Connect with us

Local

IMF ණය ගත්තේ ජනපති රනිල්ගේ පරිනත ඤාණය නිසා.. රොහණ දිසානායක..

Published

on

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අදාළ මුල්‍ය ණය සහයන් ලබා ගැනිම සදහා ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහත‍ාගේ පරිණත දේශපාලන ආර්ථිකය ඥාණය වඩාත් පිටිවහලක් වු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධර්මශ්‍රි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි රෝහණ දිසානායක මහතා පවසයි.
වත්මන් දේශපාලන තත්වය පිළිබදව මාතලේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ රට යහපත් අතට හැරෙන එකට විරුද්ධයි. ඔවුන්ට සටන් පාඨ දේශපාලනයට නැතව යනවා. නමුත් යමක් තේරුම් ගන්න පුළුවන් ජනතාව මේ පිළිබදව දන්නවා. අද වන විට විපක්ෂයේ සිටින දේශපාලන නායකයින් අයිඑම්එෆ් සහනය අපට ලැබෙන්නේ නැහැ කිව්වා. ජනාධිපතිවරයා කිහිපවරක්ම රට ගොඩනැගිම සදහා විපක්ෂයේ සහය ඉල්ලුවත් එය ලබා දිමට ඔවුන් විරුද්ධ වුණා. සහය ලබා දුන්නේ නැහැ. විවිධ කොන්දේසි දමමින් කල් මැරුවා. අද වන විට රට යහපත් අතට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරමින් තියනවා. පොහොර මිල අඩුවෙමින්වි, විධ භාණ්ඩ මිල අඩුවෙමින් තියනවා. ඉදිරියේදි ඉන්ධන මිලෙන්ද ජනතාවට දැනෙන සහනයක් ලැබේවි.

අද වන විට සංචාරක කර්මාන්තය දියුණුවෙමින් තියනවා.සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් රට යහපත් අතට හැරෙමින් තියනවා. මේ තත්වය තවදුරටත් ඉදිරියට ගියහොත් විපක්ෂයට කියන්න දෙයක් නැතිවෙන එකට ඒ පිරිස් බයයි. රටේ ජනතාවට අද වන විට අවශ්‍ය වන්නේ තමන්ට සහනයක් වන කටයුතුයි. ඒ වගේම ඉදිරි උත්සව සමයේදි තවදුරටත් විවිධ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩුවේවි. එවිට ජනතාවට යම් සහනයක් ලැබිම අනිවාර්යයි. නමුත් මේවා කඩාකප්පත් කිරිම සදහා විපක්ෂයේ ඇතැම් අය උත්සහ දරමින් සිටිනවා. ඒ පිළිබදව දැන ්ජනතාව තේරුම් ගෙන කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා පැවසිය….

ඇමති මාධ්‍ය නිලධාරි

ගැමුණු හේරත්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk