Connect with us

Local

සෞඛ්‍ය අමාත්‍යාංශය ජන සංහාරයක් සඳහා සූදානම්වේ! එක්සත් ජනරජ පෙරමුණ…

Published

on

අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජන සංහාරයක් සඳහා සූදානම් ව සිටින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. අද (05) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ විය. මෙම මාධ්‍ය හමුවේ දී පළ වූ අදහස්

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ – එක්සත් ජාතික පෙරමුණේ සභාපති

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරනු ලබන ක්‍රියාවලිය නිසා ලංකාවේ ජනතාවගේ ජීවිත මොනතරම් අනතුරට පත්වෙලා තියෙනවාද යන්න පැහැදිලි කරන සිද්ධියක් තමයි මම විස්තර කරන්නේ. ඇත්ත වශයෙන්ම මෙය අපට හඳුන්වන්න පුළුවන් රටක සෞඛ්‍ය අමාත්‍යාංශය ජන සංහාරයක් සඳහා ලෑස්ති වෙලා ඉන්න අවස්ථාවක්. අතිශයින්ම භයානක දෙයක්. මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා වන මහාචාර්ය එස් ටී ජයරත්න මැතිතුමාගේ ලිපියෙන්. මේ ලිපියේ සඳහන් වෙන නම්, ගම් පිළිබඳ සියලු වගකීම දැරිය යුතුයි. මොකද මේ ලිපිය එතුමාගේ අත්සනින් මාධ්‍යවලට නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක්. එතකොට මේ ලිපියේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්.

මේ ලිපිය සාරාංශය කරන්නම්. මෙහි සඳහන් වෙනවා, අයිසොලෙස් බයෝටෙක්, ෆාමර් ඒ. ජී. ලිමිටඩ්. ආයතනය විසින් බෙදා හැර ඇති ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම හා ඒ ඖෂධ සම්බන්ධව රේගු නිෂ්කාශන සඳහා ව්‍යාජ ලිපි ලේඛන, ආගමන විගමන පාලක වෙත ලබා දීම සම්බන්ධයෙන් පැන නැග ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ තමයි එතුමා මේ කරුණු විස්තර කරන්නේ. එහිදී එතුමා කියනවා සිද්ධීන් දෙකක් වාර්තා වුණායි කියලා. නමවෙනි මාසේ දාසය සහ විස්ස දින මාතලේ දිස්ත්‍රික් රෝහලෙත් සහ අටවෙනි මාසේ විසි දෙවන දින ජාතික රෝහලෙන් වාර්තා වෙලා තියෙනවා රෝගී ආසාත්මිකතාවයන් නිසා. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සොයා ගත්තාය කියලා. මෙම ඖෂධය මේ රටට ආනයනය කරලා තියෙන්නේ ව්‍යාජ බලපත්‍රයක් යටතේ කියලා. එහි, ඒ වගේම, සඳහන් වෙනවා. ඒ ලේඛනය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ඒ අන්තර්ගතයෙහි ඇති අඩුපාඩු, එහි යොදා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ කියලා. එතකොට මේක කූට ලේඛනයක්. මේ කූට ලේඛනය ඉදිරිපත් කරලා තමයි මේ ඖෂධය ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ඒක මම නෙමෙයි කියන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා වන මහාචාර්ය එස් ටී ජයරත්න මැතිතුමා.

ලංකාවට ඖෂධ ගෙන ඒම, බෙදා හැරීම, විකිණීම කියන මේ සියල්ලම සිදු කළ යුත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන මේ පනත යටතේ. මේ පනතේ තියෙනවා ඒ ඖෂධ ලංකාවට ගෙන ආ හැකි ආකාරය. එතකොට මේ ඖෂධය ලංකාවට ගෙන ඒමට සම්බන්ධ වූ ආයතන දෙකක් ගැන සඳහන් වෙනවා. අප සමඟ ඇති ලිපි ලේඛන වල. පළමුවෙන්ම මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ යැයි පවසන්නේ ලයිව් අකැම් බාත් දිස්ත්‍රික් ගුජරාට් කියන ස්ථානය සහ එහි තියෙනවා නොම්බරයක්. ඒ වගේම මේ ඖෂධය ලංකාවට ආනයනය කල අයිසියුලැස් බයෝ ටෙක් ලිමිටඩ් කියන එක පිහිටලා තියෙන්නේ. බේස්ලයින් හෝ සීදුව කියන තැන. එතකොට මේ අය සහ මේ ඖෂධය නිෂ්පාදනය කල ස්ථානය සහ මේ ඖෂධ ලංකාවට ආනයනය කළ පුද්ගලයා පිළිබඳ පැහැදිලි දැනීමක් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමත් තියෙනවා. ඒ වගේම එතුමා කියනවා මේ පිළිබඳව, මේ ව්‍යාජ ලේඛන, කූඨ ලේඛන සකසලා මේ ඖෂධය ලංකාවට ගෙන ඒම පිළිබඳව. ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් 3/10 මීට දින දෙහෙකට ඉස්සෙල්ලා, ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිවම පැමිණිල්ලක් තියෙනවා.

දැන් අපි කළ යුතු දේ තමයි, මේ පැමිණිල්ල මත විභාග කිරීම එකක්. දෙක. මේ ඖෂධය මේ ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කරලා ලංකාවට ගෙන ඒම නිසා සිදු වී ඇති අර්බුදය ගැන විග්‍රහ කිරීම. මෙය ඇත්ත වශයෙන්ම අපි දන්න තරමින් මේක එක සිද්ධියක් නෙවෙයි. මේ සිද්ධි දාමයක කොටසක්. ඒ වගේම මෙය අපිට කියන්න පුළුවන් අද වෙනකොට ලංකාව තුළ පැනනැගිලා තියෙන ඖෂධ ආනයනය ඒ ආනයනය කරන ඖෂධ වල තත්ත්ව, පරීක්ෂණය පිළිබඳ ගැටලුවේ කොටස් පමණයි. මේ අයිස් කන්දේ මුදුන පමණයි. පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා කරුණක්. එසේ වුණාට අප විශ්වාස කරන්නේ මේ අපිට පේන අයිස් කන්දේ මුහුද මුදුන මෙහෙම පෙනුනට යට මහා විශාල බරපතළ අර්බුදයක් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙනවයි කියන එක. එතකොට අප සතුව තියෙනවා ලිපියක් ඒ ලිපිය නිකුත් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. එහි අත්සන් කරලා තියෙන්නේ සෞඛ්‍ය ලේකම්තුමා මෙහි දිනය හැටියට සඳහන් වෙන්නේ ජනවාරි මාසේ හතර වෙනිදා. මේ ලිපියෙන් ඇත්ත වශයෙන්ම සඳහන් කරනවා මේ ඖෂධය ලංකාවට ගෙන ඒම සඳහා එම ආයතනයට අවසර දුන්නා කියලා. Vital and essential farms to Sri Lanka under Indian Credit Line. අත්‍යවශ්‍ය ඖෂධ ගෙන ඒමේ පදනමට. එතකොට මෙහි සඳහන් වෙන දිනය තමයි ජනවාරි මාසේ මේ හතර වෙනිදා. එතකොට මේ ලිපියේ තියෙනවා සටහන් කිහිපයක්. එකක් තමයි Urgent. අනිත් එක Important. දැන් මේ හදිසියෙන් ගෙවිය යුතු ඖෂධයක් කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. ඊට පසුව අපට මේ ලිපි එහෙම තියෙනවා. තවත් දින දෙකක් සඳහන් වෙලා. ඒ දින දෙක තමයි ඒ දින දෙක ජනවාරි මාසයේම දින දෙකක්. DGG. කියන නිලධාරීතුමා. සහ එහි තවත් සටහනක් යොදා තියෙනවා. මේ ඖෂධය වහාම ගෙන්වගන්න. එතකොට මේ වහාම ගෙන්වා ගැනීමේ පදනම උඩ තමයි මේ ඖෂධය ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මොන විදිහේ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළාද? එසේ නැත්නම් මේ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළේ නැද්ද කියලා. නමුත් වැදගත් වන තමයි මේ ඖෂධය ගෙන ඒම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණයක් අරගෙන තියෙනවා ජනවාරි මාසයේදී. ඒක උඩ ලිපියක් නිකුත් කරලා තියෙනවා මේ ආයතනයට. අර සිදුව තියෙන ඒ ඒ ආයතනයට ලිපියක් නිකුත් කරලා තියෙනවා. මේ ඖෂධය ගෙන්වගන්න.

එතකොට ඊළඟට අපි ළඟ අපි සතුව තියෙනවා තවත් ලිපියක්. ඒ ලිපිය තමයි අර මහාචාර්ය එස් ටී ජයරත්න මැතිතුමා කියන්නේ. කූට ලේඛනයක් කියලා. එහි ප්‍රධාන විධායක නිලධාරීතුමා විසින් 17/02/2023 කියන දිනයේදී. ඒ කියන්නේ අර ටෙන්ඩරය ප්‍රදානය කිරීමට පසු දිනයක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ලියපු ලිපියක් තියෙනවා. එහි සඳහන් වෙනවා. සාමාන්‍ය ක්‍රමයට පරිබාහිරව මේ ඖෂධය ගෙන ඒම සඳහා අවසර දුන්නා. එතකොට මේ අවසරය දීලා තියෙන්නේ ටෙන්ඩරය මේ ආයතනයට ප්‍රදානය කළාට පස්සේ. මේක ඉතාමත් වැදගත් දෙයක්. අපි සැලකිය යුතුයි. එතකොට මේ ලිපිය තමයි ඇත්ත වශයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා පවසන්නේ කූට ලේඛන/ව්‍යාජ ලෙස සකස් ලේඛනයක් කියලා.

හොඳටම පැහැදිලියි මේ ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලංකාවට ගෙන ඒමට තෝරා ගන්නා විට මේ ඖෂධය සඳහා කිසිම ආකාරයක ලිපි ලියාපදිංචියක් හෝ ලියාපදිංචිය අවශ්‍ය නැතැයි කියන ලිපියක් හෝ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරලා තිබුන් නෑ ඒක හොඳටම පැහැදිලියි. එතකොට මේ ඖෂධය ඒකක විසිදෙදහස් පන්සීයක් ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒ පිළිබඳව ලිපි ලේඛනත් අප සතුව තියෙනවා. මෙහි මුළු වටිනාකම හැටියට සඳහන් වෙන්නේ US Dollar මිලියන 2.25ක්. මේක අද ඇමරිකානු ඩොලරයේ වටිනාකමේ හැටියට බිලියනයකට පොඩ්ඩක් අඩු ප්‍රමාණයක්, මිලියන 942.8 ක්. පොලියක් පමණයි. ඔබට හිතාගන්න පුළුවන්, මොන තරම් විශාල ගනුදෙනුවක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. බරපතළ විශාල ගනුදෙනුවක් සිද්ධවෙලා තියෙනවා.

මේ ටෙන්ඩරය ප්‍රදානය කරලා තියෙන්නේ මෙතරම් වටිනාකමක් සහිත ද්‍රව්‍ය රාශියකට. මේ සඳහා කිසිම ආකාරයේ ලියාපදිංචියක් හෝ ලියාපදිංචිය අවශ්‍ය නැතැයි කියන ලියවිල්ලක් හෝ නොමැතිව තිබීම. මේක තමයි බරපතලම කරුණ. ඊළඟට සිදුවන නිමිත්තක් තියෙනවා තමයි. ජනවාරි මාසේ දහතුන්වෙනි දින අර මම කියපු ලියාපදිංචිය අවශ්‍ය නැතැයි කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිපියටත් ප්‍රථම වෛද්‍ය  සැපයුම් අංශයෙන් කියලා තියෙනවා මේ ඖෂධ ලංකාවට ගේන්න එතකොට ලංකාවට මේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමට පමණක් නෙවෙයි මේ ටෙන්ඩර ප්‍රමාද කිරීමට අමතරව ලංකාවට ගෙන ඒම සඳහා නියෝගය දීලා තියෙන්නෙත් ඇත්ත වශයෙන්ම මේ ඖෂධය කිසිම ආකාරයක ලියවිල්ලක් ඖෂධ නියාමන අධිකාරියකින් ගන්නේ නැතුව.

එතකොට මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ලියවිල්ල කූට ලේඛනයක් කියන එක එකක්. කූඨ ලේඛනයක් හෝ නොමැතිව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ ඖෂධ ලංකාවට ගෙනල්ලා කියන එක දෙවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න දෙකක්. එතකොට මේ මහා හදිස්සියකින්, ජනවාරි මාසයේ ප්‍රදානය කරලා ඉක්මනටම මේක ගෙන්න ගන්න කියපු ඒ ඖෂධය ලංකාවට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ අප ළඟ තියෙන ලේඛන වල හැටියට පස්වෙනි මාසයේ. මැයි මාසයේ. ඉතින් සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් පරක්කු වෙලා තමයි මොකක්ද මේ හදිස්සිය? මහා හදිසියෙන් ඇණවුම් කරනවා. කිසිම ආකාරයක ලියාපදිංචියක් නැති ඖෂධයකට. එතකොට මේ මහා හදිස්සියෙන් ඇ කරන ඇණවුමේ ඖෂධය එන්නේ ඊට මාස ගානකට පස්සේ. එතකොට එතනින්ම පැහැදිලි වෙනවා මේක ඇත්ත වශයෙන්ම එහෙම හදිසි අවශ්‍යතාවක් නොතිබිච්ච තත්වයක් හැටියට එතකොට මේ කරුණින් පසුව සිදු වෙච්ච දේ තමයි මේ ඖෂධය ලංකාවට ගෙනල්ලා ලංකාවේ භාවිතා කරලා තියෙනවා. “

විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, එක්සත් ජනරජ පෙරමුණේ සාමාජික

“අද අපි මුහුණපාලා තියෙන මේ ප්‍රශ්නය Human Immunoglobulin කියලා බෙහෙතක් කිසිම ප්‍රමිතියකින් තොරව රටට ගෙනල්ලා තියෙනවායි කියන එකයි සාමාන්‍ය  ජනතාවට ඇහෙන්නේ. ඇත්තටම මේ බෙහෙතේ මේ විදිහට ගෙනාවහම මොකක්ද රට වැසියන් හැටියට අපිට තියෙන ප්‍රශ්නේ. ඒකයි මම මේ කියන්න යන්නේ. මේ කියන බෙහෙත ඇත්තටම කියනවා නම් මිනිසුන් විශාල ප්‍රමාණයකගෙන්  ලේ අරගෙන ඒ ලේ වලින් කියන ඒ සංඝටකය රුධිරයෙන් වෙන් කරලා අරගෙන ඒ බෙහෙත සංඝටකය අපි පුද්ගලයින්ට දේහගත කරනවා ඉන්ජෙක්ෂන් එකක් හැටියට අයි වී ඉන්ජෙක්ෂන් එකක් හැටියට ශිරාගත කරනවා.

දැන් මේ බෙහෙත දැන් බලන්න අපිට ලේ දෙනකොට අපි ලේ ගන්නකොට මොකක්ද කරන්නේ කියලා. අපි කෙනෙක්ගෙන් ලේ අරගෙන, ලේ එකක් එක පුද්ගලයෙක්ගෙන් අරගෙන, එක පුද්ගලයෙක්ට දෙනවා. එතකොට ඒ ලේ එක ගන්න පුද්ගලයාට මොනවහරි ලෙඩක් තිබුණා නම්, එච්අයිවී තිබුණා නම්, බී තිබුණා නම්, සී තිබුණා නම් හෝ වෙනත් රුධිරගත ලෙඩක් තිබුණා නම්, ඒ ලෙඩේ, අර ලේ, එක පරිත්‍යාග කරපු ලෙඩාට තිබුණා නම්, අනිත් එක්කෙනාට වැළඳීමේ ඉඩකඩ තියෙන නිසා, පරිස්සමින් තමයි ඒ ලේක අරගෙන තවත් කෙනෙක්ට ලේ දෙන්නේ. මේ බෙහෙත එක්කෙනෙක්ගෙන් අරගෙන එක්කෙනෙක්ට දෙනවා නෙවෙයි මේ රුධිර සංඝටකය. ගොඩක් දෙනෙක්ගේ ලේ අරගෙන, ඒ ගොඩක් දෙනාගේ ලේ වලින් සංඝටක වෙන් කරලා අරගෙන එක වයල් එකක් හදලා එක්කෙනෙකුට දෙනවා. එතකොට නිසි ප්‍රමිතියකින් තොරව ඒ සාම්පලය හැදුවා නම්, ඒ බෙහෙත හැදුවා නම් ඒ අර ලේ, Human Immunoglobulin කියන ඒ බෙහෙත ගන්න කෙනාට එච්. අයි. වී, හෙෆර්ටයිටිස් බී, හෝ හෙපර්ටයිටිස් ෆිව් හෝ වෙනත් රුධිරගත, අති භයානක මාරාන්තික ලෙඩක් හැදීමේ අවදානම තියෙනවා. දැන් මේ මුළු කලබැගෑනියම අපේ රටේ ඇතිවුණේ, මේ බෙහෙත දීලා අසාත්මිකතාවක්, වුනාය කියලයි මේ කලබැගෑනිය රටේ ඇතිවෙන්නේ.

එතකොට, ගරු සෞඛ්‍ය ඇමතිතුමාට, වෙනදා වගේ ඇවිල්ලා ඉලක්කම් කියන්න පුළුවන් මේ ආසාත්මිකතාවය ආවේ එක්කෙනෙක්ටයි, දෙන්නෙක්ටයි. ඕක වෙන එකේ මොකක්ද ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආසාත්මිකතාවය නෙවෙයි. ප්‍රමිතියකින් තොරව, භයංකාර විදිහට, බෙහෙතක් ඇවිල්ලා තියෙනවා රටට. ඒ බෙහෙත නිසි ප්‍රමිතියකින් හැදුනේ නැත්නම්, මාරාන්තික ලෙඩ ඇතිවෙන්න පුළුවන්, ඒ බෙහෙත ගන්න කෙනාට. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙවෙයි. ආසාත්මිකතාවය ආවා කියන්නේ ආසාත්මිකතාවය නිසා ප්‍රශ්න ඇති වෙලා මිනිස්සු මිය යන්න පුළුවන් බෙහෙත දීලා. බෙහෙතේ ප්‍රමිතිය හොඳ නැත්නම් නරක විෂබීජ වෛරස එකතු වෙලා තියෙනවා නම්, ඒ වෛරස නිසා මාරාන්තික රෝග ඇති වෙලා මුළු ජීවිතය අයින් වෙන්න පුළුවන්. ඒ වගේම නිසි බෙහෙත නිසි මට්ටමට නෙවෙයි නම් තියෙන්නේ අර ඒ බෙහෙත ගන්න හේතුව නිසා කෙනෙක් මිය යන්න පුළුවන්. බෙහෙත අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන්නේ නැතිව. එතකොට මේ අනේ දෙයියනේ අපේ මේ ලියුමක් හොරට ගහලා මේ ඒ නිසයි මේක රටට ආවේ කියලා කට වහගෙන හිටියට ඔබතුමන්ලා වෛද්‍යවරුන් හැටියට අපි ඒ බෙහෙත මගේ ඉස්සරහට එන ලෙඩාට මම දෙනකොට වෛද්‍යවරුන් හැටියට බයක් හැකක් නැතුව කොහොමද දෙන්නේ? කොහොමද බයක් හැකක් නැතුව ගන්නේ? මේක තමයි මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ. ඒ වගේම මේ බෙහෙත සමහර රෝග වලදී, අපි ජීවිතයටම හැදෙන එක පාරක් හෝ දෙපාරක් හැදෙන රෝග වලට එක පාරක් දීලා නවත්තනවා. තවත් රෝගීන් එහෙම නෙමෙයි. සුමාන දෙක, තුනකට සැරයක්, මාසෙකට හමාරකට සැරයක් ජීවිත කාලය පුරාම මේ බෙහෙත ගතයුතු මාරාන්තික වියහැකි රෝග වලින් පෙළෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ඒක නැවත නැවත දිනපතා දෙන්න ඕන බෙහෙතක් නම් ඒගොල්ලන්ට අර නරක තත්වයන් ඇතිවෙලා, නරක රෝග ඇතිවීමේ අවදානම දිගටම පවතිනවා. මෙන්න මේ ප්‍රශ්නයයි මේකේ තියෙන බරපතලකම. ආසාත්මිකතාවයක් ආව නිසා අපිට මේකේ කොන් එළිවෙනවා. මෙන්න මේ බෙහෙත ආවේ කියලා අපිට එළිවෙනවා. ඒ බෙහෙත ආව එකේ කවුද හැදුවේ කියලා වගකීමක් ගන්න කෙනෙක් නැතුව ගිහිල්ලා. ඖෂධ නියාමන අධිකාරියත් ඔවුන් අපි නෙවෙයි කරේ කියනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය කට වහගෙන ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එවපු බෙහෙත් ඉස්පිරිතාලේ තියෙනවා. දැන් අපිට කියන්නේ එපා කියලද? එතකොට අපේ ගාවට එන රෝගියාට ඒ බෙහෙත නොදුන්නහම එයාගේ ජීවිතයට හානියක් වෙන එක ගැන කවුද වගකියන්නේ? ඒ වගේම ඒ ලෙඩේ නිසා ජීවිතය හානි වීමට අමතරව, ලෙඩේ බේරුණත්, බෙහෙත නිසාම මොකක්හරි විෂබීජයක් දේහගත වෙලා, එච්. අයි. වී, හෙපටයි, තිස් වැනි මාරාන්තික රෝගයක් හැදුනාම කවුද වගකියන්නේ? මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි. මේක අති භයානක වැඩක්. මෙන්න මේ ප්‍රශ්නයකට වගකිය යුතුයි

ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ මුළු කණ්ඩායම දැනට මාස කීපයකට ඉස්සෙල්ලා චෝදනා කළේ සෞඛ්‍ය ඇමතිතුමා විශ්වාසභංගයෙන් බේරගෙන ඒ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දේ දීපු සියලු මැති ඇමතිවරුන් දැන් වගකියන්න ඕන මේ ප්‍රශ්නයට කොහොමද ඕගොල්ලෝ දැන් බේරෙන්නේ සෞඛ්‍ය ඇමතිතුමාව හරියි කියලා කියනවනම් දැන් මේ හරි හරි මේ වැරැද්ද හරිද ඒ වගේම ගරු ජනාධිපතිතුමා ඔහේ බලාගෙන ඉන්නවා මෙතන වෙනවද කියලා කිසිම දෙයක් ගැන දන්නෙ නෑ වගේ එතුමත් වග වගකියන්න ඕනේ මේ ප්‍රශ්නය නිසි පරිදි නිසි පරිදි අවශ්‍ය විදිහට රටට සාධාරණයක් වෙන විදියට විසඳන්නේ නැතුව බලාගෙන ඉන්න එක ගැන ඒ නිසා කරුණාකර මිනිසුන්ගේ ජීවිත විනාශ වෙන්න නොදී නැති ලෙඩ හැදෙන එක නවත්තලා හැදෙන ලෙඩෙන් බේරගන්න අපිට උදව් වෙන්න මේ සෞඛ්‍ය නිලධාරීන්ට මේ ආයතන වලින් කරන මේ වැරැද්ද වහාම හරිගස්ස ගන්න ඒකයි අපි ඔබෙන් ඉල්ලන්නේ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්.. 

Published

on

By

හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි. මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.

මාධ්‍ය ඒකකය

Continue Reading

Local

මැක්ඩොනල්ඩ් ශ‍්‍රී ලංකාවේ සියළුම ශාඛා වසා දමයි..

Published

on

By

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන ගැටළුවක් මත මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නීති කෘත්‍යක්ද සිදුවෙමින් ඇත.

තම මව් සමාගමේ ප්‍රමිතියට අනුව ආහාරපාන ලබාදීමටද ශ්‍රී ලංකාද නියෝජිත සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාව තුළ සිය සන්නාමයම යටතේ ආහාර අලෙවිය නවතා දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

Continue Reading

Local

මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුව මැද යකා නටයි..

Published

on

By

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව පළමු අවස්ථාවේම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව මැදට පැමිණි විරෝධතාවය යෙදීම හේතුවෙනි.

කෝවිලකදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් කිහිප දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සියලු දෙනාම වහා නිදහස් කළ යුතු බවත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනා ගොනු කරමින් බවත් මන්ත්‍රීවරුන් කියා සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණයකට ඉදිරිපත් කර ඇති සැකකරුවන් නිදහස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk