Connect with us

Local

මගඩි සහගත ගැසට් නිවේදන හරහා අද මේ රටේ යම් ආකාරයක ධන උත්පාදනයක්, ජාවාරම්කාර පැළැන්තියක් කරගෙන යනවාදැයි සැකයි. .. පාඨලී චම්පික පවසයි

Published

on

පා.ම.පාඨලි රණවක 10 4 දින පා

මගඩි සහගත ගැසට් නිවේදන හරහා අද මේ රටේ යම් ආකාරයක ධන උත්පාදනයක්, ජාවාරම්කාර පැළැන්තියක් කරගෙන යනවාදැයි සැකයි.  අපනයන සංයුතිය වෙනස් කර ගත්තොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අපනයන ආදායම දෙගුණ කරන්න පුළුවන්

මගඩි සහගත ගැසට් නිවේදන හරහා අද මේ රටේ යම් ආකාරයක ධන උත්පාදනයක්, ජාවාරම්කාර පැළැන්තියක් කරගෙන යනවාද? කියන සැකය දැන් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (04) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අද රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් අනුමත කරන ලද තීරුබදු පදනම් කරගත් ගැසට් නිවේදන කිහිපයක් පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. රටේ අද රටේ දළ දේශීය නිෂ්පාදනය සීඝ්‍රයෙන් හැකිවෙමින් තිබෙන අවස්ථාවක ඒ දළ දේශීය නිෂ්පාදනය පුළුල් කරන්න, වැඩි කරන්න ඉතාම අත්‍යවශ්‍යයි රටේ බදු ප්‍රතිපත්තිය. රටට අලුතෙන් ඩොලර් උත්පාදනය කිරීම සඳහා විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා අපනයන භාණ්ඩ හා සේවා වැඩිදියුණු කරගැනීමට ඉතා ම අත්‍යවශ්‍යයි තීරුබදු ප්‍රතිපත්තිය. 1977 දී රට විවෘත කළාට පස්සේ අපේ ආනයන අපනයන සහිත ජාත්‍යන්තර වෙළඳාම ක්‍රමයෙන් වර්ධනය වෙලා ගිහිල්ලා 2000 දී උපරිම මට්ටමට ලක්වෙලා ඊට පස්සේ ආපසු යාම තමයි සිද්ධ වෙලා තියෙන්නේ.

2015 දී අන්තර්ජාතික ඇගයීමකට අනුව ලංකාව 1970 වසා දැම්ම රටක්, සංවෘත රටක් හැටියට තිබෙන තත්ත්වයටම ආපසු ගිහින් තිබුණා ලංකාව 2000 න් පස්සේ. මේ තීරුබදු පිළිබඳ කාරණය ගැන ඉතාම විධිමත් වාර්තාවක් ලෝක බැංකුව විසින් කරලා තිබෙනවා. ඒ අනුව පෙන්වලා දීලා තිබෙනවා අපගේ තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කර ගත්තොත්, අපේ අපනයන යොමුවෙලා තියෙන දිශානතිය (ඒ රට රටවල්) වෙනස් කර ගත්තොත්. අපේ අපනයන සංයුතිය වෙනස් කර ගත්තොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අපනයන ආදායම වූ ආසන්නයෙන් ඩොලර් බිලියන 10 ක පමණ ආදායම දෙගුණ කරන්න පුළුවන් කියලා. වටිනාකම එකතු කිරීම පිළිබඳ කාරණය ගත්තොත් අනිවාර්යෙන්ම ඩොලර් බිලියන 8.6කින් අපේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් කියලා.

ඒකෙ තේරුම මොකක්ද? මේ තීරුබදු ප්‍රතිපත්තිය නිවැරදි ප්‍රතිපත්ති රාමුවක තියලා ඉදිරියට ගෙනියනවා නම්, ලංකාවේ අද තියෙන මේ ඩොලර් හිගයට අතනින් මෙතනින් හිගා කන්න දෙයක් නෑ. අපේ රට ඇතුළෙන්ම මේ විසඳුම හොයාගෙන අපට හැකියාව ලැබෙනවා ආනයන වියදම අපනයන ආදායමෙන් සමතුලනය කරලා අපට මේ ඉදිරි පිම්ම පනින්න. අවාසනාවකට මම දන්න තරමින් මේ මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳව දැන හිටියත් එම වාර්තාව පිළිබඳ කිසිඳු ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන් අරගෙන නෑ. විශේෂයෙන්ම අපේ ක්‍රම සහ විධි කාරක සභාවේ, රේගු දෙපාර්තමේන්තුව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අපි කරලා තියෙනවා. ඒ වාර්තාව සභාගත කරලා තියෙනවා. ඒ වාර්තාව ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශය සිදු කළොත්, අනිවාර්යයෙන්ම මේ තීරු බදු පිළිබඳව අපට යම් විස්තරාත්මක තැනකට එන්න පුළුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ ආනයන සම්බන්ධයෙන්, අපි කවුරුත් දන්න සාමාන්‍ය කාරණය, මෙතන තියෙනවා ආයෝජන සඳහා එන භාණ්ඩ. මෙතන තියෙනවා පරිභෝජනය සඳහා එන භාණ්ඩ. මෙතන තියෙනවා අතරමැදි භාණ්ඩ. මේ සෑම කෙනෙකුටම ආකාරයකම යම් යම් ආකාරයේ තීරුබදු පැනවීමක් වෙනවා. අපි ආයෝජන සඳහා එහෙමත් නැත්නම් අපනයනය සඳහා ගෙන එන අතිරේක භාණ්ඩ වලට බදු පැනවීම කරනකොට ඒ ආයෝජන අධෛර්යමත් වෙනවා. ඒ අපනයන අධෛර්යමත් වෙනවා. ඒ අනුව තාමත් මුදල් අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නෑ මේ ආනයන පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් කරලා තමන්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හදාගෙන ආයෝජන වැඩි දියුණු කරන්නත් අපනයන වැඩි දියුණු කරන්නත් ඒ වගේම පරිභෝජනය ඇතැම් භාණ්ඩ දුර්වල කරලා ඇතැම් භාණ්ඩවලට අවශ්‍ය කරන වටපිටාව රට තුළ නිෂ්පාදනය වැඩි කරන්නත් තාම හැකි වෙලා නෑ.

ඒ නිසා ඉතාමත්ම කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ අපේ ගිණුම් කාරක සභාවට එන ගැසට් නිවේදන දිහා බැලුවහම කිසිම ආකාරයක විද්‍යාත්මක පසුබිමක් නැති ඉතාමත්ම අවිද්‍යාත්මක ඉතාමත්ම සැක කටයුතු, මගඩි සහගත ගැසට් නිවේදන හරහා අද මේ රටේ යම් ආකාරයක ධන උත්පාදනයක්, ජාවාරම්කාර පැළැන්තියක් කරගෙන යනවාද? කියන සැකය දැන් ඇතිවෙලා තිබෙනවා. අපි ගත්තොත්, මේ පසුගියදා නිකුත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආණ්ඩුකරණය පිළිබඳ වාර්තාවේ ඒ තොරතුරු අතරේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ අවිධිමත් ප්‍රතිපත්ති මත රටට ඉතාමත්ම බරපතළ විදිහට පාඩු සිද්ධ වූ ඒවා.

මං මේ පාර්ලිමේන්තුවේ ඒ වගේම මේ කාරක සභාවල මතු කරලා තියෙනවා. 2021 ජූනි මාසේ සිදු කරපු අර දැවැන්ත සීනි වංචාව, ඒ දැවැන්ත සීනි වංචාවෙන් රුපියල් බිලියන ගණනක අයථා ලාභයක් ලෙස උපයා ගත්තයි කියන එක මුදල් කාරක සභා සභාවටත් වාර්තා කළා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට වාර්තා කළා. ඒ වගේම විගණකාධිපතිතුමා වාර්තා කළා. දැන් අවුරුදු දෙකක් මේ රටේ 248000 ක් ඉන්නවා වෘත්තීයවේදී මට්ටමෙන් අද බදු අය කරනවා මේ පේයි ටැක්ස් එක. රුපියල් ලක්ෂයට වඩා පඩි ලබා ගන්නා ගුරුවරු, නීතිවේදියෝ, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු මේ අය සියලු දෙනාවම අධෛර්යට පත් කරමින් මේ බද්ද ගහනවා. අද මේ රටේ වැඩකරන ජනතාව අතරින් රුපියල් ලක්ෂයට වඩා පඩි ලබන මේ 248000 තමයි මේ රටේ පරිපාලනමය වශයෙන් අතිශය වැදගත් කණ්ඩායම් ඒ කණ්ඩායම් අද මහා පරිමාණයෙන් මහා පරිමාණයෙන් රට හැර යනවා.

විදුලිබල මණ්ඩලයේ 471000 ක් ඉන්නවා විදුලි බිල බින්දුව වෙච්ච. ඒකෙ තේරුම මොකක්ද? රට දාලා ගිහිල්ලා තියෙනවා අතිවිශාල ප්‍රමාණයක්. ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නේ රට දාලා ගිය පිරිස. ඒ විදුලිබල මණ්ඩලයේ බිංදුව වෙච්ච පිරිස ගිය ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, මේ ජූලි මාසේ, අගෝස්තු මාසේ, සැප්තැම්බර් මාසේ බලනකොට සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. රට දාලා මිනිස්සු යනවා. ඇයි? ඒ අය තමන්ගේ බදු මුදල් වලින් සිද්ධ වෙන දේ ගැන අකම්පාල වෙලා ඉන්නේ. ඇයි අපි බදු ගෙවන්නේ කියලා. මොකද? සීනි ජාවාරම ඒ නීතිය නෑ. මේ පාර්ලිමේන්තුවෙන් අපි ඉල්ලා හිටියා, මම බොහොම කනගාටුවෙන් කියනවා, අපේ ගිණුම් කාරක සභාව කතානායකතුමාටත් ලිව්වා, නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. ඒ අනුව මේ ජාවාරම්කාරයා ඉන්නේ, මුදල් අමාත්‍යාංශයට උඩින්. ඒ වගේම අද වෙනකොට අධිකරණයට උඩින් වෙන්න පුළුවන්. මොකද මේ ගැන අද උපරිමාධිකරණයේ නඩුවක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවටත් උඩින්ද මේ ඉන්නේ කියන ප්‍රශ්නය අපට පැන නැගිලා තියෙනවා.

ගැසට් නිවේදනයක් ගැහුවා පහුගිය ජුනි 14 රටට සිමෙන්ති ගෙන ඒම රටට තිරිඟු පිටි ගෙන ඒම පාලනය කරලා. හැබැයි සමාගම් දෙකකට ඉඩ දුන්නා. සමාගම් දෙකකට පමණක් ඔවුන් 80% ක් වෙළඳපොලේ. ඒ දෙකට විතරක් ඉඩ දුන්නා ගේන්න. මොකක්ද මේ පාර්ලිමේන්තුවේ කිව්වේ? ගොවියව බේරගන්න. වී අස්වනු කපනවා. ගොවියා බේරගන්නයි යන්නේ කියලා. අන්තිමට වුණේ මොකක්ද? අන්තිමට අගෝස්තු 14 ඒ ගැසට් එක නැතිවෙලා යනකොට ටොන් 289,000 ක් තිබුණා. මාස පහක් මේ රටට තිරිඟු පිටි සපයන්න පුළුවන් ප්‍රමාණයක් තිබුණා. රුපියල් දාසයකින් වැඩි කළා. අර වෙළඳ අමාත්‍යාංශයේ අපට වාර්තා කළා දැන්. අපි ගණන් හැදුවා මේ ගාන කීයද කියලා. රුපියල් 185 යි. තිරිඟු පිටි කිලෝවක් වෙන්නේ. අද කීයද? අපිට කිව්වේ රුපියල් 198 ට දෙන්න කියලා අපි නියෝගයක් දුන්නා. මම ඊයේ ගිහිල්ලා බැලුවා මේ තලවතුගොඩ සුපිරි වෙළඳසැලක. 219 යි තිරිඟු පිටි කිලෝවක්. මොකක්ද මේ කරන්නේ?

අතිරේක ලාභ අප්‍රමාණ විදිහට උපයනවා. කිසිම ආකාරයක මැදිහත් වීමක් කළේ නැහැ. දැන් ඒ නිසා අපේ ගිණුම් කාරක සභාවේ සභාපතිතුමත් අපිත් තීරණය කළා මේක විගණකාධිපති ලවා විගණනය කරවන්න. මොකද සිද්ධ වෙනකොට කිසිම කෙනෙක්ට බදු ගෙවන්න, ඒ වගේම බදු ගෙවලා රටට මෙහෙවරක් කරන්න කිසිම ආකාරයක අධිෂ්ඨානයක් එන්නේ නෑ. ඒ නිසා මේ ඉතාමත්ම ආර්ථිකය අයුක්ති සහගත ආකාරයටයි කටයුතු කරන්නේ. මම කියන්න පුළුවන් ලයිස්තුව මේ මෑතදී ආවා ඔය විදිහෙම එකක් සිමෙන්ති සම්බන්ධව. සිමෙන්ති වලට අතිරේක රුපියල් සීයක බද්දක් ගහන්න. කීයද දාලා තිබිච්ච සිමෙන්ති වල වටිනාකම, උපරිම සිල්ලර මිල රුපියල් 2600 යි. අපේ කාරක සභාවේ අපි ගණන් හදලා බැලුවා. මේ පාර්ලිමේන්තුවේ පර්යේෂණ නිලධාරීන් එක්ක. මොනවද කස්ටම් එක හරහා ඇවිල්ලා තියෙන සිමෙන්ති වල ගාන? කීයද? රුපියල් 832 යි අර කිලෝ පනහක සිමෙන්ති බෑග් එකක්. ඒකට බද්දක් ගහලා තිබුණා රුපියල් 900 ක. ඒ අනුව වැඩිම වුණොත් මේ සිමෙන්ති විකුණන්න ඕනා. රටේ සියලු ප්‍රදේශවල 1950 ට. නමුත් මොකක්ද දීලා තියෙන ආණ්ඩුව සහනය? 2600 දක්වා සිමෙන්ති විකුණන්න පුළුවන් කියලා. මේ හරහා මේ සමාගම් හත අටක් අති දැවැන්ත ලාභයක් උපයනවා විතරක් නෙමෙයි. අපි කවුරුත් දන්නවා අද මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බිමට බිම් බත් වෙලා තියෙනවා. යකඩ ගත්තත් මෙච්චරයි. සිමෙන්ති ගත්තත් මෙච්චරයි. මේ රටේ භාණ්ඩ දහස් ගාණක කතාව මේකයි. මෑතදී ආවා ඔය ත්‍රිපෝෂ ප්‍රශ්නෙ.

සබන් වලට බද්දක් ගහන්න කියලා ආවා සබන් සම්බන්ධයෙන්. මේ හැම එකක් ගැනම අපට බලගතු සමහර ඒවා එන්නේ දේශීය ව්‍යාපාර රැකගැනීමේ මුවාවෙන් සමහර ඒවා එන්නේ රට විවෘතකරණය කිරීමේ අදහසින්. එකිනෙකට පටහැනි, අවිද්‍යාත්මක ආකාරයේ මේ තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කරලා, විද්‍යාත්මක තීරුබදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම්, අපේ ආයෝජන වැඩි වෙන්න කරන්නත් පුළුවන්, අපේ නිෂ්පාදනය වැඩි කරන්නත් පුළුවන්, අපේ අපනයන වැඩි කරන්නත් පුළුවන්, විශේෂයෙන්ම අර මම සඳහන් කරපු වාර්තාවට අනුව, ඉතා කෙටි කලකින්, මේ රටේ අපනයන ආදායම දෙගුණ කිරීමේ හැකියාවකුත් තිබෙනවා.”

මාධ්‍ය ඒ්කකය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්.. 

Published

on

By

හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි. මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.

මාධ්‍ය ඒකකය

Continue Reading

Local

මැක්ඩොනල්ඩ් ශ‍්‍රී ලංකාවේ සියළුම ශාඛා වසා දමයි..

Published

on

By

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන ගැටළුවක් මත මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නීති කෘත්‍යක්ද සිදුවෙමින් ඇත.

තම මව් සමාගමේ ප්‍රමිතියට අනුව ආහාරපාන ලබාදීමටද ශ්‍රී ලංකාද නියෝජිත සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාව තුළ සිය සන්නාමයම යටතේ ආහාර අලෙවිය නවතා දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

Continue Reading

Local

මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුව මැද යකා නටයි..

Published

on

By

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව පළමු අවස්ථාවේම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව මැදට පැමිණි විරෝධතාවය යෙදීම හේතුවෙනි.

කෝවිලකදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් කිහිප දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සියලු දෙනාම වහා නිදහස් කළ යුතු බවත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනා ගොනු කරමින් බවත් මන්ත්‍රීවරුන් කියා සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණයකට ඉදිරිපත් කර ඇති සැකකරුවන් නිදහස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk