල්ලංඝනය කරලා තියෙනවා. දෙන විධානයක් කැඩුවොත් එහෙම ඒක වරදක් වෙනවා. ඒ විධානය කැඩීමට පවා එරෙහිව පවා මිනිස්සුන්ට උසාවි යන්න පුළුවන්. දැන් මේකෙන් සිද්ධ වෙන කාරණාව තමයි මේ සමාජ මාධ්‍යවල යම් අදහස් පලකරන අය, විවේචනාත්මක අදහස් පළකරන අය, නැත්නම් සමාජ උවදුරක් පිළිබඳ යම් යම් කලින් දැනුම්දීම් කරන අය විශාල සේවාවක් කරනවා මේ සමාජ මාධ්‍යයේ වැඩ කරන අය, මේ සන්නිවේදන සේවාවන්. මේ අය තමන්ට අනාගතයේදී රජයෙන්, රාජ්‍ය අධිකාරියෙන් එල්ල විය හැකි තර්ජන ගැන නොසිතා තමන්ගේ කට පියා ගන්නවා. අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙනවා. අක්‍රිය මිනිස්සු බවට පත්වෙනවා.

දැන් මං හිතන්නේ මේ තමයි ඒක රජයට ඕන වෙලා තිබෙන්නේ. අර මං කිව්ව මූලික කියූ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ඇතිවෙන බවක් පෙනෙන්නේ නෑ. එතකොට ජනතා අසහනය උද්ගත වෙනවා. ජනතා සහනය උද්ගත වෙනකොට එය ඒ හැම සන්නිවේදන මාධ්‍යයකම පරාවර්තනය වෙනවා. ඉතින් ඒක වළක්වන්න ඒ මහජන හඬ වළක්වන්න තමයි මේකේ තියෙන ඇත්ත වුවමනාව කියලා අපට පෙනෙනවා. එම නිසා මේ මේක මහා භයානක පනතක්.

මේක පසුගාමී පනතක් වෙන්නේ දැන් මේ පනත හදලා තිබෙන්නේ මේකේ තියෙන, මේකේ ඉන්න ඕනි ප්‍රධාන පාර්ශව. පරදු පාර්ශව එක්ක විධිමත් සාකච්ඡාවක් කරලා නෙමෙයි. උදාහරණයක් හැටියට මේකේ කියනවා මේ සේවා සපයන්නන් මාර්ගගත සේවා සපයන්නන් ලංකාවේ ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට ඔය ඔය ගූගල්,  ඔය හැම එකක්ම එක එක සමාජ මාධ්‍ය මාදිලි සේවා සපයන්නන් ඒ සමාගම් ලංකාවේ ලියාපදිංචි වෙන්න ඕනේ. දැන් එහෙම නම් ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් කරලා තියෙනවද මේ පනත හදද්දි කවුරුවත් දැක්කේ නෑ එහෙම සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා. යම් හෙයකින් මේ අය කිව්වොත් එහෙම අපිට ඔය කොන්දේසි වලට එකඟ වෙන්න බෑ. අපි මේවා ගලෝගෙන යනවා කියලා ඉවරවෙලා. අපි මේ සේවාවන් සපයන්නේ නෑ කියලා ඉවරවෙලා. සමාජ මාධ්‍යයට සම්පූර්ණයෙන්ම ලංකාවේ දොර වැහෙනවා. දැන් ඒකද ඕනි අපේ පාලක තන්ත්‍රයට දැන් එහෙම දොරවල් ඇහුනොත් වෙන්නේ මොකද? සමාජ මාධ්‍යයේ තිබෙන යම්  වැරදිවලට ඒවයින් වෙන සේවය අති විශාලයි. ඒ සේවාවන් ටික. ඒවායෙන් ලැබෙන පහසුව. ඒවායින් ලැබෙන ජීවිතයට ලැබෙන විශාල ශක්තිය ඒක ලංකාවට අහිමි කරනවා. බාහිර ලෝකයෙන් අපිව හුදකලා කරන පසුගාමී පනතක්.”

තීක්ෂණ ගම්මන්පිල – එක්සත් ජනරජ පෙරමුණ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු

