අලගල්ල කන්ද නගින්න පසුගිය 10 ගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළසිරුර අද (14) දහවල් සොයාගැනිමට යුධහමුදා සෙබලුන් සමත්විය ….
පසුගිය 10 උදැසන මහනුවර සංචාරක හොටලයක සිට අවුරුදු 32 වයස ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් මහනුවර කඩුගන්නාව පොත්ත පිටිය ප්‍රදේශයෙන් අලගල්ල කදු පන්තිය තරණයට ගොස් අතුරුදහන්ව ඇති බවට මහනුවර සංචාරක පොලිසියට අදාල හොටලයෙන් ලද පැමිණිල්ලක් මත ඇය සෙවිමේ කටයුතු දින තුනක් සිදුකල අතර අද 14 දින ඩෙන්මාර්ක් ජාතික කාන්තාවකගේ මළ සිරුර සොයා ගත්තේ ය
අතුරුදහන් විදෙස් කාන්තාව සොයාගැනිමට ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් නලින්ද නියන්ගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මග පෙන්වීම මත 8 වන සන්නද්ධ බුද්ධි බලකායේ බුද්ධි ක්‍රියාකරුවන්ගේ මැදිහත් වීමෙන් අලගල්ල කදුපංතිය පුරා සිදුකල සොදිසි මෙහෙයුමත් අතරරේදි මෙම මල සිරුර සොාගෙන ඇත. මෙම සොදිසි මෙහේයුම 11 වන පාබල සේනාංක මුලස්ථායේ භඨ පිරිස් සිදුකල අතර ඔවුන්ව විසින් අද 14 උදෑසන 1100ට පමණ පොත්තපිටිය අලගල්ල කදු රක්‍ෂිතයේ අඩි 100ක පමණ ප්‍රපාතයක තිබී ඩෙන්මාර්ක් කාන්කාවගේ මළසිරුර සොයා ගන්නා ලදි.
මෙම මරණ පිළිබදව ඉදිරි විමර්ෂණ මහනුවර සංචාරක පොලීසිය හා පොලිය මගින් විසින් සිදුකරනු ලබයි. සිරුර පිළිබදව පස්චාත් මරණ පරික්ෂෂනයක්ද සිදුකිරිම ද නියමිතය