“සෝෂල් මීඩියා ගැන හරි අවබෝධයකින් නෙමෙයි මේ තීරණ ගන්න පාලක පන්තිය කටයුතු කරන්නේ  දැන් වර්තමාන මේ නූතන පරම්පරාවේ එකක්. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මේකේ කොටසක්. අපේ ජීවිතයේ එක කොටසක් සෝෂල් මීඩියා කියලා කියන්නේ. ඒක ඇතුලේ කවුරුත් හිතන්න නරකයි මේ කෙනෙක් එකෙන් බලන් ඉන්නේ ගිහිල්ලා, ගිහිල්ලා, තව කාටහරි හිංසාවක් කරන්න, නැත්නම් රජයේ රජයේ පාලන බලය බිඳින්න, අරගල කරන්න පමණක් මේ මේ යෙදවුම් පාවිච්චි කරනවා කියලා කාටහරි හිතෙනවා නම්, ඒක ලොකු මිථ්‍යාවක්. ඇත්තටම අපි සමාජය දැනුවත් කරන්න ඕනේ, අපේ රටේ වුණත්, සමහර ආයතන තියෙනවා තමන්ගේ වැඩ ආරම්භ කරන, එක පවා මේ මාර්ගගත ක්‍රමයට තමයි තියන්නේ. මේ තාක්ෂණය එච්චර දියුණු වෙලා තියෙන්නේ. අපිට පුළුවන් ලෝකයේ ගිහිල්ලා අපේ ව්‍යාපාරික සංකල්පයක් ඩිවලොප් කරගන්න පුළුවන් මේ මේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබාගෙන.

මෙච්චර ලෝකෙට විවෘත වෙලා විශ්ව ගම්මානයක් බවට පත්වෙන්නේ මේ අන්තර්ජාලය හරහා. මෙන්න මේ, මේ කියන කෑල්ල අමතක කරලා, මේ උත්සාහ කරනවා තමන් පත්වෙන අපහසුතාවයන් මග ඇර ගන්න තමන් පත්වෙන අපකීර්තිය මගහැර ගන්න මේ සමාජ මාධ්‍යයේ යම් යම් එක එක නීති රීති දාලා මේක සීමා කරන්න මර්දනය කරන්න ඔවුන් උත්සාහ කරනවා. මම එකක් කියන්න කැමතියි මේ රටේ ඉන්නෙත් ලෝකයේ තරම බුද්ධිමත් තරුණ ප්‍රජාවක්. මේ රටේ ඉන්නෙත් ලෝකයේ තරම්ම උගත් දැනුම තියෙන ජනතාවක්. අපි සූදානම් නෑ අපේ නිදහස අපේ අයිතීන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අපේ අයිතීන් මේ ආණ්ඩුවලට ඕන ඕන නීති වලට යටත් කරන්න අපි සූදානම් නෑ.

නයෝමි ගරුසිංහ – එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සහ කාන්තා අංශ සාමාජිකා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී

“අලුත් රජය පත් කර ගත්තායින් පස්සේ සති දෙකෙන් දෙකට අපිට අරගෙන එන විවිධ ආන්දෝලනාත්මක අණ පනත් අරගෙන එනවා ඊට පස්සේ ආපහු ජනතා විරෝධයත් එක්ක අකුල ගන්නවා. ඒ රැල්ලේ අලුත්ම පනත වන මේ සමාජ මාධ්‍ය නියාමන, අලුත්ම පනත. මේ පනතේ තියෙනවා මේක පිටු හැට එකක් වෙනවා මේ පනත. අපි අර කරනවා සියලුම ජනතාවට මේක කියවන්න කියලා. සමාජ මාධ්‍යවල ශ්‍රී ලංකා ජනතාවගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළයි.  මේක දැන් අපේ ඇඟේ කෑල්ලක් වෙලා තියෙන්නේ.

පුළුල් සමාජ කතිකාවතක් නැතුව මේ වගේ පැරෂූට් එකකින් මෙහෙම පනතක් ගෙනල්ලා මිනිස්සුන්ට දාන එක හරිම වැරදියි. එතකොට ජනතාවක් වශයෙන් අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒක නිසා අපි ආරාධනා කරනවා මේ ගැන දැනුවත් වෙන්න කියලා. අපේ පක්ෂයෙන් අපි දැනුවත් කිරීමක් කරනවා. ඔබට අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපිව දැනුවත් කිරීම කරනවා.

ජනාධිපතිවරයාට මේ සුළු කාලයේ දී රටට ආදරයක් තියෙනවා නම් කරන්න පුළුවන් දේ තමයි රට මේ වෙලාවේ බංකොලොත් භාවයට වැටිලා තියෙන එකට පවතින නීති රීති ඉතා ම ප්‍රමාණවත්. නීති රීති රාමුව යටතේ රට පුළුවන් තරම් මේ බංකොලොත් භාවයෙන් ගොඩ අරගෙන රටේ ‍රාජ්‍ය යන්ත්‍රණය මේ තියෙන ණය බරත් එක්ක ඉස්සරහට කොහොම හරි කරදරයක් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න ඊළඟ මැතිවරණය වෙනකන් හෝ ඊළඟ අයි එම් එෆ් ණය වාරිකය ගෙවා ගන්නකන් හෝ රට කරගෙන යාම තමයි එතුමාගෙන් හරි නම් වෙන්න ඕන”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

එන්නත් වංචාකරුවනට ජම්පර්.. සෞඛ්‍ය අතිරේක ලේකම් පාපොච්චාරණයක..

Published

on

By

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අද පෙරවරු 11ට.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වුවාය.

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

සැකකරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කළාය.

“ස්වාමිනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබු අතිරේක ලේකම්වරයා ඉවත්කරලා ඔහුගේ වගකීම් සමන් රත්නායක නැමැති සැකකරුට පවරලා තිබෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ මෙම සැකකරුගේ පුර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරික්ෂා කළ යුතුයි. නමුත් මෙහිදි එය මඟහැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයිම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැරහැර තිබෙනවා. ස්වාමිනි ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේම ඉන් ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති වටපිටාවක. එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ජාතික තලයේ හිඟයක් පැවත නැහැ. එමෙන්ම ස්වාමිනි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබාගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයක් භාවිත කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.”

එමෙන්ම, “ස්වාමිනි ඔබට මතක ඇති ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, සති 03ක් තුළ ඖෂධ සැපයීමක් නොකළොත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022.09.26 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. අන්න ඒ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මොහු විසින්. ඒ පිළිබඳ මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මොහු කියනවා අදාළ කැබිනට් පත්‍රිකාව සැදීම සිදුකළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කියලා”

එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ අදාළ කැබිනට් පත්‍රිය සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල්ගොනුව සම්බන්ධයෙන් මෙම සැකකරු කුමන ස්ථාවරයක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසීය.

“ස්වාමිනි මොහු කියනවා අදාළ මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමුකළා කියලා. නමුත් අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලය කියන්නේ අදාළ මුල් ගොනුව මොහු යටතේ තිබු අංශයේ තිබෙන්නේ කියලා.”

පසුව මහෙස්ත්‍රාත්වරිය යළි ප්‍රශ්න කළේ මෙම කුමන්ත්‍රණ ක්‍රියාවලියට රාජ්‍ය ආයතනය සහ නිලධාරින් සම්බන්ධවීමට පෙර ප්‍රශ්නගත සැපයුම්කරු ඒ සඳහා සුදානම් කර ඇත්තේ කවරෙකු විසින්ද යන්නය.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පිළිතුරු දුනි.

“ස්වාමිනි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු පමණක් සැපයුම්කරු දැන සිටින්නට ඇති. දැනට විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මධ්‍ය ලක්ෂයක සිට එක් තැනැත්තෙක් තමයි මෙම නිලධාරින්ව සහ සැපයුම්කරුව සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ.”

අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් සිට සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම්වනවාත් සමඟම විත්තිකූඩුවේ සිටි සැකකරු තමන්ට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කළේය.

ඊට මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වුවේය.

“ඔබට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔබට ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව සිදුකරන්න පුළුවන්. ඔබ සිදුකරන එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔබට එරෙහිව භාවිතාවෙන්නත් පුළුවන්. එමෙන්ම එම ප්‍රකාශය මත ඔබ තවදුරටත් සැකකරුවෙකු ලෙස සැලකීම හෝ ඔබව මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු කරගැනීම සිදුවෙනවා. එබැවින් හොඳට සිතා ඒ පිළිබඳ තීරණයක් ගන්න”

එහිදී සැකකාර සමන් රත්නායක මහතා පැවසුවේ තමන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“පාපොච්චාරණයක් සිදුකිරීමට සැකකරු සිය කැමැත්ත පළ කරනවා. එය ලබන සඳුදා මා ඉදිරියේ ලබාදිය හැකියි. එතෙක් මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්ව මෙම සැකකරු රඳවා තබන ලෙස මා නියෝග කරනවා.”

ඒ අනුව සැකකාර සමන් රත්නායක මහතා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුනි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රථමයෙන් සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි ලියාපදිංචි කළ අතර පසුව මහර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් වු නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

– ada derana

Continue Reading

Local

ආණ්ඩුකාර පුත‍්‍රයා ව්‍යාපාරික දියණිට පහරදී රෝහලේ.. අල්ලන්න පොලිසියෙන් පන්නයි..

Published

on

By

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය පැවසුවේල මෙම කාන්තාවට ජමාල්ඩීන් විසින් පහර දී ඇති අතර ඇය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදු කරන අතර සැකකරුගේ නිවෙස් දෙකක පුළුල් සෝදිසි කිරීම් ආරම්භ කර ඇතත් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග බවටත් වාර්තා වෙයි.

සිදුවීම ගැන අධිකරණයට දන්වා ජමාල්ඩීන්ට විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Continue Reading

Local

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂකයෙක් ලස..

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි.

පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ලෙස වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මෙරට ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk